ඇස් රකින හෙළ වෙදකම

 

සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම රැකගත යුතු අතර දෑස් ඒ අතර ප්‍රධාන ඉන්ද්‍රියකි. ඇස් රෝග වර්ග 76ක් වාත, පිත, කප එකතුවෙන් තිබේ. ඒවායින් ලෙයින් 16ක් ද වාතයෙන් 10 ක්ද පිතෙන් 10ක්ද කපෙන් 13 ක්ද හට ගනී. ඊට අමතරව තවත් ඇස් රෝග 25ක් තිබේ. ඊට අමතරව ආගන්තුක රෝග දෙකක්ද ඇත.  


මේ ඇස් රෝග අතරින්  වර්තමානයේ දකින්න  තිබෙන බහුල රෝගි තත්ත්වයක් වන්නේ ඇසේ සුද ඇතිවීමය.  හෙළ වෙදකමේ එය හඳුන්වන්නේ  කාචි රෝගය යනුවෙනි.  මේ ඇසේ රෝගයට නිසි ප්‍රතිකාර නොකළොත් එය නීල කාච රෝග තත්ත්වයට පත් වේ. ග්ලුකෝමා හඳුන්වන්නේ එම රෝගී තත්ත්වයයි. ග්ලුකෝමා රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ලිංග නාශය නම් තත්ත්වයට පත් වේ. මෙය ඇස් අන්ධවීමට හේතුවකි. ලිංග නාශය නම් රෝග තත්ත්වය  ප්‍රභේද 03 කි. වාතජ ලිංග නාශය, පිත්තජ ලිංග නාශය, ශ්ලේෂ්ම ලිංග නාශය එම රෝග තත්ත්වයයි. මේ තුනෙන්ම හටගන්නා රෝග තත්ත්වය සන්නිපාත ලිංග නාශයයි. 
මෙහිදී වාත ලිංග නාශය යන තත්ත්වයේදී රෝගය හටගන්නේ ඇසේ කාචයේ ය. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණය නම් පෙනෙන සියලුම දේ කැරකෙනවා සේ පෙනීමය. ඇස් මඳක් රතු පැහැ වේ. වක්‍රව කැරකෙයි. 
පින්තජ ලිංග නාශය රෝග තත්ත්වයේදී කණාමැදිරි එළිය වගේ දේදුනු එළිය වගේ මොනර පිහාටු වගේ එළියක් විහිදෙන බව දැනෙයි.  


ශ්ලේෂ්ම ලිංග නාශය තත්ත්වයේදී වලාකුළු පුලුන් රෝද සේ පෙනෙයි. වස්තු සියල්ල සුදුපාටට පෙනේ. 

උපදෙස් -: දේශීය වෛද්‍ය
චතුර ජයසේකර


සන්නිපාත ලිංග නාශ තත්ත්වයේදී ඒක කණමැදිරි එළිය වැනි වර්ණ පෙනෙයි. එය ඉතා දරුණු තත්ත්වයකි.

 


දවල්ට නිදා ගත්තම ඇස් ලෙඩ වෙනවා 
පුද්ගලයකුට පැය අටක නින්දක් අවශ්‍ය ය. එහෙත් දහවල් කාලයේ නිදා ගැනීම ඇස්වලට සුදුසු නැත.  නින්ද නැතිකම වගේම දවල් නිදා ගැනීමත් ඇස් රෝග ඇතිවීමට බලපායි. 

මත්පැන් හා දුම්පානය, අධික ලිංගික ඇසුර ද ඇස් රෝග වැලඳීමට හේතු ය. රයිස් කුකරයට මුහුණ ඔබාගෙන එය විවෘත කිරීමද ඇස්වලට සුදුසු නැත. මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළීමද ඇස් රෝග ඇතිවීමට බලපායි. 
ස්නායු දුර්වලවීමේද ඇස් රෝග හට ගනී. එවැනි විටෙක අප ප්‍රතිකාර කරන්නේ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳීමෙනි.  මෙසේ බෙහෙත් බඳින්නේ දුර්වලතා තිබෙන ඇසට විරුද්ධ පාදයේ මහපට ඇඟිල්ලටය. 

 


ග්ලූකෝමා භයානකයි
ඇස් දුර්වලවීමට අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග සඳහා දීර්ඝ කාලයක් පුරා ගන්නා ඖෂධ ද බලපායි.  දියවැඩියාව නිසා හටගන්නා ග්ලුකෝමා රෝගයේ ඇති භායනක තත්ත්වය නම් දෑස් අන්ධ වනතුරු ඒබව නොදැනීමය. 


එහෙත් ග්ලූකෝමා තත්ත්වය ඇත්දැයි තමන්ටම බලා ගත හැකි ක්‍රමයක් තිබේ. 


අත්දෙක අංශක 180ක් දිග හැර අත්දෙක දෙපැත්තෙන් විහිදන්න (සරල රේඛාවක් ලෙස) එසේ විහිදුවා ඉදිරිය බලන්න. එවිට ඔබට පෙනෙන්නේ අත් දෙකේ ඡායාවක් පමණි.  එසේ නම් ඇසේ රෝගයක් නැත. නැවතත් පෙර ලෙසම අත් දෙක විහිදුවා කෝණය අඩුවන අයුරින් තව ඉදිරියට ගෙනයන්න. එතැනදී යම් තැනකදී අත්දෙක පෙනෙන්නට ගනී. අන්න එය ග්ලුකෝමා රෝගී තත්ත්වයේ ආරම්භයයි. මේ තත්ත්වය ටියුබ් විෂන් තත්ත්වය හට ගනි. එනම් දෙපැත්තේ මුකුත් පේන්නේ නැත. බටයකින් බලනවා මෙන් පෙන්නේ ඉදිරිය පමණි. දෙපැත්ත බැලීමට නම් බෙල්ල හැරවිය යුතුය. මේ තත්ත්වය බොහෝ විට සෑදෙන්නේ එක් ඇසකට ය.  එය ක්ෂණිකව නැතිව යයි. එහෙත් අනෙක් ඇසට රෝගය සෑදෙයි. 


මෙහිදී ඇතිවන මූලික රෝග ලක්ෂණය නම් දුර හා ළඟ පෙනීමේ දුර්වලතාව යි. ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ මේ අවස්ථාවේදී ය. එහෙත් බොහෝදෙනා මීට ප්‍රතිකාරය ලෙස තෝරාගන්නේ කණ්ණාඩි පැලඳීමය. එහෙත් කණ්ණාඩි පැලඳීම ප්‍රතිකාරයක් නොවේ. විසඳුමක් පමණි. හොඳම ප්‍රතිකාරය හෙළ වෙදකම ය. ඇස් පෙනීම දුර්වලවීම හෝ වෙනත් ඇස් රෝග වැලඳීමට රිය අනතුරු, ඇසට යම් පහරක් හෝ යමක් තදින් වැදීම ද හේතු විය හැකිය. 

 


ඇස් රතුවුණොත් සැලකිලිමත් වෙන්න
ඇසෙන් කබ ගැලීම, කඳුළු ගැලීම, ඇස් රතුවීම බොහෝ දෙනා මේ නොසලකා හරිති.  එහෙත් මෙම තත්ත්වය ඇස් අන්ධවීමට පවා  හේතු විය හැකිය. ඒ වගේම ආගන්තුක රෝග තත්ත්වයන්ගේද මූලික රෝග ලක්ෂණ වන ඇස් රතුවීම දින කීපයකින් සුව වේ. එහෙත් පසුව ඇස ඇතුළත කැසීම හට ගනී.  මෙවැනි රෝග ලක්ෂණ දැනුණු වහාම ප්‍රතිකාර ගත යුතුය. 


අපේ හෙල වෙදකමෙන් ඇසේ සුද තත්ත්වය  සති 06ක් වැනි කාලයක් තුළ ද නීල කාච තත්ත්වය මාස හයක් වැනි කාලයක් තුළද ලිංගනාශ තත්ත්වය අවුරුදු 1 1/2ක් වැන කාලයකින්  ද නිට්ටාවටම සුව කළ හැකිය. 

 


ශාන් බන්දු වීරසිංහ


 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment