දුක නැති කරන මියුසික් මන්තරේ

″සංගීතය″ යනු විශ්ව භාෂාවක්. ගීතයක්/ සංගීත රාවයක් රසවිඳීම තුළින් ලැබෙන මානසික, කායික සුවයට ලැබෙන ඖෂධයක් නැත්නම් ආහාරයක් වගේ. සංගීතය හෝ ගීතය රසවිදිම තුළ මිනිස් ජිවිතයට ලැබෙන ප්‍රතිලාභ ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. සංගීතය සහ ගීතය නිවැරදිව රසවින්දනයට යොදාගෙන කායික, මානසික සුවය අත්කර ගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. 

 

අපේ ගීත / සංගීතය කොහොමද මානසික/ කායික සුවපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට දායක වෙන්නේ ? 

විශේෂයෙන් මානසික සෞඛ්‍ය කියලා කියන්නේ මනුෂ්‍ය ජීවන රටාවත් එක්ක පැවැත්මත් එක්ක මනසේ පැවැත්ම කියන දෙය තමයි. පුද්ගල කාර්යය, ජීවන පරිසරය, පුද්ගල ඇසුර එවැනි දේවල් මත මානසික සෞඛ්‍ය රඳා පවතිනවා. හොඳ හෝ නරක පැත්ත. එතන දී බොහෝ වෙලාවට එදිනෙදා ජීවිතයේ දී පාලුව/ කාන්සිය/ විඩාව/ දුක/ වේදනාව වගේ හැඟීම් එන අවස්ථාවන් මඟහරවා ගැනීම හා උපදේශනය හා ප්‍රතිකාර වල දී කලාව කියන දෙය අපි යොදා ගන්නවා. 

ඈත අතිතයේ සිට ම මානසික සෞඛ්‍ය/ මානසික ස්වභාවය යහපැවැත්මට කලාව ප්‍රධානම ඖෂධය/ යෙදුම් කාරකය ලෙස සෑම ජන කොටසකම වගේ භාවිතා කරලා තියෙනවා. උදා : විදියට ගත්තොත් අපේ සංගීතය. සංගීතය කියලා ගත්තයින් පසු පුද්ගලයන්ගේ ජිවිතයට කාවදින්න සහ සාමාන්‍යයෙන් ජිවිතය මතකයේ රඳා පැවතීම හා රිද්මයට සමාන වෙනවානම් එය නිතර භාවිත වෙනවා. අපි කවදාවත් දන්නැති රටක ගීතයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකේ තනුව, සංගීතය කියන දෙය දෙතොළඟ මුමුණන තත්ත්වයට පත්වෙනවා. 

හේතුව තමන්ගේ ශරීරය හෘද වස්තුව සහ අනෙකුත් ස්නායු වල ආවේග වල කම්පන සංඛ්‍යාතය සමාන වුවහොත් ඒ සංගීතයත් එක්ක සාමාන්‍යයෙන් සිරුරට ගැළපෙන දෙයක් වෙනවා. අන්න ඒක තමයි කම්පනය කියලා කියන්නේ. ශබ්ද එක්ක වීදුරු දෙදරනවා. ඒ වගේ කම්පනයක් නැතත් ඒ මට්ටමේ සංගීතය කියන දෙය මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මයට සහ ස්නායු ආවේග සහ ජිවිතයේ ශරීර ක්‍රියාදාමයට සමාන කරන්න පුළුවන්. ඒක තමයි ඔනෑම ජන කොටසකට සංගීතය හා කලාව කියන දෙය ඇතුලේ ගැබ්වෙලා තියන ප්‍රධාන මුලික හරය. 

එය සාමාන්‍යයෙන් යම්කිසි ජන සමාජයක කලාව කියන දෙය ගොඩනැගෙන්නේ අහම්බයක් එහෙම නැත්නම් නිර්මාණය කියන ආකාර දෙකකින්. මිනිසුන්ගේ රුචි අරුචිකම් වලට ගැළපෙනවා නම් ඒක පවතිනවා. ගැළපෙන්නැත්තම් ඉවත් වෙනවා. ඒක සෑම කාලයටම පොදුයි. 

සාමාන්‍යයෙන් අපි ගීත ඇල්බම් එකක් කළොත් විශාල ප්‍රසිද්ධියක් තියන ගායකයෙකුගේ වුණත් හිට් නැත්නම් මිනිසුන් අතරට යන්නැහැ. ඒකට හේතුව තමයි මානසිකත්වයට නොගැළපීම. කලා නිර්මාණය ආමන්ත්‍රණය කරන්නා වූ ජන කොට්ඨාශයේ ආධ්‍යාත්මයට මානසිකත්වයට සමාන වෙන නිර්මාණ විතරයි පවතින්නේ. එහෙම නොවන කලා නිර්මාණ භාවිතය තුළින් මානසික සෞඛ්‍ය වෙනස් වෙනවා. විශේෂයෙන් මානසික සෞඛ්‍ය කියන දෙය පිරිහෙනවා. ඒක නිසා ගොඩාක් වෙලාවට බටහිර සංගීතය වගේ දේවල් නොගැළපෙන්නාවූ විශාල ඝෝෂාකාරී සංගීතය කියන දෙය නිතර නිතර භාවිතය තුළින් ආවේගශීලීත්වය වැඩිවෙනවා. දරාගැනිමේ හැකියාව අඩුවෙනවා. 

ඊට අමතරව පරිකල්පන ශක්තිය, ගැටලු නිරාකරණය කර ගැනිමේ හැකියාව බොහෝ දුරට අඩුවෙනවා. එයට හේතුව තමන් භාවිත කරන්නා වූ කලා නිර්මාණ තමන්ගේ පාලුව, විඩාව, කාන්සිය, දුක, වේදනාව මඟහරවා ගැනීම සඳහා යම්කිසි වින්දනයක් කිරීම සඳහා යොදා ගන්නා වූ කලා නිර්මාණ හෝ කලා කෘතීන් තමන්ගේ ජාන වලට අදාළ හදවතේ රිද්මයට මනසේ ක්‍රියාකාරීත්වයට නොපැළපීම ප්‍රධාන දෙය යි. සරල උදා. විදියට සාමාන්‍යයෙන් අපේ ජාතික ගීය කාටවත් බලෙන් පාඩම් කරලා කියවන්නැහැනේ. ඒ වගේම තමයි පණ්ඩිත් අමරදේව ශුරින්, වික්ටර් රත්නායක ශූරින්, මිල්ටන් මල්ලවආරච්චි ශූරින්, විජය කුමාරතුංග ශූරින් ගේ ගීත අදටත් පවතිනවා. එයට හේතුව මනුෂ්‍ය හදවතට ගැළපෙන පද රටාව, නාද රටාව කියන දේවල් යොදාගෙන තියනවා. 

නමුත් අලුතින් එන ගීතයක් මතකයේ නැතුව යනවා. තාවකාලිකව වින්දනයක් ලැබුවත් ස්ථිර නැහැ. නොදැනීම ප්‍රතික්ෂේප වෙලා යනවා. 

 

සංගීතය නිසා ම අතුරු ප්‍රතිඵල ලැබෙන අවස්ථාවන් තියනව ද මනසට ?  

උදා : විදියට ගත්තොතින් රාගධාරී සංගීතය යමන් රාගය. යමන් රාගයට අදාළව නිර්මාණ බිහිවෙනවා නම් ඒ නිර්මාණ ගොඩාක් වෙලාවට උචිත වෙන්නේ විඩාබර වෙලා දවසේ කාර්යයන් නිමාකරන අවස්ථාවල දී. යමන් රාගය උපයෝගී කරගත් නිර්මාණයක් තමයි ″අඳුර අඳුර මගේ ..... සොඳුර සොඳුර මගේ .... ″ ගීතය. ඒ වගේ ගීතයක් උචිත වන්නේ උදෑසන කාලයේ දී නෙමෙයි. සවස් වරුවක දී ශරීරය විවේකය ගන්නා අවස්ථා වල දී අහන්න සුදුසු ගීත.

ගොඩාක් වෙලාවට ඈත අතීතයේ සහ දැන් ගුවන්විදුලි රූපවාහිනි නාලිකා වල වාදනය  වන ගීත වල මේ දේ දකිනවා අඩුයි. උදෑසන කාලයේ දී යොදා ගන්න ඔනී ගත සිත ප්‍රබෝධමත් වන කලා නිර්මාණ / ගීතයක්. අඳුරු චිත්‍ර වගේ දේවල් උදෑසන කාලයේ දී දකින්න සාමාන්‍යයෙන් එතරම් උචිත නැහැ. Working Environment කියන දෙය ලෝකයේ පිළිගන්න මතයක්. වැඩකරන පරිසරය ඇතුළේ එන්න ඔනි ප්‍රබෝධමත් සංගීතය ශරීරයේ වැඩකිරිමේ කායික/ මානසිකත්වය ඒකාකාරීත්වය උසස් මට්ටමින් පවත්වා ගැනීම සහ වැඩ කිරීමට අදාළ වන සංගීතය / චිත්‍ර / color / හැඩතල වුණත් යොදා ගන්න ඔනි.

අඳුරු පරිසරයක තියන කාමර හෝ කාර්යාලයක වැඩකරන පුද්ගලයන්ගේ බොහෝ වෙලාවට දකින්නේ අලස ගතියක්. එවැනි ස්ථානයකට ගියා වුණත් මානසික ප්‍රබෝධය ඉබේම නැතිවෙලා යනවා. 

දිවා කාලයේ දී / උදය කාලයේ දී එළිය තියෙන වටපිටාවක වර්ණ සංයෝජනය තියන ස්ථානයකට ගියාට පස්සේ උද්යෝගයක් ඇතිවෙනවා සහ වැඩකිරිමේ දී ඇති වන විභවය (ශක්තිය) වැඩිවෙනවා. ඒ වගේම නිර්මාණශීලීත්වය කියන දේත් ඇතිවෙනවා. 

රාත්‍රිය/අඳුර කියන්නේ වැඩකිරිමේ හැකියාව අඩුවෙලා විවේකි මට්ටම එන අවස්ථාව. ඔන්න ඔය දේ හරියට හඳුනාගෙන කතා කෘති රස විඳිමට සහ වැඩකරන පරිසරය කායික/මානසික සෞඛ්‍යයට යොදා ගැනීමේ දී නිවැරදිව කළ යුතුයි. නැත්නම් මානසික සෞඛ්‍යයට බලපෑම් සමඟ ශරීර සෞඛ්‍යයට සෘජුවම බලපානවා මානසික සෞඛ්‍යය බිඳවැටීමට. 

ඒ වගේම ශෝක රසය කියන දෙය භාවිත කිරීම තුළම වෙන්නේ උද්යෝගය අඩුවීම. ජන සමාජයක් බිඳදැමීමට අවශ්‍ය නම් ශෝක රසය ගැබ් වූ සංගීත රාව/ගීත වාදනයට යොදාගන්න පුළුවන්. බටහිර රටවලින් කරන ලද පර්යේෂණ වලින් පෙන්වනවා එකම ජන කොටසකට ශෝක රසය සහිත සංගීත භාණ්ඩ නිතර නිතර ඇසීමට සලස්වා කායික, මානසික තත්ත්වයන් නිරික්ෂණය කරන ලද පර්යේෂණ තියෙනවා. එහි දී උද්යෝගය, නිර්මාණශීලී හැකියාව, වැඩකිරිමේ හැකියාව වැනි දේ බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සමාජ පන්තියක් බිඳවැට්ටවීමට ගුවන් විදුලියට, කලාවට ඒ දේ කරන්න පුළුවන්. 

 

අපි දැකලා තියෙනවා සමහරු පුරුදු වෙලා ඉන්නවා රාත්‍රී නින්දට යද්දී ගුවන්විදුලියේ පිරිත් සඤ්ඤායනා අසමින් නින්ද ලබාගන්න. ඒ තත්ත්වය සුදුසු ද ? 

පිරිත් හෝ තමන්ගේ ආගමට අදාළ ආගමානුකූලව යාගී ගීත කියලා හඳුන්වන ගීත සුව නින්දක් ලබා ගන්න උදව් වෙනවා. මොකද මනස කියන දෙය සන්සුන් වෙනවා. ගොඩාක් අය පිරිත් අහනවා උදෑසන කාර්යාලයට යද්දී. ඒ තුළින් ප්‍රබෝධමත් තත්ත්වය අඩු වෙන්න ගොඩාක් දුරට ඉඩ ප්‍රස්ථාව තියෙනවා. ආගම කියන්නේ සිත නිවීම මිසක් ප්‍රබෝධමත් කිරීම නොවේ. පිරිත් උදේ / දිවා කාලය තුළ ඇසීම යෝග්‍ය නැහැ. උදෑසන අවදි වෙද්දී පිරිත් සඤ්ඤායනා ඇසීම සුදුසුයි. 

 

අපි ඉහත කතා කලේ පොදු ජනයාට සංගීතය නිවැරදි භාවිතය තුළ ලැබෙන සුබ ප්‍රතිඵල සම්බන්ධවනේ. යම් යම් රෝග වලින් පෙළෙන පුද්ගලයින්ටත් සංගීතය ඔසුවක් නේද ? රෝග සුවවීමට.

 

Music Therapy කියන දෙය අපේ ජන සමාජයේ ලෙඩ රෝග සුව කරගැනීම සඳහා යොදා ගත් අවස්ථා තියෙනවා. යන්ත්‍ර/ මන්ත්‍ර/ පිරිත්/ ගුරුහරුකම් වලට පිරිත් ලෙස භාවිත කරමින් ප්‍රතිකාර ලබා දී තිබෙනවා. සංගීත චිකිත්සාව දී බටහිර රටවල යොදා ගන්න ගැමටික් තෙරපි කියන සත්කාරක අපේ දේශිය ශාන්ති කර්ම/ 18 සන්නි / කොහොඹාකංකාරිය වැනි දේශිය ශාන්ති කර්මවල තියෙන්නේ. 

උදා: විදියට දරුවන් නැති විවාහ යුවළකට දරුවන් ලබා ගැනීමට කරන ශාන්ති කර්ම/ පිරිත් වැනි දේවල් තියනවා කලාව ඇතුළේ. 

ඒ වගේම උදා: විදියට ශරීරය දුර්වල වුණු කාලීන රෝගයකින් පෙළෙන රෝගියකු නම් ශරීර / මානසික ප්‍රබෝධමත් කරගෙන ශක්තීන් වැඩිකරගන්න. ඒ සඳහා මානසික ප්‍රබෝධය ජනිත කරවන ගීතවලට තමයි සවන්දෙන්න ඔනී. 

සමහර පුද්ගලයින් ඉන්නවා ශරීර උෂ්ණ ගතිය වගේම මානසික ආවේගශීලීත්වය වැඩි අය ඒ අය යොදාගන්න ඔනි ශරීරය නිවිලා සැනසිලා යන ගීත හා කලා කෘතීන් වලට අනිවාර්යයෙන්ම යොමුවෙන්න ඔනි. 

ඒ සඳහා දවසේ කාලයත් වැදගත්. ප්‍රබෝධමත් ගීත රාත්‍රියට ඇසීම නින්දට බාධාවක් ඇති කරයි. 

 

ගර්භණී කාලයේ දී අපි අහලා තියෙනවා. මියුරු හිත නිවන සංගීත රාව / නැළවිලි ගීත වැනි දෑ දරු ගැබක් දරා ගෙන සිටින මවකට හොඳයි කියලා. 

 

අනිවාර්යයෙන්ම. ගර්භණියකගේ මුල් මාස 03 සිට මාස 09 ඇතුළේ සංගීතයට සවන් දෙන්න කියනවා මිසක් විදිමත් Gide Line එකක් නැහැ. මොනවගේ ගීත ද මොන වගේ සංගීත රාවයන්ට ද ඇහුම්කන් දෙන්න ඔනි කියලා. අතීතයේ වැඩිහිටියන්ගේ ජනප්‍රවාද වලින් පැවතගෙන එන උපදෙස් ඇරුණහම විදිමත් Gide Line එකක් නැහැ. 

අහන්න ඔනි ප්‍රබෝධය දනවන තමන්ගේ ජනශුතියට අදාළ වන ගීතයන්. එහෙම නොවුණහොත් කිසිම වෙලාවක මානසික තත්ත්වය වෙනස්වීම කළලය සිතුම් පැතුම් කියන දෙයක් එක්ක ජීවයේ ආත්මය කියන දෙය සම්බන්ධ වෙනවා. මස්වැදැල්ලක් කළලය තිබිලා ආත්මයට සම්බන්ධ වුණාට පස්සේ ජීවියා අලුතින් හිතන්න පටන්ගන්නවා. මානසික ක්‍රියාවලිය ආරම්භ කරන්න ගන්නකොට සෘණාත්මක අදහස් තියන සංගීතය හෝ ශබ්ද තරංග ඇතුළතින් ගියොතින් එතනින් එහාට ජිවියා වර්ධනය වෙන්නේ සහ සියලුම ක්‍රියාවලි කරද්දි පසුපසට යාම / සිතන පතන දේවල් අඩුවීම වැනි පුද්ගල චරිත බිහිවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. 

ගොඩාක් වෙලාවට කියනවා මව්පිය අඬදබර වැනි පරිසරවලට අමතරව අහන ගීත දකින කලා කෘති සෞම්‍ය ප්‍රබෝධමත් විය යුතුයි කියලා ගොඩාක් ගර්භණි අම්මලට කියනවා සඳ එළිය විඳින්න කියලා. එයට හේතුව සඳ එළිය කියන සෞම්‍ය ගුණය නිසා කායික/ මානසික/ හෝමෝන ක්‍රියාවලින් සියලුම දේවල් සමබර කර ගන්න උදව් දෙනවා. 

 

අද වන විට බොහෝ දෙනා ජිවිතය විඳවනවා. යහපත් ලෙස ජිවිතය විඳිමට කොහොමද අපි සංගීතය හා කලා කෘතින් යොදා ගන්නේ. 

 

අද සමාජය තුළ ධනාත්මක/ සෘණාත්මක චින්තනය කියන දෙය ප්‍රචලිත වචන දෙකක් බවට පත්වෙලා තියනවා. කලා කෘති වලත් මේ චින්තන දෙක තියනවා. ඒක අපි අඳුරගන්න ඔනි. අපි ඒක අදුරගන්න ඔනි අපේ අවශ්‍යතාවය අනුවයි. 

උදා: විදියට අපට ආවේගශීලිත්වය වැඩි කරගන්න ඔනි නම් රණ ගී අසලා ප්‍රතිඵලයක් වෙන්නැහැ. ආවේගශීලීත්වය අඩු කර ගන්නම් සිත නිවන ගීත/ ප්‍රබෝධය ඇති කරගන්න නම් යමන් රාගය වගේ දේවල් වලින් එන විඩාව සංසිදින්නා වූ ගීත කවදාවත් අවශ්‍ය වෙන්නැහැ. 

තන්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා. එහෙම දෙයක්.

ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් යට 

කන්නේ කරවලයි රට හාලේ බතට 

බොන්නේ බොර දියයි පුරුවේ කල පවට 

යන්නේ කවදාද මව්පියෝ දකින්නට 

අන්න ඒ වගේ තමන්ගේ දුක කියන දෙය එළියට එන දේවල් ප්‍රබෝධමත්ව කාර්යයක් ආරම්භ කරන වෙලාවට යොදා ගන්න සුදුසු නැහැ. එතකොට ඒක සෘණාත්මකව තමයි වැඩ කරන්නේ. 

සාමාන්‍යයෙන් පාලුව/ කාන්සිය නැති කරගන්න තමන්ගේ ශරීරය සහ මනස කියවන දෙය Relax කරගන්න භාවිත කරගන්නා වූ සංගීතය කියන දෙය ප්‍රබෝධාත්මක සංගීතය සුදුසුයි. එවැනි දේවල් අපේ ජනතාව දැනුවත් නැහැ. 

තමන් කාර්යාලයට යන විට උදේට ඇහෙන ගීත එදා දවස ආරම්භ කිරීමට යොදා ගන්නවා නම් නිරෝගී මනසින් ප්‍රබෝධමත් වෙනවා. 

උදා: විදියට උදා ගී වැනි ගීත / ශරීරය ප්‍රබෝධාත්මක කරන සංගීතය 

සවස රැකියාව අවසන් වී නිවසට එද්දී හා රාත්‍රියට නින්දට යන වෙලාවේ දී හිත නිවන/ සැනසිලිදායක ගීත/ සංගීතරාව ඇසීම. යහපත් මානසික මට්ටමක් පවත්වා ගන්න උදව් වෙනවා. 

ඒක අපිට කායිකව ගොඩාක් වැදගත්. සුභාවිත ගීතය කියන දෙය ධනාත්මක චින්තනය එක්ක යන ප්‍රධානම දෙයක් විදියට අපිට කතා කරන්න පුළුවන්. ධනාත්මක චින්තනය / හොඳ මානසිකත්වය සුභාවිත ගීතය කියන්නේ එක ගහේ පොත්ත අරටුව වගෙයි.

 

සටහන - මහේෂානී මීගහපොල

උපදෙස් - බෙන්තොට ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (ගෙඩි/වණ/පිළිකා/විශේෂ) 
මානව පෝෂණ පිළිබඳ ඩිප්ලෝමා
මනෝ වෛද්‍ය උපදේශන ඩිප්ලෝමා 
ආයුර්වේද වෛද්‍
ය විමුක්ති ද සොයිසා 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment