බුදුන් වහන්සේගේ පහස ලද මහියංගනය බෞද්ධයන්ගේ පූජනීය පුදබිමකි. දෙස් විදෙස් සංචාරකයින්ට මහියංගනය සංචාරයේදී දැකබලා ගැනීමට බොහෝ ස්ථාන ද ඇත. ඒ අතරින් වස්ගමුව ජාතික උද්‍යානය, දඹාන, රත්න ඇල්ල, සීතාකොටුව (ගුරුළුපොත) බඹරගල, මීමුරේ, මාදුරුඔය ඉන් කිහිපයකි.
මහියංගන සංචාරයේ තවත් සුවිශේෂී මතකයක් ලෙස 18 වංගුව සඳහන් කළ හැකිය. වසර කීපයකට පෙර දහඅට වංගුව අසීරු ගමනකි. එහෙත් ඉතා චමත්කාරජනක අත්දැකීමකි. අද ද එය නොවෙනස්ය. සොබාදහමේ අපූර්වත්වය විඳගැනීමට මාර්ගය දෙපස සංචාරකයන් රැඳී සිටිනු දැක ගත හැකිය.
නිශාන්ත මල්බැද්දගේ මහතා |
මහියංගනයේදී නැරඹීමට යා යුතුම වූ සංචාරක ස්ථානයක් හඳුන්වා දීමට අප මෙවර සූදානම් ය. මෙය ඵෙතිහාසික වූත් ලෝකය විස්මයට පත් කළ නිර්මාණයකි. එය තවත් විශේෂ වන්නේ එය තනි පුද්ගලයෙකුගේ වෙහෙසකර ප්රතිඵලයක්වීම නිසාය.
ඒ විස්මිත නිර්මාණය සොරබොර වැවයි.
සොරබොර වැව ක්‍රිස්තු පූර්ව 102 දුටුගැමුණු රජු දවස ඉදි කර ඇත. මෙහි නිර්මාතෘවරයා ලෙස සඳහන් වන්නේ බුලතා නම් තරුණයෙකි. ඔහු කවුරුත් හඳුන්වා ඇත්තේ බුලතා යෝධයා ලෙසය. ඔහු හා සොරබොර වැව සම්බන්ධ ජනප්‍රවාද කීපයක් තිබේ. එයට පෙර දැනගත යුතු කරුණු කීපයකි.
‘සාරබොර වැව’ මුහුදු මට්ටමේ සිට අඩි 3136 ක් උසින් යුක්තය. ජල මට්ටම අඩි 16800 කි. වැව් බැම්මේ දිග අඩි 1590 කි.. මෙහි පළල අඩි 20 කි. උස ප්‍රමාණය අඩි 28.6 කි. වැව් ජලයෙන් වගා බිම් අක්කර 2000ක් පෝෂණය වේ. මේ දත්ත අනුව ඔබට සොරබොර වැවේ විශාලත්වය වටහා ගැනීමට හැකියි්. මෙවන් නිර්මාණයක් අප රටට කෙතරම් අභිමානයක්ද?
දුටුගැමුණු රජතුමා එළාර රජු සමග යුද වදින සමයේ මාගම්පුර සිට රජරටට යන ගමනේදී මහියංගනය ආශ්‍රිතව කඳවුරු බඳිමින් සේනාංක රැස් කළ බව සඳහන් වෙයි.
මේ කාලය තුළ දුටුගැමුණු රජතුමා වෙහෙර විහාර දාගැබ් ඉදි කළේය. එම කටයුතු අතරතුර ජනතාව සමග සමීපව සම්බන්ධව සිට දුටුගැමුණු රජතුමා ගම්මුන් මෙන්ම බුලත් කෑමට හුරු වූ බැවින් රජතුමාට බුලත් සැපයීමට විශ්වාස වූ පුද්ගලයෙකු පත් කර තිබේ.
ඒ සඳහා උඩුදුම්බර කිරිපිටිය නම් කුඩා ගමේ සිටි ජවසම්පන්න තරුණයෙක් වන බුලතා පත්කර තිබේ. බුලතා විසින් රජතුමාට සේවය කරන අතරතුර ගමන් ගත්දී මෙම ගල්තලාව (සොරබොර වැව) දැක ඇත. කුඩා කඳු දෙකක් මැදින් ගලාවිත් බැස යන ජල කඳ හරස් කර වේල්ලක් බැන්දොත් කෙත්වතු කෙතරම් සරුසාර කළ හැකිද යන්න සිතින් මවාගත් ඔහු ගලින් ගල එක්කොට මෙම ජලාශය ඉදිකළ බව ජනප්රවාදයේ කියැ වේ. මෙම කටයුත්තට බුලතාගේ බිරිඳ ද සහයක් වී ඇති බවත් සඳහන් ය. මෙහි ඉදි කළ බිසෝ කොටුව ස්වාභාවික ගල් දෙකක් මැදින් නිර්මාණය කර ඇත. එය අද ද එදා මෙන්ම කිසිදු වෙනසක් නොකර ආරක්ෂා වී තිබේ. මෙම සොරොව්ව නිර්මාණය අද්විතීය ඉංජිනේරු තාක්ෂණයක් හුවා දක්වයි.
මෙවන් විස්මයජනක සොරබොර වැවේ බෝට්ටු සංචාරයක යෙදීමට මෙහි එන සංචාරකයින්ට අවස්ථාව තිබේ.
මෙයට අමතරව වර්තමානයේ අවට සංචාරක හෝටල්වලින් සංවිධානය කරනු ලබන කෑම්පින් පහසුකම්ද ඇත. ජලාශයේ පිහිටි කුඩා දූපත්වල ඔරුැ යමඑ තුළ රාත්‍රිය ගත කිරීමට හැකිය. ආහාරපාන ලබා ගැනීමට ඊ.ඊ.ූ පහසුකම් සලසා ගැනීමට ද ඔබට හැකිය. සංචාරක හෝටලයක නවාතැන් නොගත්තත් සොරබොර වැව ජලාශයේ බෝට්ටු පදවන්නන් හමුවීමෙන් අවශ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවද ඇත.
මහියංගනය, දඹාන හෝ එම ප්‍රදේශයේ වෙනත් සංචාරයක නියැළෙන ඔබට සොබොරවැව ජලාශය ආශ්‍රිතව රැයක් ගත කිරීමටත් වෙලව වෙන් කරගන්න.
සැබවින්ම එය චමත්කාරජනක අත්දැකීමක්ම වනු ඇත.
සටහන/ඡායාරූප: ශාන් බන්දු වීරසිංහ