මව්කිරි ලබා දෙන අතරතුර ආරක්ෂා සහිතව යොදා ගත හැකි උපත් පාලන ක‍්‍රම

බබාට මව්කිරි ලබා දෙනවානම් උපත් පාලන ක‍්‍රම අනවශ්‍ය බව සමහර මව්වරු සිතති. නමුත් ප‍්‍රසූතියෙන් පසු පළමු මාස කිහිපය තුළ බොහෝ කාන්තාවෝ යළි ගැබ් ගනිති. එම නිසා ඔබ නොදැනුවත්ව ගැබ් ගැනීමට ඉඩ තිබෙයි. මව්කිරි ලබාදීම උපත් පාලව විධියක් ලෙස නොසලකන්න. ඔබේ වෛද්‍යවරයා හමු වී උපත් පාලනය ගැන උපදෙස් ලබා ගන්න. මේ පිළිබඳ පූර්ණ දැනුමක් ලබාදීමට අප සිතුවා

 

දරු ප‍්‍රසුතියෙන් පසු උපත් පාලන ක‍්‍රමයට යා යුතු ද?

දරු ප‍්‍රසූතියක් කියන්නේ ඕනෑම පවුලක ඉතා සුවිශේෂි සංදිස්ථානයකි. නිරෝගී දරුවකු ලබා ගැනීමට සහා මවගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට වගේම දරු පිළිසිඳ ගැනීම් අතර වසර දෙකක පමණ පරතරයක් තබා ගැනීම ඉතා වැදගත්.

දරු ප‍්‍රසූතියෙන් පසු ම්වකිරි ලබාදෙන කාලයදී නැවත ගැබ් ගැනීමක් සිදු නොවෙයි යන මිත්‍යා විශ්වාසය නිසාවෙන් සහා ඒ සඳහා සුදුසු උපත් පාලන ක‍්‍රම පිළිබඳ නොදැනුවත් වීම තුළ අනපොක්ෂිත ගැබ් ගැනීම් සුලබව සමාජය තුළ දක්නට තිබෙයි. අනපොක්ෂිත ගැබ් ගැනීම තුළ මවටත් කුස තුළ වැඩෙන දරුවාටත් අලූත උපන් නව ජන්මයාටත් පවුලේ ගැටලූ වලටත් මුහුණ පෑමට සිදු වේවි.

ඒ නිසා දරු උපතකින් පමු ඔබත් සැමියාත් ලිංගික ජීවිතය යළි ඇරඹීමට පෙර ප‍්‍රසව සහා නාරිවේද විශේෂඥ දැනුම ලබා ගත යුතුයි.

 

දරු ප‍්‍රසූතිය ලබා මව්කිරි ලබා දෙන මුල් මාස 6 ගැබ් ගැනීමක් සිදුවීමට පුඵවන්ද?

දරුවා ඉපදී මුල් මාස හය තුළදී මව්කිරි ලබාදීම කළ යුතුය. නමුත් මව්කිරි පමණක් ලබා නොදි වෙනත් දියර හෝ පිටිකිරි වෙනත් ආදේශක ලබා දෙනවානම් දරුවාට දරු ප‍්‍රසූතියෙන් සති හයකට අඩු කාලය තුළ ගර්භණන්‍ියක් විය හැකියි. දැනට මව්කිරි පමණක් ලබාදෙන හවකට සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය ( ඔස්ප් වීම) සිදුනොවෙයි. මෙයට හේතුව දරුවා පියයුරු උත්තේජනය කිරීම ම`ගින් ඩිම්බකෝෂ වල ක‍්‍රියාකාරිත්වය අඩුවීම් නිසා ඩිම්බ පිට නොවීම. එම`ගින් සිදු කරන උපත් පාලනය මව්කිරි දීම සහා මාස් ශුද්ධිය නතර කිරීමේ ක‍්‍රමය (Locrarional amenorrhea method) ලෙස හඳුන්වයි. එය සිදු කිරීමට පහත සියල්ල සම්පූර්ණ විය යුතුයි. දරුවාට මව්කිරි පමණක්ම නිරන්තරව ලබා දිය යුතුයි. ( මව්කිරි දිමේ කාලය දිවා කාලයදි පැය හතරකට අඩුවෙන් රාත‍්‍ර කාලයේදී පැය හයකට අඩුවෙන් විය යුතුය.)

 

  •  මාස් ශුද්ධිය සම්පූර්ණයෙන්ම නැතවිය යුතුයි.
  •  දරු ප‍්‍රසූතියෙන් මාස හයක් ඇතුළත් විය යුතුයි.


ඉහත සියලූම තත්වයන් සමග මෙහිදී ගැබ්වීමක් සිදු විය හැකි ප‍්‍රතිශතය 2%කි. එනම් මේ ක‍්‍රමය අනුගමනය කරන මව්වරු 100කින් දෙදෙනෙකු ගැබ් ගනි. එලෙසෙම මව්කිරිදීම නිතර අතපසුවන කාල පරාසය වැඩිවෙන මාස්ශුද්ධිය සිදුවන හෝ දරු ප‍්‍රසුතියෙන් මාස හයකට පසු

කාන්තාවන්ට මෙම ක‍්‍රමය සුදුසු නොවෙයි. එවැනි අවස්ථාවලදී අසාර්ථක වීම් 2% වඩා වැඩිවිය හැකියි.

 

මව්කිරි ලබා දීමේදී ගැබ් නොගැනීමේ වාසි සහා වැදගත්කම

මව්කිරි ලබාදෙන සමය තුළ ගැබ් ගැනීම මවටත් අලූත උපන් දරුවාටත්, ගර්භය තුළ වාඩෙන දරුවාටත් සෞඛ්‍ය අභියෝග මතුවීමට පුඵවනි. විශේෂයෙක් දරු ප‍්‍රසූතියෙක් වසරක් ඇතුළත සිදුවන ගැබ් ගැනීම් නිසා නොමෑරු දරු උපත් එනම් සති 37 ප‍්‍රථමව දරු ප‍්‍රසූතිය සිදුවීමේ අවධානම, අඩු බර දරු උපත් සිදුවීම් අවධානය තිබෙයි.

විශේෂයෙන් සිසේරියන් සැත්කම මගින් දරු ප‍්‍රසුතිය සිදු කර ඇත්නම් ගර්භාෂය සිසේරියන් සැත්කම් ආශ‍්‍රිතව සංකූලතා අවධානය වැඩිවෙයි

දරු ප‍්‍රසූතිය සහා ගැබ් ගැනීම අතර අඩු තාල පරාසයක් තිබීම ළමා මරණ වැඩි වීමට ද බලපායි.

ගර්භණි වීමට සුදුසු කාල පරාසයක් තබා ගැනීම මගින් ළමා මරණ දහයකට එකකුත්, මාතෘ මරන තුනෙන් එකක් වළක්වා ගැනීමට පුඵවනි.

මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් දරු ප‍්‍රසුතියේ සිට නැවත පිළිසිඳ ගැනීමක් සඳහා වසර දෙකක පරතරයක් තබා ගැනීම නිර්දේශ කරනු ලබනුයේ.

දරු ප‍්‍රසූතියෙන් පසු උපත් පාලන ක‍්‍රම පිළිබඳ ගර්භණී සමයේදී ප‍්‍රසව නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සම`ග හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හමු නී සාකච්ඡුා කිරීම වැදගත්.

ඔබ , සැමියා දෙදෙනාම පවුලට උචිත උපන් පාලන ක‍්‍රමය සහා ඉදිරි ලිංගික ජීවිතය ගත කිරීමට අවශ්‍ය දැනුම ලබා ගන්න පුඵවනි. දරු ප‍්‍රසූතියෙන් පසු හෝ ඒ විගසම අවශ්‍ය උපත් පාලන ක‍්‍රමය ලබා ගැනීමට පුඵවනි. සුදුසු උපත් පාලන ක‍්‍රම භාවිතයෙන් අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගෙන නිරෝගී සෞඛ්‍යමත් මවක වීම තුළ දරුවන්ද බිහිකරලීමට හැකියාව ලැබෙයි.

 

මේ සඳහා සුදුසු සාර්ථක ක‍්‍රමයක් ගැන අපි කතා කළොත්

මේ සඳහා යොදා ගැනීමට හැකි ක‍්‍රම ප‍්‍රධාන වශයෙන් තාවකාලික සහා ස්ථීර ක‍්‍රම ලෙස වෙන්කර ගැනීමට පුඵවනි.

 

තාවකාලික උපත් පාලන ක‍්‍රම

1. ලූප් IUCD

(Intrauterine Contraceptive Device)

මෙය දරු ප‍්‍රසූතියෙන් පසු අවස්ථාවකදී ඇතුළත් හැකියි. එනම්, දරුවා ප‍්‍රසූති වූ විගස වැදැහාමහා ගැල වී පිට වූ පසු ඒ අවස්ථාවලදී හෝ දරු ප‍්‍රසුතියෙන් පැය 48ක් ඇතුළත ගර්භාෂය ඇතුල් කිරීමට පු`ඵවනි. මෙය සාමාන්‍ය දරු ප‍්‍රසුතියදී මෙන්ම සිසේරියන් සැත්කමකින් පසු ව ද එම අවස්ථාවදීම ඇතුළත් කිරීමට පු`ඵවනි. එසේ නොමැති නම් දරු ප‍්‍රසූතියෙන් සති හතරකට පසු ඇතුලූ කරන්න පු`ඵවනි. මෙය අසාර්ථක වීමේ හැකියාව සියයට එකකට අඩුයි. මෙය වසර දහයක කාලයක දරු ප‍්‍රසූතිය වළකා ගන්න පුඬඵවනි. ඊට පෙර දරුවකු අවශ්‍ය කාලයදී එය ඉවත් කළ විගස දරුවකු පිළිසිඳ ගැනීමට හැකියාව ලැබේවි. මෙහි හෝමෝන අන්තර්ගත නොමැති නිසා හෝමෝන ආශ‍්‍රිත අතුරු ආබාධ නොමැත.

 

2. උපත් පාලන කරල

දරු ප‍්‍රසුත අවස්ථාවකදීම හෝ ඉන්පසු ඕනෑම වේලාවක ඇතු`ඵ කිරීමට පු`ඵවනි. මෙය සාමාන්‍යයෙන් වම් අතෙහි වැලමිට උඩින් සමට යටින් ඇතුළත් කරනු ලබන හෝමෝන ශ‍්‍රාවය වන කරල් දෙකකි. මෙය වසර පහක කාලයක ්සක‍්‍රීයව ක‍්‍රියාකරයි. ඉවත් කළ පසු ගැබ් ගැනිමට සක‍්‍රීයව ක‍්‍රියා කරයි. ඉවත් කළ පසු ගැබ් ගැනීමට පු`ඵවනි. මෙය සාර්ථකත්වය වැඩි ක‍්‍රමයකි. ආසාර්ථක වී ගැබ් ගැනීම හැකියාව සියට එකකටත් වඩා අඩුයි. හෝමෝන ශ‍්‍රාවය වීම නිසා මාස්ශුද්ධිය නතර වීම මඳ රුධිර වහනයක් අක‍්‍රමවත්ව සිදුවීම, සුලූ පියයුරු වේදනාවක් ඒමට පු`ඵවනි.

 

3. ඩිපෝ ප්‍රොජෙස්ටන් එන්නත්

මෙම එන්නත් දරු ප‍්‍රසූතිය වූ අවස්ථාවක සිට ඕනෑම අවස්ථාවක මවකට ලබා ගැනීමට පු`ඵවනි. අතේ බාහුවේ මාංශපේශීවලට හෝ තට්ටමේ මාංශ පේශී වලට එන්නත ලබා දෙයි. මෙය මාස තුනකට වතාවක්වත් ලබා ගත යුතුය. මෙය අසාර්ථ වීමේ හැකියාව පෙර ක‍්‍රම වලට සාපෙක්ෂව වැඩියි. දළ වශයෙන් සියියට තුනකි. එයට ප‍්‍රධාන හේතුව එන්නත් ලබා ගැනීම නිසි කාලය ම`ගහැරියාමයි. හෝමෝන නිසා මෙය භාවිත කරන කාන්තාවන්ගේ මාස් ශුද්ධිය නතර වීම හෝ මඳ රුධිර යාම සිරුරේ බර වැඩි වම සිදු විය හැකියි. මෙහි ක‍්‍රියාකාරීත්වය මාස තුනකට පමණ නිසා භාවිතය නතර කර විගස පෙර ක‍්‍රම මෙන් දරුවන් පිළිසිඳ ගැනීම මාස තුන, හයක් බලාගෙන සිටියි යුතුයි.

 

4. උපත් පාලන පෙති (COCP)

(Combined Oral Contraceptive Pill)

මෙහි ඊස්ට‍්‍රජන් සහා ප්‍රොජෙස්ටන් යන හෝමෝන දෙවර්ගයම අන්තර්ගතයි. මව්කිරි පමණක් ලබාදෙන මවකට මෙන් ආරම්භකළ හැක්කේ දරු ප/සූතියෙන් මාස හයකට පසුවයි. වෛද්‍ය නිර්දේශය සම`ග මෙහි හෝමෝන පෙති සති තුනක් එක දිගට ලබා ගත යුතුයි. ඉන්පසු

සතියක් පෙත් නොගෙන හෝ එම කාලයදී මාස් ශුද්ධිය සිදු වෙයි. ඉන්පසු අලූත් පෙති පැකට් එකකින් පෙති පැකට් එකකින් ඇරඹීමට පු`ඵවනි.

 

5. බාධක ක‍්‍රම

පුරුෂ කෙන්ඩම්

මේ ක‍්‍රමය තාවකාලික ක‍්‍රමයකි. ප‍්‍රාණවුත් වු ශිෂ්ණයට මෙය නිසි ලෙස යෙදීම කළ යුතුයි. ආසාර්තකවීමේ හැකියාව සියයට දොළහකි.

එමගින් අමතර වාසි ලිංගාශ‍්‍රීත රෝග සම්පේ‍්‍රෂණය වීම අවම කරයි, දරු ප‍්‍රසතියක් පසු ඔනෑම අවධියක භාවිත කරන්න පු`ඵවනි.

 

කාන්තා කෙන්ඩම්

තාවකාලික ක‍්‍රමයක් වන අතර යෝනී මාර්ගයට ඇතුළත් කරන්න පුඵවනි. ආසාර්තකවීමේ හැකියාව සියයට දොළහකි.ලිංග‍්‍රාශ‍්‍රිත රෝග වලින් තරමක් ආරක්ෂාව සපයයි.

කෙන්ඩම් (condom) ප‍්‍රවේශමෙන් භාවිතා කළ යුතු වන්නේ එය ගැළවී යාමට හෝ පැළියාමට හැකි නිසායි. නිවැරදිව උපයෝගී කරගෙන අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වාලයි.

 

හදිසි උපත්පාලන ක‍්‍රම

ඉහත ක‍්‍රමවලට අමතරව අනාරක්ෂිත ලිංගික එක්වීමේදී උපත් පාලන ක‍්‍රමද දරු ප‍්‍රසුතියෙන් පසු අවස්ථාවදීද භාවිතා කරන්න පු`ඵවනි.

ලූප් IUCD

මෙය ලිංගික එක් විමේදී දින පහක් ඇතුළත් කරන්න ඕනි. එම`ගින් ඉදිරියටත් ආරාක්ෂාව ලබා ගැනීමට පු`ඵවනි.

 

ස්ථීර ක‍්‍රම

ස්ථීර ක‍්‍රම සිදු කර පසු නැවත ගැබ් ගැනීමක් සිදු නොවෙයි.

 

LRT සැත්කම ( ෆැලෝපීය නාල ගැට ගැසීම)

මෙය දරු ප‍්‍රසුතියෙන් පළමුදින හත ඇතුළත හෝ එසේ නොමැති නම් දරු ප‍්‍රසූතියෙන් සති හයකට පසුව සිදු කරන්න පු`පවනි. තිසේරියෙන් සැත්කම අවසථාවදීම සිදු කරගන්න පුු`ඵවනි.

එසේ කරන්නේ උදරයේ සු`ඵ කැපුමකින් හෝ (Laparoscopy) යතුරු හිල් ශල්‍යකර්මයක් මගින් සිදු කර ගත හැකියි.

දින එකක් හෝ දෙකක් රෝහලෙහි සිටිය යුතුයි. මෙය අසාර්ථක වීමේ හැකියාව 0.5% කි.

 

පුරුෂ වන්ධ්‍යකරණය (Vasectomy)

පුරුෂයන්ගේ වසානාල ගැට ගැසීම ඕනෑම අවස්ථාවක සිදු කළ හැකියි. මෙය සාර්ථක වීම ශල්‍යකර්මයේ සිට මාස තුනක කාලයක් ගත වන අතර ඒ අතර තාවකාලික ක‍්‍රමයක් භාවිතා කළ යුතුයි. මෙය අසාර්ථක විමේ හැකියාව සියයට එකකි.

 මව්කිරි දෙන මවක් පවුල් සංවිධාන ක‍්‍රම භාවිතය මව්කිරි ලබාදීමට බාධාවක් වෙනවාද?

 ප්‍රොජෙස්ටන් හෝමෝන පමණක් අන්තර්ගත උපත් පාලන ක‍්‍රම.

උපත් පාලන කරල් ඩිපෝට් එන්නත, යනාදිය ම`ගින් මව්කිරි ලබා දීම දි කිසිඳු බලපෑමක් ඇති නොවෙයි.

මෙම හෝමෝන මව්කිරි වලට එක්වීම ඉතාම අවම වන අතර කිරිබොන ළදරුවාට එම`ගින් කිසිඳු වලපෑමක් අති නොවෙයි.

ඊස්ට‍්‍රජන් ප්‍රෙජෙස්ටර් හෝමෝන අන්තර්ගත උපත් පාලන පෙති.

මව්කිරි දීමට බාධාවක් ඇති කළ හැකි දරු ප‍්‍රසූතියෙන් පළමු මාස හය තුළ රුදිර කැටි ගැසීම ප‍්‍රවණතාවයද වැඩි කළ හැකියි. මේ නිසා දරු ප‍්‍රසූතියෙන් මාස හයෙන් පසු අරඹිමට පුඵවනි. විශේෂයෙන් මව්කිරි පමණක් ලබාදෙන විටයි.

මව්කිරි පමණක් ලබා නොදෙන කාන්තාවන්ට මෙය සති 60න් පසු ලබා ගැනීමට පුඵවනි.

මෙම පෙති දිනපතා ගත යුතු අතර නිසා අතපසු විමේ හැකියාව වැඩියි. අනික් ක‍්‍රමයන්ට සාපෙක්ෂව සියයට නවයක් පමණ වෙයි. පෙති ගැනීම නතර කල විගස ගැබ් ගැනීමට හැකියාව ලැබේවි.


අදහස් දැක්වීම

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලෙහි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක මහතා.

සටහන :- මහේෂානි මීගහපොල

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment