තමන් කවුදැයි හරියටම දැනගන්න
කාලෙන් කාලයට ලොව බොහෝ දේ වෙනස් වෙයි. එය ආහාරපාන, ඇවතුම් පැවතුම් වැනි දෙයෙහි පවා දක්නට ලැබේ. අද සමාජය වඩාත් හරවත්, අලුත් දේ ගැන සැලකිලිමත් වෙයි. මේ අනුව කුඩා දරුවාගේ පටන් අප නිවැරැදි දේ නිවැරැදි ලෙස පහදා දිය යුතුයි.
Sex යන වචනය නුපුරුදු වචනයක් නොවුණත් මේ පිළිබඳ ඇති විවිධ සංස්කෘතික රාමු නිසාම අප මේ වචනයෙන් කියැවෙන දේ ගැන එළිපිට කතා කරන්නේ නැත. එය කතා කිරීම නුසුදුසු දෙයක් ලෙස සලකති.
උපදෙස් -: |
එහෙත් බොහෝ දෙනෙක් මේ වචනය පිළිබඳ සැලකිලිමත් වෙති. දැනට වසර කිහිපයකට පෙර ීැං යන වචනය අන්තර්ජාලයේ සෙවූ පිරිස වැඩිම රට අපේ රට බවට පත්විණි. එසේම ඉන් ඔප්පු වූ තවත් වැදගත් කරුණක් වන්නේ මෙම වචනය පිළිබඳ තවමත් අපේ ජනතාව තුළ තිබෙන නොදැනුවත්භාවය සහ වැරැදි වැටහීම්ය.
Sex යන වචනයට අමතරව Gender යැයි ව්‍යවහාරයක් ද ඉංග්‍රීසි භාෂාවේ පවතී. එහෙත් මෙම වචන දෙකටම අපේ භාෂාවෙන් කියැවෙන්නේ ලිංගිකත්වය යන්නයි. මේ නිසා ීැං සහ Gender යන වචන දෙකම එකක් යැයි බොහෝ දෙනා සිතති. එය වැරදිය.
රැකියා ආදිය සඳහා අයදුම්පත්, ජීවදත්ත පත්‍රිකා වැනි දෑ පිළියෙල කිරීමේදී ඇතැම් විට ීැං ලෙසටත් ඇතැම් විට Gender ලෙසත් සඳහන් කරන ආකාරය දැකිය හැකිය. එහෙත් ලෝකයේ දියුණු යැයි සම්මත රටවල ජීවදත්ත පත්‍රිකාවේ බොහෝ විට භාවිතා කරන්නේ Gender යන වචනය යි.
Sex සහ Gender යනු එකක් නොවේ. එයින් අදහස් දෙකක් එයි. එහෙත් මේ දෙක අතර වෙනස කුමක්දැයි බොහෝ දෙනා නොදනිති.
Sex යනු උපතටත් පෙර පුද්ගලයෙකුට ලැබෙන දෙයයි. එනම් යම් අයෙකුට තිබෙන්නේ ගැහැනු වර්ණදේහ ද පිරිමි වර්ණදේහ ද යන්නයි. මෙහිදීි වර්ණදේහ යනුවෙන් අදහස් කරන්නේ ශරීරයේ සෛල තුළ තිබෙන අපගේ ලක්ෂණ තීරණය කරන සාධකවලටය. ජාන අඩංගු වන්නේ වර්ණදේහ තුළය. එසේම එම පුද්ගලයාට හිමි පිරිමි ලිංගික අවයවද, ගැහැනු ලිංගික අවයවද යන කරුණ මතයි. ඒ අනුව යම් අයෙකුගෙ ීැං තීරණය වන්නේ ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වී දරුවා පිළිසිඳ ගන්නා මොහොතේමය.
Gender යනුවෙන් අදහස් කරන්නේ මීට වඩා තරමක් වෙනස් අර්ථයකි. ඒ පිරිමියා යනු කවුද? ගැහැනිය යනු කවුද? යන වචනය පිළිබඳව සමාජයේ අය සිතනා ආකාරයත් තමා ගැහැනියක්ද, පිරිමියෙක්ද යන්න තමාම හඳුනා ගන්නා ආකාරයත් මීට අදාළය. උදාහරණයක් ලෙස බොහෝ සංස්කෘතීන්වල පිරිමියෙකු ලෙස සැලකෙන්නේ ශක්තිමත්, පේශීමය දේහයක් ඇති නිර්භීත අභියෝගාත්මක හා අනතුරුදායක ක්‍රියාකාරකම් ආදියේ නිරත පුද්ගලයෙකි. කාන්තාව යනු සියුමැලි සුකොමළ දේහයක් ඇති සුසිනිඳු ක්‍රියාකාරකම්වලට කැමැති එනම්, මල් වැවීම, මැහුම් ගෙතුම් ආදියට ප්‍රිය අයෙකුය.
පිරිමියා සහ ගැහැනිය මෙම චරිත ලක්ෂණ හැසිරීම ආදිය සමාජය පිළිගෙන ඇති ආකාරය හඳුනන්නේ Gender role ලෙසටය. බොහෝ විට පිරිමි වර්ණදේහ හා පිරිමි ලිංගික අවයව සහිතව උපදින අයෙකු Gender යන්න අතින් පිරිමි යන කොටසට අයත් වෙයි. එහෙත් එසේ නොවන අවස්ථාත් තිබේ. උදාහරණයක් ලෙස පිරිමියෙකු ලෙස උපන් නමුත් ක්‍රීඩාවල නිරත නොවන මල් වැවීම, මැහුම් ගෙතුම් ආදිය ප්‍රිය කරන නිවෙසේ කාන්තාවන් සිටියදීත් ඉවුම් පිහුම් ආදිය කරන අය ගැහැනු චරිතයක් ලෙස සමාජය හඳුන්වයි. මෙය සමාජය විසින් නිර්මාණය කර තිබෙන්නකි. මෙය විවිධ සමාජ අනුවත් වෙනස් වෙයි. එනම් ‘ගැහැනු කරන වැඩ’ ලෙස එක් රටක භාවිතා වන වැඩ කොටස තවත් රටක හඳුන්වන්නේ ‘පිරිමි කළ යුතු වැඩ’ ලෙස විය හැකිය.
තමා ගැහැනියක්ද, පිරිමියෙක්ද යන්න ගැන ඒ පුද්ගලයාට අදහසක් තිබේ. මෙය හඳුන්වන්නේ Gender Identity ලෙසටය. පිරිමි Sex සහිත කෙනෙකුගේ Gender Identity බොහෝ විට ‘පිරිමි’ ම වෙයි. එහෙත් ඇතැම් විට පිරිමි ලිංගික අවයව තිබෙන අයෙකු තමා පිරිමියෙකු නොව ගැහැනියක යයි තදින් විශ්වාස කරන අවස්ථා තිබේ. එවැනි තැනැත්තෙකුගේ ීැං සහ Gender යන වෙනස මෙසේ තීරණය කර ගත හැකියි.
අද සමාජයේ මේ සම්බන්ධව බොහෝ ගැටලු තිබේ. ඒ සමලිංගික සේවනය පවා තිබෙන නිසාය. මෙය අපේ රටේ නීත්‍යානුකූල නොවන දෙයක් වුවත් ඇතැම් විරුද්ධ ලිංගිකයින් තම ලිංගික විපර්යාස කර ගනිමින් සමලිංගික සේවනයට පෙලඹෙන අවස්ථා අපේ සමාජයේ කොතෙකුත් තිබේ. එහෙත් එය ස්වාභාවිකව නොවේ. මෙවැනි විපර්යාස කර ගන්නේ හුදෙක් විවිධ නොමේරූ ආශාවන් නිසාය.
Leave a comment