කාන්තාව නිදහස් වෙන්න ඕනෑ කාගෙන්ද?

 

කාන්තා දිනය දවසට ලෝකයේ හුඟදෙනෙක් කාන්තා අයිතීන් සහ කාන්තා නිදහස වගේම කාන්තා හිංසනය ගැන විවිධ අදහස් ප්‍රකාශ කරනවා. සාකච්ඡා කරනවා. කෙසේ නමුත් මාර්තු අට (08) වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ වන්නේ 1908 වර්ෂයේදී. ඒ කාන්තාවන් පහළොස්දහසක පමණ සංඛ්‍යාවක් තමන්ගේ අයිතීන් කිහිපයක් ඉල්ලමින් නිව්යෝක් නඟරයේ පැවැත්වූ පාගමනක් හේතුකරගෙනයි. හොඳ වැටුපක්, ඡන්ද අයිතිය සහ ඔවුන් වැඩ කරන පැය ගණන කෙටි කර දෙන ලෙස කළ ඉල්ලීම් මේ පාගමනට හේතු වී තිබෙනවා. මෙම අයිතීන් ඉල්ලා වසරකට පසුව අමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් පළමු කාන්තා දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෙසේ වුණත් ලෝකය පුරා සිදු වූ කාන්තා පිබීදීමේ ප්‍රතිඵලයක් ලෙස ලාංකීය කාන්තාවටත් සමාජය තුළ මේ වන විට විශාල වටිනාකමක් සහ බොහෝ අවස්ථාවලදී සම අයිතීන් හිමි වී තිබෙනවා. 
මෙවර කාන්තා දිනයේදී අපේ සූදානම අපේ රටේ උගත් සහ පිළිගත් කාන්තා චරිත කිහිපයක් එකතු කරගෙන ඔවුන් ලාංකීය කාන්තා නිදහස දකින විදිය ගැන කතා කිරීමට ය.


 

ඔබටත්  කාලයක් හොයා ගත්තද?

සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනී, කෞෂල්‍යා ප්‍රනාන්දු

කාන්තා දිනය කියලා විශේෂ දිනයක් තිබිය යුතු නැහැ කියලා මම හිතනවා. අවුරුද්දේ දවස් තුන්සිය හැටපහම කාන්තා දිනය තමයි. ඇත්තටම පවුලේ ජීවය කියන්නේ කාන්තාව. ඇය තමයි ස්වාමි පුරුෂයාට වුණත් සාර්ථක ගමනක් යන්න උදවු කරන්නේ. දරුවන්ගේ බර සහ මු`ඵ පවුලෙම වගකීම තියෙන්නේ කාන්තාව ළඟ. කාන්තාවකට ඉස්සරට වඩා දැන් නිදහසක් තිබුණත් මේ නිදහස ලබා ගන්න කාන්තාවත් සූදානම් වෙන්න ඕනෑ. 
උදාහරණයක් විදියට කියනවා නම් සමහර කාන්තාවෝ ඉන්නවා ඔවුන් ගෘහිණියන් විදියට උදේ ඉඳලා හවස්වෙන තුරු එකම ඇඳුම ඇඳගෙන මු`ඵ දවසම වැඩ රාජකාරිවලට හිරවෙලා සිටිනවා. නමුත් එහෙම ඉන්න ඕනැ නෑ. ඇය දැනගන්න ඕනෑ පවුලේ අනෙක් අයවත් එකතු කරගෙන වැඩපල බෙදාගෙන කරන්න. තමන්ට නිදහසක් ලබා ගන්න ඕනෑ තමන්මයි. මල් පැළ වගා කරන්න හෝ තමන් කැමති දෙයක් මහන්න, ගොතන්න, තමන් කැමති ඕනෑම දෙයක් වෙනුවෙන් කාලය හදාගන්න ඕනෑ කාන්තාවමයි. අඩුම තරමේ තමන් කැමති විදියට ඇඳපැලඳගෙන කැමති වෙලාවක නිවසින් පිටතට යන්න නිදහස නිර්මාණය කරගන්න ඕනෑ ඇයයි. එහෙම නැතිව මු`ඵ දවසම ගෙදර වැඩටම සේන්දු වෙලා හිටියොත් එයින් තමන්ට අභිමානයකුත් නැහැ. අනෙක් අය තමන්ට ගරු කරන්නෙත් නැහැ. ඔවුන් හිතනවා ඒ වැඩ අම්මා කෙනෙක් හෝ ගැහැනියක් විදියට ඇයකළ යුතුමයි කියලා. හුඟක් ගෙවල්වල අම්මා ඇඳුම් ටික හෝදන්න ඕනෑ. ඒ හෝදපු ඇඳුම් ටික වැලට දාන්න ඕනැත් අම්මා. ඉතින් ඇයට පු`ඵවන් වෙන්න ඕනෑ දරුවන් ලවා ඔවුන්ට කරන්න පු`ඵවන් කටයුතු කරවන්න. 


දැන් සමාජයේ හුඟක් අය උගත් කාන්තාවෝ. ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේත් ඕනෑ තරම් දකින්න පු`ඵවන් නිදහස් ජීවිත. නමුත් මේ අදහස් කරන්නේ පවුල් ජීවිත කඩාකප්පල් කරගෙන විමුක්තිය සොයන නිදහස නෙවෙයි. කාන්තාවක් කියන්නේ අභිමානයෙන් ජීවත්විය යුතු කෙනෙක්. ඒ අභිමානය, ශක්තිමත් පෞරුෂය ඇය සමාජයේදී වගේම පවුල තුළදීත් රැකගන්න ඕනෑ. විශේෂයෙන් පවුල තුළ තමන් දරන වගකීම් ප්‍රමාණය කොපමණද කියන එක කාන්තාවට තීරණය කරන්න පු`ඵවන්. සමහර මවුවරු සිටිනවා දරුවා ඉගෙන ගන්නවා කියලා ඒ ළමයින්ට ඇල්පෙනෙත්තක තරම් දෙයකවත් වැඩක්  දෙන්නේ නෑ. උදේ ඉඳලා පාඩම් කරනවා කියලා ඒ දරුවන්ට හැමදේම අතට පයට කරලා දෙනවා. ඒක වැරදි දෙයක්. දරුවන්ට ඉගෙන ගන්න වගේම ජීවත් වෙන්නත් පුරුදු කරන්න ඕනැ. එහෙම වුණාම ඒ දරුවොත් කවදහරි තව කෙනෙක් දිහා බලාගෙන ඉන්නේ නැතිව ඔවුන්ගේ වැඩ ඔවුන්ම කරගන්නවා. ඒ නිසා කාන්තාවක් විදියට තීරණය කරන්න ඕනැ දවසේ යම්කිසි වෙලාවක් නිදහසේ තමන් වෙනුවෙන් ගත කරන්න අවශ්‍යයි කියන එක. අනෙක් කාරණය රැකියාව හෝ පවුලේ වගකීම් මොනතරම් තිබුණත් කාන්තාවක් විදියට යම්කිසි වෙලාවක් සමාජය වෙනුවෙන් යම් දෙයක් කරන්න යෙදවිය යුතුයි. විශේෂයෙන් දේශපාලන සහ ආර්ථික වශයෙන් දැනුවත් වෙන්න, තමන් ගන්න තීරණය නිවැරදිද කියලා දැනුවත් වෙන්න කාලය සොයාගත යුතුයි. එහෙම නැතිව තමන්ගේ සැමියා කියන නිසා හෝ දරුවන් සහ සමාජ කථිකාවත් නිසා ඡන්දේ දෙන කෙනා තීරණය කරන්න තරම් නොදැනුවත්කමක ජීවත්වෙන්න කාන්තාවට අයිතියක් නැහැ. හැම මොහොතකම දැනුවත්වෙලා තීරණ ගන්න ඕනෑ. ඒ නිසා කාන්තාවක් විදියට දැනුම සොයාගන්න ජීවිතේ විඳින්න නිදහස සොයාගත යුත්තේ කාන්තාවමයි.


 

මුළු සමාජයකම ගෞරවය රකින්නේ ඇයයි 
 ප්‍රවීණ ලේඛිකා දර්ශනා ශම්මි විජේතිලක  


කාන්තාවක් හරිම ප්‍රියමනාප, මෘදු ගතිපැවතුම් තිබෙන කෙනෙක් වෙන්න ඕනෑ. ඒ වගේම ඇය ඇතුළතින් ශක්තිමත් වෙන්න ඕනෑ. එයින් අදහස් කරන්නේ පිරිමියා අබිබවා යන්න කියන එක නොවෙයි. හුඟදෙනෙක් කාන්තා දිනය කිව්වාම එහිදී කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. ඇත්තම කාන්තා නිදහස කියන්නේ විමුක්තිය ගැන කතා කිරීම නොවෙයි. ගෘහිණියක් වුණාම පුරුෂයා වගේම ශක්තිමත් වෙලා ඔහු සමග ගමනක් යන්න ඕනෑ. ගැහැනිය අමාරුවෙන් කන්දක් නගිද්දි ගල් පර්වත, ගස්, පඳුරු අල්ලගෙන උඩට යනවට වඩා පිරිමියෙකුගේ අතින් අල්ලගෙන ඒ ගමන යනවා නම් හරිම ලස්සනයි. ඒ නිසා ඇය පිරිමියෙකු සමග එකට ජීවත්වෙද්දි නිදහසේ ජීවත්වෙන්න නම් ඇයට පු`ඵවන් ඒ පරිසරය නිර්මාණය කරගන්න. සොබාදහමෙන් ඇයට මෘදු මොළොක්, නම්‍යශීලී ගති පැවතුම් දීලා තියෙන්නේ එහෙම ජීවත්වෙන්න පහසු වෙන්නයි.


එහෙත් අද තරුණ කාන්තාවන් ඉක්මන් තීරණ ගන්න පෙලඹිලා. හුඟක් වෙලාවට පියවරුන්ට වඩා මවුවරුන් දරුවන්ට උගන්වන්නේ තරග කරන්න, සහ අනෙක් කෙනා අබිබවා යන්න. එය බහුතරයක් සිදුවෙන්නේ කාන්තාවන්ගේ පැත්තෙන්. එහෙම වෙද්දි අලුත් සමාජයේ දරුවන් තුළ ඉවසීම, ආදරය, දරාගැනීම අඩුවෙලා. ඔවුන් ආක්‍රමණශීලී වෙලා. එහෙම හැදුණු පිරිමි දරුවෙක් නම් ඔවුන් දවසක වැඩිහිටියන් වුණාම කටයුතු කරන්නෙත් ඉවසීම සහ ගරුත්වයෙන් ඈත්වෙලා. එහෙම දරුවෙක් සමහර වෙලාවට බිරිඳට, මවට නැතිනම් සොහොයුරියටත් ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර දක්වන්න පු`ඵවන්. එහිදී එම සමාජ වටපිටාව යහපත් ලෙස ගොඩ නැඟීමේ විශාල වගකීමක් තියෙන්නෙත් කාන්තාවට. ඇය ඒ වගකීම හරියට දරන්න ඕනෑ. ඒ නිසා කාන්තාවක් විදියට තමන්ට අවශ්‍ය නිදහස ගෞරවය ගොඩනඟා ගන්න පු`ඵවන් එකම කෙනා වෙන කවුරුත් නොවෙයි තමන්මයි.


 

කාන්තාවට නිදහස අහිමි කරන්නෙ තවත් කාන්තාවක් 
කොළඹ ජාතික රෝහලේ උගුර කන හා නාසය අංශයේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය

ඉන්දියානු සමාජයේ සහ ඒ වගේ තවත් හුඟක් රටවල කාන්තාවන් පත්වෙන තාඩන පීඩන සමග  ලාංකීය කාන්තාවට සමාජයේ හිමිවෙලා තිබෙන තැන ගැන සතුටක් තිබෙනවා. අපේ රටේ හුඟක් කටයුතුවලදි ගැහැනු පිරිමි භේදයක් නැහැ. මම කැමතියි ඇය වගකීම් සහගත තැනැත්තියක් වෙන තැන ඉඳලා කතා කරන්න.


විශේෂයෙන් වැඩිවිය පැමිණියාම ඉස්සර අපේ සමාජයේ උත්සවයක් ගත්තා. නමුත් මේ වෙනකොට ටිකෙන් ටික ඒ චාරිත්‍රය සමාජයෙන් බැහැරවෙමින් තිබෙනවා. නමුත් මම කැමතියි ඉතාම සරල විදියට හරි ඒ චාරිත්‍රය පවතිනවට. වැඩිවිය පැමිණෙනවා කියන්නේ ඇය ගැබ් ගැනීමට සුදුුසු දැරියක් බවට පත්වෙනවා කියන එක. එහෙම වුණාම ඉස්සර වැඩිහිටියන් ඒ චාරිත්‍ර කරලා ඇය දැන් වැඩිවිය පැමිණිලා නිසා අවදානම් සබඳතා පැවැත්වීම ගැන බිය ඔවුන්ට කියලා දුන්නා. නමුත් අද ඒක සාමාන්‍ය දෙයක් වෙලා නිසා හුඟක් ගැහැනු ළමයින්ට තමන් ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා ඔවුන් හුඟක් වෙලාවට අනවශ්‍ය සබඳතාවලින් ගැබ් ගැනීම් සිදුකර ගන්නවා. විශේෂයෙන් ඒකට තවත් මූලික හේතුවක් වෙලා තියෙන්නේ ලිංගික අධ්‍යාපනය හරිහැටි නොලැබීම. පිරිමි දරුවන්ට වගේම විශේෂයෙන් අපේ රටේ ගැහැනු දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් හිමිවෙන්න ඕනෑ. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන ලොකු වරදක් විදියට මම දකිනවා. ඒ නිසා අපේ මවුපියෝ ගැහැනු දරුවන්ගේ නිදහස අනවශ්‍ය විදියට හිරකරලා තිබෙනවා.


හුඟක් වෙලාවට ගැහැනු ළමයින්ට තනියම රාත්‍රී ගමන් බිමන් තහනම්, ටියුෂන් ක්ලාස් එකට වුණත් යන්නේ අම්මා හෝ තාත්තා එක්ක. ඒ නිසා මම හිතන්නේ එක පැත්තකින් විතරක් කාන්තාවට නිදහස ලැබිලා වැඩක් නැහැ. හැම පැත්තකින්ම ඇයට නිදහස ලැබෙන්න ඕනෑ. තනියම හැම දෙයක්ම කරගන්න පු`ඵවන් විදියට සමාජ පරිසරය නිර්මාණය වෙන්න ඕනෑ. නීති නිර්මාණය වෙන්න ඕනෑ.


කාන්තාවකට හුඟක් වෙලාවට නිදහස අහිමි කරන්නෙම තවත් කාන්තාවක් කිව්වොත් වැරදි නැහැ. රැකියාවෙදි වුණ ත් මවක් නම්, දරුවෙකු ලැබෙන්න ඉන්න කාන්තාවක් නම් පිරිමි අයගෙන් ඇයට හුඟක් වෙලාවට අනුකම්පාව හිමිවෙනවා. නමුත් කාන්තාවන් අතර ඒක දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඉතින් කාන්තාවක් විදියට තමන්ගේ නිදහසට වගේම තවත් ගැහැනියකගේ නිදහස වෙනුවෙන් කටයුතු කරන්න පු`ඵවන් නම් වැදගත් කියලා හිතනවා.


තවමත් අපේ කාන්තාවන් තාක්‍ෂණයෙන් ඈතයි
ආචාර්ය අනූෂා එදිරිසිංහ, අධ්‍යක්ෂක, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යාන කේන්ද්‍රය, කැලණිය  විශ්වවිද්‍යාලය.


මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ මූලික තේමාව බවට පත්වෙලා තියෙන්නේ කාන්තාව සහ තාක්ෂණය කියන මාතෘකාව. ඒ නිසා ඒ ගැන කතා කරන්නම්. තාක්ෂණය කියන විෂය ඇතුළෙ පිරිමියාට සාපේක්ෂව ගැහැනි සිටින්නේ එක්තරා රාමුවක් ඇතුළෙ. ඒ කියන්නේ විශේෂයෙන් අපේ රටේ තාක්ෂණික විෂයවලට වැඩි නැඹුරුතාවක් දෙන්නේ පිරිමි. ගෘහවිද්‍යාව, නිර්මාණ විෂයන් සමාජය විසින්ම කාන්තාවන්ගේ පැත්තට බරකරලා තියෙනවා.


ඒ නිසා තාක්ෂණික විෂයන් ගැන ගැහැනු අයට තිබෙන දැනුම හරිම අඩුයි. සමහර වෙලාවට මෙහෙම කියද්දි කෙනෙක්ට හිතන්න පු`ඵවන් අද තරුණ ගැහැනු ළමයින් එහෙම නැහැ කියලා. නමුත් පාසල් අධ්‍යාපනයේදී ගැහැනු ළමයින් තාක්ෂණික විෂයන් ඉගෙන ගත්තත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙදී හුඟක් තරුණියන් එවැනි විෂයන් තෝරා ගන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසයි ඉංජිනේරු අංශවල වුණත් වැඩි පිරිසක් පිරිමි දරුවන් සිටින්නේ. එය නිර්මාණය කරලා තියෙන්නේ මේ සමාජය විසින්මයි. ගැහැනු ළමයෙකුට නම් වැඩිපුර ගැළපෙන්නේ ගුරු වෘත්තිය වගේ රැකියාවක්. මොකද විවාහ වුණාම නිදහසක් නැති නිසා බර වැඩි ගැහැනු අයට ගැළපෙන්නෙ නෑ කියන හුඟක් වැරදි මත මේ සමාජයෙන්ම බිහිවෙලා තියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපේ අධ්‍යාපනය ක්‍රමය තුළ කාන්තාව මූලික කරගත් විෂයන් බිහිවෙන්න ඕනෑ. 


විශේෂයෙන්ම හුඟක් කාන්තාවෝ හිංසනයට ලක්වෙන්න තාක්ෂණය ගැන තිබෙන අඩු දැනුමත් බලපානවා. සමාජ මාධ්‍ය ඔස්සේ හුඟක් වෙලාවට කාන්තාවන් අතවරයට ලක්වෙන අවස්ථා තිබෙනවා. ඒ ගැන පවතින නීති ගැන හුඟක් වෙලාවට ඔවුන් දැනුවත් නැහැ. ඒ වගේම දෛනික කටයුතුවලදී වුණත් මේ දැනුම ඔවුන්ට තිබෙනවා නම් වටිනවා. එය පාසල් අධ්‍යාපනයෙන් වගේම පවුල තුළින් පොඩි කාලේ ඉඳලම ඒ පන්නරය සහ දැනුමත් කාන්තාවකට හිමිවෙනවා නම් සමාජයේ ඇයටත් තාක්ෂණය අතින් පිරිමින් හා සමව ඉහළටම ගමන් කරන්න පු`ඵවන්.
 


නයනා උදයංගනී


 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment