MONKEYPOX කොවිඩ් තරම් භයානකද?

 

මෙම රෝගයේ බහුලවම දක්නට  ලැබෙන රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, හා මස් පිඩු වේදනාවයි. මේ හැර කොන්දේ කැක්කුම, ශරීරයේ අප්‍රාණිකබව,  වසා ගැටිති ඉදිමීම  සහ සම මතුපිට බිබිළි ඇති වීම යන ලක්ෂණද පහළ වේ. 
උණ සෑදී දින 1-3 ඇතුළත සම මත බිබිළි හට ගනී. මෙම බිබිළි පළමුව ඇති වන්නේ මුහුණේය. ඉන්පසු ශරීරයේ අනෙක් තැන්වලට පැතිර යයි. මෙම බිබිළි බොහෝවිට පළමුව වතුර බිබිළි ලෙස දක්නට ලැබෙන අතර, පසුව සැරව බිබිලි බවට  පත් වේ. ඉන්පසු වියළි කබොල්ලක් බවට හැරී සෙමින් හැලී යයි.
 
 
 
ලෝකයේ විවිධ කාලවලට  විවිධ වූ ලෙඩ රෝග පැතිර යයි. පසුගිය කාලයේ ඉතා දරුණු ලෙස කොව්ඩ් 19 වසංගතය පැතිර ගියද, ඒ රෝගයේ යම් පාලනයක්  අසන්නට ලැබෙනවාත් සමගම වඳුරු උණ හෙවත්  පදබනැහචදං  රෝගය වාර්තාවීමට  පටන් ගත්හ. උණ වෛරසය සමග පැතිර යන මෙම රෝගය මෙතෙක් අපේ රටේ  දක්නට නොලැබුණද පසුගියදා විදේශගතව සිට පැමිණි එක් රෝගියකු මෙම රෝගයෙන් පෙළෙන බව  වාර්තා විය. 
 
එසේ අසන්නට ලැබීමත් සමගම අපේ රටේ පෙර කොවිඩ් ආසාදනය මෙන් මෙම රෝගයත් පැතිර යාවිද?, එම රෝගයේ ලක්ෂණ මොනවාද ? පැතිරෙන්නේ කොහොමද? ශීඝ්‍රයෙන් පැතිරෙන රෝගයක්ද ? යන බොහෝ කරුණු ගැන දැන ගැනීමට ජනතාව බලාපොරොන්තු වෙති. 
 
වඳුරු උණ මොන වගේද? 
 වඳුරු උණ යනු වඳුරු උණ වයිරසය මගින් ඇති කරන බෝවන රෝගයකි. මෙම රෝගය සතුන් මගින්  මිනිසාට බෝවන වයිරස් රෝගයක් වේ. එසේම මෙම රෝගය සතෙකුගෙන් මිනිසෙකුටත්,  මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුටත් බෝවීමේ හැකියාව ඇත.
 
මෙම රෝගය අපට අලුත් වුවත්  අලුතින් හමු වූ රෝගයක් නොවේ. මේ සඳහා මෑතකදී වැඩි අවධානයක් යොමු වූයේ මෙම රෝගය මෙතෙක් ආවේණිකව තිබූ කලාපවලින් බැහැරව වෙනත් ප්‍රදේශවලත්  ආසාදි යන් හමුවීමට පටන් ගැනීම නිසාය.
 
එසේම මෙම රෝගයට ‘වඳුරු උණ’ යන  නාමය ලැබුණත් මෙහි වඳුරන්ගෙන් මිනිසාට බෝවන රෝගයක්  නොවේ. එයට එම නම ලැබී ඇත්තේ පළමුවරට වඳුරෙකුගෙන් මෙම රෝගය හඳුනාගත් නිසාය.
 
 
වඳුරු උණ තිබෙන රටවල් මොනවාද? 
නිවර්තන වැසි වනාත්තර ආශ්‍රිත මධ්‍යම හා බටහිර අප්‍රිකානු රටවල් වන කොංගෝ. කැමරූන්, ගැබෝන්, ලයිබීරියා,  නයිජීරියා, සියරාලියොන්  වැනි රටවල්වලින්ද ආසාදිතයන් වාර්තා වී තිබේ. මේ හැර අප්‍රිකාවෙන් පිටත රෝගීන් වාර්තා වී ඇත්තේ බොහෝ විට අප්‍රිකානු රටවල සංචාරය කරන ලද  පුද්ගලයන්ගෙනි.
 
 
රෝග ලක්ෂණ  මොනවාද? 
මෙම රෝගයේ බහුලවම දක්නට  ලැබෙන රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, හා මස් පිඩු වේදනාවයි. මේ හැර කොන්දේ කැක්කුම, ශරීරයේ අප්‍රාණිකබව,  වසා ගැටිති ඉදිමීම  සහ සම මතුපිට බිබිළි ඇති වීම යන ලක්ෂණද පහළ වේ. 
 
මෙම රෝගයට උණ සෑදී දින 1-3 ඇතුළත  රෝගියාගේ  සම මත බිබිලි හට ගනී. මෙම බිබිළි පළමුව  ඇති වන්නේ මුහුණේය. ඉන්පසු ශරීරයේ අනෙක් තැන්වලට පැතිර යයි. මෙම බිබිළි බොහෝවිට පළමුව වතුර බිබිළි ලෙස දක්නට ලැබෙන අතර, පසුව සැරව බිබිළි බවට  පත් වේ. ඉන්පසුව එම බිබිළි වියළී කබොල්ලක් බවට හැරි  සෙමින් හැලී යයි. යම් රෝගියකුට ඇති වන බිබිළි ප්‍රමාණය බිබිළි කිහිපයක් විය හැකිය. සමහරුන්ට එය දහස් ගණනක් දක්වා  වැඩි විය හැකිය. මෙම බිබිළි විශේෂයෙන් මුහුණේ, යටි පතුල්, මුඛය සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබේ.
 
මෙම රෝග ලක්ෂණ සති 2-4 ක් පමණ තිබී ඉබේම පහවී යා හැකිය. 
 
 
මාරාන්තිකද?
උපදෙස් -: 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය 
චන්දිම ජීවන්දර

 

බොහෝ ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ සති කිහිපයක් තුළ ඉබේම පහව යයි. එහෙත් සමහරුන්ගේ කලාතුරකින් සංකූළතා හට ගනී. මෙයින් මරණය පවා අති විය හැකිය. වඳුරු උණ රෝගයේ සංකූලතා  සහ මරණයට ගොදුරුවීමේ වඩාත් අවදානම තිබෙන්නේ අලුත උපන් දරුවන්ටය. ඒ හැර කුඩා දරුවන් සහ ප්‍රතිශක්ති ඌනතා ඇති පුද්ගලයින්ට මෙය බරපතළ විය හැකිය. 
දරුණු ගණයේ වඳුරු උණ සංකූලතා ඇති වන්නේ මෙසේ ය.
 
සමේ ඇති වන ආසාදන නියුමෝනියාව ඇස් පෙනීම නැතිවීම වැනි රෝග සංකූලතා ලෙස ඇති වේ. 
මෙතෙක් කල් වාර්තාගත රොගින්ගෙන් 3-6% ක් අතර ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුවීමෙන්  මරණයට පත් වී තිබේ. ඔවුන් බොහෝ විට කුඩා දරුවන් සහ වෙනත් රෝගයකින් පෙළෙන පුද්ගලයන් ය. 
 
 
 වඳුරු උණ සතුන්ගෙන් මිනිසාට බෝවන්නේ කොහොමද?
මෙම රෝගය සතුන්ගෙන් මිනිසාට බෝවන්නේ  බොහෝ විට ආසාදිත සතෙකු සිදු කරන සපා කෑම හෝ සීරීම් මගිනි. දඩයම් කරන ලද අසාදිත සතුන්  ස්පර්ශය  ද මීට හේතු වේ. 
වඳුරු උණ බෝවීමෙන් වැළැක්වීම සඳහා අනාරක්‍ෂිතව හෝ ආසාදිත හෝ මරණයට පත් සතුන් ඇල්ලීමෙන් වැළකිය යුතුය. මේ හැර වඳුරු උණ  පැතිර යන රටවලදී සතුන්ගේ මස් ආහාරයට ගැනීමට  පෙර හොඳින්  පිස ගැනීම  ඉතාම වැදගත් වේ. 
 
 
බෝවෙන්නේ කොහොමද?
රෝගය ආසාදිතව රෝග ලක්ෂණ පවතින කාලය තුළ වෙනත් පුද්ගලයෙකුට රෝගය  බෝවිය හැකිය.  එනම් රෝගය සෑදී  සති 2-4 කාලයේදී ය. ආසාදිත පුද්ගලයෙකු සමග සිදුකරන  සමීප ඇසුරකින් පසු නීරෝගී අයට රෝගය බෝවිය හැකිය. එනම් සිප වැලඳ  ගැනීම,  ලිංගික ක්‍රියාකාරකම්වලදී ආසාදිත  පුද්ගලයාගේ සමේ ඇති වන තුවාල මගින් නීරෝගී පුද්ගලයකුට වැලඳිය හැකිය. එමෙන්ම රෝගී පුද්ගලයින් භාවිතා කළ ඇඳුම්, ඇතිරිලි, තුවා, පිඟන්, කෝප්ප වැනි දෑ ද නිරෝගී අයකුට රෝගය බෝ කරන තවත් මෙවලම් වේ. 
 
එසේම ආසාදිත පුද්ගලයකුගේ මුඛයේ ඇති තුවාල මගින් රෝගය බෝවිය හැකිය. එයින් අදහස් වන්නේ රෝගියාගේ කෙළ මගින්ද රෝගය බෝවන බවය. ආසාදිත පුද්ගලයෙකු සමග සමීපව සම්බන්ධවන පුද්ගලයින්, පවුලේ උදවිය සෞඛ්‍ය සේවකයින් සහ ලිංගික සහකරුවන් රෝගය බෝවීමට වැඩි අවදානමක් ඇති අයවලුන් වේ. 
 
එමෙන්ම රෝගය ආසාදනය වූ  ගර්භිණී  මවකගෙන්  වැදෑමහ හරහා  කළලයට ද, දරුවකු බිහි කළ පසු ආසාදිත මවකගෙන් එම දරුවාටද  සම හරහා  ස්පර්ශය  මගින්ද,  අලුත උපන් දරුවාට  ද රෝගය  බෝවීමේ  අවදානම තිබේ. මේ හැර  ආසාදිත  පුද්ගලයෙකු  සමග  බොහෝ වේලා  මුහුණට මුහුණ වැටී කතා කිරීමෙන් ආශ්වාස  තරල මගින්  රෝගය නිරෝගී අයට  බෝවෙයි. 
 
 
අවදානම්  අය කවුද?
වඳුරු උණ රෝග ලක්ෂණ පෙන්වන හෝ එම උණ ආසාදිත පුද්ගලයෙක් සමග සමීප ඇසුරක් පවත්වන  ඕනෑම පුද්ගලයෙක්  හෝ ආසාදිත සත්වයෙක්  සමග ගැටුණු ඕනෑම කෙනෙකුට මෙම රෝගය වැලඳිය හැකිය.
 
 
ප්‍රතිශක්ති එන්නතක් තිබෙනවාද?
වසූරිය රෝගයෙන් වැළකීම සඳහා එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට  යම් තරමකින් මෙම රෝගයට  ගොදුරුවීමේ ආරක්ෂාවක් තිබේ. එහෙත් 1980 වන විට වසූරිය රෝගය ලෝකයෙන් තුරන් වූ බැවින්  බොහෝ දෙනා වසූරිය එන්නත ලබාගෙන නොමැත. වසූරිය එන්නත ලබාගත් පුද්ගලයන්ට මෙම රෝගයට යම් ආරක්ෂාවක් ලැබේ. අලුත උපන් දරුවන් සහ ප්‍රතිශක්ති ඌනතා ඇති අය, දිගු කලක්  වයිරසයට නිරාවරණය වූ සැමට දැඩි අවදානමක් පවතී.
 
 
රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?
වඳුරු උණ වයිරසය වැලඳිය හැකි යැයි සැක කළ හැකි සතුන් සමග ගැටීම අවම කළ යුතුය. මෙහිදී එම සතෙකු රෝගී වූ විට හෝ මිය ගිය විට අත පත ගෑම නොකළ යුතුය.
වඳුරු උණ ආසාදිත පුද්ගලයන්  සමග සබඳතා පැවැත්වීම නොකළ යුතුය. එහෙත් සෞඛ්‍ය සේවකයෙක් නම්  හෝ ඔබ ආසාදිත පුද්ගලයෙක් සමග එකට ජීවත් වූයේ නම් ආසාදිත බව හඳුනා ගත් විට ඔහු හෝ ඇය  හැකි පමණ හුදකලාව සිටීමට සැලැස්විය  යුතුය. 
 
ආසාදිත පුද්ගලයෙකු  සමග සිටින  විට මුඛ ආවරණය පැලැද සිටීම ඉතාම අවශ්‍ය ය.  ඔවුන්ට කැස්ස හෝ  මුඛයේ තුවාල ආදිය තිබේ නම්  නිරෝගී පුද්ගලයා මුඛ ආවරණයක් පැලඳ සිටීම  ඉතාම අවශ්‍ය ය. එමෙන්ම රෝගියාගේ සම තම සමෙහි ගෑවීමෙන් වැළකිය යුතුය.  රෝගියා වෙනම තබන්න.  ඒ අයගේ ඇඳුම්, ඇඳ ඇතිරිලි මාරු කිරීමට අවශ්‍ය වේ නම්  ඒ අවස්ථාවට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ  පැලඳීම අවශ්‍යය. රෝගියාගේ ඇඳුම්, ඇඳ ඇතිරිලි පරිහරණය  කරන භාණ්ඩ ස්පර්ශ කිරීමට  සිදු වූයේ නම්  ඒ සමගම සබන් ගා  දෑත් සේදීම හෝ  ඇල්කොහොල් අඩංගු දියරයකින් දෑත් පිරිසුදු කිරීම  ඉතා අවශ්‍ය ය.  
 
 
කුඩා දරුවන්ටත් මෙම රෝගය වැලඳෙනවාද?
කුඩා දරුවන්ට වැඩිහිටියන්ට  සහ තරුණ අයට වඩා  දරුණු රෝග ලක්ෂණ ඇති වේ. 
 
 
 ප්‍රතිකාර තිබෙනවාද? 
 මෙම රෝගය බොහෝ විට  ප්‍රතිකාරයක් නොමැතිව  ඉබේම සුව වන රෝගයකි. එහෙත් ආසාදිත අයට එම රෝග ලක්ෂණ  සඳහා ප්‍රතිකාර ගත හැකිය. ශරීරයේ බිබිළි වියළී යාමට ඉඩ හැරීම ඉතාම වැදගත්ය.  එසේම මුඛයේ සහ අත්වල තුවාල තිබේ නම්  ඒවා අතගෑමෙන් වැළකිය යුතුය. වසූරිය  සඳහා  ප්‍රතිකාර ලෙස භාවිතා වන වයිරස් නාශක ප්‍රතිකාරයක් ද මෙම වසරේ සිට  වඳුරු උණ සඳහා  භාවිතයට අනුමත වී  තිබේ.
 

ශිරානි ගල්ලෑල්ල
 

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment