මවුපියන්ට උපරිමය කරනවා Janith Wickramage

ප්‍රවීණ කලා යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යුවළගේ වැඩිමහල් පුතු ජනිත වික්‍රමගේ  මෙරට ජනප්‍රිය  සිනමා හා ටෙලිනාට්‍ය   රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදකයකුද  වෙනවා.  නොයෙක් චරිත ඔස්සේ  ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔහු ලොකු කුඩා කවුරු අතරෙත් ආදරණීය  චරිතයක්. මේ සොඳුරු කතාබහ ඔහු සමගයි.

  • ජනිත් මේ දවස්වල මොකද කරන්නේ?

මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂකවරයා විසින්  අධ්‍යක්ෂණය කළ සූර්යා  චිත්‍රපටයේ වැඩ කටයුතුත් සමග කාර්යබහුල වී සිටිනවා. දෙසැම්බර් හෝ ජනවාරි චිත්‍රපටිය තිරගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. 
මෙය දැවැන්ත චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය සමාජයට ලොකු පණිවිඩයක් දෙන නිර්මාණයක්.  සූර්යා චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට  ගෙන ඒම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ සඳහා වැඩ කටයුතු සැලසුම් කරමින්  සිටිනවා.       

  • ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත් වෙලාද? 

දැන් තිබෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ සඳහා වෙලාවක් හදාගන්න අමාරුයි.  මේ තිබෙන වැඩත් එක්ක ටෙලි නාට්‍ය භාරගත්තත් ඒ සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ.

  • අපේ රටේ කලා ශිල්පියෙක් වීම ගැන ඔබ මොකද හිතන්නේ?

 ලංකාවේ රංගන ශිල්පියෙක්වීම  නිසා මට මේ හැම දෙයක්ම ලැබුණා. මේ වෘත්තියට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම ප්‍රේක්ෂකයන්ද මට ගොඩක් ආදරෙයි. මගේ ජීවිතයට සාර්ථකත්වය ලැබුණෙ කලාවෙන් 
ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඔබ මොනවද අනුගමනය කරන්නේ?
තමන් කරන වැඩේ පිළිබඳව  හරි අවබෝධයෙන් යුතුව කැපවීමෙන් වැඩ කරන්නවා. ඒ වගේම ප්‍රායෝගිකව ඉගෙන ගත යුතු දේවල් නිසියාකාරව ඉගෙන ගන්නවා.   හැම වෙලාවෙම ධනාත්මකව හිතනවා.   තිබෙන වැරදි අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා.  මේ ක්ෂේත්‍රය පිළිබඳ නියමාකාරව අවබෝධයක් ලබා ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්.

  • විශාල ප්‍රේක්ෂකයන්ගේ ආදරයක් ලබාගත්ත කලා යුවළකගේ  පුතෙක් වීම ගැන මොකද හිතෙන්නේ?

මට ගොඩක් සතුටුයි.  සොබාදහමෙන් මට ලැබුණු දායාදයක් මගේ අම්මයි තාත්තයි. ඒ දෙදෙනාගෙන් මගේ කලා වැඩ කටයුතු වලට විශාල සහයෝගයක් ලැබෙනවා.  මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මං උපරිම දේවල් කරනවා. මල්ලිත් පිටරට ජීවත් වන නිසා. මමයි අම්මවයි තාත්තයි බලාගන්නේ. ඉතින් මගේ වැඩ කටයුතුත් එක්ක ඒ දෙන්නව බලා ගන්න මම කොහොම හරි කාලය  වෙන් කරගන්නවා.                   

  • ආදරය ඔබට දැනෙන්නේ කොහොමද? 

ආදරය නිසා ජීවිතය ඇති වෙන්නත්  පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. මනුෂ්‍යයෙකුගේ  ජීවිතයට නිවැරදි ආදරයක් ලැබුණොත් ජීවිතය දිනන්න පුළුවන්. අපිව ජීවත් කරවන්නේ ආදරයයි. මම ආදරයට ආදරෙයි.

  • විදෙස් රටක ජීවත් වෙන්න අදහසක් නැද්ද?

සංචාරය කිරීම සඳහා රටවල්වලට  යන්න ආසාවක් තිබෙනවා. නමුත්  අපේ රටේ අපිට ලැබෙන සම්පත් වෙන රටවල් වලින් ලැබෙන්නේ නැහැ. වෙන රටකට ගියත් අපේ කමක් දැනෙන්නේ නැහැ.  . මගේ රටට මං ගොඩක් ආදරෙයි.

  • මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ

ගොඩක් සතුටුයි. මට වයස අවුරුදු 35ක්.  මම ගොඩක් දේවල් තේරුම් අරගෙන තිබෙනවා. මිනිස්සු ගැන ජීවිතය ගැන. ඒ වගේම ජීවිතෙන්  කලාවෙන් මට ගොඩක් ලොකු අත්දැකීම් ලැබුණා. ජීවිතේ කියන්නේ මේ මොහොතේ සතුටින් ඉන්න එක තමයි . ඉතින් මේ මොහොතේ සතුටු වෙන්න  මට ගොඩාක්  දේවල් මේ ආපු ගමන තුළින් ලැබී තිබෙනවා. ඉදිරියේ තිබෙන සැලසුම් සමග මේ ගමන ඉස්සරහටම යනවා.

 

St Peter’s College Old Boys Dinner Dance Read Previous

St Peter’s College Old Boys Dinner Dance

Launch of the Times School of Higher Education Read Next

Launch of the Times School of Higher Education

Realted Post

Leave a comment