නිව්මෝනියා රෝගය ගැන ඔබ දැනුවත්ද?

 ස්වසන රෝග ගණයට අයත් වන නිව්මෝනියා රෝගී තත්වයට නිසි ප්‍රතිකාර සහ ජීවන රටාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි හානි වීමට පුළුවන්. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වැඩි හානි වීමට පුළුවන් සේම ඒ තුළින් ජීවිතය ද අවිනිශ්චිත වීමට පුළුවන්. ඒ නිසාම මේ ගැන ඔබේ දැනුවත්භාවය ඉතාමත් වටිනවා.
 
මොකක්ද මේ නිව්මෝනියා කියන රෝගී තත්ත්වය
 
නිව්මෝනියාව ලෙස හඳුන්වන්නේ පෙනහළු පටකවල ඇති වෙන්නා වූ අසාධිත තත්ත්වයක්. එහෙම නැත්නම් විෂබීජ ආසාදනය වීමෙන් හටගන්නා වූ රෝගයක්. මේ රෝගය සමහරවිට මාරාන්තික වීමටද පුළුවන්. 
 
හේතුව පෙණහලුවල විශාලම කාර්යභාරය වනුයේ අහිතකර වායුව මුදාහැර සිරුරේ පරිවෘත්තියෙන් නිපදවන ඔක්සිජන් වායුවෙන් රුධිරය සංතෘප්ත කිරීමය. මේ සඳහා බාධාවක් වීමට පුලුවන්. පෙනහලු පටකවල ඇතිවන විෂබීජ තත්වය. එතනදී සමහර වෙලාවට මාරාන්තික වීමට පුලුවන්. ඒ නිසාම මේ පිළිබඳ දැනුවත්භාවය ඉතාම වැදගත් වෙනවා.
 
නූතන වෛද්‍ය විද්‍යාත්මකව රෝගය හඳුනා ගැනීමට කාණ්ඩ කර තිබෙනවා
 
නූතන වෛද්‍ය විද්‍යාත්මකව මේ රෝගය ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත. 
 
පළමු කාණ්ඩය ලෙස ප්‍රජාවේ පුද්ගලයෙකුට ඇතිවන ආසාධන තත්වයන්
(Community - Acquired Pneumonia) 

 

දෙවන කාණ්ඩය ලෙස සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ පුද්ගලයකුට එවැනි ස්ථානයක දී සිරුරට ඇතුළු වන ආසාදනයක් මගින් හෝ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන්නා වූ පුද්ගලයකුගේ සිරුරට ඇතුළු වන විෂබීජ තත්ත්වයේදී ඇතිවන ආසාදන තත්ත්වයක්.(Healthcare - Associated Pneumonia)

මෙතැනදී බියවීමට අවශ්‍ය නොවෙයි. ඒ සඳහා නිරාවරණය වීමට කාලයක් අවශ්‍යයි. වැඩිපුර නිරාවරණය වීමෙන් තමයි විෂබීජය පෙණහලුවලට ඇතුළු වන්නේ. ඒ නිසා ඔබ සෞඛ්‍ය කටයුතු සඳහා යාමට බිය නොවිය යුතුයි.

තුන්වන කාණ්ඩය ලෙස රෝගීන්ට ඇතිවන ස්වසන අපහසුතාවයකදී කෘතිම ස්වසනය ලබාදීම සිදු කරනවා. කෘතිම ස්වසනය ලබා දීමේදී බොහෝ වේලාවට ස්වාස නාලය හරහා බටයක් දැමීම සිදු කරයි. සාමාන්‍යයෙන් නිර්වින්දනය කර ශල්‍යකර්මයක් සිදුකිරීමේදි සමහර රෝගින්ට එන වෙනත් ගැටලු නිසා මෙම බට වැඩිවේලාවක් /කාලයක් තබා ගැනීම සිදු වෙයි. මෙම බටය හරහා සමහර රෝගීන්ට විෂබීජ ඇතුළුවීමේ හැකියාව එනම් කෘතිම ස්වසනය ලබා දීමේදී විෂබීජ පෙනහලුගත වීමට පුළුවන්. එම තත්තවය(Ventilator- Associated Pneumonia) ලෙස හඳුන්වයි.

මෙම තත්වය අඩුකරලීමට රෝහල තුළදී ක්‍රියාමාර්ග ගනු ලබයි. ඒ සඳහා  බැක්ටිරියා නාශක පෙරණ වර්ග භාවිතා කරයි. රෝගියාට යන්ත්‍රය තුලින් ඇතුළු විය හැකි විෂබීජ වලක්වන්න.  නමුත් ප්‍රතිශක්තිය දුර්වලතා නිසාවෙන් නාස මාර්ගයෙන් බටයක් දැමූ රෝගියෙකුගේ විශබීජ ඇතුලුවීමට පුළුවන්. කොතරම් වැලැක්විමේ පියවර තිබුණත් එතනින් මෙම රෝගය එන්න පුලුවන්.

හතරවන කාණ්ඩය ගත්තොත් රෝගීන් හමුවෙනවා ප්‍රතිශක්ති ඌනතා හේතුවෙන් විෂබීජ පෙනහලුවලට යාමට පුළුවන්. ඒ වගේම ජානවලින් ඇතිවන රෝග නිසාත් බලපාන්න පුලුවන්.  HIV  වෛරසය නිසාත් ඇතිවිමට පුලුවන්. මේ වෛරසය නිසාත් සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරයි.

ඒ වගේම ඉන්ද්‍රියන් බද්ධ කළ රෝගීන්. උදාහරණ ලෙස වකුගඩු බද්ධය, අක්මා බද්ධය, අග්න්‍යාශ බද්ධය, ඉදිරියේදී අපේ රට තුළ පෙනහළු බද්ධයක් සිදු වෙයි. මෙම සිරුරේ අවයව බද්ද කිරීමෙන් ප්‍රතිශක්තිය දුර්වල වෙයි. එතතනදී ප්‍රතිශක්ති දුර්වලතාවය නිසාත් නිව්මෝනියාව ඇති වෙන්න පුළුවන්.
 
මෙලෙස වර්ගීකරණය කිරීම තුළ ප්‍රතිකාර සිදුකරලීමට සහ රෝගය කුමන විෂබීජයක් නිසාද ඇතිවුනේ  කියා සොයා ගැනීම පහසුයි.
 
නිව්මෝනිවයා සාදන තවත් රෝගි තත්වයක් තමයි ක්ෂය රෝගය. ක්ෂය රෝගය අද වෙද්දී ප්‍රජාවේ බහුලව පවති. ක්ෂය රෝගය හැසිරෙන විදිය නිව්මෝනියා රෝගයට වඩා වෙනස්කම් තියෙනවා. එහිදී සාදන්නේ සීතල  නිව්මෝනියාවකි. ඉතාමත් තදින් උණක් එන්නැහැ. ලාවට උණක් එනවා. කෑම අරුචිය. සිරුර බොහෝ ක්ෂය වෙනවා. නමත් ක්ෂය රෝගයනේ.

මාස 1 ත් 2ත් ගියාම කැස්ස සමග රුධිරය පිටවෙයි. හවසට පවතින උණ, සති දෙකකට වඩා කැස්ස පවතීනම් වහාම ළය චිකිත්සාගාරයක යාම සුදුසවෙයි.
 
මෙම තත්ත්වය නොසලකා හැර අත් බෙහෙත් ලබා ගනිමින් රෝගය සැඟවීම තුළ කල් ගතවීමෙන් පෙනහළුවලට හානි වී ජීවිත කාලයට දුක්විඳින රෝගීන් හමු වෙනවා. ඒ නිසා පෙර ප්‍රතිකාර කරා යොමු වීම ඉතාමත් වැදගත්. 
 
 
නිව්මෝනියාව හඳුනාගත හැකි රෝග ලක්ෂණ

 
සාමාන්‍යයෙන් පෙනහැල්ලට වෛරස/ බැක්ටීරියා/විෂබීජයක් ඇතුලු වන්නේ ස්වසන මාර්ගය හරහායි. ඉතාම කලාතුරකින් රුධිරය මගින් පැතිරෙන රෝගයකින් පෙනහළු වලට එන්න පුළුවන්.
 
වෛරස් උණ, ඇඟපත වේදනාව, උගුර රිදීම සමග පොඩි කැස්ස දින දෙක තුනක් තුනක දී උණ අඩු වී නැවත සීතල කර උණ ගන්න පුළුවන්. සිරුර වෙවුලා උණ එනවා නම් සැලකිලිමත් විය යුතුයි.
 
සෙම කහ/ බොර/ සැරව/ රුධිර පැහැ වර්ණයට හුරු නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

නමුත් උණ කියන රෝග ලක්ෂණය හැමෝටම මතු නොවේ. වයස අවුරුදු 75/79/80 වයසින් එහා අයටත් මෙම රෝගයේ ඉන්න පුළුවන්.
 
ප්‍රතිශක්ති ඌනතා, ඉන්ද්‍රියන් බද්ධකළ රෝගීන්, බෝ නොවන රෝගීන්, මේවැනි කාණ්ඩයන්ට දර්ශනීය නොවන රෝග ලක්ෂණ එනම් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, උණ වැනි දර්ශනීය නොවන රෝග ලක්ෂණ මතු මතු වීමට පුළුවන්.
 
නිදිමත ගතිය, ක්ලාන්තය වැනි ලක්ෂණත් මෙම රෝගයෙහි කොටසකි. ඔක්සිජන් අඩුවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ එන්න පුළුවන්. රුධිර පීඩන තත්ව අඩු වන්න පුළුවන්. 
 
නියුමෝනියා රෝගය හඳුනාගත හැකි වෛද්‍ය පරීක්ෂණ

රෝගියා වෛද්‍යවරයා හමු වීමේ දී වයස, රෝග ලක්ෂණ, වෙනත් ගන්නා ඖෂධ, රෝගයන් පිළිබඳ රෝග නිධාන නිවැරදිව පැවසීම කළ යුතුයි. එය රෝගය රෝගයට ප්‍රතිකාර සිදුකරලීමට පහසුයි.
 
(Guideline ) මාර්ග උපදේශන අනුව නියම වූ ඖෂධ තියෙනවා. වෛද්‍ය උපදේශයකින් තොරව හිතුමතේට ඖෂධ ගැනීම සුදුසු නොවේ.  අතුරු රෝග හෝ මාරාන්තික වීමට පුළුවන්. 
 
X-Ray සෙම පටල පරික්ෂා, රුධිරයේ තිබෙන විෂබීජ හඳුනාගැනීමට කල්චර් පරීක්ෂාව, වකුගඩු පරීක්ෂණ වැනි පරීක්ෂණවලට රෝගියා යොමු කරයි.
 
නිව්මෝනියා රෝගය මුලින්ම හඳුනා ගැනීම තුළ නිවැරදි ප්‍රතිකාර මත නිසි සුවයක් ලබාගන්න පුළුවන්. නමුත් එය යම්කිසි දේකින් මගහැරුනොත් ජීවිත හානි වීමට පුළුවන්.
 
නිව්මෝනියා රෝගය සෑදුනු සෑම කෙනෙකුම රෝහල් ගතකර ප්‍රතිකාර නොකරයි. නමුත් වමනය හෝ වෙනත් රෝග ලක්ෂණ පවතී නම් රෝහල්ගත කරයි. නිවසේදී ප්‍රතිකාර සිදු කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ජීවන රටාව/ ආහාර රටාව/ ඖෂධ ගැන වෛද්‍යවරයා දැනුවත් කරයි. ඒ ආකාරයට නිවැසියන් ක්‍රියා කළ යුතුයි. රෝගියා විජලනය වීම වළක්වා ගත යුතුයි. 
 
බොහෝ දුරට වළක්වා ගත හැකි රෝගයක් නිසා එය කාගේත් වගකීමකි.
 
අදහස් දැක්වීම:
කොළඹ ජාතික රෝහලේ නේවාසික ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක 
 
සටහන: මහේෂානි මීගහපොල 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment