තරුණන්ගේ හයිය කොන්ද කෙන්දට වට්ටන අයිස් මාරයාගෙන් පවුල බේරාගන්න
අයිස්.....
මේ කියන්න යන්නේ ශීතකරණයේ තබා කන අයිස් ක්‍රීම් ගැන නොවෙයි. ලෝකේ තිබෙන දරුණුම මත්ද්‍රව්‍යයක් වෙන අයිස් ගැන. මෙහෙම ගියොත් අන්තිමට ලංකාවේ හොඳ හයිය කොඳු නාරටියක් ඇති තරුණ පරම්පරාවක් ඉතිරි වේවිද කියන එක ගැන තිබෙන්නෙත් සැකයක්. ඒ තරමටම මේ භයානක මාරයා ලංකාව පුරා ව්‍යාප්ත වී අවසන්. පිරිමි විතරක් නෙවෙයි කාන්තාවන්, පාසල් දරුවන් මෙහි ගොදුරක් බවට පත් වී අවසන්.
අයිස් හැදුණේ කොහොමද? අයිස් මත්ද්‍රව්‍යයට කෙනෙක් ඇබ්බැහි වෙන්නේ කොහොමද? ඔබේ සොහොයුරා, සැමියා, යහ`ඵවා හෝ පවුලේ කෙනෙක් අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇතිබව දැනගන්නේ කොහොමද? අයිස්වලට ඇබ්බැහි වූ කෙනෙකුගේ හැසිරීම් රටාව කොහොමද? අයිස් නිසා මිනිස් සිරුරට සිදුවන්නේ කුමක්ද? ලොව භයානකම අංක එකේ මත්ද්‍රව්‍යය අයිස් ගැන පර්යේෂණාත්මකව මේ සියලු විස්තර ඔබ වෙත ගෙන එන්නේ මේ වසංගතයෙන් අපි අපේ දරුවන් බේරා ගැනීම අදම කළ යුතු බැවිනි.
“මචං මේක එක පාරක් ගහල බලපන් මේකේ තියෙන්නේ මාර ශක්තියක්, වෙන කිසි එකකින් මේ ශක්තිය ගන්න බෑ. යකෙක් වගේ වැඩ කරන්න පු`ඵවන්. එක පාරක් අරන් බැලුවොත් තේරෙයි මේකේ තියන වෙනස”
ඔබේ ළඟම මිතුරා හිතවතා මේ විදියට ඔබට මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කර බලන්නම කියනවා නම්, අනුබල දෙනවා නම් ඒ මොනම හේතුවක් නිසාවත් එක මොහොතකටවත් උත්සාහ කරලවත් බලන්න එපා. මොකද ඉන්පසුව ඔබ එහි ගොදුරක් බවට පත්වෙනවාමයි. එය මායාවක් සේ ඔබව ඇබ්බැහි කරගන්නවාමයි. ඒ නිසා කිසිම කෙනෙක් බල කළාට ආසාවකටවත් ඔබ මෙහි ගොදුරක් වෙන්න උත්සාහ කරන්න එපා.”
මේ වන විට සාමාන්‍ය ජනතාව අතට වගේම සමාජයේ උසස් වෘත්තීන් ගණනාවක් තුළට, පාසල්වලට පැමිණ තිබෙන අයිස් නිසා රටේ අනාගතය ගැන ඇත්තේ විශාල බියක්. එක තත්පරයකටවත් ඔබ මෙම මත්ද්‍රව්‍ය අත්හදා බැලීමකටවත් පාවිච්චි නොකළ යුතු වන්නේ ඇයි?
අයිස්වල විද්‍යාත්මක නාමය (Methaphetamine) මෙතන්ෆෙටමින්. ඇත්තටම මේක රසායනික ද්‍රව්‍යයක්. සංයෝගයක්. මේ තුළින් ශරීරයේ ස්නායු පද්ධතියට සහ සිරුරේ තිබෙන ඉතා සියුම් සෛලවලට ඉතා බරපතළ හානියක් සිදුකරනවා. මෙයට මත්ද්‍රව්‍යයක් කියනවට වඩා සුදුසුම නම විෂ ද්‍රව්‍යයක් යන නමයි. අයිස් ඒ තරම්ම විෂ රසායනික ද්‍රව්‍යයක්.
අයිස් හැඳුණේ කොහොමද?
අයිස් මත්ද්‍රව්‍යයක් කියලා පාවිච්චි කළාට හුඟක් අය එය නිර්මාණය වුණු ඇත්ත කතාව දන්නේ නැහැ. ඇත්තටම එය ආයුධයක්. 1910 ජපානය විසින් දෙවන ලෝක යුද්ධයට තමයි අයිස් නිර්මාණය කරන්නේ. මිනිස්සුන්ට හැඟීම් දැනීම් නැතිව, එක දිගට නොකා නොබී, නින්දක් නොමැතිව යුද්ධයට ගිහින් කිසිදු අනුකම්පාවක්, හැඟීමක් නැතිව දිවා රෑ යුද්ධ කරන්නයි එය නිර්මාණය කළේ. එහිදී මෙය තබා දී ඇත්තේ කවසාකී කියන මරාගෙන මැරෙන බෝම්බකරුවන්ටයි. ඒ අධික විෂ සහිත නිෂ්පාදනය අද වන විට මත්ද්‍රව්‍යයක් විදියට ලෝකය පුරා ව්‍යාප්ත වෙලා. පසුව එය මිනිස් සිරුර භයානක ලෙස විනාශ කර දමන ද්‍රව්‍යයක් නිසා හිට්ලර් විසින් අයිස් තහනම් කරනවා. හිට්ලර් වගේ කෙනෙක් මේ වගේ දෙයක් තහනම් කරන්න තරම් මෙය කෙතරම් විෂ සංයෝගයක්ද කියන එක ඔබට සිතාගන්න පු`ඵවන් නේද? කෙසේ නමුත් අද වන විට පර්යේෂණවලට අනුව අවුරුද්දකට ලංකාවේ අයිස් පරිභෝජනය කිලෝ දස දහසක් පමණ වෙනවා. මෙයින් විනාශ වන්නේ රටේ අනාගත පරම්පරාවයි.
මේ තරම් පැතිරෙන්න හේතුව
මේ වන විට ගංජා, හෙරෝයින් වැනි මත්ද්‍රව්‍ය තරුණයින්ට වඩා භාවිතා කරන්නේ මැදි වියත් ඉක්ම වූ පිරිස්. අයිස් මත්ද්‍රව්‍යයත් ඒ විදියට අනිවාර්යයෙන් තව අවුරුදු දහයකින් පමණ තරුණයින්ගෙන් ඈත්වෙනවා. එහෙත් එහෙම ඈත්වෙන්නේ පරම්පරාවක්ම විනාශ කරලයි. ඒ හානිය නවත්තා ගන්න නම්, දැන්මම මේ භයානක මාරයා සමාජයෙන් ඈත් කරගන්න ඕනෑ. මෙය වෙන්නේ මාෆියාවකින්. ඒ මාෆියාවෙන් රට බේරාගන්න ඕනෑ. ඒ සඳහා මූලිකවම බලපාන්නේ රටේ නීති පද්ධතිය. රටක නීතියක් හරියට ක්‍රියාත්මක වුණා නම් මේ වගේ විෂ දේවල් රට පුරා පැතිරෙන්නේ කොහොමද?
මෙතෙක් ලංකාවේ අයිස් මත්ද්‍රව්‍ය සඳහා හරිහැටි නීතියක් නොතිබුණත් පසුගිය නොවැම්බර් මස 24 වැනිදා සිට අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේතබා ගැනීම, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වන පුද්ගලයින්ට අධිකරණය මඟීන් මර්ණීය දණ්ඩනය නියම කිරීමේ නීතිය බලාත්මක කෙරුණා. මේ රටෙන් අයිස් ඉවත් කිරීමට නම් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. එය රටේ ඉහළ නිලතල දරන නිලධාරීන්ගේ විශාල වගකීමක්.
අයිස් ගැහුවහම මොකද වෙන්නේ?
අයිස් ලොව භයානකම මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන්නේ මෙයින් එක් පරම්පරාවක් සම්පූර්ණයෙන් විනාශ කිරීමට හැකියාව තිබෙන නිසයි. මේ මත්ද්‍රව්‍ය ලබාගත් පසු සිදුවන්නේ මධ්‍යම ස්නායු පද්ධතිය උත්තේජනයවීමක්. එහෙම වුණාම එම පුද්ගලයාට බඩගිනි දැනෙන්නේ නැහැ. දවස් දෙකක් තුනක් නොකා වුනත් ඉන්න පු`ඵවන්. අධික ලෙස ක්රියාශීලීබවක් ඇතිවෙනවා. හදවත් ස්පන්දනය වැඩිවෙලා උත්තේජනය වැඩිවෙනවා. ඒ නිසා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයාට එහි ශක්තිය තිබෙනතුරු එම උත්තේජනයෙන් ඉන්න පු`ඵවනි. දිවා රෑ නොබලා එක දිගට මහන්සියක් නැතිව වැඩ කරන්න පු`ඵවනි. එහෙත් මේ සියල්ල කිරීමට හැකියාව ලැබෙන්නේ සිරුරට ලබාගත් අයිස් ප්‍රමාණයේ ශක්තිය තිබෙනතුරු පමණයි. ඒ ශක්තිය අවසන් වූ පසු සිරුරට අධික වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඇඟට පණ නැති ගතියක් දැනෙන්න පටන් ගන්නවා. දවසම නිදාගන්න හිතෙනවා. මෙය සති ගණනක් වුණත් තියෙන්න පු`ඵවන්. මේ හේතුව නිසා නැවත වැඩ කරන්න ඕනෑ නිසා අයිස් ලබාගත් පුද්ගලයාට එය නැතිව බැරිවෙනවා. නැවතත් එය සිරුරට අවශ්‍ය වෙනවා.
අදහස් දැක්වීම: මත්ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂක,
|
විශේෂයෙන් මානසික ගැටලුවලින් පීඩා විඳින වැඩි පිරිසක් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයයි. පසුගිය දිනවල සිදු වූ ස්ත්‍රී දූෂණ ඇතුළු දරුණු අපරාධ පිටුපස සිටින බොහෝ පිරිසක් අයිස්වලට ඇබ්බැහි වූවන්. මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිනිස් සිරුරේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඒ නිසා මේ අය අපරාධවලට යොමුවීම වැඩිවෙනවා. දුම්වැටි උරන අයෙකුට මුඛ පිළිකා, පෙණහලු පිළිකා ඇතිවෙන්න පු`ඵවන් බව අනාවරණය කරගෙන තිබෙනවා. එහෙත් දුම්බොන සියලුදෙනාම පිළිකා තත්ත්වයට මුහුණදෙනබව පර්යේෂණවලින් ඔප්පු වී නැහැ. ඒ වුණත් අයිස්වලට ඇබ්බැහි වෙන කෙනකුට දරුණු ආබාධවලට ලක්වීම ස්ථිරයි. අයිස් නිසා තරුණ වැඩිහිටි ජීවිත මොනතරම් දුක්විඳිනවා දැයි අංගොඩ රෝහලට ගියොත් දැකගන්න පු`ඵවන්. අයිස්වලට ඇබ්බැහිවීම නිසා පීඩා විඳින අයගේ වෙනම වාට්ටුවක් එම රෝහලේ තිබෙනවා. එහි වැඩිපුර සිටින්නේ අවුරුදු හතළිහටත් අඩු අංශ භාග රෝගීන්, ශ්වසන අපහසුතාවලින් පීඩාවිඳින අය යි.
මෙහි ඇති තවත් භයානකකමක් වන්නේ බොහෝ මත්ද්‍රව්‍ය භාවිතයට ඇති කැමැත්ත අවම කිරීමට ඔසු තිබුණත් අයිස්වලින් කෙනෙක් ඈත් කිරීමට ඔසුවක් නැහැ. මොකද එය මානසික ඇබ්බැහියක් නිසා. අයිස් භාවිතයට ඇබ්බැහි වුණු කෙනෙකුට අවසානයේ ඇතිවන මානසික ව්‍යාකූලත්වය සමග ‘මම සහ අයිස් මානසිකත්වය පමණක් ඉතිරිවෙනවා. ඔහුගේ මු`ඵ ලෝකයම අයිස් සහ තමන් කියන හැඟීම ඇතුළෙ සිරවෙනවා. එහෙම වුණාම තමන්ගේ දරුවෝ, බිරිඳ, මවුපියන් ගැන තිබෙන හැඟීම, ආදරය ඉවත්වෙලා අයිස්වලට පමණක් ආදරය කරනවා.
අපරාධ සිදු කරන හැටි
අයිස්වලට පුරුදුවුණු පුද්ගලයින්ට නිදිමත දැනෙන්නේ නැහැ. එක දිගට අවදිවෙලා සිටිනවා. මේ නිසා එම පුද්ගලයා තුළ මානසික පීඩනය (Stressful) වැඩිවෙනවා. එහෙම වුනාම මනසේ ස්ටේරස් හෝර්මෝනවලින් වැරදි අර්ථකථන ලබාදෙනවා. මේ නිසා ඇතැම් පිරිස් උන්මන්තකයින් බවට පත්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ක්ෂණික තීරණ ගන්නවා. මෙතන්ෆෙටමින් නිසා සිතන පතන විදිය වෙනස්වෙනවා. අපරාධ සිදුවෙන්නේ ඒ නිසයි. විශේෂයෙන් අපේ රටේ ඒඩ්ස් රෝගීන් වැඩිවීමට අයිස් භාවිතය වැඩිවීම ප්‍රධාන හේතුවක්. මේ අය ආරක්ෂිතව එම ක්‍රියා අනුගමනය කරන්නේ නැහැ. ක්ෂණිකව ගන්න තීරණවලින් මේ අය ලිංගිකව එකතු වෙනවා. මොළයේ සම්පූර්ණ ව්‍යුහය වෙනස්වෙනවා. ඒ නිසා නහර පිපිරීමකින් තරුණ වයසේදීම ආබාධිත වෙන්න පුළුවන්.
ඒ වගේම මෙයට ඇබ්බැහි වූවෙකුට ඇහෙන දේ වෙනස් විදියට ඇහෙන්න ගන්නවා. පෙනෙන දේ වෙනස් විදියට පේන්න ගන්නවා. උදාහරණයක් විදියට ටැප් එකකින් වතුර යන ශබ්දය තමන්ගේ දුරකථනය නාදවෙන ශබ්දය වගේ ඇහෙන්න පු`ඵවන්. ඒ නිසා සෑම විටම මේ අයට නැති දෙයක් ඇති විදියට පෙනෙන්න දැනෙන්න ගන්නවා. එම නිසා අධික සැකය මොවුන් තුළ ඇතිවෙනවා. තමන්ගේ බිරිඳ තමන් සමග කතා කරමින් සිට අහක බැලුවත් මේ අයට සැකයක් ඇතිවෙන්න පු`ඵවන්.
අයිස් පාවිච්චි කරන කෙනෙක් හඳුනා ගන්නේ කොහොමද?
ඔබේ සැමියා, බිරිඳ, දරුවන්, යහ`ඵවන් හෝ තමන්ගේ ළඟම හිතවතෙකු අයිස් පාවිච්චි කරනවද කියා ඔබ දැනගන්නේ කොහොමද?
අයිස් මත්ද්‍රව්‍ය තුළ ඇති තවත් භයානක පැත්තක් වන්නේ අනෙක් මත්ද්‍රව්‍ය මෙන් අයිස් භාවිතා කළ අයෙක් පිටතට වෙනසක් නොපෙන්වීමයි. සමහර සැමියන් වසර දෙක තුනක් පාවිච්චි කළත් එය බිරිඳට නොදැනී තිබෙන්න පුළුවන්.
මේ අය ළඟ තිබෙන ලයිටරයෙනුත් මේ ගැන යම් සැකයක් ඇතිකරගන්න පු`ඵවන්. සාමාන්‍යයෙන් දුම්වැටියක් දල්වා ගැනීමට භාවිතා කරන ලයිටරයේ තිබෙන්නේ කහ පැහැති උස දැල්ලක්. එහෙත් අයිස් පාවිච්චි කරන කෙනෙක් මේ ලයිටරයේ ගිනි දැල්ල තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සකස් කර ගන්නවා. එහෙම සකස් කරගත් ලයිටරයක තිබෙන්නේ නිල් පැහැති මිලිමීටර් තුනක් පමණ උස ඉතා කුඩා ගිනි දැල්ලක්. එහෙම වෙනස් කළ ලයිටර්, ලයිටරයේ හිස කොටස ගලවා වෙනස් කළ ලයිටර් මේ අය ළඟ තිබිය හැකියි.
ඒ වගේම මේවා රත් කිරීමට සූත්‍රිකා බල්බවල වීදුරු කැබලි යොදාගන්නවා. ඔබේ සැමියාගේ හෝ දරුවන්, ළඟ ඔවුන්ගේ ඇඳුම් සාක්කුවල පොත් ලාච්චු තුළ මෙවැනි ද්‍රව්‍ය සහ ඒ සමග බටයක් සේ රෝල් කළ මුදල් නෝට්ටු, එලෙස සැදූ කුඩා බට ආදිය තිබේ නම් ඒ ගැන එක්වරම ඔවුන්ගෙන් ප්‍රශ්න නොකර සොයා බලන්න පු`ඵවන්.
ඒ වගේම දින දෙක තුනක් කෑමක් බීමක් නොකා අවදි වී සිටිනවා නම්, නිකරුණේ ඉන්පසු එක දිගට නිදා ගන්නවා නම් ඒ ගැන ඔවුන්ට සැකයක් නොසිතෙන සේ සොයා බැලිය යුතුයි.
අයිස් මේ වන විට පාසල් දරුවන්ගේ පටන් සමස්ත සමාජයේම සැරිසරන මාරයෙක් වී සිටින නිසා එයින් ඔබේ පවුල රැක ගැනීමට නිරතුරුවම අවධානයෙන් සිටින්න. එය ගිල දමන්නේ ඔබේ ලස්සන ජීවිතය යි.
නයනා උදයංගනී
Leave a comment