සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශීෂ්‍යයෙක්. සිතේ පවතින ගැටලුකාරී තත්වයක් නිසා මම මානසික පීඩනයකින් ඉන්නේ. මට පාඩම් කරන්න ආශාවක් නැහැ. මම ගෙවල් ළඟ අයියා කෙනෙක් සමග කුඩා කාලේ ඉඳලම සමලිංගික ඇසුරක් පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධය මට දැන් පීඩාකාරී දෙයක් වෙලා. මේ සමලිංගිකත්වය ලෙඩක් ද? මට බෙහෙත්වලින් එය සුව කර ගන්න පුළුවන් ද?

මේ දරුවා කියන විදියට ඔහු සමලිංගික දරුවෙක්. සමලිංගික වර්ග දෙයාකාරයෙන් පවතිනවා.
කාන්තාවන් හා කාන්තාවන් ලෙසිබියන් ලෙසත්,
පිරිමි හා පිරිමි Gay ලෙසත් එම දෙයාකාරය හඳුන්වන්න පුළුවන්. වර්තමානයේදී මනෝ විද්‍යාවේ කිසිම තැනක මෙම සම්බන්ධතා දෙක මානසික රෝගයක් වශයෙන් ගැනෙන්නේ නැහැ. 
නමුත් 1977 වගේ කාලය වන තෙක් මෙම තත්වය පිළිගත්තෙ මානසික රෝගයක් වශයෙන්. නමුත් මේ වනවිට කිසිම වෙලාවක මෙය මානසික රෝගයක් ලෙස පිළි ගැනෙන්නෙ නැහැ. මෙය සාමාන්‍ය ක්‍රමයක්.
නමුත් අපේ රටේ මෙය පිළිගන්නේ නැහැ. එම නිසා අපි දැකලා තියෙනවා. සමරිසි පුද්ගලයින් මානසික රෝගීන්වනබව. පාසල් දරුවන් මේ වගේ තත්වයන්ට බහුලව යොමුවෙනවා. එම තත්වයෙන් මිදීමට මේ අයට අපි උදව් කරන්න අවශ්‍යයි. මේ අය බොහෝ විට සබඳතා ගෙනියන්නේ හොර රහසේ. එයට හේතුව වී ඇත්තේ එවැනි අය සමාජයෙන් කොන් කිරීම නිසයි.
සමරිසි අයට ඇතිවන රෝග ලක්ෂණ මොනවද?
සමරිසි සබඳතා පවත්වන පිරිමි අයට එක් සහකරුවෙකු නැහැ. ඒ නිසා මොවුන් පිරිමි සහකරුවන් බොහෝමයක් ආශ්‍රය කරනවා.
මොවුන් ගුද මාර්ගය හරහා සංසර්ගයේ යෙදීම සිදුකරන අතර එක සහකරුවෙකුට වඩා සහකරුවන් බොහෝමයක් ආශ්‍රය කිරීමත්  HIV  වැනි රෝග බෝ වීමට ඉඩ තිබෙනවා. (ඔබ එවැනි කෙනෙක් නම් ලිංගාශ්‍රිත රෝග සායනවල නිතර නිතර පෙනී සිටින්න)
පෞරුෂ අක්‍රමිකතා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා සිය දිවි නසා ගැනීම.
සමාජයෙන් කොන් වීම මත විෂාදය වැනි මානසික රෝගයන්ට ගොදුරු වෙනවා. (මේ නිසා සියදිවි නසා ගැනීම පවා සිදුවන අවස්ථා තිබෙනවා)
සමලිංගිකත්වයට ප්‍රතිකාර තිබෙනව ද?
බොහෝ අය එනවා මේ සමලිංගිකත්වය මෝහනයෙන් ඖෂධ ප්‍රතිකාරවලින් හෝ මනෝ ප්‍රතිකාරවලින් මේ තත්වය නැති කර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහගෙන. ඉතින් මෙම තත්ත්වය ඖෂධ මඟින් නැති කරන්න බැහැ. මෙය ලෙඩක් නෙවෙයි. සාමාන්‍ය දෙයක්. උපදේශනය මඟින් උදව් කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් සාමාන්‍ය පුද්ගලයන් සමග සමාජ ගත කිරීම.  තුළින් මෙය නැති කරන්න පුළුවන්. අවසානයට කියන්න ඕනේ සමරිසි සබඳතා යනු මානසික රෝගයක් නෙවෙයි. එහෙත් මෙවැනි සම්බන්ධතා තිබෙන  අය කනස්සල්ලෙන් ඉන්නවනම් ඒ අයට පුළුවන් මනෝ උපදේශනයට යොමු වි එයින් මිදෙන්න.

 

Launch of the Times School of Higher Education Read Previous

Launch of the Times School of Higher Education

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය Read Next

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය

Realted Post

Leave a comment