තවත් ඒ වැඩේ කළා නම් මට අම්මා තාත්තත් නැතිවෙනවා

 

“මම සරසවි සිසුවෙක්. ඒ ලෙවල්වලදී ගණිත අංශයෙන් ලංකාවෙම පළවෙනියා. කුඩා කල සිටම  කාලය යෙදෙව්වේ ඉගෙනුමට. එම නිසා හැම මොහොතකම පොතක් පතක් මගේ අතේමයි. සමාජ ආශ්‍රය, ක්‍රීඩා ආදිය ගැන මට උනන්දුවක් ඇති කිරීමට මවුපියන්ට උනන්දුවක් තිබුණේ නැහැ. හැබැයි මම මගේ ඇඟ හදා ගන්න උනන්දු වුණා. මවුපියන්ටත් සතුටුයි. 


එහෙත් සරසවියේ පළමු වසරෙදී මට ලැබෙන්නෙ යන්තම් සාමාර්ථයක්. දිගටම මම පරිගණකය ඇසුරු කරනවා. සමාජ ආශ්‍රය තෝරා ගත් පිරිසක් සමග පමණයි. වැඩිදෙනෙක් නාගරික පරිසරයෙ හැදුණු වැඩුණු අය. ටික කලක් යනවිට මම මගේ මිතුරන් සමග පරිගණකයට ඇබ්බැහි වුණේ දන්නෙම නැතිව. බොහෝ රෑ වනතුරු මම පරිගණකයත් එක්ක සිටින විට අම්මට තාත්තට සැකයක් ඇති වුණේ නෑ. අම්ම තාත්ත හිතුවෙ මම රෑට පාඩම් කරනවා කියලා. මම පවුලේ එකම දරුවා.

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ
ශ්‍රි ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති 
මනෝ වෛද්‍ය
කපිල රණසිංහ 


 මම විභාග ෆේල් වෙන්න පටන් ගත්තම මවුපියන් මාව කවුන්සලින්වලට යොමු කළා. ඔවුන්ට වැටහුණා.  මම පාඩම් කරන මුවාවෙන් රෑ තිස්සෙ කරන්නේ ඉන්ටර්නෙට් යමින් වීඩියෝ නැරඹීම බව. කවුන්සලින්වලට යොමු කළේ ඒ නිසයි. ලොකු ප්‍රශ්නයක් නැති බව එහිදී හෙළිවුණා.


කෙසේ වුවත් දෙවැනි වසරෙදි මම සම්පූර්ණයෙන්ම විභාගය අසමත්. ලංකාවෙන්ම පළමුවැනියා වී ඒ ලෙවල් සමත් මට සිදුවුණේ කුමක්ද යන්න හැමෝටම ගැටලුවක්.


මේ වනවිට විශ්වවිද්‍යාලයෙන් මවුපියන්ට දැනුම් දුන්නා. දිගටම ෆේල් වෙන නිසා මට ඉගෙන ගන්න බැරිබව. එම නිසා මම මනෝ වෛද්‍ය උපදේශනයකට යොමුකර ප්‍රතිකාරයක් ලබාගන්නා ලෙස සරසවියෙන් මගේ මවුපියන්ට දැන්වුවා. මාව මනෝ වෛද්‍ය සායනයකට යොමු කෙරුණේ ඒ අනුවයි.


මනෝ වෛද්‍ය සායනයේදී මගේ සියලු රහස් හෙළි වුණා. ලිංගික දර්ශන වීඩියෝ නැරඹීමට මම ඇබ්බැහිවීම හෙළි වුණා. ඇත්තෙන්ම මා සජීවි ලිංගික දර්ශනවලට යොමුවුණා. එය කළේ ගැහැනු ළමයින් සමග නොව පිරිමි ළමයින් සමගයි. මුලින් යන්තමින් තිබූ මේ පුරුද්ද කල් යනවිට නැතිව බැරිවුණා. දවසකට මේ සජීවි ලිංගික ක්‍රියා පිරිමි ළමයින් සමග කළා. මුළු් ජීවිතයම එයට යොමුවුණා. පසුව මට තරහ යන්න පටන් ගත්තා. අම්ම තාත්තා සමග රණ්ඩු වුණා.


 පසුව මට මනෝ වෛද්‍යවරයා අවබෝධ කරදුන් උපදේශනය පිළිගත්තා. ඇත්තෙන්ම මේ තත්ත්වය චාර්යාමය  ලිංගික ඇබ්බැහියක්. මම කිසිවකු සමග කායික ලිංගික සම්බන්ධයක් පවත්වා නැහැ. තිබුණේ  ඔන්ලයින් ඇබ්බැහියක්.


මගේ මේ චර්යාව පාලනය කිරීමට මනෝ වෛද්‍යවරයාගේ පාලනය යටතේ වෙනම තැනක නවතා ප්‍රතිකාර ලබාදෙනවා. 


මේ සඳහා දීර්ඝ කාලයක් මනෝ වෛද්‍ය උපදේශනයට සහභාගි විය යුතු බවත් සමාජශීලිත්වය වැඩි කරන ක්‍රියාකාරකම් පවුල් අතර එකමුතුකම සමාජ සම්බන්ධතා කුසලතා බෙදා හදා ගැනීම ආදිය වැඩි කර ගත යුතු බැවින් මා දැන් හැසිරෙන්නේ එම කුසලතා වැඩි දියුණු වන පරිසරයකයි.


මගේ  වැඩ කටයුතු මා විසින්ම කර ගනිමින් තනිවම මේ ගමන යා යුතු බවට මට ලැබුණු උපදෙස් මා අකුරටම පිළිපදිනවා.


මම දැන් මගේ ඇබ්බැහිය මා විසින්ම ඉවත් කර ගත්තා. පොත පත ඇසුර, ක්‍රීඩා කිරීම, මවුපියන් සමග නැවත සම්බන්ධතා ගොඩනගා ගැනීම ආදි සියල්ලක්ම ක්‍රමයෙන් ඇති කර ගනිමින් ඉන්නෙ.


විඩියෝ ගේම්වලට ඇබ්බැහිවීමෙන් පාඩම්වලට තිබූ අවධානය මට නැති වුණා. අවධානය යන මානසික හැකියාව මට නැතිවුණා.


අවධානය වැඩි කිරීමට එක්  තැනක වාඩි වී කරන ක්‍රියාකාරකම් ව්‍යායාමවල මම දැන් යෙදෙමින් ඉන්නේ. පාට කිරීම්, චිත්‍ර ඇඳීම් ආදිය ඒ අතර තිබෙනවා. එමෙන්ම මනෝ චිකිත්සාවෙන් ආත්මාභිමානය ධෛර්ය වැනි දේ වැඩි කෙරෙනවා.


මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ විනාශ වී ගිය මගේ ජීවිතය  යළි යථා තත්ත්වයට පත්වීමයි. දැනට එය ක්‍රමයෙන් සිදුවන බව මාගේ විශ්වාසයයි.


ආරියසේන හඳුවල  


 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment