කුඩා දරුවන්ටත් ක්‍ෂය රෝගය හැදෙනවා
වයස අවුරුදු පහට අඩු දරුවන්ට ක්ෂය රෝගය හැදුණොත් සංකූලතා ඇතිවීමේ අවදානම ඉතා වැඩිය.
කුඩා දරුවන්ගේ ක්ෂය රෝගය එතරම් අසා පුරුදු රෝගයක් නොවේ. එහෙත් වැඩිහිටියන්ට මෙන් කුඩා දරුවන්ටත් මෙම රෝගය සෑදිය හැකිය. අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට දරුවන් 300කට අධික ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වේ. ක්ෂය රෝගය සෑදෙන්නේ පෙණහලු ආශ්‍රිතවය. ඊට අමතරව කුඩා දරුවන් ගේ පහත සඳහන් ඉන්ද්‍රියයන් ආශ්‍රිතවත් ක්ෂය රෝගය වැලඳෙයි.
* මොළය ආශ්‍රිතව
* කුද්දැටිවල
* උදරය ආශ්‍රිතව
* බඩවැල් ආශ්‍රිතව
* වකුගඩු
* අස්ථි සහ හන්දි ආශ්‍රිතවත් මෙම රෝගය වැලඳීමට ඉඩකඩ තිබේ.
පසුගිය කාලයේ මෙම රෝගයට ගොදුරු වන සංඛ්‍යාවේ අඩුවක් තිබිණි. එය රෝගීන්ගේ අඩුවක්ද නැතහොත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රෝගීන් රෝහල්වලට පැමිණීමේ අඩුවක්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකිය.
ළමා ක්ෂය රෝගයේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි.
වැඩිහිටියන්ට සාපේක්ෂව ළමා ක්ෂය රෝගයේ වෙනස්කම් දක්නට ලැබේ.
කුඩා දරුවන්ට වැඩිහිටියන්ට මෙන් සවස් කාලයේ උණ සෑදීම, තද කැස්ස’ නිතර දහඩිය දැමීම වැනි ක්ෂය රෝගියෙකු හට තිබෙන ප්‍රධාන ලක්ෂණ දක්නට නොලැබේ. එනිසා ළමා ක්ෂය රෝගීන් හඳුනා ගැනීම පමා වෙයි. එනිසා මෙම රෝගීන් හඳුනා ගැනීමට සැක කරන රෝග ලක්ෂණ හඳුනා ගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ මේවායි.
* දරුවාගේ වර්ධනය හා බර අඩු වේ. බර නිසි ලෙස වැඩි වන්නේ ද නැත.
උපදෙස් -: බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් චන්න ද සිල්වා |
* දරුවාගේ ක්‍රියාශීලි බව අඩු වේ.
* කෑම අරුචිය ඇති වේ.
* වරින් වර උණ සෑදෙයි
* දරුවාගේ කුද්දෙටි ආශ්‍රිතව ක්ෂය රෝගය ඇතිවීමට හැකි නිසා බෙල්ල ආශ්‍රිතව වසා ගැටිති ඉදිමෙයි.
* බෙල්ල ප්‍රදේශයේ කුඩා ගෙඩි ඇතිවෙයි.
මේ හැර දරුවාට කැස්ස සහ වෙනත් ශ්වසන රෝග ලක්ෂණ ද මතුවිය හැකියි.
සාමාන්‍යයෙන් ක්ෂය රෝගය කලක් පැවතුණහොත් එය මොළයට බලපෑමක් සිදු කළ හැකිය. මොළය ආශ්‍රිත ක්ෂය රෝගය පැතිර යාමෙන් පහත සඳහන් රෝග ලක්ෂණ පහළ වේ.
* තද උණ
* වලිප්පු තත්ත්වය
* ස්නායු දුබලතා
මේ හැර සංකූලතා වශයෙන් දරුවාගේ සිහිමද ගතියක්ද ඇති විය හැකිය.
මෙම රෝගය ශරීරයට බලපෑ ඇති ඉන්ද්‍රියන්ට අනුව රෝග ලක්ෂණද වෙනස් වේ. මේ නිසා ළමා ක්ෂය රෝගය මුලදී හඳුනා ගැනීම අපහසු වේ.
හඳුනා ගැනීම අමාරුයි
මෙම රෝගය හඳුනා ගන්නේ සෙම පටල පරීක්ෂා කිරීමෙනි. එහෙත් කුඩා දරුවන්ගේ ක්ෂය රෝගය තිබුණත් සෙම පටල පිටවීම අඩුය. මේ නිසා සෙම පටල පරීක්ෂා කිරීමට ඒවා ලබා ගැනීම අපහසු වේ.
එසේම සෙම පටල සාම්පල ලබාගත්තත් ක්ෂය රෝගය තිබෙන දරුවන්ගේ බැක්ටීරියා ප්‍රමාණය වැඩිහිටියෙකුට වඩා අඩුය. එනිසා මෙම සාමාන්‍ය පරීක්ෂණ මගින් එම බැක්ටීරියාව හඳුනා ගැනීමද අපහසු වේ. මේ නිසා රෝගය පැතිර යාමේ අවදානමක් තිබිය හැකියි.
පෙණහැල්ලේ රෝග
කුඩා දරුවකුට මෙම බැක්ටීරියාව වැඩි වශයෙන් පෙණහැල්ලේ ඇති විය හැකිය. එසේම ශරීරයේ වෙනත් අවයවවලත් රෝගය ඉක්මනින් පැතිරිය හැකිය.
විශේෂයෙන් වයස අවුරුදු පහට වඩා අඩු දරුවෙකුගේ ප්‍රතිශක්ති පද්ධතිය සාමාන්‍ය ලෙස වර්ධනය නොවී තිබේ නම් මෙවැනි රෝග වැලඳීම ඉක්මන්ය. එසේම වයස අවුරුදු පහට අඩු දරුවන්ට ක්ෂය රෝගය සෑදුනහොත් සංකූලතා ඇතිවීමේ අවදානම ඉතාමත්ම වැඩිය. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට ක්ෂය රෝගය වඩාත් සෑදෙන්නේ පෙණහලු ආශ්‍රිතවය. එහෙත් ශරීරය තුළ රෝගය පැතිර යාමේ අවදානම වැඩිහිටියන්ට ඉතාම අඩුය. එහෙත් කුඩා දරුවන්ගේ, විශේෂයෙන් වයස අවුරුදු එකට වඩා අඩු දරුවන්ගේ 30%ක පමණ ශරීරය පුරා පැතිර යාමට හැකියාව තිබේ. එසේම එය විශේෂයෙන් මොළයට බලපෑ හැකියි.
මොළයට සිදුවෙන බලපෑම
මොළය ආශ්‍රිත ක්ෂය රෝග තත්ත්වය ඇති වුවහොත් දරුවන්ට ජීවිත කාලය පුරාවටම පවතින ස්නායු ආබාධ ඇති වේ. එය බරපතළ ගැටලුවකි. මේ නිසා දරුවන් මෙම රෝගයෙන් ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්ය.
රෝගය වැලඳෙන්නෙ කොහොමද?
කුඩා දරුවෙකුට මෙම රෝගය වැලඳෙන්නේ වැඩිහිටි රෝගියෙකුගෙනි. විශේෂයෙන් ඒ නිවසේදීමය. ක්ෂය රෝගය බවට හඳුනා නොගත් රෝගියෙකු නිවසේ සිටින්නේ නම් ඒ රෝගියාගෙන් කුඩා දරුවන්ට රෝගය බෝවෙයි. මේ හැර පාසල, පෙර පාසල වැනි දෑවලින්ද රෝගය දරුවන්ට වැලඳිය හැකිය. එහෙත් එවැනි අවස්ථා බොහෝ දුරට අඩුය.
මේ නිසා නිවසේ වැඩිහිටියෙකුට ක්ෂය රෝගය තිබේ නම් ළඟම තිබෙන ළය රෝග සායනයකින් කුඩා දරුවන්ද පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් ය.
බැක්ටීරියාවේ රහස්
මෙම රෝග කාරක බැක්ටීරියාවේ විශේෂත්වයක් තිබේ. ඒ බැක්ටීරියාව ශරීරගත වූ පසු රෝගය සති කිහිපයක් ඇතුළත හෝ සමහර විට මාස කිහිපයක් ඇතුළත රෝග ලක්ෂණ පහළ නොවී තිබීමය.
බැක්ටීරියාව ශරීරය තුළ සජීවී තත්ත්වයෙන් තිබෙන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ප්‍රමාද වෙමිනි. මෙය ඉතාම භයානකය.
විශේෂයෙන් වයස අවුරුදු පහට අඩු කුඩා දරුවෙකුට නිවසේදී බැක්ටීරියාව ශරීරගත වී එය ශරීරයේ සැඟ වී තිබිය හැකියි. එහෙත් පිටතට
නොපෙන්වුවත් බැක්ටීරියාව ශරීරය පුරා පැතිර තිබිය හැකියි.
මීළඟට ක්ෂය රෝගී දරුවාට ප්‍රතිකාර.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment