හඳුනගන්න කල් යන ඩිම්බකෝෂ පිළිකාව

ඩිම්බකෝෂ මගින් කාන්තාවන්ගේ ප‍්‍රජනක හෝමෝන වන ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනය කරයි. මෙම හෝමෝන දැරියක වැඩිවිය පත් වූ පසු ආර්ථවහරණය දක්වා ඩිම්බකෝෂ මගින් නිකුත් කරයි. මේ ආශ‍්‍රිතව සෑදෙන පිළිකාව වැඩිහිටි කාන්තාවන් අතර සුලබව දක්නට ලැබේ. එහෙත් මෙම පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසුය. ඒ මෙම පිළිකාව වඩාත් වර්ධනය වනතෙක් රෝගී කාන්තාවට කිසිම රෝග ලක්ෂණයක් නොදැනෙන නිසාය. එය භයානක තත්ත්වයකි.
 මේ නිසා ඩිම්බකෝෂ පිළිකාවක් ඇති බවට කාන්තාවක් හඳුනා ගන්නේ එය වඩාත් පැතිරී ගිය පසුවය. සාමාන්‍යයෙන් ඩිම්බකෝෂවල ඇතිවන වර්ධක බොහෝ විට පිළිකාමය නොවන තත්ත්ව වේ. එහෙත් ඩිම්බකෝෂවල පිළිකා ආකාර කිහිපයකට හට ගත හැකිය.

 ඩිම්බ කෝෂ බිත්තියේ පිළිකාව හට ගැනීමට පුළුවන. වැඩිපුරම දක්නට ලැබෙන්නේ මෙම පිළිකාය.

 ඩිම්බකෝෂවල ලිංගික ෙසෙලවල පිළිකා හට ගැනීමට පුළුවන. මෙම පිළිකා තරුණ කාන්තාවන් අතර දක්නට ලැබේ. 

 ශරීරයේ වෙනත් ස්ථානයක හටගන්නා පිළිකා පැතිරීම නිසා මෙම පිළිකා හට ගැනීම  කලාතුරකින් දක්නට ලැබේ.

 Sex cord Tumours  නැමති පිළිකාද කලාතුරකින් දක්නට ලැබේ.


හඳුනාගත හැකි රෝග ලක්ෂණ

 මුලින්ම කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ.

 ඉන්පසු රෝගී කාන්තාවට නිතර බඩ පුරවා දැමීම

 බඬේ වේදනාව

 කෑම  අරුචිය

 වමනය, ඔක්කාරය

 සිරුරේ බර කෙටි කාලයකදී සැලකිය යුතු ලෙස අඩුවීම.

 යෝනි මාර්ගයෙන් අස්වාභාවිකව රුධිරය පිටවීම

 නිතර මූත‍්‍ර පිට කිරීම අවශ්‍ය වීම

 නිතර මල පහ කිරීමට අවශ්‍ය වීම

 බලබද්ධය 

 

ඩිම්බකෝෂ පිළිකාවක් සෑදීමට බලපාන අවදානම් සාධක මේවාය. 

 නියමිත කාලයට පෙර වැඩිවිය පත්වීම.

 දරුවන් බිහි නොකිරීම

 ලේ ඥාතීන් අතර ඩිම්බකෝෂ හෝ මහ බඩවැල හෝ පියයුරු ආශ‍්‍රිත පිළිකා වැලඳී තිබීම.

 පියයුරු පිළිකා සැදීම

 දුම්පානය

 අධික තරබාරුව

 වයස්ගතවීම

 ආරයට යාම

 එන්ඩොමෙටි‍්‍රයොසිස් 

 

රෝගයට ගොදුරුව සිටීම වෛද්‍යවරයාට සැක හිතෙන හැටි 

ඩිම්බකෝෂ පිළිකාවක් යැයි සැක කරන විට එය නිවැරදිව හඳුනාගන්නේ මෙසේය.
රෝගියා පරීක්ෂා කිරීමේදී ඇතැම් විට වෛද්‍යවරයාට උදරය තුළ ගන බවක් හෝ වර්ධකයක් ඇති බවට සැක සහිත බවක් ඇති වේ. මෙහිදී කාන්තාවගේ යෝනි මාර්ගය තුළට අත් ආවරණ යෙදු ඇඟිල්ලක් දමා කරන PV පරීක්ෂණය මගින් එය හඳුනාගත හැකියි.
මේ හැර රුධිර පරීක්ෂණ කරයි.
X- කිරණ සහ අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් සහ CT  ස්කෑන් පරීක්ෂණ කරයි.
CA-125 නමැති රුධිර පරීක්ෂණය මගින් ද මෙම පිළිකා රෝගීන් හඳුනා ගැනීමට හැකිය.
CT ස්කෑන් පරීක්ෂණය මගින් පිළිකාව කෙතරම් පැතිර තිබේදැයි හඳුනාගත හැකිය.
MRI පරීක්ෂණය මගින්ද ඩිම්බකෝෂ පිළිකාව හඳුනා ගැනීමට මෙන්ම එහි ප‍්‍රමාණය, පැතිරීම ආදී තොරතුරු සොයා ගත හැකිය. 
මේ හැර ඩිම්බ කෝෂවලින් කුඩා කොටසක් ගෙන අන්වීක්‍ෂ පරීක්ෂණයක් කිරීමෙන් මෙම පිළිකාව ස්ථිරවම හඳුනාගත හැකිය.


ප‍්‍රතිකාර මොනවාද?

මේ සඳහා නියත ප‍්‍රතිකාරය සැත්කමින් ඉවත් කිරීමයි. මේ හැර පිළිකා නාශක ඖෂධ භාවිතා කිරීම බොහෝ විට දක්නට ලැබේ. ඊට අමතරව කලාතුරකින් විකිරණ ප‍්‍රතිකාර කරනු ලැබේ.
ශල්‍යකාර්ම මගින් ඩිම්බකෝෂ  දෙකම ඉවත් කරන්නේ වැඩිහිටි කාන්තාවන්ගේය. ඔවුන්ගේ ගර්භාශය හා පැලෝපිය නාළ ද ඉවත් කරයි. 
මේ හැර ඔවුන්ගේ බඩවැල් ආශ‍්‍රිත තෙල් තට්ටුවද ඉවත් කරයි.
තරුණ කාන්තාවකට මෙම රෝගය වැලඳී ඇතැයි හඳුනාගතහොත් එක ඩිම්බකෝෂයක් ඉවත් කර අනෙක් ඩිම්බ කෝෂය ආරක්ෂා කරයි. එසේම එම කාන්තාවගේ ගර්භාශය ද ආරක්ෂා කරයි. ඒ දරු උපතක් ඇති වීම සඳහාය. එවැනි කාන්තාවකට ඩිම්බකෝෂ දෙකම ඉවත් කරන්නේ රෝගය පැතිරී ඇත්නම් පමණි. 
එහෙත් මෙම පිළිකාව කෙසේ හෝ මුලදී  හඳුනාගතහොත් ශල්‍යකර්මයෙන් එම පිළිකාමය කොටස පමණක් ඉවත් කිරීම ප‍්‍රමාණවත් වේ.
මෙම පිළිකාවේ නියම ස්වභාවය වෛද්‍යවරයා හඳුනා ගන්නේ ශල්‍යකර්මය කරන විටය. පිළිකාව අවට ඉන්ද්‍රියයන්ට පැතිර තිබේ නම් ඒ අනුව එම කොටස්ද ඉවත් කරනු ඇත. පිළිකාව දරුණු ලෙස පැතිර තිබේ නම් පිළිකා නාශක  ඖෂධ මගින් පිළිකාව කුඩා කර ඉන්පසු සැත්කම සිදු කරයි.


දරුවන් ලබන්න පුළුවන්ද?

තරුණ කාන්තාවකගේ ඩිම්බකෝෂ පිළිකාවක් ඇති බවට හඳුනාගතහොත් ඉහත සඳහන් කළ පරිදි රෝගී  ඩිම්බකෝෂය ඉවත් කර ගර්භාශයද ආරක්ෂා කර දරුවෙකු හැ¥ පසු එම ඩිම්බකෝෂය හා  ගර්භාශය ඉවත් කරයි.

 

ආරයට යනවාද?

මෙම  පිළිකාව 10%ක් පමණ ආරට අනුව වැලඳිය හැකියි. එසේ වන්නේ ජාන විකෘතිතා නිසාය. විකෘති ජාන තිබෙන බවට හඳුනා ගතහොත් ඩිම්බකෝෂ පිළිකාවට අධි අවදානම් නිසා තමන්ගේ ඩිම්බකෝෂ හා පැලෝපීය නාළ දෙක ඉවත්  කරයි.
ජාන විකෘතිතා රුධිර පරීක්ෂණ මගින් හඳුනාගත හැකිය. ජාන විකෘති අධි අවදානම් තත්ත්වයක් තිබේ නම් මේවා ඉවත් කරයි. එවිට ඩිම්බ කෝෂ පිළිකාව 99%ක්ම වළක්වාගත හැකිය.
 ළමා සහ තරුණ වියේ ඇතිවන Grrm Tumours වැනි පිළිකා තත්ත්ව බොහෝ විට නිසි ප‍්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිය. මේ සඳහා ශල්‍යකර්ම සහ පිළිකා නාශක ඖෂධ භාවිතා  කරයි. ශල්‍යකර්මයෙන් එක් ඩිම්බ කෝෂයක් ඉවත් කළත් දරුවන් බිහි කළ හැකිය.
මෙම පිළිකාව හඳුනා ගැනීමට වෛද්‍ය විද්‍යානුකූල කිසිදු ක‍්‍රමවේදයක් මෙතෙක් භාවිතයේ නැත.


සංකූලතා මොනවාද?

සාමාන්‍යයෙන් ස්ත‍්‍රි හෝමෝන වර්ග ශ‍්‍රාවය වන්නේ ඩිම්බකෝෂ මගිනි. ශල්‍යකර්මයකින් එය ඉවත් කළ පසු  හෝමෝන වර්ගවල ඌනතාව නිසා විවිධ රෝග ලක්ෂණ පහළ වෙයි. 

 අධික උණුසුම්  ස්වභාවය

 අධික ලෙස දහදිය  දැමීම

 යෝනි මාර්ගය වියළි වීම

 ලිංගික සබඳතාවලට කැමැත්ත නැති වීම හා අපහසුවීම.

මෙවැනි ගැටලූ තරුණ කාන්තාවකට පැන නැගුනොත් වෛද්‍ය උපදෙස් මත හෝමෝන පෙති, විවිධ ඖෂධ, යෝනි මාර්ගය වියළි නම් ඊට ආලේප කිරීමට යොදා ගන්නා ක‍්‍රීම් ආදියද ලබාගෙන. එයින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගත හැකිය.

 ශිරානි ගල්ලෑල්ල

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment