මාර්තු 8 වනදාට යෙදී ඇත්තේ මාතෘත්වය මුල්කරගත් ජාත්‍යාන්තර කාන්තා දිනයයි. මාතෘ අභිමානය කිසිසේත්ම දිනකට ලඝුකළ නොහැකියි. ලාංකීය ඉතිහාසය විප්ලවීය කරමින් ලොව ප්‍රථම අගමැතිනිය ලොව ප්‍රථම විධායක ජනපතිනිය ආදි චරිත ජනගත කළේද ලාංකීය කාන්තාවන්ය.
අතීත කාලයේ පටන් කාන්තාවකගෙන් ජීවන අරගලය වෙනුවෙන් වූ කාර්යද සුළුපටු නොවීය.ඒ තුළ ජාති ආගම් කුලමල කිසිවක් නොවිනි.පිරිමින්ට පමණක් සීමා වූ ජීිවන වෘත්තීන් තුළ පිරිමියාට සමගාමීවම එකී ජීවන වෘත්තීන් තුළ යෙදෙන කාන්තාවන්ද මේ සමාජයේ තවමත් ජීවත් වනවායැයි සඳහන් කළහොත් එය පුදුමයට කාරණාවක් ද විය හැකියි.කාන්තා දිනයට සමගාමීව මෙවර ,සිරිකත එවැනි කාන්තා පිරිසක් සොයාගෙන පිවිසුණේ සිංහරාජ අඩවියේ දුෂ්කර ගම්මාන කීපයකටයි.
සිය පවුලේ ජීවනාරගලය වෙනුවෙන් කිතුල් කර්මාන්තයේ යෙදෙන කාන්තාවන් පිරිසකි. කිතුල් මලේ බෙහෙත් තැබීමේ සිට රැක්ක කිතුලක වැරබැඳ උදේ හවස ගසෙහි අවදානම් පියවර තබන්නේ පිරිමියා විසිනි.එය අවදානම් සේම ඉතාම සංවේදීව කළ යුත්තකි. කිතුලක් මැදීමත් සෑම පිරිමියෙකුට ම කළ හැකි කාරියක් නොවේ.උදේ හවස ස්වාමියා ගෙනවිත් දෙන කැත්ත(තෙලිජ්ජ මුට්ටිය)එකතු කර පැණි උණු කිරීම, හකුරු හැඳිගෑම කළේ කාන්තාවයි.නුමුත් අපට හමු වූ කාන්තාවන් ගස්මැදීම, බෙහෙත් තැබීම, කැත්ත බෑම පවා කරන්නේ ඔවුන් අතිනි.පුවත්පතකට තොරතුරක් දීම ඔවුන් ගේ ඡායාරූපයක් ගැනීමට පවා ඔවුන් අකමැතිව ඇත්තේ ඒ තුළින් ඔවුන්ගේ දරුවන්ට ලැජ්ජාවක් ඇතිවේයැයි සිතමිනි. “ඉස්සර හකුරු හැදුවේ එක කුලයක අය විතරයි. කුල බෙදුනේ ඒ ඒ වෘත්තිය අනුවයි. නමුත් අද වන විට එය කුලයකට සීමා වෙලා නැහැ.මම කිතුල් ගස් දෙකක් මදිනවා.මගේ මහත්තයා දරුවෝ පොඩි කාලේම නැති වුණා.එයත් සිංහරාජ කැලෑව ඇතුළෙ වාඩි හදාගෙන මහත්තයට උදවු කළ අත්දැකිම් මට තිබුණා. එයා තරමටයි. පිරිමිය කාන්තාව කියල නැහැ. හරියට මල බලාගන්නවනම් හොඳට තෙලිජ්ජ එනවා. අපේ මහත්තයා ගස් පහක් මදිනවා. මම ගස් දෙකක් මදිනවා. සමහර දවස් වලට මට මහත්තයා මදින ගස්වලටත් යන්න වෙන වෙලාවල් තියනවා. අපි ජීවත් වෙන්නෙ කිතුල් කර්මාන්තය නිසයි.කාන්තාවොත් මේ අවදානම් වැඩේ කරනව කියල රටේ අය දන්නෙ නැහැ. අපි වුණත් ඒක කියන්න කැමැති නෑ. වෙන ආදායම් මාර්ගයක් තිබුණනම් මම මේ වැඩේ කරන්නෙ නැහැ.,, කිතුල් මදින තවත් එක් කතක් එසේ කීය. සිංහරාජ කලාපයේ කිතුල හා බැඳි උප සංස්කෘතීන් ගණනාවක් තිබේ. අපේ ගවේෂණයේ අරමුණ වූයේ ඒ හා බැඳුන මාතෘ දායකත්වය පිළිබඳව යම් විමර්ශනයක් කිරිමයි. සිංහරාජ වන ඇතුළේ අනවසරයෙන් සේම වනයෙන් පිටත සිය ඉඩකඩම් තුළද මේ කර්මාන්තයේ යෙදෙන පිරිස බොහෝය. ඒ පිරිස අතර ඇතැමෙකු මේ කර්මාන්තයේ යෙදෙන්නේ අමතර ආදායම් මගක් ලෙසිනි.
සිංහරාජ මායිමේ 5 කණුවේ පදිංචි පනස් හය හැවිරිදි සෝමදාස මහත්මියද ගෘහ ආර්ථිකයට ශක්තියක් වෙමින් අමතර ආදායමක් ලෙස පැණි හකුරු නිපදවීමට දායක වී තිබේ. ඇය ඒ පිළිබඳව පැවැසුවේ මෙවැනි අදහසකි. ,, ,, හොද පැණි බෝතලයක් හදා ගන්න තෙලිජ්ජ බෝතල් හතක් විතර උණු කරන්න ඕනි. හකරු කිලෝ එකට එයටත් වඩා යනවා. පැය තුනක් විතර උණුවෙන්න තියල අපි වත්තෙ වැඩට යනවා.දැන් පැණිබෝතලය රුපියල් 800ට වගෙ තමයි අපෙන් ගන්නෙ. රා දෙනවනම් බෝතලය රු 200ට දෙන්න පුළුවන්. ඒත් ගැහැනු අපට ඒ දේවල් කරන්න බෑනෙ .ඉතින් පැණි විකුණල අමතර ගාණක් ගන්නවා.සිංහරාජය ළඟ නිසා කැලෙන් එළියට ඇවිත් ඉන්න තනිඅලියගෙන් කිතුල් කර්මාන්තයට හුගාක් කරදරයි. මේ කර්මාන්තයේ යෙදෙන අය වෙනුවෙන් ආධාර උපකාර දීල තියන තැන් අපට දැනගන්න ලැබුණත් අපටනම් ඒ දේවල් ලැබුණෙ නැහැ. කිතුල් කර්මාන්ත කරුවන්ට වගේම ඒ සමග ඉන්න කාන්තාවන් වෙනුවෙනුත් රාජ්‍යය මට්ටමින් මීට වඩා අවධානයක් යොමු කරල දෙන්න කියල ඉල්ලනවා. සමහර අය සිංහරාජය ඇතුළෙ හොරෙන් මල් කපනවා .අපි ඉල්ලිමක් කරනවා රක්ෂිතය ඇතුළෙ කිතුල් මදින්න නීත්‍යානුකූලව කොන්දේසි සමග අවසර ලබා දෙන්න කියල ,, විශේෂ ස්තුතිය කජු සංස්ථාවේ අධ්‍යක්ෂ අය් .ඩබ්.සමන් කුමාර මහතාට පිංතුර හා සටහන චාමින්ද දිසානායක නැතිවුණාට පස්සෙ මගෙ දරුවො ජිවත් කරවන්න ආදායම් තිබුණෙ නෑ. ඒ නිසා මට සිදුවුණා කිතුල් මදින්න.කැලෑව ඇතුළට යන්න අපට අවසරයක් නෑ.
හොරෙන් තමයි මේ වැඩේ කරන්නෙ .මම දැන් නගින ගස් දෙක අඩි සීයකට වඩා ලොකුයි.ලොකු අවදානමක් තිබුණත් දැන් අවදානමට හුරු වෙලා.රිලවුන්ගෙ න් වඳුරන්ගෙන් අලින්ගෙන් මේ කර්මාන්තයට කරදරයි.ඒත් අපි ඒ සතුන්ගෙ සිමාවෙ මල්කපන්නෙ .අපි එයාලටත් කරදරයක් නොකර මේ වැඩේ කරනවා .මගෙ දරුවො තුන් දෙනාම තාම පාසැල් යනවා. එයාල කවදාවත් මේ කර්මාන්තයට යොමු කරන් නෑ.,සිංහරාජයේ එක කලාපයක කිතුල් මදින නම ගම හෙළිනොකළ හතළිස් අටහැවිරිදි කාන්තාවක් එසේ කීය.
“කිතුල් මදින්න පුළුවන් ගැහැනු අය හයදෙනෙක් මේ පැත්තෙ ඉන්නවා . ඒත් ඒක කවුරුත් ප්‍රසිද්ධියේ කරන්නෙ නෑ. ගහක් මදින තැනවත් කාටවත් කියන්නෙවත් නැති අය ඉන්නවා.කිතුල් මලට බෙහෙත් බැඳල මල ඉවරවෙනකම් හරියට ළමයෙක් බලාගන්න වගෙ බලාගන්න ඕනි. කිතුල් මල හරිම සංවේදියි. තෙලිජ්ජ වැඩිපුර එන්නෙත් මල සංවේදීව බලා ගන්න තරමටයි.පිරිමිය කාන්තාව කියල නැහැ. හරියට මල බලාගන්නවනම් හොඳට තෙලිජ්ජ එනවා. අපේ මහත්තයා ගස් පහක් මදිනවා.මම ගස් දෙකක් මදිනවා.සමහර දවස් වලට මට මහත්තයා මදින ගස්වලටත් යන්න වෙන වෙලාවල් තියනවා. අපි ජීවත් වෙන්නෙ කිතුල් කර්මාන්තය නිසයි. කාන්තාවොත් මේ අවදානම් වැඩේ කරනව කියල රටේ අය දන්නෙ නැහැ.අපි වුණත් ඒක කියන්න කැමැති නෑ. වෙන ආදායම් මාර්ගයක් තිබුණනම් මම මේ වැඩේ කරන්නෙ නැහැ.,, කිතුල් මදින තවත් එක් කතක් එසේ කීය.
සිංහරාජ කලාපයේ කිතුල හා බැඳි උප සංස්කෘතීන් ගණනාවක් තිබේ.අපේ ගවේෂණයේ අරමුණ වූයේ ඒ හා බැඳුන මාතෘ දායකත්වය පිළිබඳව යම් විමර්ශනයක් කිරිමයි. සිංහරාජ වන ඇතුළේ අනවසරයෙන් සේම වනයෙන් පිටත සිය ඉඩකඩම් තුළද මේ කර්මාන්තයේ යෙදෙන පිරිස බොහෝය. ඒ පිරිස අතර ඇතැමෙකු මේ කර්මාන්තයේ යෙදෙන්නේ අමතර ආදායම් මගක් ලෙසිනි. සිංහරාජ මායිමේ 5 කණුවේ පදිංචි පනස් හය හැවිරිදි සෝමදාස මහත්මියද ගෘහ ආර්ථිකයට ශක්තියක් වෙමින් අමතර ආදායමක් ලෙස පැණි හකුරු නිපදවීමට දායක වී තිබේ. ඇය ඒ පිළිබඳව පැවැසුවේ මෙවැනි අදහසකි. ,,
,,හොද පැණි බෝතලයක් හදා ගන්න තෙලිජ්ජ බෝතල් හතක් විතර උණු කරන්න ඕනි. හකරු කිලෝ එකට එයටත් වඩා යනවා. පැය තුනක් විතර උණුවෙන්න තියල අපි වත්තෙ වැඩට යනවා. දැන් පැණිබෝතලය රුපියල් 800ට වගෙ තමයි අපෙන් ගන්නෙ. රා දෙනවනම් බෝතලය රු 200ට දෙන්න පුළුවන්. ඒත් ගැහැනු අපට ඒ දේවල් කරන්න බෑනෙ .ඉතින් පැණි විකුණල අමතර ගාණක් ගන්නවා.සිංහරාජය ළඟ නිසා කැලෙන් එළියට ඇවිත් ඉන්න තනිඅලියගෙන් කිතුල් කර්මාන්තයට හුගාක් කරදරයි. මේ කර්මාන්තයේ යෙදෙන අය වෙනුවෙන් ආධාර උපකාර දීල තියන තැන් අපට දැනගන්න ලැබුණත් අපටනම් ඒ දේවල් ලැබුණෙ නැහැ. කිතුල් කර්මාන්ත කරුවන්ට වගේම ඒ සමග ඉන්න කාන්තාවන් වෙනුවෙනුත් රාජ්‍යය මට්ටමින් මීට වඩා අවධානයක් යොමු කරල දෙන්න කියල ඉල්ලනවා. සමහර අය සිංහරාජය ඇතුළෙ හොරෙන් මල් කපනවා .අපි ඉල්ලිමක් කරනවා රක්ෂිතය ඇතුළෙ කිතුල් මදින්න නීත්‍යානුකූලව කොන්දේසි සමග අවසර ලබා දෙන්න කියල ,,
විශේෂ ස්තුතිය කජු සංස්ථාවේ අධ්‍යක්ෂ අය් .ඩබ්.සමන් කුමාර මහතාට
පිංතුර හා සටහන
චාමින්ද දිසානායක