අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කරන හැටි

දිනක් වයස අවුරුදු 23ක උසස් අධ්‍යාපනය හදාරණ දැරියක් එනවා මම හමුවෙන්න. ඇය කියනවා ඇයට ඔසප් චක්‍රය ක්‍රමවත් නැහැලු. ඇතැම් විට එයට දින 40ක් වගේ කාලයක් ගතවෙනවාලු. ඇය මෙම තත්ත්වය නිසා මානසික පීඩනයකින් පසුවෙනවා.  මෙසේ ඔසප් චක්‍රයේ අසමතුලිතතා ඇතිවෙන්න හේතු ගණනාවක් තියෙනවා.  ඒ අතර වර්තමානයේ කාන්තාවන් අතර දක්නට ලැබෙන පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් හෙවත් PCOS යන රෝගී තත්ත්වය නිසා මෙම ඔසප් චක්‍රය අසමතුලිත වේ.

දැරියක් මල්වර වීමේ සිට ආර්තවහරණය  දක්වා ඇති විය හැකි රෝග තත්ත්වයකි.    
මෙම PCOS  රෝග තත්ත්වය විවිධ නම්වලින් හඳුන්වනවා.
නොමේරූ ඩිම්බ රෝගය
ඩිම්බ කෝෂවල වතුර බිබිළි රෝගය
ඩිම්බ කෝෂ ඉදිමීමේ රෝගය
වශයෙන් විවිධ නම්වලින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම තත්ත්වය පිළිකා ගෙඩි වැනි රෝගී තත්ත්ව නොවේ.
සොයා ගන්නේ කෙසේ ද?

  • 01 ඔසප් චක්‍රයේ අක්‍රමිකතා

සමහර අයට ඔසප් වීම සිදුවන්නේම නැහැ.
සමහර අයට ඔසප්වීම සිදුවූ විට එය දීර්ඝව පවතිනවා.

  • 02. අධික ලෙස රෝම කූප වර්ධනය

මුහුණේ, රහස් ප්‍රදේශයේ ඝනකම් ලෙස රෝමකූප වර්ධනය වීම. එයට හේතුව පිරිමි හෝමෝනය වර්ධනය වීම වැඩි නිසාය. කාන්තාවන් තුළ පිරිමි හෝමෝනය පවතිනවා. එය අසීමිතව වර්ධනය වූ විට මෙසේ සිදුවෙනවා.
03. කුරුලෑ අධික ලෙස වර්ධනය
04. හිසකෙස් ගැලවී යාම
05. අධික ලෙස මහත්වීම
06. ගෙල, කිහිලි ප්‍රදේශ ආදිය කළුවීම.
07. ගැබ් ගැනීමට අපහසු වීම.
08. දියවැඩියා රෝග ඇතිවීම.
09. හිසරදය ඇති වීම.
10.මානසික ආතතිය, විෂාදය, කාංසාව වැනි රෝග තත්ත්ව ඇති වීම.
මෙම රෝගය සුලභ රෝගයකි. ඉහත කතා කළ ලක්ෂණ නොපෙන්වා ද මෙම රෝගය ඇති විය හැකිය.
ප්‍රතිකාර මොනවා ද?
බොහෝ කාන්තාවන් මෙම රෝගය ගණන් නොගෙන කටයුතු කරයි.  නමුත් මෙම රෝගය නිසා ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වේ. මෙම  රෝගය හඳුනාගැනීමට

  • රුධිර පරීක්ෂණ

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සිදු කර ගැනීමට හැකිය. ඒ සඳහා වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.
ප්‍රතිකාර නොකළොත් ඇතිවන ගැටලු
වඳභාවය
නොමේරූ දරු උපත්
හෘදයාබාධ
මඳසරු භාවය
අධි රුධිර පීඩනය
ගබ්සාවීම්
PCOS පාලනය කර ගැනීමට නිවසේ සිට කළ හැකි දේ.
ව්‍යායාම කිරීම
ඇඟට මහන්සි ගෙන දෙන ව්‍යායාම කරන්න එපා. එසේ කළහොත් පිරිමි හෝමෝනය වර්ධනය වනවා. එම නිසා යෝගා, නර්තනය වැනි ක්‍රියාවන්හි යෙදෙන්න.
හොඳින් ජලය පානය කරන්න
සීනි, පිටි, තෙල් සහිත ආහාර ගැනීම අඩු කරන්න
උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න
පෝෂණය පිරි ආහාර ගන්න.
මානසික ආතතිය නැති කරන්න. (භාවනා කරන්න , ඇවිදින්න , ගීත අසන්න, සන්සුන් වන්න)
තේ/කෝපි පානය අඩුකරන්න.
PCOS රෝග තත්ත්වය තරුණ අවධියේදීම හඳුනාගෙන ඔබේ මවු පදවිය සුන්දර කරගන්න.


 
                                                                                 

 

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය Read Previous

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය

ජපුර රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් විශිෂ්ටතයින් අගයයි Read Next

ජපුර රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් විශිෂ්ටතයින් අගයයි

Realted Post

Leave a comment