බීමත්කමෙන් නැතිවෙන්නේ පවුලක සතුට විතරක්ම නෙවෙයි

මමත් මගේ සැමියාත් දෙදෙනාම සරසවි අධ්‍යාපනය ලැබූ වෘත්තිකයන්. සැමියාගෙ වයස 32ක්. මට විසි හයයි. විවාහවුණු දවසෙ සිටම සැමියාට අඹු - සැමි එක්වීමට එතරම් ආශාවක් උනන්දුවක් නැහැ. මට තියෙන ඕනෑකම ඔහුට නැහැ. ප්‍රමාණවත් සතුටක් නොලැබෙන්නෙ ඔහුට තිබෙන ලිංගික ශක්තියේ දුර්වලකමක් නිසයි.


මේ වනවිට මට දරු සම්පතක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. සැමියාට තිබෙන දුර්වලකම එයට බාධාවක්. කොතරම් උනන්දු වුණත් මට දරුවෙක් හිටින්නෙ නැහැ. පැහැදිලිවම සැමියාට ලිංගික අප්‍රාණිකත්වය තිබෙනවා. දරුවකු ලැබෙන්නෙ නැත්තෙ අඹු ‐සැමි එක්වීමේ වරදක් නිසාද කියල දැන ගැනීමට වී.ඕ.ජී. කෙනෙකුගෙ පරීක්ෂාවට ලක් වුණා. සැමියාගෙ ශුක්‍රාණු පරික්ෂාවක් කළ විට දැන ගැනීමට ලැබුණෙ එහි දුර්වලකමක් තිබෙන බවයි. එම පරීක්ෂාවේදී වෛද්‍යවරයා සඳහන් කළේ ශුක්‍රාණුවල කොටස් 3ක් තිබෙන බවත් එය මෝටයිල් :ඵධඔෂඛෑ* නමින් හඳුන්වනු ලබන අතර ඉන් සක්‍රීය ශුක්‍රාණු ඉතා වැදගත් වන බවත්ය.


සැමියාගේ ශරීරයේ වැඩියෙන් තිබෙන්නෙ සක්‍රීය නොවන ශූක්‍රාණු බව පරීක්ෂණයේදී හෙළි වුණා. මෙය විශාල ප්‍රශ්නයක්. දැන් තියෙන්නෙ දරුවෙක් හදා ගන්න බැරි තත්ත්වයක්. මේ නිසා මගේ මනස අවුල් වුණා. විවාහය සාර්ථක කර ගන්නේ කොහොමද? මට නිතර කේන්ති යන්න පටන් ගත්තා. අප ලිංගික මනෝ විද්‍යාව පිළිබඳව උපදේශනයක් ලබාගත යුතු බවට ලැබුණු අවවාදය අනුවයි මනෝ වෛද්‍යවරයා හමුවුණේ. සැමියා කුඩා කල සිටම මහන්සියෙන් අධ්‍යාපන කටයුතු කළ කෙනෙක්. සරසවි අධ්‍යාපනය අවසන් වෙලා රස්සාව කරන්න පටන් ගත් කාලෙ ඉඳලම සති අන්තයෙ වැටෙන්නම මත්පැන් පානය කරනවා. එය මට එතරම් ගැටලුවක් නොවුණත් ඒ ගැන විමසන විට කියන්නෙ කුඩා කල සිටම කිසිම විවේකයක් විනෝදයක් නොලබාම කටයුතු කළ නිසා ජීවිතයේ සැහැල්ලුවක් ලබන්න මත්පැන් බොන බවයි. යාළුවොත් සමග බෝතලේ පතුල දකිනතුරුම බොනවා.

මෙලෙස මත්පැන්වලට ඇබ්බැහිවූවන් හඳුන්වන්නේ ‘බිච් ඩි්‍රන්කර්ස්’ :ඊෂඔක්‍්‍ය ෘඍෂභණෑඍී* යනුවෙන්.  ඒ මදිවට දුම් පානයත් කරනවා. සැමියාට පාසල් යන කාලෙ අධ්‍යාපනය හැර නිදහසක් තිබී නැහැ. සිරවෙලා සිටි කෙනෙක්. අධ්‍යාපනයටම කාලය වැය කර හොඳ තැනකට ඇවිත් හොඳට මුදල් හම්බ කළා.  නිදහස නැතිකමෙන් පාසල් කාලෙ ප්‍රේම සම්බන්ධයක්වත් තිබිලා නැහැ. හැම සති අන්තයෙම වැටෙනතුරු මිතුරන් සමග බොන්න පටන් ගත්තෙ කලින් නොලැබුණ වින්දනය දැන් ලබා ගන්නයි. පාසල් කාලයෙ යාළුවො නොසිටි නිසා සිගරට් බීමෙන් පාළුව නැති කරගෙන.


පාසල් කාලයේ කෙල්ලෙක් හිටියොත් කරදරයක්. ඇයටත් වියහියදම් කරන්නත් වෙයි යන සිතුවිල්ලෙන් කාලය ගත කළ නිසා පෙම් සබඳතාවලට උනන්දුවෙලා නැහැ.
සැමියාගේ හැම ගති ගුණයක්ම හොඳයි. මට තිබෙන එකම ගැටලුව ඔහුට තිබෙන ලිංගික ශක්තියේ දුර්වලකමයි. 


සතියම මහන්සි වී වැඩ කර සිකුරාදා ‐ සෙනසුරාදා ‐ ඉරිදා දවස් තුනම එක දිගටම බොනවා. බොන්නෙ නැතුව යාළුවොත් එක්ක සෙට් වෙන්න බැරි බව ඔහුගෙ මතයයි.


වෛද්‍යවරයා සඳහන් කළේ මෙලෙස එක දිගටම බීමෙන් රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය වැඩිවෙනවා. පිරිමින්ගේ වෘෂණ කෝෂවල ටෙස්ටොස්ටරෝන් :ඔෑීඔධීඔෑඍධභෑ* නිෂ්පාදනය කරනවා. මෙම සෛල නිපදවීමට වෘෂණ කෝෂවලට සිසිල අවශ්‍යයි. එය ඉතාම සංවේදී ඉන්ද්‍රියක්. උෂ්ණත්වය වැඩි නම් එම හෝමෝන නිපදවන්නෙ නැහැ. පිරිමින්ගේ වෘෂණකෝෂ ශරීරයට පිටතින් පිහිටා තිබෙන්නේ එම සිසිල අවශ්‍ය නිසයි. එක දිගටම ඇල්කොහොල් ගන්නා විට මේ සෛලවලට හානිවෙනවා. ශුක්‍රාණු නිපදවන්නේ එම ප්‍රජනන සෛලවලින්. ඇල්කොහොල්වලින් සිදුවන්නේ දුර්වල සෛල නිපදවීමයි. විකෘති ශුක්‍රාණුත් හැදෙනවා. ඕනෑම පිරිමි ළමයකුට විකෘති ශුක්‍රාණු තිබිය යුත්තෙ ඉතාම අඩුවෙන්. මනෝ වෛද්‍ය සායනයෙදි මේ කරුණු අනුව සැමියාගේ මත්පැන් පානයෙන් ඔහුගේ ශුක්‍රාණුවලට විශාල ලෙස හානිවී ඇති බව වැටහුණා. බිරිඳක් හැටියට අඹු ‐ සැමි එක්වීමේ සතුට අඩුවීමටත් දරුවන් නොලැබීමටත් මෙය හේතුවක්. 


එක දිගටම ඇල්කොහොල් ශරීර ගතවීමෙන් හිස රුදාව, ඇඟපත අමාරුව නිසා දවස් කීපයක්ම හරියට වැඩක් පලක් කර ගැනීමට නොහැකිව නිරපරාදෙ විනාශ වෙනවා.


ඇල්කොහොල් නිසා ශුක්‍රාණු නිපදවීම දුර්වල වෙනවා පමණක් නොව ගැස්ට්‍රයිසිස්, ආදී තවත් රෝග රාශියක් ඇතිවෙනවා.


ඇල්කොහොල්වලින් වෘෂණ කෝෂවල ක්‍රියාකාරීත්වය දුර්වල වී ශුක්‍රාණු නිපදවීම අඩුවන විට ලිංගික ආශාව අඩුවන බවත් එය සාර්ථක විවාහයකට විශාල බාධාවක් බවත් මනෝවෛද්‍ය මතයයි. නිරන්තරයෙන්ම ශිෂ්ණය අප්‍රාණිකවීම ඉතාමත් කනගාටු තත්ත්වයක් බව මනෝ වෛද්‍යවරයා තදින්ම අවධාරණය කළා.


ටෙස්ටස්ටරෝන් යනු පිරිමියකුගේ ශක්තිය, ආශාව, තරුණකම මේ ආදී සියල්ලක්ම නිපදවන හෝමෝනයයි. එය අඩුවීමට මත්පැන් විශාල ලෙස බලපානවා.


එයට තවත් රුකුලක් සිගරට් බීම. මගේ සැමියා එම වරදත් කරනවා. සිගරට්වල තිබෙන නිකොටින් නමැති රසායනිකය තුළ කෙමිකල් 4000 ක් පමණ තිබෙන බව වෛද්‍යවරයා සඳහන් කළා. සිගරට්වල තිබෙන රසායන ද්‍රව්‍ය ශරීරයට අහිතකරයි. විශේෂයෙන් ස්නායුවලට සියුම් රුධිර වාහිනිවලට හානිවෙනවා. සිගරට් දිගටම ගන්නා විට මොළයේ ඇස්වල සියුම් රුධිරවාහිනී එමෙන්ම පුරුෂ ලිංගයේ සියුම් රුධිරවාහිනී විනාශ වෙනවා. පුරුෂ ලිංගය ප්‍රාණවත් වන්නේ මොළයෙන් ලැබෙන උත්තේජන පණිවිඩයෙන්. එය සිදුවන්නේ සියුම් රුධිර වාහිනීවලින් සිගරට්වලින් ඒවාට හානිවූ විට නිසි ලෙස රුධිරය ගලා නොයෑමෙන් අප්‍රාණිකත්වය ඇති වන බව මනෝ වෛද්‍ය මතයයි. දුම්පානය කරන අයගේ වයස 35‐40 වනවිට ලිංගික ශක්තිය නැතිවෙනවා. එම චර්යාවන්ගෙන් තොර පිරිමින්ට වයස් ගතවනතුරුම ලිංගික ශක්තිය තිබෙනවා. සක්‍රීය ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩියි.


මේ තත්වයට මගෙ සැමියා මුළුමනින්ම පත්වෙලා. මනෝ වෛද්‍ය සායනයෙදි ඔහු පරීක්ෂාවට ලක් කළා. ඔහුට පොලිසයිතීමියා  තත්ත්වය ඇතිවෙලා. පොලිසයිතීමියා  කියන්නෙ අනවශ්‍ය ලෙස රතු රුධිරාණු වැඩිවීමයි. සිගරට් බොන හැම වෙලාවකම රුධිරයේ කාබන් මොනොක්සයිඩ් වැඩිවෙනවා. එවැනි තත්ත්වයක් තිබෙන විට රුධිරයෙන් ඇට මිදුලුවලින් යන පණිවිඩය තමයි ඔක්සිජන් ප්‍රමාණවත් නැත යන්න. එවිට සිදුවන්නේ රතු රුධිරානු වැඩියෙන් නිපදවීමයි. ඇත්තටම රුධිරයට ඔක්සිජන් මදිකමක් නැහැ. සිගරට් නිසා තමයි එම වැරැදි පණිවිඩය යන්නෙ. වැරැදි පණිවිඩය නිසා ඕනෑවට වඩා රතු රුධිරාණු නිෂ්පාදනය වැඩි වුණොත් පොලිසයිතීමියා  නමැති තත්ත්වය ඇතිවෙනවා. එය වැඩි වූ විට ලිංගික ශක්තිය අඩුවෙනවා. සැමියා පත්ව තිබෙන මේ තත්ත්වයෙන් මුදා ගැනීමට මනෝ වෛද්‍යවරයා ඔහුගේ මානසික තත්ත්වය වර්ධනය කළා. සැමියාගේ චර්යාව වෙනස් වුණා. ව්‍යායාමවලට යොමුවුණා. චර්යාව කඩිසර වුණා. සමාජශීලී වුණා. උපදේශනයෙන් සම්පූර්ණ ජීවන රටාව යහපත් වුණා. කලක් ගතවන විට සැමියාගේ ශුක්‍රාණුවල ගුණාත්මකබව වැඩි වුණා. මුලදි මනෝ වෛද්‍ය සායනයෙන් ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නා. කලක් යනවිට එය අවශ්‍ය නැති වුණා.


අමු එළවළු සහ පලතුරු නිතර ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබුණා. වී.ඕ.ජී. කෙනකු පරීක්ෂා කර සැමියාගේ ශුක්‍රාණු සක්‍රීය තත්ත්වයට තිබෙන බව නිගමනය කළා.


දැන් මට දරුවකු ලබා ගැනීමේ සිහිනය පල දරාවි කියා විශ්වාසයක් තිබෙනවා.

 


ආරියසේන හඳුවල 


 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post

Leave a comment