මගේ ජීවිතේ පළමු තැන ක්‍රීඩාවට - Chulakshi Ranatunga

2014 වසරේ Miss Sri Lanka තරගයෙන් ජයග්‍රහණය ලබා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක්. චුලක්ෂි රණතුංග. 

  • චුලක්ෂි කලා කටයුතුවලට අවතීර්ණ වුණේ කොහොමද?

මගේ ගමන ආරම්භ වුණේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ඉන්පස්සේ 2014 miss sri lanka තරගයෙන් ජයග්‍රහණය ලැබුවායින් පසුව  චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. මගේ ප්‍රථම චිත්‍රපටය දේදුණු ආකාසේ. 

  • පාසල් කාලයේදීත් රංගන කටයුතුවලට සහභාගි වෙලා තියනවද?

පාසල් කාලයේ  මම ක්‍රීඩිකාවක්. ඉන්පසු ක්‍රීඩා අංශයෙන් රැකියාව තෝරා ගැනීමට සිටින කාලයේ මට පැජෙන්ට් එකකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඉන්පසුවයි කලා ක්ෂේත්‍රයට පිවිසුණේ.

  • මන්දාරා චිත්‍රපටිය හා එහි ඔබේ චරිතය ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂ- ණයක් වන මෙම චිත්‍රපටයේ මම රංගනයෙන් දායකත්වය  ලබා දෙන්නේ මන්දාරාට. ඇය පැසිපන්දු ගුරුවරියක්. මේ චරිතය මගේ ජීවිතයටත් සම්බන්ධයි. පාසල් කාලයේ දී මම ඉගෙනුම ලැබුවේ නේවාසිකව. මවුපියන්ගෙන් ඈත්ව ගත කරපු ඒ කාලය පුරාම පැසිපන්දු ක්‍රීඩාවත් සමගයි මම කාලය ගත කළේ.  පවුලක තිබෙන වටිනාකම ආදරයක පෙන්වන චිත්‍රපටයක්. හරිම සුන්දර නිර්මාණයක්.

  • ආදරය සහ විවාහය  ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

ආදරය සහ විවාහය යන වචනවල ගැඹුරු අර්ථයක් තිබෙන්නෙ. ක්ෂණිකව ඇතිවන හැඟීම ආදරය නෙවෙයි. ආදරයේදි කැපකිරීම් කරන්න ඕනෑ. එකිනෙකාට ගෞරව කරන්න ඕනෑ. විශ්වාසය රකින්න ඕනෑ. එකිනෙකා අතර අවබෝධය අවශ්‍යයි. ආදරය විවාහයක් දක්වා රැගෙන යනවා නම් දෙදෙනා  තුළම මේ දේවල් තියෙන්න ඕනෑ.  මවුපියන්ගෙන් දරුවන්ට ලැබෙන ආදරය තමයි හොඳම ආදරය.

  • කාන්තාවක් ස්වාධීන විය යුතුද?

අනිවාර්යයෙන්ම ඔව්. වර්තමානය වන විට කාන්තාව බොහෝ අංශවලින් ඉදිරියට ඇවිත් සිටිනවා. සමාජයේ කාන්තාවකට සමාන අයිතිවාසිකම් තිබිය යුතු යැයි මම සිතනවා.

  • ඔබ රංගනයේ යෙදීමට කැමති විශේෂ චරිත තිබෙනවද?

මගේ Role model  ස්වර්ණා මල්ලවාරච්චි. ඇය හා සමානව රංගනයක යෙදීමට නොහැකි වුණත් ඒ හා සමාන රංගන චරිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩාව හා සම්බන්ධ චරිතවලට ද රංගනයෙන් සහභාගි වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

  • ඔබගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මම රංගන ජීවිතයෙන් සමුගන්නා දවසට චරිතාංග රංගන ශිල්පිනියකට අවශ්‍ය රංගනයන් සමග සාධාරණයක් ඉෂ්ට කළා යන හැඟීම මත වැඩකටයුතු කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී  චිත්‍රපට කිහිපයක් තිරගතවීමට තිබෙනවා. තව නිර්මාණ කිහිපයකටද ආරාධනා ලැබී තිබෙනවා. ඒ අතරතුර මෙගා නොවන ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණහොත් එයටද සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

පාසැල් යන ඔබට Read Previous

පාසැල් යන ඔබට

ඉතිහාසයේ පළමුවරට ජාතික කරාටේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට Read Next

ඉතිහාසයේ පළමුවරට ජාතික කරාටේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

Realted Post

Leave a comment