ආදරය ආයාසයෙන් රැකගන්න ඕනැද?

 

මානසික ගැටලුවක සිටින අයෙක් බොහෝවිට තමන්ට ප්‍රතිකාර, උපදේශන, මනෝ චිකිත්සාව අවශ්‍ය යැයි පිළිගන්න කැමති නැහැ. ඔවුන් බොහෝවිට සිතන්නේ එය අවශ්‍ය කරන්නේ තමන්ගේ සහකරුට හෝ සහකාරියට කියලයි.

 

“මම ඔයාට ආදරෙයි
ඔයා වෙනුවෙන් මම හුඟක් හීන දකිනවා. 
සෑහෙන කාලයක් මම ඔයා වෙනුවෙන් බලාගෙන හිටියා.
මම හරි ආසයි ඔයත් එක්ක ජීවිතේ එකට බෙදාගන්න. 
මට ඕනෑ ඔයාගේ ආදරේ.
මට හිතන්නෙම ඔයා මගේ විතරයි කියලා.
මු`ඵ ජීවිතේම ඔයා වෙලා.
ඒත් සමහර වෙලාවට හිතෙනවා මම ආදරේ කරන තරමට ඔයා මට ආදරේ නැද්ද කියලත්?
මම දෙයක් අහන්නද?
ඔයා ඇත්තටම මට ආදරෙයිද?
වෙලාවකට හිතෙනවා ඔයා මාව මඟ අරිනවද කියලත්?
ඇත්තටම ඔයා එහෙම කරනවද? 
ඔයාට බැහැ එහෙම කරන්න? 
මොකද්ද මේ ඔයාට අමුතුවෙන් ඕනෑවෙලා තියන නිදහස?
උඹ නැතිව එක තප්පරයක් මම ජීවත් වෙන්නෑ

අදහස් දැක්වීම 
මනෝචිකිත්සන සහ උපදේශන නිලධාරිනී
 දුල්මිණී එස් සෙනවිරත්න


මම උඹ වෙන කාටවත් අයිති වෙන්න දෙන්නෙත් නෑ.
උඹ මගේ විතරයි. 
උඹ ගියොත් අපි එකට හිටපු හැම ෆොටෝ එකක්ම මම ලීක් කරනවා.
නැත්නම් මම උඹව මරනවා”


ආදරේ වෑහෙන සුන්දර හැඟීම් එක්ක පටන් ගන්න සමහර ආදර කතාවල අවසානය ගලාගෙන යන්නේ මෙතැනට නම් ඒ සම්බන්ධතා ඇතුළෙ තිබිලා තියෙන්නේ ඇත්තටම ආදරයද? ආදරය කියන්නේ මොකද්ද? ආදරය දැනෙන්නේ මෙහෙමද? ආදරය කියන්නේ මොනවගේ හැඟීමකටද? ජීවිතය ඇතුළෙ ආදරය කියන පරිච්ඡේදය ලිවීම ආරම්භ විය යුත්තේම අනෙකා ගැන අවබෝධය සහ විශ්වාසය තේරුම් ගැනීම ඇති වූ පසුව නොවේද? සම්බන්ධතා ඇතුළෙ අවසානය මෙවැනි වෙන්වීම්වලට යනවා නම් ඒ තුළ දෙදෙනාටම සැනසෙන්නට හැකි සැබෑ ළෙන්ගතුකම්, තෘප්තිමත්වීම් සොයාගත යුත්තේ ඔබම නේද?   

 

සැකය ඇතිවෙන්න හේතුව 
ආදර සබඳකම් නිසා ජීවිත විනාශ කරගන්නා සිදුවීම් ඕනෑ තරම් මේ සමාජයේ දකින්නට පු`ඵවන්. ඒ නිසාම එහි මානසික තත්ත්වය ගැන කරන මේ විග්‍රහය ඔබේ ජීවිතයට වැදගත් fවිවි. බොහෝ විට මේ සඳහා මූලික වන මානසික තත්ත්වය හඳුන්වන්නේ Sexual jelousy වැකදමිහ නම් මානසික ව්‍යාධි තත්ත්වය විදියටයි. ඒ කියන්නේ තමන් ආදරය කරන පුද්ගලයා පිළිබඳ ඇතිවන දැඩි සැකයයි. කාන්තාවන් අතරද මේ තත්ත්වය දකින්නට පු`ඵවන් වුණත් පිරිමි පාර්ශ්වය තුළින් මේ තත්ත්වය වැඩිපුර දැකගන්න පු`ඵවනි. එහෙත් මෙය රෝගී තත්ත්වයක්ම නොවේ. එය රෝගී තත්ත්වයක් ලෙස ගැනෙන්නේ අනෙකාට එම සැකය බලපාන ආකාරය අනුවයි. එමෙන්ම ඒ සැකය කොපමණ කාලයක් පවතිනවාද යන කාරණය මතයි. ඒ නිසා එකිනෙකා කෙරෙහි පවතින අවබෝධය ඒ සබඳතා පහසුවෙන් රැගෙන යන්න හේතුවක් වෙනවා. 


හුඟක් වෙලාවට මේ හේතු නිසා ගැහැනු ළමයෙකුට තමන්ගේ පෙම්වතාගෙන් නිදහස් වෙන්න උවමනා වෙනකොට, එයින් ගැලවීමක් නැතිනම් ඇයත් එයින් නිදහස් වෙන්න බොහෝ විට හිත් රිදෙන කතාබහ ඇතිකර ගන්නවා. සමහර වෙලාවට එහිදී තම පෙම්වතාගේ පෞරුෂත්වය කෙරෙහි මානසික ලෙස බලපාන කතාබහ ඇතිවෙන්න පු`ඵවන්. එයින් සිදුවෙන්නේ තව තවත් සබඳතා ඇතුළෙ තරහව සහ වෛරය ඇතිවීම පමණයි. එම නිසා තමන්ට නොගැළපෙනවා යැයි හිතෙන සබඳතා නවත්වන්න ඕනෑ හොඳ අවබෝධයකින් මිස වෛරී සහගත සිතුවිල්ලකින් නොවෙයි. 

 

 

මානසික ගැටලු ඇතිබව හඳුනාගන්න හැටි 
මෙවැනි මානසික ගැටලු තිබෙන පිරිස් තරුණ වියේ සිට වයස සීමාවක් නැතිව මේ සමාජයේ ඕනෑ තරම් සිටිනවා. එහෙත් මේ පිළිබඳ සමාජය දැනුවත් නැහැ. අපේ රටේ පමණක් නොවේ මෙවැනි තත්ත්ව ලෝකයේ බොහෝ තැන්වල දකින්නට පු`ඵවනි. ඒසේ නම් මේ ගැටලුකාරී මානසික තත්ත්වය තුළ දැකිය හැකි ලක්ෂණ මොනවාද?


තමන්ගේ පෙම්වතිය පිළිබඳ අනවශ්‍ය සැකය තිබෙන පෙම්වතෙක් හෝ සැමියෙක් බොහෝ වෙලාවට ඇය වෙනත් පිරිමියකු දෙස බලනවාට කැමැත්තක් දක්වන්නේ නැහැ.


එමෙන්ම ඇය කැමති විදියට ලස්සනට අඳින්න, පලඳින්න, හැඩවෙන්න ඉඩ දෙන්නේ නැහැ. සමහර වෙලාවට යා`ඵවෙක් සමග හෝ නිදහසේ ගමනක් යනවාටවත් ඔහු ඒ තරම් කැමත්තක් නැතිවෙන්නත් පු`ඵවන්. 
සීමාව ඉක්මවා ලිංගික සංසර්ගයේ යෙදීම සහ නිතරම තමන්ගේ සහකාරිය යන එන ගමන් බිමන් සහ දුරකථනය පාවිච්චි කරන විදිය ගැන රහසේ සොයා බැලීම ආදී ක්‍රියා නොදැනුවත්වම කරන්න ඔවුන් පෙළඹෙනවා. 
මෙය කරදරයක් බවට පත්වෙන විට තමන්ගේ සහකාරිය එයින් ඉවත් වෙන්න හැදුවත් ඔහු එයට ඉඩ දෙන්නේ නැහැ. ගැලවෙන්න දෙන්නෙත් නැහැ. අවසානයේ බොහෝ විට එය මරණයෙන් හෝ හිරිහැර කිරීමෙන් අවසන් වෙනවා. එහෙත් මෙවැනි අවස්ථාවල ඔවුන් නිතර ඒ ගැන කියන්නේ, 
“මට ඔයා නැතිව ඉන්න බැහැ, කවුරුත් ඔයා දිහා බලනවට මම කැමති නෑ” වගේ දේවල්. මේ වගේ අවස්ථාවල හුඟක් ගැහැනු ළමයි හිතන්නේ 
“අනේ එයා මට හරි ආදරේ නිසයි එහෙම කියන්නේ” කියලයි.
“මං ගැන පුදුම විදියට හොයලා බලනවා” කියා ඔවුන් සිතනවා. 


එහෙත් ඇත්තටම මෙය තමන්ගේ සහකරු හෝ සහකාරිය ගැන තිබෙන අධික සැකය morbid Jelousy නැත්නම් Othelo Syndrome තත්ත්වය නිසා ඇතිවන දෙයක් කියන්න පු`ඵවන්. මේ ගැන අපේ සමාජය දැනුවත් වෙන්න ඕනෑ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී ලංකාවේ නීතියට අනුව වෙන්වීමටවත් සහනයක් ඇත්තේ නැහැ. නීති මඟට ගියත් බොහෝ විට ලැබෙන්නේ ‘සාමදාන වෙන්න’ කියන පිළිතුර හෝ දරුවන් නිසා නැවත එක්වන්න වැනි පිළිතුරුයි. එහෙත් ගැටලුවලට නිසි ප්‍රතිකාර තිබෙන බව දැන ගැනීම වැදගත්. එසේ නොවුනොත් භයානක තත්ත්වයන් නිර්මාණය වෙන්න පු`ඵවනි. 

 

ප්‍රතිකාර අවශ්‍යමයි 
විශේෂයෙන් මෙවැනි මානසික ගැටලුවක සිටින අයෙක් බොහෝවිට තමන්ට ප්‍රතිකාර, උපදේශන, මනෝ චිකිත්සාව අවශ්‍ය යැයි පිළිගන්න කැමති නැහැ. ඔවුන් බොහෝවිට සිතන්නේ එය අවශ්‍ය කරන්නේ තමන්ගේ සහකරුට හෝ සහකාරියට කියලයි. මෙම මානසික තත්ත්වය සඳහා අවශ්‍ය ප්‍රතිකාර තුනක් තිබෙනවා. එනම් ඖෂධ ප්‍රතිකාර ක්‍රමය, මනෝ චිකිත්සනය සහ උපදේශනය සහ සමාජීය ප්‍රතිකාර ක්‍රමයයි. මේ රෝගී තත්ත්වයට ගොදුරුවන බොහෝමයක් අය තුළ ඩිප්‍රෙෂන් (Depression) තත්ත්වයක් හෝ පර්සනලිටි ඩිසෝඩර් (personality disorder) හෝ ඇල්කොහොල් මෙන්ටලි ඩිසෝඩර් (Alcohol mental disorder) වැනි තත්ත්වයන් ඇතිවීමට හැකියාව පවතින්න පු`ඵවන්.


කෙසේ නමුත් සබඳතාවක් තුළ අපි මොනතරම් අනෙකාට ආදරය කළත්, තමන්ගේ සහකරුගේ හෝ සහකාරියගේ ජීවිතයේ අයිතිය සහ නිදහස ඇත්තේ ඔහුට හෝ ඇයටයි. බැඳීම් කැපවීමෙන් බලෙන් රැකගතයුතු නැහැ. ඒවාට නිදහසේ රැඳෙන්නට පියාපත් දුන්විට ඒ සබඳතා නිරායාසයෙන්ම අප ළඟ රැඳෙනවා ඇති.    

නයනා උදයංගනී



 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment