අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්

2025 වර්ෂයේ අයවැය වාර්තාව පෙබරවාරි 17 දින මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට

රටේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය පහත පරිදි වේ. 

* පෙරපාසල් ළමුන්ගේේ පෝෂණය ඉහළ නැංවීම උදෙසා උදෑසන ආහාර සැපයීම සඳහා එක් ආහාර වේලකට ගෙවනු ලබන රු.60 ක මුදල  රු. 100 දක්වා ඉහළ නැංවීමට යෝජනා විය. ඒ සඳහා රුපියල් මිලියන 1000 වෙන් කිරීමට යෝජනා විය.

* තෝරාගත් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කිරීමට යෝජනා විය. 

* පෙරපාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීම සඳහා ඔවුන්ට දැනට ලබා දෙන දීමනාව රු.1000කින් ඉහල නැංවීමට රුපියල් මිලියන 100 වෙන් කිරීමට යෝජනා විය. 


* පාසල් යටිතල පහසුකම් ඉහල නැංවීම සඳහා රුපියල් මිලියන 1000 ප්‍රමාණයක්ද, පාසල් ගුණාත්මක වර්ධනය සඳහා රුපියල් මිලියන 135 ද වෙන් කිරීමට යෝජනා විය. 

* පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කොට යළි ස්ථානගත කිරීමට ජාතික සැලැස්මක් සකස් කිරීමට රුපියල් මිලියන 500 වෙන් කිරීමට යෝජනා විය. 


* 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී සිසුන්ට ලබා දුන් ශිෂ්‍යාධාරය රු 750 සිට රු.1500 දක්වා ඉහල නැංවීමට රුපියල් මිලියන 1000 වෙන් කිරීමට යෝජනා විය.

* ක්‍රීඩා කරන  සිසුන්ට ලබාදෙන පෝෂණ අතිරේක ආහාර දීමනාව රු. 5000 සිට රු.10000 දක්වා වැඩි කිරීමටද, වෘත්තීය අධ්‍යාපන හදාරන සිසුන් සදහා ලබා දෙන දීමනාව රු 4000 සිට රු 5000 දක්වා ඉහල නැංවීමට රුපියල් මිලියන 200 වෙන් කිරීමට යෝජනා විය.  


* විශ්ව විද්‍යාල සිසුන් සඳහා ගෙවන මහපොළ ශිෂ්‍යාධාරය රු 5000 සිට රු 7500 ක් දක්වා වැඩි කිරීමටද , විශ්ව විද්‍යාල සිසුන් සඳහා ගෙවන ශිෂ්‍යාධාර මුදල රු.4000 සිට රු.6500 දක්වා වැඩි කිරීමටද රුපියල් මිලියන 4600 වෙන් කිරීමට යෝජනා විය.  

* උසස් ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීම සඳහා  දක්ෂ දරුවන්ට විදේශ අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට වැඩසටහනක් ආරම්භ කිරීමට රු මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා විය. 

* යාපනය සහ අනෙකුත් ප්‍රදේශවල පුස්තකාල වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා විය. 

* පළාත් පහක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා විය. 

සිරිකත කැලණි නදි අවුරුදු කුමරා - කුමරිය 2025 Read Previous

සිරිකත කැලණි නදි අවුරුදු කුමරා - කුමරිය 2025

අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් Read Next

අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්

Realted Post

Leave a comment