වසංගත තත්ත්වයෙන් පැතිර යන ඩෙංගු
ඩෙංගු රෝගය වැලඳුණු විට තද උණ ඇති වේ. මෙම උණ දින 2 - 7 දක්වා කාලයක් පැවතිය හැකිය. ඇතැම් රෝගීන්ගේ උණ දින 2 - 3 ක් පමණ තිබී දිනක් පමණ උණ අඩු වී නැවත උණ වැඩි විය හැකිය. මෙම උණත් සමග ශරීරයේ හන්දිවල සහ මාංසපේශිවල වේදනා ඇති වේ. |
ඩෙංගු රෝගය වසංගත තත්ත්වයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද මෙම රෝගයට බහුල වශයෙන් ගොදුරු වේ. කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්කවල වේගයෙන් පැතිර යන මෙම රෝගය අද වන විට රටපුරා ඉතා අවදානම් ලෙස පැතිර යමින් තිබේ.
මේ නිසා දරුවන් මෙම රෝගයෙන් බේරාගැනීම සහ රෝගයට ගොදුරු වුවහොත් පිළිපැදිය යුතු පිළිවෙත් පිළිබඳව දැනුම්වත් කිරීමයි මේ.
ප්‍රභේද හතරක්
ඩෙංගු රෝගය වැලඳෙන්නේ ඊඩිස් වර්ගයේ මදුරුවෙකු දෂ්ට කිරීමෙන් නිරෝගී පුද්ගලයකුට ඩෙංගු වයිරසය ශරීරගත වීමෙනි. මෙම වයිරසයේ ප්‍රභේද හතරකි. වර්තමානයේ වඩාත් පැතිර යන්නේ අංක දෙක සහ තුන යන වයිරස ප්රභේදබව හඳුනාගෙන තිබේ. මෙම රෝගය වරක් සැදුණු විට නැවත සෑදෙන්නේ නැතැයි සිතිය නොහැකිය. ඒ එක් ප්‍රභේදයකින් රෝගය වැලඳුණු කෙනෙකුට ඒ සඳහා ප්‍රතිශක්තියක් ශරීරය තුළ ඇති වුවත් වෙනත් ප්‍රභේදයක් මගින් නැවතත් රෝගය වැලඳීමේ හැකියාව ඇත. ඩෙංගු රෝගයේදී බරපතළ සංකූලතා ඇතිවන්නේ වයිරසයෙන් සිදුවන ඍජු හානිය නිසාම නොවේ. එම වයිරසයට එරෙහිව ශරීරයෙන් ඇතිවන ප්‍රතික්‍රියාවේ බලපෑම නිසාය. වයිරසය දෙවැනි වර ශරිරයට ඇතුළු වූ විට ඇතිවන ප්‍රතික්‍රියාව වඩා බලවත්ය. එනිසා ද්විතීයික ඩෙංගු ආසාදනය වඩාත් බරපතළ වේ.
රෝග ලක්ෂණ
ඩෙංගු රෝගය වැලඳුණු විට තද උණ ඇති වේ. මෙම උණ දින 2 - 7 දක්වා කාලයක් පැවතිය හැකිය. ඇතැම් රෝගීන්ගේ උණ දින 2 - 3 ක් පමණ තිබී දිනක් පමණ උණ අඩු වී නැවත උණ වැඩි විය හැකිය. මෙම උණත් සමග ශරීරයේ හන්දිවල සහ මාංසපේශිවල වේදනා ඇති වේ. එසේම ඇස් පිටුපස ඇතිවන වේදනාව විශේෂයෙන් මෙම උණත් සමග දක්නට ලැබේ. හිසරදයත් පැවතිය හැකිය. මේ හැර ඇතැම් රෝගීන්ට උදරයේ වේදනාව සහ වමනය ඇති වේ. සමේ තැන් තැන්වල කුඩා රතු පැහැති ලප ඇතිවීමද රෝග ලක්ෂණයකි.
ඩෙංගු හැදුනම සිරුරට වෙන දේ
ඩෙංගු වයිරසය ශරීරගත වන දරුවන්ගෙන් බහුතරයකට සංකූලතා ඇති නොවී දින කිහිපයකින් සුවය ලැබේ. ඔවුන්ගේ ශරීරය තුළ වයිරසය පැතිරෙන්නේ සාමාන්‍ය වයිරස් උණක් ලෙසටය.
එහෙත් ඩෙංගු වයිරසය වැලඳෙන සුළුතරයකට පමණක් ඩෙංගු රක්තපාත උණ ලෙස හැඳින්වෙන බරපතළ තත්ත්වය ඇති වේ. ඩෙංගු රක්තපාත උණ ඇති වූ විට ශරීරයේ ඇති රුධිරවාහිනීවල ඇති ප්ලාස්මා තරලය පිටතට කොන්වීමක් සිදු වේ. මේ නිසා රුධිර නාළ තුළ ඇති රුධිර පරිමාව අඩුවී කම්පනය ලෙස හඳුන්වන තත්ත්වය ඇතිවිය හැකිය. මෙය මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර නොකොළොත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ට හානි සිදු වේ. එසේම අභ්‍යන්තර රුධිර වහනයක්ද සිදු විය හැකිය. මේ සියල්ල ජීවිත අවදානම ඇති කරන බරපතළ සංකූලතා ය.
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වැදගත්ම කරුණ වන්නේ කල්තියා රෝගය හඳුනාගෙන නිසි අවස්ථාවේදී රෝහල්ගත කිරීමය. එවිට ඉහත සඳහන් කම්පන තත්ත්වය ඇති වීමට පෙර නිසි ප්‍රතිකර්ම කිරීමෙන් බරපතළ සංකූලතා රැුසක් වළක්වා ගත හැකිය.
රෝගය හඳුනාගන්න හැටි
දින දෙකක් හෝ ඊට වඩා උණ පවතින්නේ නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් :ත්‍මකක ඊකදදා ක්දමබඑ* සිදු කර ගැනීම වැදගත්ය. උණ සෑදී මුල් දින 2 - 3 තුළදී ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කළ යුතුය. එය රෝගය මුලින්ම හඳුනා ගැනීමට ඉතාම වැදගත්ය. මෙමගින් ශරීරය තුළ ඩෙංගු වයිරසය ඇතිදැයි ඉතාම නිවැරදිව දැන ගත හැකිය. පූර්ණ රුධිර පරීක්ෂාවේදී රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවී ඇතැයි පෙනේ නම් දරුවා රෝහල් ගත කිරීම ඉතාම වැදගත් වේ.
රෝහල් ගත කළ පසු
ඩෙංගු රෝගය සඳහා රෝහල් ගත කළ දරුවෙකුට, අවශ්‍ය පරිදි රුධිර පරීක්ෂණ සිදු කරමින් සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකාවල වෙනස් වීම නිරීක්ෂණය කරනු ලැබේ. රක්තපාත තත්ත්වයට පැමිණ ඇත්දැයි දැන ගැනීමට භාවිතා කරන තවත් නිර්ණායක තිබේ. රක්තපාත තත්ත්වය පවතී යැයි දැන ගත් විට දරුවා වඩාත් සමීප නිරීක්ෂණය කිරීම අවශ්‍යය. එසේ නිරීක්ෂණ සිදු කරමින් ප්‍රතිකාර කරනු ලැබේ. මෙහිදී දරුවාට දෙන දියර ප්‍රමාණය මෙන්ම පිටවන මූත්‍ර ප්‍රමාණයද නිවැරදිව මැන සලකුණු කර තබාගැනීම ඉතාම වැදගත්ය.
ඩෙංගු රෝගය වැලඳී රෝහල්ගත කළ දරුවෙකුට හිතුමනාපයේ දියර පෙවීම කිසිසේත්ම නොකළ යුතුය. දරුවාට පැයකදී දිය යුතු දියර ප්‍රමාණය වෛදවරු නිර්දේශ කරති. එය එම ප්‍රමාණයම පමණක් ලබා දීමට මවුපියන් වග බලා ගත යුතුය. දරුවාගේ තත්ත්වය අනුව අවශ්‍ය පරිදි සේලයින් දියර ලබා දීමද සිදු කරයි.
මේවා ගැන සැලකිලිමත් වෙන්න
රෝගී දරුවාගේ රෝගය පවතින කාලයේ රතු පැහැති හෝ කළු පැහැති ආහාර හෝ දියර වර්ග දීම සිදු නොකළ යුතුය. මේවා වමනය ගියොත් දරුවාට ලේ වමනය වේ යැයි වැරදි අවබෝධයක් ඇති විය හැකිය. ඩෙංගු රෝගයේ දී අභ්‍යන්තර රුධිර වාහනය සිදුවීමේ වැඩි අවදානමක් තිබේ. එම නිසා දරුවන්ට උණ සෑදුණු විට පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාදීම වැදගත්ය. එමගින් උණ ප්‍රමාණවත් ලෙස පාලනය නොවේ නම් ඇල්වතුරෙන් හෝ නිවුණු උණු වතුරෙන් (ඇල්මැරුණු වතුර* ශරීරය තෙමා පවත්වා ගැනීම සුදුසුය. එවිට ශරීරයේ උෂ්ණත්වය අඩු කරගත හැකිය. තද උණ අඩු කිරීම සඳහා වෙනත් කිසිදු ඖෂධයක් නිර්දේශ කරන්නේ නැත. එසේ ඖෂධ දීමෙන් රුධිර වහනය ඇති වීම සහ වෙනත් සංකූලතා ඇති වීමේ අඩුකමක් ඇති වේ.
සුව වූ බව දැනගන්නෙ කොහොමද?
රුධිර පරික්ෂාවේදී සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි වී තිබීමත්, දරුවාගේ රෝග ලක්ෂණ සමනය වීමත් ආහාර රුචිය වර්ධනය වීමත් සිදුවන විට රෝගය සුව වන බව දැන ගත හැකිය.
රෝගය සුව වූ පසු සාමාන්‍ය පරිදි ආහාරපාන ගත හැකිය. ස්නානය සිදු කළ හැකිය. ඒ වනවිට දියර වර්ග පාලනය කිරීම හෝ මැනීමක් සිදුකරන්නේ නැත.
රෝගය සුව වූ පසු ද දින කිහිපයක් යනතුරු දරුවා විවේකීව තබා ගැනීම ඉතාම යෝග්‍ය වේ. ඉන්පසුවද තවත් දින කිහිපයක් අධික ලෙස ශරීරය වෙහෙසවන ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළකීම ඉතාම යෝග්‍ය ය.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment