අමතක නොවන නිවාඩුවකට හබරණට යන්න
රට තොට දැක බලා ගැනීමට ප්‍රිය කරන ඔබට නැවුම් වූ අත්දැකීමක් හඳුන්වා දීමටයි අපි මෙවර සූදානම් වෙන්නේ. මෙය තරමක් නුහුරු සංචාරයක් විය හැකියි. එසේ නමුත් විදේශිකයන් බොහොම ප්‍රිය කරන සංචාරයක් ලෙස සඳහන් කළ හැකියි. අපේ රටේ සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශ අතරින් ‘හබරණ’ සුවිශේෂී වන්නේ ඒනිසයි.
හබරණ අපේ රටේ සංචාරක ප්‍රදේශ බොහොමයකට යන්න පුළුවන් මධ්‍යස්ථානයක් වූ නගරයක්. අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මින්නේරිය, කවුඩුල්ල, සීගිරිය ැජද ච්රන, රිටිගල ඇතුළුව තවත් බොහෝ ස්ථාන වෙත යාමට හැකි පහසුම නගරයක්. මේ නිසා දේශීය විදේශීය සංචාරකයෝද බහුලව මෙම නගරය අවට ගැවසෙති.
අප අද හඳුන්වා දීමට යන්නේ හබරණ නගරය ආසන්නයේ ඇති ඉබ්බන්කටුව ජලාශය හා තිබිරිගස්වැව ආශ්‍රිතව සංචාරක අත්දැකීමකි. මෙම ජලාශ ප්‍රදේශයේ ඉපැරණි වැව් දෙකකි. ඉතාම සුන්දර වූ පරිසරයක් තුළ නිර්මාණය කර ඇති කදිම ස්ථාන දෙකකි. දැනට වසර කීිපයක සිට මෙම ජලාශ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබේ. අපගේ ඉපැරණි කරත්ත රස්සාව නැවත මතකයට නගමින් සංචාරකයින්ට විනෝදය හා ආස්වාදනීය අත්දැකීම් ලබා දෙන අයුරු හරිම අපූරු දසුනකි.
හබරණ ප්‍රදේශයේ සංචාරක හෝටල් බොහොමයක් පවතී. විදේශිකයින් නිරන්තරයෙන් ප්‍රදේශය පුරා ගැවසෙන අයුරු දැක ගැනීමට පුළුවන. බිත්ති හතරක හිරවී සිටින ඔවුන්ට මෙම අත්දැකීම් බොහොම ප්‍රිය උපදවයි.
“මේ ප්‍රදේශයට එන සංචාරකයන්ගේ මූලිකම අරමුණ ජාතික සත්ව උද්‍යාන නැරඹීමයි. විශේෂයෙන්ම වන අලි, දිවියන්, වලසුන් වැනි සතුන් නැරඹීමයි. එසේ නමුත් වර්තමානයේ සංචාරකයින් මෙම සංචාර සඳහාත් විශේෂ උනන්දුවක් දක්වනවා. අප මෙම වැව් දෙක පෙන්වන්න ඔවුන් එක්කගෙන එන්නේ කරත්තවලින්. වැවට ඇවිත් ඔරුවලින් වැවේ සංචාරය කරනවා. ඔවුන් ඕලු මල් මාලයක් දාලයි පිළිගන්නේ. අපි ජලාශයේ පැය 1/2 ක් පමණ සංචාරය කරනවා. ඔවුන් හරිම සතුටු වෙනවා මේ සංචාරයට. වැවේ විවිධ කුරුලු විශේෂත් දැක ගන්න පුලුවන්”
එහිදී අපට හමු වූ සංචාරක මඟපන්වන්නකු පැවසුවේ එවැන්නකි.
“මීට අමතරව ඔවුන් විසින් තවත් සංචාර කීපයක් සූදානම් කරනවා. මෙම වැව් දෙක ආශ්‍රිතව ඉපැරණි ගම්මාන තිබෙන්නේ. කෘෂි කර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. මෙම වගාවන් නැරඹීමටත් සංචාරකයින් යා හැකියි. එහිදී කුරුලු විශේෂ දැක ගැනීම ඇතුළු බොහෝ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අතරින් ගස් මත ඉදි කළ පැල් විශේෂයෙන්ම ආකර්ෂණීය දසුනක්.
වැව්වල දිය නෑමටත් හැකි නිසා දවසම විනෝදයෙන් ගත කරන්න පුළුවන්. අවශ්‍ය නම් ආහාරපාන සූදානම් කර ගැනීමටත් පහසුකම් තිබෙනවා.” ඔහු වැඩ වැඩිදුරටත් එසේ පැවසුවේ ය.
හබරණ දෙස් විදෙස් සංචාරකයින්ට බොහෝ අත්දැකීම් ලබා දෙන ප්රදේශයකි. අපේ රටෙහි අභිමානය ලොවට කියාපාන සීගිරිය ඇතුළු බෞද්ධ උරුමයන් සහිත ප්රදේශයකි. එවන් සංචාරයකදී මෙවන් අත්දැකීම් ඔබගේ පවුලේ සැමට කදිම වූ සිහිවටනයක් වනු නොඅනුමානය. සොබාදහමේ අපූර්වත්වය විඳගනිමින් පවුලේ සැමට අමතක නොවන අපූරු නිවාඩුවක් ගත කිරීමට හබරණ කදිමයි.
සටහන සහ ඡායාරූප - ශාන් බන්දු වීරසිංහ
Leave a comment