ආදරය සත්ත්ව ලෝකයටත් පොදුයි.

ආදරය ලබන්න විඳින්න අපි හැමෝම කැමතියි. 
ආදරයෙන් තමයි මේ ලෝකය නැවුම් වෙමින්  පවතින්නේ. 
එය මිනිසුන් වන අපිට වගේම සත්ව ලෝකයටත් පොදු ධර්මතාවයකි.

"පෙබරවාරි 14 " වෙනිදා කියන්නේ ආදරය කරන අයට සුවිශේෂී දිනයකි.
මේ දින අපේ ආදරේ ලෝකය  සුන්දරව විඳිනවා වගේම සතා සිවුපාවටත් ආදරය කරුණාව දක්වන්න පුළුවන් නම් එයයි මේ දිනය අර්ථවත්ව ගතකරන්න පුළුවන් වෙන්න. 
ගෙවල්වලසුරතලයට ඇතිකරන සුරතලාට වාගේම අපේ අවට ඉන්න සෑම සත්වයකුටම කරුණාව , අවශ්‍යය රැකවරණය ලබාදෙන්න පුළුවන් නම් මේ ලෝකය තවත් ආදරණීය සුන්දර බවින් පිරිලා යනවා.

මිනිසුන්ට වඩා සතුන්ට ආදරය සැලකුවොත් එයාව හරිම ඉක්මනින් මිත්‍රශීලී වෙනවා. ආදරේ විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ මෙයාලට අවශ්‍ය වන මූලික අවශ්‍යතාත් තියෙනවා.
උදාහරණයක් විදිහට ගත්තහම ආහාර, මෙයාලා රෝගී වූ විට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර, වයස අනුව ලබාදිය යුතු  එන්නත් , විශේෂයෙන් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වී තිබීම .
නිදහස්ව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්වාණය වී තිබීම තුළ මෙයාලගේ යහපත් මානසිකත්වය සඳහා එය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. 
බුදුදහමේ කියලා තියෙනවා "සතුන්ට ආදරය කරන්නත් පෙර පිනක් වගේම පුරුද්දක්තිබිය යුතු බව."
මේ කියවන ඇතුලේම තියෙනවා සතුන්ට ආදරය කරන හැටි එයාලව ආදරයෙන් රැකබලා ගන්නා අයුරු පිළිබඳව.

ලෝකයේම සතුන්ට දක්වන ආදරය  එක හා සමාන වුවත් අනුව පුංචි පුංචි වෙනස්කම් ද පවතිනවා. 
උදාහරණයක් ගත්තොත් යුරෝපී රටවල සත්තුන්ගේ සුභ සාධනය පැත්ත පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරනවා. 

අපේ රටේ සත්ව කරුණාව හිතාම ඉහළින් පැවතුනත් සමහර අවස්ථා  දකිනවා සතුන්ට හිංසා හරි පීඩා කාරි අයුරින්  සැලකෙන අවස්ථාවන්. එවැනි තත්වයන්අපිමග හරවා ගැනීමට උත්සාහ ගත යුතුයි. 
එතැනදී සතුන්ගේ සුභසාධන කටයුතු තවත් ශක්තිමත් කරමින් වර්ධනය කරමින් විශේෂයෙන්  ආදර දිනයේදී මහජනතාව දැනුවත්කරන්න, සතුන්ගෙ ආරක්ෂාව පතා පා ගමන් සංවිධානය කිරීම, සතුන් රැකබලා ගන්නා ස්ථානවල  ඔවුන්ගේ ආරක්ෂාව නිදහස ලබාදෙන අයුරින් පියවර ගැනීම වැනි දෑ මෙදින පමණක්ම නොවේ සෑම වෙලාවකදීම කල හැකිනම් ලෝකය තව තවත් ලස්සන වේවි. 

ඒ වගේම පරිසරයත් පිරිසිදුව තබා ගැනීමට උත්සාහ ගැනීම කළ යුතුයි. 
සතුන්ට ජීවත්වන පරිසරයේ හොඳින් වාතාශ්‍රය ලැබෙන වටපිටාවක් නිර්මාණය විය යුතුයි. 
පොලිතින්, ප්ලාස්ටික් වැනි අපට ද්‍රව්‍ය වලින් පරිසරය ජලජ පරිසරය, වායු දූෂණය වීමෙන් වළක්වා ගැනීමට වගබලා ගත යුතුයි. වගේම සතුන්ටත් වායු දූෂණය, ජල දූෂණය, පන්සල දූෂණය ඉතාම අහිතකර වගේම නිරතුරුවම එයින් ලැබෙන ඛේදවාචක අපට අසන්න දකින්නට ලැබෙයි. එනිසා ස්වභාදහම රැක ගැනීම මිනිසාට වගේම සතා සිවුපාවට ඉතාම වැදගත් වෙයි. 
මෙයාලව කූඩු කරලා තබා ගැනීම, වගේම අපි දැකලා තියෙනවා මෙලෙස සතුන් කූඩූ කරලා  වෙළඳාමේ යෙදෙනවා. අපිට වගේ සතුන් නිදහස ප්‍රිය කරනවා. එයාලගේ වර්ධනයට විශේෂය පුංචි අවධියේදී වර්ධනයට මානසික සුවයට මේ ලබා දෙන නිදහස හිතන්න වැදගත් වෙනවා. 
මේ නිසා මුදල් ඉපයීම පරමාර්ථයෙන් මෙවැනි දෑ නොකිරම සුදුසු වෙනවා. 

වැඩිහිටියන් දිහා බලලා තමයි පුංචි ඇයෝ තරම එයාලගේ ජීවිතේ හරිගස්ස වෙන උත්සාහ ගන්නේ. ඒ නිසාම පුංචි කාලේ ඉඳන්ම එයාලට කියාදෙන්න ඕනේ පරිසරයට සතා සිවුපාවට ආදරය කරන අයුරු ගැන. සතා සිවුපාවුන් ගහන්න එලවන්නෙ නැතුව මෙයාලා තමයි අපේ ලෝකයේ තවත් ලස්සන කරන්නේ, අපිට වගේම ජීවත් වෙන්න අයිතිය මෙයාලටත් තියෙන බව පුංචි කාලේ ඉඳන්ම කියන  දිය යුතුයි. 
ක්‍රෝධය, තරහව, පළිගැනීම් වැනි අමනුෂීය හැඟීම්වලින් ඈත්වී දයාව, කරුණාව, මෛත්‍රිය, අනුන්ගේ දුකේදී පිහිටවීම, මෙවැනි අමානුෂික හැඟීම් පාලනය කරගෙන මානුෂීය ගුණාංග වලින් පරිපූර්ණ මිනිසෙකු වීමේ අඩිතාලමක් වැටෙනවා. 

ආදරය ලබන්න, ලෝකයේ ජීවත්වන්න සෑම් තැනකටම අයිති ඇති බව ආදරවන්ත දිනයේදී සිතීම වගේම එය අප ජීවත්වන තුළ ස්වභාදහමට සතා සිවුපාවට ආදරේ කරන්න පුරුද්දක් ලෙස කළ යුතුය. 
එය ඔබට බලෙන් ඉගැන්වීම, පුරුදු කරවීමට වඩා ඔබ සිතින් සිතා වැඩ කළ යුතු දෙයක් වෙයි. 
සොබාදහමේ පැවැත්ම ලස්සන රඳා පවතින්නේ එවිටයි.

  • සටහන-මහේෂානි මීගහපොල.
  • විශේෂ ස්තූතිය-
  • පශු වෛද්‍ය  ප්‍රසන්න ප්‍රදීප් කුමාර. 

රූ කිරුළ 2025 Read Previous

රූ කිරුළ 2025

ලෝකයේ ලස්සන කරන සතා සිව්පාවා රැක ගනිමු. Read Next

ලෝකයේ ලස්සන කරන සතා සිව්පාවා රැක ගනිමු.

Realted Post

Leave a comment