ගමේ නිෂ්පාදන රට යවන හැටි

 

අපේ රටේ ගමේ ගොඩේ වැවෙන පලා කොළවලට කොස්, පොලොස්වලට සේම දේශීය අනන්‍යතාව සපිරි රස කැවිල්ලකට, විසිතුරු සැරසිල්ලකට විදේශ වෙළෙඳපොළේ ඇත්තේ අසීමිත ඉල්ලුමකි. මහා පරිමාණ අපනයනය නොව තම වටපිටාවෙන් සොයා ගන්නා දෑ පිටරටට විකුණා අතමිට සරු කර ගැනීමට කැමැත්තක් තිබුණද ඒ සඳහා නිසි ක්‍රමවේදය බොහෝදෙනා නොදනිති. 
මේ සඳහා මූලිකව මැදිහත් වන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යි.

 


අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කෙරෙන දේවල් 
ශ්‍රී ලංකාව තුළ අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 1979 අංක 40 දරන, ශ්‍රීි ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ආරම්භ කරන ලද අපනයන සංවර්ධන මණ්ඩලය,
ලංකාවේ අපනයන සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතුවල නියැළී සිටින ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වශයෙන් හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික භාණ්ඩ අපනයනය වෙනුවට නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අවධානය යොමුකරමින් අපනයන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, අපනයනකරුවන් දිරිගැන්වීම අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන භූමිකාවයි. ඒ අනුව “නව නිපැයුම් සහ සේවා සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස පිහිටුවීම” යන දැක්ම හා “නවෝත්පාදන ව්‍යවසායකත්ව හා ගෝලීය ඒකාග්‍රතාව තුළින් අපනයන තරගකාරිත්වය තහවුරු කිරීම” යන මෙහෙවර අනුව සේවාවන් ලබාදීම සිදු වේ.

 


දේශීය නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක්
ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අපගේ අපනයන භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය පිළිබඳ ඇත්තේ සාධනීය විශ්වාසයකි. විශේෂයෙන් ම දකුණු ආසියානු හා සාක් රටවල් අතුරින් ලංකාවේ අපනයන නිෂ්පාදන කෙරෙහි ඉහළ පිළිගැනීමක් හා විශ්වාසයක් ඇත. මෙම තත්ත්වය අපේ අපනයන නිෂ්පාදන සඳහා ඇති යහපත් ප්‍රවණතාවකි. හරිත නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ද ලෝක වෙළෙඳපොළ තුළ වඩා හොඳ ඉල්ලුමක් ඇත.

 


අවශ්‍යතා හඳුනාගන්න
ග්‍රාමීය මට්ටමේ සිටින ව්‍යවසායකයින් ප්‍රථමයෙන් තමා හා තම ව්‍යාපාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් හා තක්සේරුවක් ලබා ගත යුතු ය. ඉන්පසුව ජාත්‍යන්තර වෙළෙඳපොළ, එහි ස්වභාවය හා එම වෙළඳපොළට ඇතුළත්වීමට සපුරාලිය යුතු අවශ්‍යතා හඳුනාගත යුතුය.
මෙම අධ්‍යයනයෙන් ව්‍යවසායකයාට තම ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන යාමට සපුරාලිය යුතු අවශ්‍යතාව නැතහොත් තමාගේ ව්‍යාපාරය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතාව අතර පරතරය හඳුනාගත හැකි අතර ඒ අනුව තම අභිලාෂය අපනයන වෙළෙඳපොළ නම්, එහි අවශ්‍යතා සපුරා ගනිමින් ජාත්‍යන්තර (අපනයන) වෙළඳපොළට ඇතුළුවීමට අවශ්‍ය කටයුතු සිදු කළ හැකිය.

 


වක්‍ර අපනයනයෙන් පටන් ගන්න
ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් එකවර අපනයන වෙළඳපොළට පිවිසීමට වඩා උචිතම ක්‍රමය වන්නේ වක්‍ර අපනයනයට යොමුවීමයි. වක්‍ර අපනයනය යනු මෙරට ඇති ප්‍රධාන පෙළේ අපනයන සමාගමක් හා සම්බන්ධ වී (ඒකාබද්ධ වී) තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත යොමු කිරීමයි. එමගින් ලබා ගන්නා අත්දැකීම හා පරිචය පසුකාලීනව ඔවුන් සෘජු අපනයනයට යොමු වීමේ දී ඉතා වැදගත් වෙයි.

 


සේවා ලබාගන්න - තොරතුරු විමසන්න 
කඩිනම් තොරතුරු ලබාදීම සඳහා ක්‍රියාත්මක වන නව ‘පාරිභෝගික උපකාර කවුළුව’ වෙත යොමුවීම මඟින් ලබාගත හැකිය. මෙය රජයේ වැඩකරන සෑම දිනකදී ම පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා ක්‍රියාත්මක වන අතර අපනයන ක්ෂේත්‍රයට අදාළ ඕනෑම පාරිභෝගික කටයුත්තක් සඳහා අවශ්‍ය සහාය ඉල්ලා සිටීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.  දුරකථන අංක 0112300710  අමතා හෝ යැකචාැින?ැාඉගටදඩගකන විද්යුත් තැපෑල ඔස්සේ අවශ්‍ය සහාය ඉල්ලා සිටීමට මහජනතාවට අවස්ථාව ලැබේ. එසේම යැකචාැින?ැාඉගටදඩගකන විද්යුත් තැපෑල ඔස්සේ ද සම්බන්ධ විය හැකිය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අංක 42, නවම් මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා ඇති අතර මහනුවර, මාතර, යාපනේ, කුරුණෑගල නගරවල ප්‍රධාන ශාඛා හතරක් ද වේ.


ප්‍රාදේශීය කාර්යාල 
■ කුරුණෑගල
[email protected]
දුරකථන           ෆැක්ස්

037-222-1972 / 037-222-4256

■ යාපනය
[email protected]
දුරකථන           ෆැක්ස්
021-221-5944/ 021-221-5944

■ දකුණ- - මාතර 
[email protected]
දුරකථන           ෆැක්ස්
041-223-1591/041-223 1687


■ මධ්‍යම - මහනුවර 
[email protected]
දුරකථන           ෆැක්ස්
081-223-3592 /081-220-1147 

විවිධ ආහාර වර්ග රටයවන හැටි ලබන සතියේ පටන්
තොරතුරු : ශ්‍රී ලංකා අපනයන 
සංවර්ධන මණ්ඩලයේ
මාධ්‍ය ඒකකයෙනි

සුජිත් ප්‍රසංග


 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post