අලුත් අලි බබාල බලන්න පින්නවල යමු

 

අලි බැලිල්ලයි ළමයි බැලිල්ලයි දෙකම එකයි කියලා අපේ පැරැණි කියමනක් තියෙනවා. මේ දෙගොල්ලම හරිම දඟයි. එක තැනක තියාගන්න බෑ. ඒ කොච්චර දඟ වුණත් අපේ ඇස්මායිමෙන් ඉවත් කරන්නෙ නෑ. ඒ තරමට ආදරෙයි. 
 

අලි අනාථාගාරය 
අද අපි ත්‍්පසකකහ ඔර්ඩැක හරහා ඔබව රැගෙන යන්න හිතුවේ අලි බලන්න. අලි බලලා තවත් අපූරු තැන් දෙකක් බලන්නත් යන්න පුළුවන්. අපේ රටේ ප්‍රසිද්ධ අලි අනාථාගාර දෙකක් තියෙනවා. එකක් උඩවලව අනෙක පින්නවල. අපි අද යන්නේ පින්නවලට. ඒ සුවිශේෂී සතුටුදායක ආරංචියක් සමග. විශේෂයෙන්ම පුංචි දරුවන්ට ආසා හිතෙන ආරංචියක්. ඒ තමයි පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි සුරතලුන්. මේ දෙන්නගේ පළමු උපන්දිනය පසුගිය දවසක සැමරුවා.

අපේ රටේ අලි අනාථාගාරයක හෝ වෙනත් ස්ථානයකදී නිවුන් අලි උපතක් සිද්ධ වුණු පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක මිහිරාන් මැදවල මහතා පැසුවේ. 

“මෙයට පෙර නිවුන් අලි උපත් පිළිබඳ සඳහන් වුවත් විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ. මීට පෙර එක් ඇතිත්තකගෙන් පැටවු දෙන්නෙක් කිරි බොනවා දැකලා ඒ අනුව නිගමනය කිරීමක් තිබුණත් පින්නවල සිදුවූ මෙම නිවුන් අලි උපත විද්‍යාත්මකවම සාක්ෂි සහිතයි. මේ නිසා මෙය සුවිශේෂීයි. අපිටත් හරිම සතුටුයි. අපේ ආයතනයේ සේවකයින් ඉතාම හොඳින් කැපවීමෙන් මේ සතුන් බලාගන්නවා. අලි පැටවු දෙන්නම ඉතාම සෞඛ්‍ය සම්පන්නයි. සජ්ජන හා දිසා ලෙෂ ඔවුන්ට නම් තබා තිබෙනවා. ඔවුන්ට අමතරව තවත් අලි පැටවු දෙන්නෙක් ඉන්නවා. එක් පැටියෙකුට මාස 10 යි. එයා නීලමනී අනිත් පැටියට මාස 05 එයා ධරණි. පැටවු හතරදෙනා නිසා මුළු අලි අනාථාගාරයම විචිත්‍රවත්. අපි හැමෝම හරිම සතුටෙන් ඉන්නේ. ඔබත් පැමිණෙන්න. පුංචි දරුවන්ට මෙය අලුත් අත්දැකීමක් වේවි. දරුවන් වෙනුවෙන් විශේෂංග බොහොමයක් අප සුදානම් කර තිබෙනවා.” 
ඔහු වැඩි දුරටත් පැවසුවේ එලෙසිනි. 

පින්නවල අලි අනාථාගාරය පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා විවෘතයි. අලින් දිය නෑමට ගඟට අවස්ථා දෙකකදී රැගෙන යනවා පෙ.ව. 10 - 12 සහ සවස 2 - 4 යන වේලාවන් ඒ සඳහා වෙන් කර තිබෙනවා 
මෙම අවස්ථා දැකබලා ගැනීමට පමණක් නොව අලින් නෑවීමටද ඔබට අවස්ථාව ලබාගන්න පුළුවන්. ඒ ආරක්ෂිත රැකවරණය සහිතවයි.

මෙයට අමතර අලින්ට කෑමට පලතුරු වට්ටියක් ලබාදීමේ අවස්ථාවද තිබෙනවා. 

නිවුන් අලි පැටවු විශේෂ කුටියක රඳවා තිබෙන අතර පෙ.ව. 8.00 - සවස 2.30 දක්වා සමිපයේ සිටම නැරඹීමට අවස්ථාව ඔබට ඇත.

පින්නවල සත්වෝද්‍යානය 
පින්නවල සත්ව උද්‍යානය 2015 දී විවෘත කර ඇත. අක්කර 22 ක භූමි ප්‍රමාණයක් තුළ සතුන් වර්ග 18 ක් ඔබට දැක ගැනීමට පුළුවන.  දිවියා, වලහා සතුන්ද ඒ අතර වේ. පැය  1 1/2 ක පමණ සංචාරයක් තුළ සියලු සතුන් නැරඹීමට ඔබට හැකිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ සියලුම සතුන් පිළිබඳ පැහැදිලි දැනවත් කිරීමක් සිදුකිරීමයි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මෙය අගනා අවස්ථාවකි. 

අතීතය යළි මවන ‘ඉපැරණි ගම’ 
පින්නවල පිහිටි ඉපැරණි ගම පරිශ්‍රය. සබරගමු පළාතේ 17 - 18 සියවස්වල පැවැති ජන උරුමය. අනාගත පරපුර සඳහා රැගෙන යාමේ උත්සාහයක් ලෙස හැඳින්  වේ. 

මෙම ඉපැරණි ගම සබරගමු පළාත් සභාව විසින් නිර්මාණය කරන ලද්දකි. ඉපැරණි ගමක තිබුණු සියලු ආකෘතින් මෙහි නිර්මාණය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ සියල්ල සජීවීකරණය කර තිබීමයි. ඉපැරණි ගමක සිදුවීම් සියල්ල සජීවීව දැකගැනීමට හැකිවීම නිසා පාසල් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඉතාම වැදගත් ය. 

පින්නවල ඉපැරණි ගමෙහි කුටි 34 ක් ඉදිකර ඇත. ආරච්චිගෙදර, වෙදගෙදර, කෝපිකඩේ, වඩු මඩුව රෙදිපිළි ගෙදර, කම්මල, ගැමිගෙදර, වැව, කුඹුර, හේන ඇතුළු ගමක තිබුණු සියලුම අංග මෙහි නිර්මාණය කර ඇත. ඉපැරණි ගමේ ඉදිකර තිබෙන දියවර අසපුව දරුවන්ගේ ක්ෂේත්‍ර අධ්‍යයන, බාලදක්ෂ කඳවුරු, පාසල්වල පාරිසරික කඳවුරු සඳහාද ලබාදෙයි. 

 

 

ආරච්චිල ගෙදර 
ඉපැරණි ගම පාලනය කළ ප්‍රධානියා වුයේ ආරච්චිල මහත්තයා ය.  පසුකලෙක ගම්මුලාදෑනියා හැටියට ඉංග්‍රීසි පාලන සමයේදී හඳුන්වා ඇත. ආරච්චිලාගෙ ගෙදර එදා තිබුණු රේස් කරත්තය, හාන්සි පුටුව, ඇඳ, මේස, කනප්පු ඇතුළු ආරච්චිලා භාවිතා කළ බඩු බාහිරාදිය ඇතුළුව මුළුතැන්ගෙයි තිබූ ඉපැරණි උපකරණ කෘෂිකර්මාන්තය සඳහා යොදාගත් උපකරණ ආරච්චිලගේ නිවෙසේදී දැක ගැනීමට පුළුවන්. එහි සිටින ආරච්චිලගෙන් තවත් බොහෝ දෑ අසා දැන ගැනීමටද පුළුවන. 
 

වෙදගෙදර  
රාවණා රජ සමය දැක් වූ අපේ දේශීය වෙදකම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාවද ඇත. වෙදගෙදර පරිශ්‍රය තුළ බෙහෙත් පැළෑටි වර්ග විශාල ප්‍රමාණයක් දැක ගැනීමට වගේම ඒවා පිළිබඳ පුළුල් දැනුමක් ඔබට ලබා ගැනීමේ අවස්ථාව ද තිබෙනවා.

කම්මල 
එදා ගැමියාට අවශ්‍ය සියලුම යකඩ ආශ්‍රිත උපකරණ සාදවා ගන්නේ හා අලුත් වැඩියා කර ගන්නේ ගමේ කම්මලෙනි. මෙහිදී කම්මල් වැඩ සජීවීව දැක ගැනීමටත් උපකරණ මිලදී ගැනීමටත් හැකිය.

 

කුඹල් ගෙදර 
අතීතයේfදී ගැමියට අවශ්‍ය සියලුම මැටි භාණ්ඩ සාදවා ගත්තේ කුඹල්කරුවාගෙනි. එම භාණ්ඩ සාදන අයුරු මෙහිදී සජිවීව ඔබ දැක ගැනීමට පුළුවන.

 

කෝපි කඩේ
ගැමියන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලු දේ ලබාගන්නේ කෝපි කඩෙන්. උදේ සිට සවස් වනතුරු වෙහෙස මහන්සි වූ ගැමියා තම විඩාව නිවාගන්නේ කෝපි කඩේ අසලට එක් රොක්වීය. මේ අපූරු අත්දැකීම ඉපැරණි ගමෙහි පිහිටි කෝපි කඩේදී ඔබට සජිවීව දැකබලා ගැනීමේ අවස්ථාව මෙහි තිබේ. කෝපි කඩේට යන ඔබට කහට කෝප්පයක රස බැලීමට ද හැකිය. ඒ ඉපැරණි ගැමියා හදන රස කැවිල්ලක රසමිහිර ද විඳ ගනිමිනි.

 


ශාන් බන්දු වීරසිංහ


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment