සුරතල් සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝග

සුරතල් සතෙකු ඇතිකිරීම ගෘහස්ත ජිවිතය තුළ අංගයක් බවට පත්වී තිබෙනවා. සුරතල් සතෙකු ඇති කිරීම තුළින් ආරක්ෂාවට වගේම මානසික කියාක සුවයටත් ලොකු පිටුවහලක් වෙනවා. හැබැයි සුරතල් සතකු ගෘහස්ත මට්ටම තබාගෙන හදනවා නම් වගකීමකින් කරන්න ඕනි වගේම සුරතලාගේ වගේම ඔබේ හා පවුලේ සාමාජිකයන්ගේ සුවය ගැනත් සිතිය යුතුයි. සුරතලකු ඇති කරන හෝ සුරතලකු ඇති කරන්න බලාපොරොත්තු වන ඔබ සඳහාම සැකසුණු ලිපියකි මේ.

සුරතල් සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝග මොනවාද ?

එකක් තමයි ජලභීතිකාව කියන රෝගය ප්‍රධානවම. ලංකාවේ අපි හඳුනාගෙන තියෙන්නේ මිනිසුන්ට බෝවිය හැකි රෝගයක් ලෙස 16%   - 20%  ත් අතර ප්‍රමාණයක් මේ රෝගය ආසාධන වෙලා මරණයට පත් වෙනවා.
ගොඩක් වේලාවට මුලිකවම මේ රෝගය ක්ෂිරපායි ඕනැම සත්වයකුට හැදෙන්න පුළුවන්. උදා : ගවයා, බල්ලා, පූසා
මිනිස්සුන්ට බෝවීම සිද්ධ වන්නේ ආසාධිත බල්ලකු සපා කැම නිසා තමයි. මිනිස්සුන්ට බෝවීම සිද්ධ වෙන්නේ. එනම්, ජලභිතිකාව වැළදුණු සුනඛයකුගේ ඛේටයේ තියන වෛරසය අපේ ස්නායු පද්ධතියට ඇතුළු විම තුළින් තමයි අපට ඒ රෝගය හැදෙන්නේ.
මීට අමතරව සුරතල් සතුන්ගෙන් රෝග හැදෙනවා කියලා නිශ්චිතවම කියන්න බැහැ. සමහර බැක්ටිරියා ආසාධන මිනිස්සුන්ගේත් කියනවා සුරතල් සතාගේත් තියනවා. හැබැයි ඒකෙදි අපි සලකන්නැහි සුරතල් සතුන්ගෙන්ම බැක්ටිරියා ආසාධන මිනිසුන්ට ඇතුළු වුණා කියලා.
මුලීකවම ගත්තොත් ඉතිං අවධානම තියෙන්නේ ජලභිතිකා රෝගය
සමහර රෝග මිනිසාට හැදෙනවාම කියලා විදයාත්මක කරුණු තහවුරු වෙලා නැහැ. (ස්ටේඩ්ස්) නැත්නම් කටුවා කැම කියලා සමාජ ගත වෙලා තියන රෝගය. ඒක හැදෙන්නේ මයිටාවනගෙන් පූසන්ගෙන් වැනි සතුන් ගෙන් මිනිසාට බෝවීමට පුළුවන් කියලා හරියටම තහවුරු වෙලා නැහැ.
 
පණු රෝග බෝවීම සතුන්ගෙන් වෙන්න පුළුවන් කියලා ජනගත වි තිබුණත් කවදාවත මිනිසුනට එනවා කියලා හොයාගෙන නැහැ. ඒ කියන්නේ පණුවන් මිනිස් සිරුරෙත් ඉන්නවා. සතාගේ සිරුරෙත් ඉන්නවා. මේ පණු වර්ග වෙනස්.
 
සුරතල් සතුන්ගෙන් බෝවන රෝග වළකාගත හැකි ක්‍රම
 
ගෙදර හදන සුරතලා පිරිසිදුව තියා ගන්න ඕනි. සතුන්ගේ මලපහ / මුත්‍රා  පිරිසිදුව ඉවත් කරන්න ඕනි. මොකද විෂබීජ එන්න පුළුවන්. සතාගේ මල මුත්‍රා නිසා විෂබීජ නොවේ පරිසරය විෂබීජ තමයි මිනිස්සුන්ට ආසාධනය වීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම වගකිමක් වෙනවා ඕනෑම කෙනෙකු සුරතල් සතුන් ඇතිකරනවා නම්,

ජලභීතිකා රෝගය වැළකීමට සතා එන්නත්කරණය කළ යුතුයි.

ඒ සතාව ප්‍රකිශක්තිකරණ්‍ය කරගන්න ඕනි. ජලභීතිකා රෝගයට එරෙහිව ඒකෙ දී අපි ප්‍රතිශක්තිකරණය එන්නත ලබා දෙනවා.සාමාන්‍යයෙන් එන්නත්කරණය ආරම්භ කරන්න පුළුවන් පැටියාට අවුරුද්දයි සතියක් මාසයක් වයසේ දි. මේ වයස් කාණ්ඩය බල්ලා / පූසා වැනි සතුන්ය සුදුසු වයස් කාලය . ගොඩාක් වේලාවට අපි සලකනවා පැටියාගේ අම්මට ජලභිතිකා එන්නත ලබා දීලා තියනව ද කියලා හොයලා බලනවා එන්නත ලබා දීමේ දී.

පශු වෛද්‍යවරයෙකු ළගට රැගෙන යාම තුළ අවශ්‍ය උපදෙස් ගොඩාක් වේලාවටට ලබා දෙනවා. එන්නත්කරණය පවා සම්පුර්ණයෙන්ම සිද්ධ කරගන්න පුළුවන්.
වගකිමකින් සුරතල් සතකු හදනවා කියන්නෙ මුලික වශයෙන් ජලභිතිකා රෝගය වළකා ගන්න එන්නත්කරණය සිදු කල යුතුයි.
 
නියතේතෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්ත්වයට පත් කර ගන්න එපා.

සතකු හදනවා නම් වගකීමකින් සතා ගෙනාපු දවසේ ඉදලා මිය යනතුරු ආදරෙන් රැක බලා ගත යුතුයි. සතාව නොසලකා හරින්න හොඳ නැහැ. සතාව පිරිසිදුව තියා ගන්න ඕනි. යම් රෝගයක් හැදුනොත් මුලික අවස්ථාවේ දීම පශු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
චර්ම රෝග හැදුනාම මුලික අවස්ථාවේ දීම ප්‍රතිකාර කරන එක හොඳයි.
 ගොඩාක් වේලාවට අත් බෙහෙත් පාවිච්චි කරලා තමයි ඊළඟට පශු වෛද්‍යවරයෙකු ළඟට යොමුවෙන්නේ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්ත්වයට පත් වෙලා තමයි එන්නේ. ඒ තත්ත්වය නැතුව අවධානයෙන් ඉඳලා මුලික අවදියේම ප්‍රතිකාර කිරිම තමයි වැදගත්. 

සටහන - මහේෂානි මීගහපොල

විශේෂ ස්තුතිය.
පශු වෛද්‍ය නිළධාරි නුවන් හේවාගමගේ මහතා

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post

Leave a comment