මානව හිමිකම් රකින්න උපරිමයෙන් දායක වෙන්න

තමන් මානවහිමිකම් සහ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට ඇපකැප වූ බවත්  ඊට තමන් ගෙනා 19වන ශංශෝදනය තරම් පනතක් අද වන තුරුත් සම්මත වී නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ කේන්ද්‍රරය විසින් සංවිධානය කළ සම්මාන උළෙලක් අමතමින් ඔහු එසේ පැවසුවේය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් පැවසුවේ, 
ලෝක බලවතුන් මානව හිමිකම් කඩ කිරීම සදහා කටයුතු කරන බවත් එවන් පසුබිමක  ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ කේන්ද්‍රරය මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කරන සක්‍රීය දායකත්වය සහ මානව හිමිකම් රැක ගැනිම වෙනුවෙන් සිදු කරන කටයුතු අගය කළ යුතු බවය.

ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ කේන්ද්‍රරය 2022 ඔක්තෝම්බර් මාසයේදී ආචාර්ය වෛද්‍ය රිස්වාන් කාසිම් මහතා විසින් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරමින් තනි පුද්ගලයෙකු ලෙස ආරම්භ කරන ලද අතර එය වසර එකහමාරක් තිස්සේ ක්‍රියාත්මක වේ.
 ශ්‍රී ලංකාවේ පළාත් 10 ක සාමාජිකයින් 900 ක් පමණ මෙම සංවිධානය යටතේ ක්‍රියාත්මක වේ.

තවද මෙම සංවිධානය ආචාර්‍ය වෛද්‍ය රිස්වාන් කාසිම් මහතාගේ සේවය සමග සාමාජයට සත්කාර කීරීම සදහා සාමාජිකයන් බදවා ගෙන එමඟින් සමාජයට වැඩදායි මිනිසුන් බිහිකිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වේ.

කිසිදු ගෙවීමක් හෝ අයකිරීමක් නොමැතිව කුල, ආගම්, වාර්ගික භේදයකින් තොරව කිසිඳු ලාබ අපේක්ෂාවකින් තොරව සමාජ සේවයන් පමණක් සිදු කරන මෙහි ප්‍රධාන අරමුණ පුද්ගල අයිතිය ලබා දීම සහ සමාජ සේවයන් පමණි.

පසුගිය දා කොළඹ මාලිගාවත්ත සෙරන්ඩිපිටි හෝටලේදී  හොඳම සමාජ සේවකය, සේවිකාව සඳහා සම්මාන උළෙලක් සංවිධානය කර තිබූ අතර එහිදී එලෙස සමාජය උදෙසා කැප වූවන් සහ ඔවුන්ගේ සමාජසේවා වැඩ ඇගයීමට ලක් කෙරිණි.

මානව හිමිකම් සුරැකීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ දේශබන්ධු ඩොක්ටර් රිෂ්වාන් කාසිම් මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබේ. හරි දේ සදාහා තමණ් කැප වන බවත් කිසිඳු මුදලක් කිසිවෙකුගෙන් නොගෙන තමන්ගේ ධනයෙන් රටේ අනාගත දරුවන්ගේ  උදෙසා මෙය සද්කාර්‍යක් සිදු කරන බව ඔහු මේ අවස්තාවේදී පැවසුවේය. එමෙන්ම  සමාජිකත්වය අවභාවිතා නොකර සමාජයට උපරිම සේවාවක්, රටට ජනතාවට , තම ගමට සහ තම ප්‍රජාවට උපරිම සේවයක් ඉටු කර මානව හිමිකම් සම්බන්ධයෙන් කැප වන ලෙසටද ඔහු මේ අවස්තාවේදී සිය  සමාජිකයන්ගෙන් ඉල්ලුවේය.

මානව හිමිකම් රකින්න උපරිමයෙන් දායක වෙන්න Read Previous

මානව හිමිකම් රකින්න උපරිමයෙන් දායක වෙන්න

ෆින්ලන්තයට ලංකාව හඳුන්වා දුන් උපේන්ද්‍රා ගේ කතාව Read Next

ෆින්ලන්තයට ලංකාව හඳුන්වා දුන් උපේන්ද්‍රා ගේ කතාව

Realted Post

Leave a comment