පැණි රස සීනිවල තිත්ත ඇත්ත

මොනවද මේ සිනි? සීනි කෑවම මොකද වෙන්නේ? කොහොමද සීනි කෑම අවම කරගන්නේ?

සීනි
ඔබ අහලා තියෙනවද? ආහාරවල  අඩංගු වන මහා පෝෂක තුනක් ගැන. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේද. සීනි කියලා කියන්නෙ කාබෝහයිඩ්‍රේට් කියන පෝෂකයේ සරල අවස්ථාවක්.   
මේ සීනි මගින් ආහාරවලට පැණි රසයක් එකතු කරනවා වගේම අපේ ශරීරයට ශක්තිය ලබාදීමත් සිදු කරනවා. සීනි ආකාර දෙකකින් ආහාරවල තිබෙනවා. ඒ ආහාරයේ ස්වාභාවිකවම පවතින සීනි සහ අප විසින් පිටතින් ආහාරයට එකතු කරන සීනි. ආහාරවල රසවත්බව වැඩි කිරීමටත්, ආහාර කල් තබා ගැනීමටත් මෙලෙස ආහාර සහ පානවලට පිටතින් සීනි එකතු කරනවා.
පලතුරු, සමහර එළවළු කිරි සහ කිරිආහාරවල ස්වාභාවිකවම සීනි තිබෙනවා. රසකැවිලි, අතුරුපස, පලතුරු යුෂ සහ අනෙකුත් පැණි බීම වඩා රසවත් කර ගැනීමට පිටතින් සීනි එකතු කරනවා.
දිනකට ගත යුතු සීනි ප්‍රමාණය               
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට නිරෝගී වැඩිහිටියෙකු දිනකට ගත යුතු සීනි ප්‍රමාණය ඔහු ලබාගන්නා මුළු කැලරි ප්‍රමාණයෙන් 10% ක් හෝ ඊට අඩු විය යුතුයි.
එනම් අප ගන්නා ආහාරවල අඩංගු විය යුතු සීනි ප්‍රමාණය තේ හැඳි 12කට (ග්‍රෑම්50)කට අඩු විය යුතුයි. ආහාරයේ ස්වභාවිකව තිබෙන සීනි ප්‍රමාණය වගේම අප විසින් එකතු කරන ලද සීනිත් මීට අඩංගු වෙනවා. ඒවගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ සීනි ප්‍රමාණය 5% ක් දක්වා (තේ හැඳි 6 ක් එනම් ග්‍රෑම් 25ක්) අඩු කරගත හැකිනම් වඩාත් නිරෝගීව සිටිය හැකිබව.
පමණ ඉක්මවා ගත්තම වෙන දේ                 
අධිකව සීනි ගැනීමෙන් ඔබේ බර වැඩි කර ඔබගේ සිත්ගන්නා සුලු පෙනුම අඩු වෙනවා.
සමේ ඉක්මනින් රැලි ඇතිවීමට, එල්ලා හැලීමට අධිකව සීනි ගැනීම හේතුවෙනවා.
එබැවින් වයසට යාම පමා කර සම නිරෝගීව තබා ගැනීමට පමණ ඉක්මවා සීනි ගැනීමෙන් වැළකිය යුතුයි.
හදවත, වකුගඩු, අක්මාව සහ හෘදය යන අවයවවල නිරෝගීබව රැක ගැනීමටත් සීනි පමණ ඉක්මවා නොගත යුතුයි.  පමණ ඉක්මවා සීනි ගැනීම දියවැඩියාව වැලඳීමට ප්‍රධාන ලෙසම බලපානවා.
සීනි සන්ධි රෝග ඇති කිරීමටත් හේතුවන අතර ඔබ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිනවා නම් පමණට වඩා සීනි ගැනීමෙන්  වැළකී සිටීම  ඉතා සුදුසුයි.
නිරෝගී දත් දෙපළක් තබා ගැනීමටත් අඩු සීනි භාවිතය හේතුවෙනවා.
සමහර පිළිකා වර්ග ඇති කිරීමටත් සීනි අධිකව පරිභෝජනය හේතුවෙනවා.
මොළයේ යහපත් සෞඛ්‍යයටත් සීනි පමණ ඉක්මවා ගැනීමෙන්  වැළකී සිටීම ඉතා වැදගත්.
ඇල්සයිමර් නම්  මතකය නැතිවීමේ රෝගයට ප්‍රධාන හේතුවක් වන්නේත් සීනි බව පයේෂණ මගින් සොයාගෙන තිබෙනවා.
ඉතින් කෙතරම් ඉමිහිරි රසයක් සීනිවලින්  ලැබුණත් එමගින් ඔබගේ මනස මොහොතකට ප්‍රබෝධමත් කළත් පමණ ඉක්මවා සීනිවලට ලොල්වීම ඔබ ලෙඩ කිරීමටත් ඔබ වයස්ගත කිරීමටත් ඉක්මනින් මරණයට පත් කිරීමටත් හේතුවන බවනම් අමතක කරන්න එපා.
​ෙලඩ නොවී සීනි කන හැටි ඉදිරියෙදි කතා වෙමු.......

 

 

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Previous

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

අපේ අම්මා ඔහුයි -  Zeenath Bongso Read Next

අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

Realted Post

Leave a comment