යහපතම ගෙනැත් දෙන විස්මිත සිතුවිල්ල ’’ස්තූතියි’’

මේ ජීවිතයේ නොයෙක් දේ නොලැබී තිබෙන්නට පුළුවන. එහෙත් ලැබුණු දේවල් බොහෝ විය හැකි ය. ලැබුණු දෙයට අපි සතුටු විය යුතුය. ඒ දේ අපට ලබා දීම ගැන අපි ස්තූතිවන්ත විය යුතුය.
මඳක් අපි අපේ අතීතයට යමු. 



මනුෂ්‍ය සංහතියේත්, සොබා දහමේත් පැවැත්ම රඳා පවතින්නේ හිරුගෙන් ලැබෙන ශක්තිය නිසා යැයි විශ්වාස කළ අපේ මුතුන්මිත්තන් දවස ආරම්භ කළේ හිරුට වන්දනාමාන කරමිනි. ඒ ඔවුන් හිරුට දක්වන කෘතවේදිත්වය යි. අපේ කුස පුරවන, බත සරි කරන කුඹුරට ඔවුන් ස්තූති කළහ. මේ පුරුද්ද අපේ වැඩිහිටියන් තුළ අදටත් දක්නට ලැබෙයි. 


එකිනෙකාට ගරු කරන ජන කොට්ඨාසයක් සිටින රටක් ලෙස ජපානය හැඳින්විය හැකිය. ජපානයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා වූ සෑම කෙනෙකුම එකිනෙකාට ගරු කරන්නට, අනෙකාට ස්තූතිවන්ත වෙන්නට දෙවරක් නොසිතති. ඔවුන් තමන්ට කවර හෝ උදව්ව්ක් උපකාරයක් කළහොත් පෙරලා ඔවුන්ට හිස නමා කෘතවේදිත්වය දක්වයි. මුදල් ගනුදෙනු කරන සෑම අවස්ථාවකදීම මුදල්වලට ස්තූති කරයි.


මේ කෘතවේදීබව හෝ ස්තූතිවන්තවීම අප තුළ ඇතිවෙන යහපත් හැඟීමකි. එය සතුට දයාව කරුණාව වගේම ධනාත්මක හැඟීමකි. කෘතවේදීබව යම් මොහොතකදී ඉබේම ඇතිවෙන හැඟීමකි. සමහර පුද්ගලයින් අන් අයට වඩා ස්වභාවයෙන්ම ස්තූතිවන්තබවින්  යුක්තය. එමෙන්ම අන් අයටත් මෙය පුරුදු පුහුණු වීමෙන් ප්‍රගුණ කර ගත හැකි යහපත් ගුණාංගයකි.


කෘතවේදීබව පෙන්වන්නෙ කොහොමද?
* ඔබට ජීවිතයේ ලැබුණු හොඳ දේවල් පිළිබඳ හිතන්න. ඒවාට ස්තූතිපූර්වක වෙන්න.
* ඔබ එදිනෙදා ජීවිතයේ දකින දෙයක් පිළිබඳව හොඳ අවධානයෙන් බලන්න. එය රස විඳින්න.
* ඔබගේ සෞඛ්‍යය ගැන කෘතවේදී වෙන්න.
* අන් අයට කරුණාවෙන් සලකන්න. 
* ඔබගේ ජීවිතයට සතුට ගෙනදෙන ඉතා කුඩා දේවල් ගැන අවධානය යොමු කරන්න.
* ස්වභාවධර්මයට ස්තූතිවන්ත වෙන්න. උදා- ආහාර ගැනීමට පෙර ආහාර සකස් කර දුන් අය සිහිකර ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න. ඔබට ආහාර ලබා දුන් ස්වභාවධර්මයට ස්තූතිවන්ත වෙන්න.

 


ඔබ කෘතවේදිබවට නැඹුරුවක් දක්වන අයෙක්ද? දැනගන්නේ කොහොමද?
මේ ප්‍රශ්න ඔබ ඔබෙන්ම අහන්න
* ඔබගේ ජීවිතයේ සතූතිවන්ත විය යුතු දේ බොහෝ ඇතැයි ඔබට සිතෙනවාද?
* එසේ ස්තූතිවන්ත විය හැකි දේ පිළිබඳ ලැයිස්තුවක් සකස් කළහොත් එය දිගු ලැයිස්තුවක්ද?
* ඔබ ලෝකය දෙස බලන විට ස්තූතිවන්ත විය හැකි බොහෝ දේ ඔබට සොයා ගත හැකිද?
* ඔබ වයසින් මුහුකුරා යන විට ඔබේ ජීවිතය පිළිබඳ හා අනෙක් පුද්ගලයින් පිළිබඳ ඔබ අගය කිරීම දියුණු වී ඇති බව දැනෙනවාද?
* ඔබ යම් කෙනෙකු හෝ යම් දෙයක් අගය කරන අවස්ථා නිතර සිදුවෙනවාද?
* ඔබේ ජීවිතයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් අගය කරනවාද?
මින් බොහෝ ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර ‘ඔව් ’ නම් ඔබට කෘතවේදීබව පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇති බව සඳහන් කළ හැකියි.
ඔබ කෘතවේදී අයෙකු වුවහොත් ඉන් ඔබට ලැබෙන ප්‍රයෝජන බොහොමයක් ඇත.
එනම්,
* ඔබගේ ජීවිතයට යහපත් දේ දෙගුණ තෙගුණ වී ලැබෙයි.
* ඔබගේ ශක්තිය වැඩි කරයි.
* ඔබට මේ මොහොතේ ජීවත්වීමට හැකියාව ලබා දෙයි. අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන සිතීම නවතාලයි.

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික 
සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල


* ඔබ තුළ ඉවසිලිවන්තබව ඇති කරයි.
* යම් පුද්ගලයෙකු හෝ යම් දෙයක් ගැන ඇතිවෙන අයහපත් හැඟීම් යටපත් කිරීමට හැකිවෙයි. 
* ශුභවාදීබව වැඩිවෙයි.
* සබඳතා වැඩිදියුණු වෙයි.
* ඔරොත්තු දීමේ හැකියාව වැඩිවෙයි.
* සිතේ සතුට වැඩි කරයි.

 


කෘතවේදීබව දියුණු කරගන්නේ කොහොමද?
* ඔබගේ මනස මේ පිළිබඳව පුහුණු කරගන්න.
* ඔබ අවට ඇති දේ පිළිබඳ අවධානයට ගන්න. ඒ සඳහා කාලයක් ගත කරන්න. දිනපතාම ඔබට ස්තූතිවන්ත විය හැකි අලුත් දේ සොයාගන්න. 
* ඉතා සුළු දේවල්වලට පවා ස්තූතිවන්ත වීමට පුරුදු වෙන්න.
* ඔබගේ ස්තූතිවන්තබව ඔබගේ සමීපතමයන් (පවුලේ අය) වෙතද ලබාදෙන්න.
* ස්තූතිපූර්වකබව පතුරවන්න.
* කෘතවේදී දිනපොතක් පවත්වාගන්න. සැම දිනකම අවසානයේ ස්තූතිවන්ත විය හැකි දේවල් 03 ක් සටහන් කරන්න. මෙහි අරමුණ වන්නේ හොඳ සිදුවීමක්, අත්දැකීමක්, පුද්ගලයෙකු හෝ දෙයක් මතකයේ තබා ගැනීම හා ඒ සමග ඇතිවෙන යහපත් හැඟීම්  විඳගැනීමයි. 
ස්තූතිපූර්වකබව ඇති කර ගැනීමට හැකියාවන් වැඩි දියුණු කිරීම එතරම් අමාරු නැත. නිරතුරු පුහුණු වීමෙන් එය ළඟා කර ගත හැකියි. ඔබට ස්තූතිවන්ත විය හැකි දේවල් හැකි තරම් අවධානයට ගන්න. එසේ කිරීමෙන් ඔබට තවත් එවැනි දේ දැකිය හැකි වනු ඇති.

සුබෝධිනී පෙරේරා


 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post

Leave a comment