ගෙදර ප්‍රශ්න ඇඳට අරන්

ශ්‍රී ලංකා පොලිසිය විසින්  2023 වසරට අදාළව නිකුත් කර ඇති කාර්ය සාදන වාර්තාවට අදාළව අනියම් සබඳතා නිසා ඇතිවන පවුල් ආරවුල් 2023 වසරේදී  10,408 වාර්තා වී ඇති අතර 2022 වසරේ දී අනියම් සබඳතා නිසා ඇතිවන පවුල් ආරවුල්  9636 ක් වාර්තා වේ. ඒ අනුව 2022 වසරට වඩා 2023 වසරේ අනියම් සබඳතා නිසා ඇතිවන පවුල් ආරවුල්  772 කින් වැඩි වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.  මේ දත්ත පවසන්නේ මෙරට අනියම් සබඳතා වැඩි වි ඇතිබවයි.

  • ප්‍රධාන හේතු  2 ක්

අනියම් සබඳතා ඇතිවීමට ප්‍රධාන හේතු  2 ක් බලපායි.
පළමු කොටස - අනියම් සබඳතාව ගොඩනගා ගැනීමට හේතුව ලෙස සඳහන් කරන්නේ සැමියා සහ බිරිඳ  විවිධ හේතු මත එකිනෙකාට නොගැළපීමයි.
දෙවන කොටස -   ස්වාමිපුරුෂයා හෝ බිරිඳ  පවුලට සෑම සියලු යුතුකමක්ම ඉටු කළත් ස්වාමිපුරුෂයාට හෝ බිරිඳට අනියම් සබඳතාවක්  පවතී. එහිදී අනියම් සබඳතාව පවත්වාගෙන යන ස්වාමිපුරුෂයා හෝ බිරිඳට පවුල් සංස්ථාව තුළ කිසිදු ගැටලුවක් නොවූවත් ඔවුන් අනියම් සබඳතාවක් පවත්වාගෙන  යයි. මේ ප්‍රධාන හේතු දෙවර්ගයට අදාළව සමාජයේ අනියම් සබඳතා සහිත  පුද්ගලයෝ සමාජයේ  සිටිති.

  • සබඳතා ඇතිවෙන පදනම

අනියම් සබඳතා ඇති කරගෙන ඇති පුද්ගලයින් සමග කතා කරන විට ඔවුන්   කියා සිටින්නේ , එයාව මට දැනෙන්නේ නැහැ, යන්නයි.  එම කතාව අසාධාරණ විය හැකිය. නමුත් හැඟීමක් නැහැ කියන වචනය අනියම් සබඳතා පිළිබඳව  සාධාරණීකරණය කරගැනීමට යොදාගත් පොදු හේතුවකි.

  • අනියම් පෙමක් හොයාගන්න හිතෙන්නේ ඇයි?

සාමාන්‍ය ගැහැනියෙකු සහ පිරිමියෙකුගේ විවාහය නැමැති සංස්කෘතිකමය සහ නීතිමය  වශයෙන්  තවත් කෙනෙකු අත්පත් කර ගැනීම  කාලයක් යන විට, වයසින් මුහුකුරා යන විට, දෙදෙනා සමග එකට ගෙවන ජීවිතය තුළ ඇතිවන්නා වූ යම්කිසි පීඩාදායී දේවල් මත එකිනෙකාගේ නොගැළපීම් ඇතිවිය හැකිය. යෝජිත විවාහවලින් විවාහපත් වන්නන් වගේම වසර ගණනක් ආදරය කර විවාහ වන පුද්ගලයින්ද විවාහයෙන් පසුව අනියම් සබඳතාවක් පවත්වාගෙන යෑම බහුලව සමාජයේ දක්නට ලැබේ.

  • දෙන්නා දෙපැත්තට වෙලා නිදාගත්තම  වෙන දේ

ශ්‍රී ලාංකික ගැහැනිය සහ පුරුෂයින්  පුරුදු වී සිටින්නේ   ලිංගික කාරණා  පොදු ක්‍රියාකාරකමක්  ලෙස පමණක් සිදු කිරීමටය.  ඒ  තුළ බිරිඳ සතුටු වුණාද, සැමියා සතුටු වුණාද, සැමියා මොනවටද කැමති, බිරිඳ මොනවටද කැමති, දෙදෙනාම සුරතාන්තයට 

පත්වුණාද යන්න  පිළිබඳව කතාවීමක් සිදුවන්නේ නැත. ලංකාවේ  බහුතරයක් කාන්තාවෝ සුරතාන්තය පිළිබඳව දන්නෙද නැත. ඇතැම් වෙලාවට පිරිමියා සුරතාන්තයට පත්ව  අනෙක් පැත්ත හැරිලා නිදා ගත්තත් බිරිඳ සුරතාන්තයට පත් වි නැත.  සතුටු වීද නැත. ඔවුන්ගේ නිදන යහන මතත්  සාම්ප්‍රදායික ගැහැනියගේ චරිතය පමණක් බිරිඳ විසින් රඟපාන බවක් පෙනෙන්නට තිබේ.  එහිදී කාන්තාවට මේ පිළිබඳව සතුටක් නැත.  ඒ මත කාන්තාව අනියම් සබඳතාවලට යොමු වීමට ඉඩ තිබේ..  ඒ වගේම  පිරිමිත් අපට පෙනෙන සමහර කාරණා අනුව ලිංගික ක්‍රියාවලියේදී තිබෙන ලිංගික ක්‍රියාකාරකම් අනුව ඇතැම් ක්‍රියාකාරකම් කිරීමට බිරිඳ අකමැතිය.  ඇතැම් වෙලාවට එවැනි දේවල් බිරිඳ පිළිකුල් සහගතව හෙළා දකියි. එවිට දෙදෙනා අතර මේ පිළිබඳව කතා වීමක් නැත.

  • කළුවරේ දකින දේ තේරෙනවද?

ශ්‍රී ලංකාවේ වැඩි ප්‍රතිශතයක් සංසර්ගයේ යෙදීම සහ ලිංගික ක්‍රියාවල යෙදීම සිදු කරනු ලබන්නේ  අඳුරේ ය. එවිට පිරිමියාට කාන්තාවකගේ දේහයේ හැඩරුව දැකගත හැකිවන්නේ අතපත ගෑමකින් පමණි.  එවිට සිදුවන්නේ දෙදෙනා අතර හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යෑමට අපහසු වීමය. සන්නිවේදනය දෙදෙනා අතර නොමැති වීමෙන් ඇතැම් විට පිරිමියාගේ අවශ්‍යතා පමණක් ඉෂ්ට වී කාන්තාව පැත්තකට හැරී  නිදා ගන්නා තත්ත්වයකට පත්ව තිබීමට පුළුවන.
 ඒ වගේම යම් යම් ලිංගික රෝග, මනෝ ලිංගික රෝග පිළිබඳව අවබෝධයක් නැති  වීම ද මීට බලපායි.  මෙවැනි අය වෛද්‍ය උපදෙස් ගැනීමට මැළි වේ.    මෙවැනි ලිංගිකමය කාරණා බොහොමයක් මත අනියම් සබඳතාවලට යොමු වීමට ඇති ඉඩකඩ ඉතාම වැඩිය.

  • ගෙදර ප්‍රශ්න ඇඳට මොකටද?

ඊට අමතරව ගෙදර තිබෙන ප්‍රශ්න නිදි යහනට  රැගෙන නොයන්න.  ඔබ අඹු සැමියන් වශයෙන් සංසර්ගයේ යෙදීමට තිබෙන ඒ හැඟීම මේ ප්‍රශ්න සමග නැති වී යාම සිදුවේ. එවිට සැමියාට සහ බිරිඳට ඔවුන්ව දකින විටත් ඔවුන්ව ඔවුන්ටම ගැටලුවක් බවට පත්වේ. ප්‍රශ්න කතා කර ගැනීම සඳහා වෙනත් වෙලාවක් යොදාගන්න.

  • ආදරය හොයාගෙන එළියට ගියොත්

රාජකාරි ස්ථානවල වැඩිපුරම  අනියම් සබඳතා පටන් ගෙන තිබෙන්නේ ඔවුන්ගේ පවුල් ජීවිතවල තිබෙන ගැටලු මතය. තමන් තනි වී ඇති බව සිතා පිට සමාජයෙන්   ආදරයක්,  කරුණාවක් ඇති වෙනත් අයකු හමුවූ පසු  අනියම් සබඳතාවලට  පෙලඹීමද සිදුවිය හැකිය.
විවාහ වීමෙන් පසු, විවාහය වසර ගණනාවක් පරණ වූ පසු මිනිසුන්ගේ  චිත්ත සන්තානයේ තිබෙන ප්‍රේමය පෑල දොරෙන් පැන  යන්නේ අප සාම්ප්‍රදායිකව සිතන තාක් පමණි. ඒ සඳහා අපි කළ යුත්තේ සෑම වෙලාවකම අපේ තිබෙන ප්‍රේමය එකිනෙකා කෙරෙහි තිබෙන බැඳීම  අලුත් කරගැනීමයි.

  • ප්‍රේමය රැකගන්න නම්

වෘත්තීමය මනෝ උපදේශකවරයකු හමුවීම, දෙදෙනාගේ රාගික පැතිකඩ පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කිරීම, තමන්ගේ  මානසික හා කායික සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීම, ආදරය බෙදාහදාගැනීම් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය.  ආතතිය,  විඩාව   හැමෝටම තිබේ.  එහෙත් මේ ආතතියෙන් නිවසට  ගෙන ගොස් සැමියාගෙන් බිරිඳගෙන් දරුවන්ගෙන් එම ආතතිය පිරිමහ ගන්නේ නැතිව ජීවිත කළමනාකරණය කරගැනීමට හැකි නම් මේ සෑම ගැටලුවකටම පිළිතුරු සොයා ගත හැකිය.  මුල්කාලීනව අනියම් සබඳතා රස  වුණත් කාලයක් යන විට නීරස වේ. රස හරීම තාවකාලිකය. අනියම් සබඳතාද එවැන්නකි.

 

සමලිංගික හැඟීම්  මානසික රෝගයක්ද? Read Previous

සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් ....... Read Next

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් .......

Realted Post

Leave a comment