ආදරේ උත්තරීතරයි හරි තැනින් වැලඳගන්න

 

ආදරය ගැන නිශ්චිත නිර්වචනයක් දෙන්න බැහැ. මොකද එකිනෙකා ආදරේ වැලඳගන්නේ එක එක කෝණයෙන් නිසා. සමහර ආදර කතා පිළිසිඳ ගන්නවා විතරයි. උපතක් නැතිවම ඒවා හදවත් ඇතුළෙ මිය යනවා. මේ කොහොම වුණත් ආදරවන්තයින් වෙනුවෙනුත් දවසක් වෙන්වෙලා. ආදරවන්තයින් සහ ආදරේ ගැන වෙනස් විදියක කතාබහක සටහනක් මේ, 

 

අදහස් දැක්වීම 
ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරක 
අකිල විමංග සෙනෙවිරත්න

මුලින්ම ආදරේ සම්බන්ධයෙන් පිරිමි පාර්ශ්වය ගැන කතා කරමු. ආදරේදී ගැහැනිය වගේම පිරිමියාත් හුඟක් අසරණවෙන තැන් තිබෙනවා. ලංකාවේ පිරිමි අපේ සාහිත්‍ය පොතපත ඇතුළෙ ඉන්න ගැහැනිය වගේ ගැහැනියක් බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි පිරිමියෙක් වරද්දා ගන්නා ලොකුම තැන. එයට හේතුව මේ සමාජ පන්තියේ සිටින ගැහැනියකගේ කායික මානසික අවශ්‍යතා සහ පවුල් ප්‍රශ්න නෙවෙයි සාහිත්‍ය පොතේ තිබෙන ආදරය ඇතුළෙ තිබුණේ. සාහිත්‍ය ඇතුළෙදි තමන්ව දාලා යන සැමියාට කාන්තාව ආශිර්වාද කරනවා. මේ සියල්ල සාහිත්‍ය යි. 


එහෙත් අපට ප්‍රායෝගික ජීවිතේදී ප්‍රශ්නයක් නැතිව ඉදිරියට යන්න නම් පිරිමියෙක්ට සිදු වෙනවා ගැහැනියක් පැති දෙකකින් සංසන්දනය නොකර ඉන්න. පළමු කාරණය තමයි පෙම්වතිය හෝ බිරිඳ සාහිත්‍ය සමග සංසන්දනය නොකර සිටීම. උදාහරණයක් විදියට අර ෆිල්ම් එකේ ප්‍රේමවන්තිය හිටියේ මෙහෙමයි, අර සාහිත්‍ය පොත්වල පෙම්වතිය, බිරිඳ ගැන කියන්නේ මෙහෙමයි ආදී ලෙස ඇය සංසන්දනය නොකර ඉන්න ඕනෑ. නමුත් ලංකාවේ ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා මේ සාහිත්‍ය පොතපතේ සිටින පෙම්වතියන් බිරින්දෑවරුන් ගැන සමාජයට බණ දේශනා කරනවා. නමුත් ඒවා අද සමාජයට ප්‍රායෝගික නැහැ. දෙවැනි කාරණය වන්නේ කිසිම වෙලාවක තමන්ගේ බිරිඳ තමන් දන්න කියන ගැහැනියක් සමග සංසන්දනය කරන්න හොඳ නැහැ. “ඇයි තමුන්ට බැරි මගේ යා`ඵවාගේ නෝනා වගේ ඉන්න. ඒ මිනිස්සු කොච්චර හොඳට පවුල් කනවද? ඔයාට තමයි බැරි” මේ විදියට සැසඳීම සුදුසු නැහැ. මොකද මිනිස්සු එකිනෙකාට වෙනස්. 


ඒ වගේම කාන්තාවගේ පැත්තෙන් කතා කරද්දි කාන්තාව කියන කෙනාගේ මනස හැදිලා තියෙන්නෙම අයිති කරගන්න. එහෙමත් නැතිනම් තමන්ගේ කරගන්න. සාමාන්‍යයෙන් පිරිමි ළමයෙකුයි ගැහැනු ළමයෙකුයි එක දවසක හමුවෙලා අතින් අල්ලලා කතාබහ කළොත් නැත්නම් ඊට එහා දෙයකට ගියොත් හෝ හමුවීමකට පස්සේ කාන්තාව හිතන්න ගන්නවා තමන් ඒ කරගත්තේ තමන්ට අපරාධයක්ද කියලා. මේක නොදැනුවත්වම සිදුවෙන දෙයක්. එහෙම හිතලා සමහරවෙලාවට ඒක සාධාරණී කරගන්න ඒ අය මම අයිති එයාට, එයා මගේ කියන සිතුවිල්ල හිත ඇතුළින් ඇති කරගන්නවා. එහෙම බැඳීමක් කාන්තාව විසින් මනස තුළ ගොඩනඟා ගන්නවා. ඒ නිසා තමයි හුඟක් වෙලාවට සමහර බැදීම්වලදි කියන්නේ අපි යාළුවුණු විදිය අපිවත් දන්නේ නැහැ කියලා. නමුත් එවැනි බැදීම් ඇතුළෙ පසුකාලීනව ගැටලු මතුවෙන්න පු`ඵවන්. ඒ නිසා ප්‍රේමය තුළදී හෝ බැඳීම් තුළදි හැම වෙලාවකම ගැහැනියකට වරදින්නේ අයිතිවාසිකම් කියන්න යන නිසයි. 


“එයා මගේ කෙනා, මම කියන දේ විතරයි එයා අහන්න ඕනෑ. එයා අයිති මට” මෙවැනි අයිතිවාසිකම්වලට යෑම එතරම් සුදුසු දෙයක් නොවෙයි. 


එහෙත් අපි සියලු දෙනා එකිනෙකාට වෙනස් මිනිස්සු. දෙන්නෙක් ගැළපෙනවා කියලා කියන්නේ දෙන්නම එකම කෑම කන්න ඕනෑ, දෙන්න එකම දේවල්වලට කැමති වෙන්න, එකට ගමන් බිමන් යන්න ඕනෑ, කියන කාරණා නෙවෙයි. දෙන්නෙක් ගැළපෙනවා කියලා කියන්නේ අනිත් කෙනා කැමති දේවල් මම අකමැත්තෙන් හෝ කරන තැනට අවබෝධ කරගන්න කැපකිරීම් කිරීමයි. හැබැයි ඒක අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ. දෙන්නට දෙන්නා ඒ කැප කිරීම් කරගන්න බැරි නම් ඇත්තටම ප්‍රේමවන්තයින් වෙනවාට වඩා තනියෙන් ඉන්න එක හොඳයි. 

 


අපි සැමරුම් අඩු ජාතියක් 
වැලන්ටයින් එහෙමත් නැතිනම් ආදරවන්තයින්ගේ දිනයේ සැබෑ තත්ත්වය තමයි දන් එය බිස්නස් එකක්බවට පත්වීම. මේ වෙනුවෙන් සමාජයේ විවිධ අදහස් හුවමාරු වෙනවා. සමහරු කියනවා ආදරේ කරනවා නම් මොකටද එක දවසක්? හැමදාම ආදරේ තියෙන්න ඕනෑ කියලා. හැමදාම ආදරෙන් ඉන්න ඕනෑ තමයි. ඒ වුණත් මිනිස්සුන්ට එක දවසක් හරි ඒක සමරන්න දවසක් තියෙන්න ඕනෑ. අපේ රටේ මිනිස්සුන්ට සමරන්න තිබෙන අවස්ථා බොහොම අඩුයි. ජනවාරි පළමුවැනිදට කිරි ඉතිරුවාට පස්සේ ඊළඟට අප්‍රේල් අවුරුද්ද, වෙසක් පොසොන්වලට පස්සේ ආයේ එන්නේ නත්තල් මාසේ. ඒවා ඇතුළෙත් මිනිස්සු දේවල් සමරන්නේ හරිම අඩුවෙන්. 

 

 


මගහැරුණු ආදරය ආපහු අලුත් කරගන්න 
අඩුම තරමේ ආදරවන්තයින්ගේ දිනයට ගෙයක් ඇතුළෙ තමන්ගේ සෙනෙහෙවන්තියට සෙනෙහෙවන්තයාට මලක් හරි දෙන්න පු`ඵවන් නම් බැඳීම් තව ළංවෙනවා. මධ්‍යම ප්‍රාන්තික, ඉහළ පන්තියේ වගේම පහළ පන්තියේ මේ හැම කෙනකුටම වගේ ජීවිතේ මඟහැරුණු තැනක් තිබෙනවා. ඔබ දරුවන් සිටින කාන්තාවක් නම් පිරිමියකු නම් කවදාහරි දරුවන් ඉදිරිපිට ප්‍රසිද්ධියේ එක හාදුවක් හරි හුවමාරු කරගෙන තිබෙනවද? දරුවන් ඉදිරියේ සෙනෙහසින් වැළඳගෙන තිබෙනවද? මේක ඉහළ සමාජ පාන්තිකයින්ට අලුත් දෙයක් නොවුනත් හුඟක් මධ්‍යම පාන්තිකයින්ට තිබෙන ගැටලුවක්. බොහෝ වෙලාවට ඔවුන් දරුවන් ලැබුණට පස්සේ අම්මා සහ තාත්තා කියන දෙන්න දුරස් වෙනවා. නිදාගන්නෙත් ළමයව මැද්දෙන් තියාගෙන. හැබැයි ඉහළ සමාජයට එද්දි ඒක දකින්න ලැබෙන්නේ අඩුවෙන්. අම්මා තාත්තා සිපගන්න ආදරේ කරන්න, සෙනෙහස බෙදාගන්න ළමයින්ව බාධාවක් කරගන්නේ නැහැ. 

 


ජීවිතේම දරුවො කරගත්තම කෝ ඔය දෙන්නට ජීවිතයක් 
මධ්‍යම පන්තියේ හුඟක් දෙනෙක් මේ කාරණය සාධාරණය කරගන්න විවිධ දේවල් හිතනවා. දරුවෝ වෙනුවෙන් අපි හැම කැපකිරීමක්ම කරන්න ඕනෑ. කියන මතය ඔලුවේ හදාගන්නවා. නමුත් එහෙම වෙන්න ඕනැ නෑ. ආදරය සදාතනික විය යුත්තේ ඒ වගේ තැන්වලින්. එහෙම වෙද්දි ජීවිතේ කලකිරෙන්නේ නෑ. මවුපියන් ආදරෙන් ඉන්නවා නම් දරුවෝ වුණත් ඒක දකිනවා. එහෙම වෙලාවට දරුවො වුණත් හිතනවා අම්මටයි තාත්තටයි අපි හිටියත් ඒ දෙන්නට ඒ දෙන්නා ඉන්නවා කියලා. ඉතින් දරුවෝ වුණත් කවදාහරි පවුල් පන්සල් වුණාම ඒ අයත් අම්මා තාත්තා ගිය පාරේ යනවා. 


නමුත් හුඟක් වෙලාවට දරුවො ලැබුණාම මවුපියෝ ආදරෙන් දුරස් වෙනවා. සමහර වෙලාවට ලැජ්ජාව නිසා දෙන්නට දෙන්නා අදහස් හුවමාරු කරගන්නෑ. ඒ වුනත් නොකරන්න ඕනෑ දේවල් නම් ඕනෑ තරම් කරනවා. දරුවෝ ඉස්සරහ රණ්ඩු වෙනවා. ප්‍රශ්න කතා කරනවා. එතකොට ඊළඟ පරම්පරාවේ පෙම්වතුන් අඹුසැමියන් ඇතුළෙ දකින්න ලැබෙන්නෙත් ආදරේට වඩා ගහමරා ගැනීම්. ආදරේ තේරුම් ගන්නේ වැරදි තැන්වලින්. ඒ නිසා දරුවෝ කවදහරි ආදරණීය පෙම්වතුන් අඹුසැමියන් බවට පත්වෙන්න ඔවුන් හැදී වැඩෙන පරිසරයත් බලපානවා. 

 


ආදරේ ඇතුළෙ වැඩිපුරම හිත් රිදුනේ ඇයි?
ආදරේදී හුඟක් වෙලාවට ප්‍රශ්න, ගැටීම්, කලකිරීම් එන්නේ අපි බලාපොරොත්තු වෙන දේ අනෙක් කෙනාගෙන් සිදු නොවුනාම. හුඟක් ප්‍රේමවන්තයින් හිතාගෙන ඉන්නේ ආදරේ කියන්නේ දරුවෙක් හදාගන්නවා වගේ වැඩක් කියලා. කාන්තාවෝ හිතනවා පිරිමියා මට ඕනෑ විදියට ඉන්න ඕනෑ කියලා. පිරිමි හිතතවා ගෑනු කෙනා තමන්ට ඕනෑ විදියට අඳින්න, පලඳින්න ඕනෑ, තමන් කියන විදියට ඉන්න ඕනෑ කියලා. නමුත් කිසිම දිනයක ගැහැනියක් නිසා කිසිම පිරිමියෙක් බොන්න පටන්ගන්න අවශ්‍යත් නැහැ බොන පිරිමියෙක් ඒක නවත්වන්න ඕනැත් නැහැ. කොටට ඇන්ද ගැහැනියක් නම් කිසිම දිනයක පිරිමියකු නිසා දිගට අඳින්න ඕනැත් නැහැ, දිගට ඇන්ද කෙනෙක් නම් කොටට අඳින්න අවශ්‍යත් නැහැ. ඒකට හේතුව මුලදි කෙනෙක් තවත් කෙනෙක්ට කැමති වෙන්නේ තමන්ගේ සාමාන්‍ය තත්ත්වයට. නමුත් කාලයක් යද්දි අනෙක් කෙනාට ඕනෑ විදියට නීති වෙනස්වුනාට පස්සේ එයාම කියනවා ඔයා ඉස්සර වගේ නෙවෙයි වෙනස්වෙලා කියලා. ඒ නිසා හුඟක් වෙලාවට ප්‍රේමයේදී ගැටලු ඇතිවෙන්නේ තමන්ට ඕනෑ විදියට අනෙක් කෙනා ඉන්න ඕනෑ කියලා හිතන නිසා. කෙනෙක් ආදරේ නිසා අකමැත්තෙන් වෙනස් වුනත් ඒ කෙනා වෙනස් වෙන්නේ පීඩනයක් එක්ක ඒ නිසා කල් යද්දි ගැටුම් ඇතිවෙන්න පු`ඵවන්.

 


ආදරේ කියන්නේ හිමි කරගැනීම විතරද?
හුඟදෙනෙක් කියනවා ඇත්තටම ආදරේ නම් අත හරින්න පු`ඵවන් වෙන්න ඕනෑ කියලා. නමුත් පෘථග්ජන මිනිස්සු විදියට ඒක හැමෝටම කරන්න අමාරුයි. නමුත් එහෙම කරන අයත් කලාතුරකින් හමුවෙනවා. තමන්ට ගැළපෙන්නෙ නැතිනම් වේදනාවකින් හෝ අතහරිනවා. නමුත් අනෙකාට වෛර කරන්නේ නැහැ. ආදරේ කරන, යා`ඵ වෙන හැම කෙනෙක්ම කසාද බඳින්න ඕනෑ කියලා නීතියක් නැහැ. ගැළපෙන නොගැළපෙන එක තීරණය කරගන්න ආදරය කරන්න. ආශ්‍රය කරන්න ඕනෑ.  


නිරෝෂා විරාජිනි ගේ ඒ ගැන කියන හරි ලස්සන ගීතයක් තියනවා. ‘සිනා තොටක් විය ඔබ පා මුල මා ලද සරදම්’ කියන ගීතය. එකේ කියවෙන්නේ ඒ වගේ ප්‍රේමයක් ගැන. ‘මගෙන් මිදුන ලොව ඔබට සතුටු නම් එය සැපකි.
ඔබට ළංව දුක කියාගන්න බැරිකම දුකකි.’


ප්‍රේමවන්තයා හිත හදාගන්න උත්සාහ කරනවා. ඉතින් තමන්ට නොගැළපෙනවා නම් බලෙන් ගැළපීම් හදාගන්න උත්සහ නොකර එයින් ඈත්වෙන එක දෙපැත්තටම හොඳයි. 
ඒ වගේම තමයි මොකක් හරි හේතුවක් නිසා අතහැරුණාම තමයි අපි ආදරය කරලා තිබෙන සැබෑ මනුස්සයාගේ චරිතය එළියට එන්නේ. හොඳින් ඉන්නතුරු ඉර දෙන්නම් හද දෙන්නම් කිය කියා ආදරය කරපු අය අතහැරලා ගියාම චරිත ඝාතනය කරනවා, ජීවිතේ විනාශ කරන අවස්ථා ඕනෑ තරම් දකින්න ලැබෙනවා. නමුත් ආදරය තිබෙන්නේ එතැන නොවෙයි. ඒ හැඟීම උත්තරීතරයි. ඒ නිසා ජීවිතේ විඳින්න නම් ආදරේ හරිම තැනින් වැලඳගන්න ඕනෑ.

නයනා උදයංගනී


                

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment