සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදු නොවන විට කුමක් කළ යුතුද?
ගර්භිණී කාන්තාවක් සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් වන්නේ හිතේ නැගෙන චකිතයෙනි. ඒ එම අවස්ථාවේදී සෑම මවක්ම ප්‍රසූත වේදනාවට මුහුණ දිය යුතු නිසාය. මේ නිසාම රෝග පීඩා නැතත් සිසේරියන් සැත්කම ඉල්ලා සිටින මවුවරු එමටය. එහෙත් කිසිදු ගැටලුවක් නැතිනම් ප්‍රසූතිය සිදු කළ යුතු හොඳම ක්‍රමය සාමාන්‍ය දරු ප්රසූතියයි.
සාමාන්‍ය ප්‍රසූතියට සූදානම්ව සිටින මවකට ප්‍රසූති දිනය උදා වුවත් ප්‍රසූතිය සිදු නොවන අවස්ථා තිබේ. සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට නම් ගැබිනි මවට ප්‍රසූත වේදනා ඇති විය යුතුය. එහෙත් ප්‍රසූත දින උදා වුවත් සමහර කාන්තාවන්ට ප්‍රසූත වේදනා ඇති නොවේ. මේ හැර සමහර ගැබිනි කාන්තාවන්ට දරුවා නියමිත දිනට පෙර බිහි කිරීමට අවශ්‍ය වෙන හේතු ඇති වේ. එවැනි අවස්ථාවලදී ප්‍රසූත වේදනා කෘත්‍රිමව ඇති කිරීමට වෛද්‍යවරයා සැලසුම් කරයි.
කෙසේ වුවද ප්‍රසූත වේදනා නොඑන කාන්තාවන්ට එම වේදනා ඇති කිරීමට සිදු කරන ක්‍රම කිපයකි.
සාමාන්‍ය දරු උපතක් සිදුවෙන හැටි
උපදෙස් -: උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට |
සාමාන්‍ය දරු උපතක් සිදු කිරීම සඳහා මවගේ ගර්භාශයේ පහළින් යෝනි මාර්ගයට නෙරා ඇති ගැබ් ගෙල කොටස විවෘත විය යුතුයි. මෙහිදී ගැබ් ගෙල කොටස ප්‍රමාණයෙන් කෙටි වේ. එසේ වී ස්වාභාවිකව දරුවා පිටතට පැමිණෙයි.
ඉහත ක්‍රියාවලිය සිදුවීමට මවගේ සිරුරේ නිපදවෙන ‘ප්‍රොස්ටගැන්ඩින්’ නම් රසායනිකය අවශ්‍ය වේ. එසේම ගර්භාශය වරින් වර සංකෝචනය වී දරුවා උපත් මාර්ගය තුළින් තල්ලු වේ. එය සාමාන්‍ය ප්‍රසූතියේ ආකාරයයි. මෙසේ වීමට ගර්භාශයේ මාංසපේශි සංකෝචනය විය යුතුය. එසේම ගැබ් ගෙල විවෘත විය යුතුය. මෙසේ වූ විට සාමාන්‍ය ප්‍රසූතිය සිදුවීමට සූදානම් වේ.
එහෙත් සාමාන්‍ය ප්‍රසූතියට සූදානම් ව සිටින මවට ගැබ්ගෙල විවෘත නොවන අවස්ථා තිබේ. එවිට එය උත්තේජනය කළ යුතුය. ඒ සඳහා මවට ඖෂධ ලබා දිය යුතුය. නැතහොත් වෙනත් ක්‍රම භාවිතා කළ යුතුය. මේ සඳහා භාවිතා කරන විශේෂ ඖෂධ තිබේ. එසේම විශේෂ ක්‍රම තිබේ. ඒ මෙසේ ය.
ඖෂධ ලබා දීම
මේ සඳහා ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ප්‍රොස්ටගැන්ඩින් නම් ඖෂධයයි. මෙය පෙත්තකි. එය යෝනි මාර්ගයෙන් ඇතුළු කරයි. එය ජෙල් වර්ගයක් ලෙසද තිබේ. එයද ගැබ් ගෙලට ඇතුළු කරයි. මෙම ඖෂධය ඇතුළු කළ විට ගැබ්ගෙල විවෘතවීම මෙන්ම ගර්භාශය සංකෝචනය වීමත් සිදු වේ. එවිට උත්තේජනය වීමෙන් ප්‍රසූතිය සිදු කරයි.
ඔක්සිටොසින් හෝමෝනය ලබා දීම
මෙම ඖෂධය ලබා දෙන්නේ සේලයින් මගිනි. මෙය ලබා දෙන්නේ මවගේ ගැබ් ගෙල විවෘතව ඇති විටය. එවිට ඖෂධය දීමෙන් ගර්භාශය සංකෝචනය වී ප්‍රසූත වේදනා ඇතිවීමටත් පටන්ගෙන දරු ප්‍රසූතිය සිදු වේ.
Water bag කැඩීම
ගැබ්ගෙල විවෘතව පවතින විට වෛද්‍යවරුන් සිදු කරන තවත් ප්‍රතිකාර ක්රමයකි. එනම් කලලවාරික පටලය (Water bag) සිදුරු කිරීමයි.
ගැබ් ගෙල විවෘතව පවතින විට වෛද්‍යවරුන් විසින් දරුවා බිහි නොවන්නේ නම් සියුම් උපකරණයක් යොදා Water bag එකේ කුඩා විවරයක් ඇති කරයි. එසේ කිරීමෙන් ගර්භ තරලය පිටවීමට පටන් ගනී. ඒ සමගම මවට ප්‍රසූත වේදනා ඇතිවීමට පටන් ගනී. මෙසේ වීමත් සමග මවට syntocinon නම් ඖෂධය ලබා දෙයි. එවිට ප්‍රසූත වේදනා සමග දරුවා බිහිවෙයි.
ගැබ් ගෙල හරහා කුඩා catheter එකක් දැමීම
සාමාන්‍ය ප්‍රසූතියට සූදානම් මවකට ගැබ් ගෙළ විවෘත නොවේ නම් එය උත්තේජනය කිරීම සඳහා මෙම ක්‍රමය භාවිතා කරයි.
මෙහිදී කරන්නේ ගැබ්ගෙල විවෘතවීම උත්තේජනය කිරීම සඳහා ගැබ්ගෙල හරහා කුඩා කැතීටරයක් ඇතුළු කිරීමයි. මෙලෙස මවට ගර්භාශයට ඇතුළු කර පැය 12 ක පමණ කාලයක් තිබෙන විට ගැබ් ගෙල ඉබේම විවෘත වේ. එවිට බටය පිටතට පැමිණේ. මෙය මවට තරමක් අපහසුය. එහෙත් ප්‍රොස්ටග්ලැන්ඩින් ඖෂධ භාවිතයේදී මෙන් අතුරු ආබාධ ඇති නොවේ. එසේම මෙය උපත සිදුවන දරුවාට හිතකර වේ.
එහෙත් මෙම ක්‍රමය භාවිතා කර ප්‍රසූතිය ඉක්මන් කිරීම සෑම මවකටම අවශ්‍ය නොවේ. එහෙත් වෛද්‍යවරු මෙවැනි ක්‍රමයක් අවශ්‍ය යැයි නිර්දේශ කරන විශේෂ අවස්ථා තිබේ.
ප්‍රසව වේදනා කලින් ඇති කිරීමට නියම කරන හේතු
නියමිත කාල සීමාව පසු වුවත් ප්‍රසූතිය සිදු නොවීම
දරුවා මවු කුස නියමිත කාලය සම්පූර්ණ කළත් ප්‍රසූතිය සිදු නොවන්නේ නම් තව දුරටත් ගැබෙහි රඳවා තබා ගැනීම තරමක් අවදානම් විය හැකියි. ඊට හේතුව එසේ නියමිත කාලය මවුකුස තුළ සිටින දරුවන්ගේ සුළු කොටසක් කිසිම හේතුවක් නොමැතිව මිය යා හැකි නිසාය. මෙවැනි අවදානමක් වළක්වා ගැනීම සඳහා ප්‍රසව වේදනා කෘත්‍රිමව ඇති කිරීමට වෛද්‍යවරු තීරණය කරති.
මව යම් රෝගයකින් පෙළීම
මව අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව, අක්මාවේ ආබාධ වැනි රෝග තත්ත්වයකින් පෙළෙයි නම් ඊට පිළියමක් ලෙස දරුවා නියමිත කාලයට පෙර බිහි කරයි. එවිට ඉහත සඳහන් ක්‍රම අනුගමනය කරමින් දරුවා බිහි කිරීම ඉක්මනින් කිරීමට වෛද්‍යවරු පියවර ගනිති.
එවිට ප්‍රසූත වේදනා ඇති කර දරුවා බිහි කරයි. එසේම දරුවාගේ අසාමාන්‍යතාවක් සහ මළ දරු උපත් වැනි තත්ත්වවලදීත් මෙම ප්‍රසූතිය කලින් සිදු කිරීමට පියවර ගනී.
මෙසේ ප්‍රසූත වේදනා ඇති නොවේ නම් එය ඇති කිරීම සහ ගැබ්ගෙල විවෘත කිරීම උත්තේජනය කිරීම සඳහා ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම අද බහුලව භාවිතා කරයි. එයින් සාමාන්‍ය ප්‍රසූතිය සිදු කිරීමට හැකි වේ. එහෙත් සුළු වශයෙන් ඒවායෙන් අතුරු ආබාධ ඇතිවීමටත් ඉඩ තිබේ.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment