බෙදා හදාගෙන ජීවත් වෙන්න පුංචි හිත්වලට කියලා දෙන්න
පුංචි දරුවන්ගේ හිත් මෝරන්න කලින් හොඳ යහපත් පුරුදු එකතු කරන්න පු`ඵවන් නම් ඒ අය කවදාහරි සාරවත් පොහොර එකතු කරගෙන හැදුණු මහා රූස්ස ගස්බවට පත්වේවි. ඒ විතරක් නොවේ ඒ මහා ගස් යට කවදහරි දවසක හුඟක් දෙනෙක් වෙහෙස නිවාගනීවී. ඒ නිසා මේ පුංචි හිත්වලට කරුණාවේ, දයාවේ, බෙදා හදාගැනීමේ පොහොර වැටුණොත් කවදහරි ඒ හිත්වලට තවත් කෙනකුගේ වේදනාව, දුක තේරුම් ගන්න හැකි වේවි. මමත්වය පිරුණු, මගේ කියලා බදාගත් හුදකලා ජීවිතයක් ඔවුන්ට දෙනවාට වඩා අපේ කියන හැඟීමෙන් බෙදා හදාගෙන ජීවත්වීම කුඩා කල සිටම ඒ පුංචි හිත් ඇතුළට එකතු කරනවා නම් ඔවුන් අනාගතේ දවසක පරිත්‍යාගශීලී මිනිසුන් ලෙස කටයුතු කරනු ඇත.
ජර්මනියේ දරුවන් තමන් ප්‍රවේසම් කරගත් ඇඳුම් පැලඳුම්, කතන්දර පොත්, පාසල් උපකරණවලට අමතරව ටොෆි චොකලට් එහෙමත් වසර අවසානයේ පොළේ තබා විකුණනවා
මේ කියන්න යන්නේ ඒ ගැන අපූරු කතාවක්.
ජර්මනිය වැනි රටවල ඔවුන් දරුවන්ට අනෙකා වෙනුවෙන් ඉතිරි කරන්නට, පරිස්සම් කරගන්නට, පුහුණු කරන්නේ කුඩා කාලයේ සිටමය. සමහර විට එවැනි රටවල් අද දියුණු තැනකට පත්වෙන්නත්, ආකල්ප අතින් උසස් මනසක් සහිත පිරිසක් බිහිවීමටත් එය හේතුවක් විය හැකිය.
සියල්ල පිරිසුදුව පරිස්සම් කරගන්න ඕනෑ
අදහස් දැක්වීම- ජර්මනියේ පදිංචි |
හුඟක් වෙලාවට අපි අපේ දරුවන් යම් කිසි වරදකින් ඈත් කරන්න පාවිච්චි කරන ජනප්‍රියම වචනය තමයි “එපා” කියන වචනේ. එහෙත් අපි එපා කියන්නේ ඇයි කියන හේතුව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. සමහර වෙලාවට එපා කියන අවස්ථාවලදී ඔවුන් වැඩිහිටියන්ට තිබෙන බිය නිසා ඒ දේ නොකර සිටිනවා. එහෙත් නැවත ඔවුන් පෙනෙන්න නැතිනම් සමහර වෙලාවට ඒ වරදම කරන අවස්ථා තිබෙනවා. ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ට ඒ ගැන හරි අවබෝධයක් නැතිකම නිසයි. දරුවන්ට නොතේරෙනකම නිසා ඔවුන් ඇතැම් වෙලාවට තමන් පාවිච්චි කරන සෙල්ලම් බඩු, පොත්පත් ඔවුන්ගේම පමණක් බව සිතනවා. එය ඕනෑම පුංචි හිතක ඇතිවන ස්වාභාවික හැඟීමක්. ඒ නිසා බොහෝ අවස්ථාවල ඔවුන් ඒවාට තමන්ගේ අයිතිය ප්‍රකාශ කරන්න ඔවුන්ට කැමති දේවල් සිදු කරනවා. කඩන්න හිතුණොත් කඩනවා, අපිරිසුදු කරනවා. එහෙත් ජර්මනිය වැනි රටවල දරුවන්ට යම් අවබෝධයක් තිබෙන කාල සීමාව වන විට ඔවුන් පාව්චිචි කරන හුඟක් බඩු බාහිරාදිය බරෙස්සම් කරන්න මවුපියන් ඔවුන්ව හුරු කරනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ සෙල්ලම් බඩු, පොත්පත්, ඉතා පිරිසුදුව, පරෙස්සම් කරන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසා පුංචි කාලේ ඉඳලම තමන් පාවිච්චි කරන උපකරණ පරෙස්සම් කරගන්න ඔවුන් හුරුවෙනවා.
පරෙස්සම් කරන්නේ කා වෙනුවෙන් ද?
සෑම වසරක අවසානයේම මේ දරුවන්ට ඔවුන්ගේ මවුපියන් හරි අපූරු අත්දැකීමක් ලබා දෙනවා. මේ විදියට ඔවුන් පිරිසුදුව, පිළිවෙළකට පරිස්සම් කරගත් පොත්පත්, ඇඳුම් පැලඳුම්, සෙල්ලම් බඩු සියල්ලම එකතු කරගෙන ඔවුන්ට අනවශ්‍යයි කියලා හිතෙන දේවල්වලින් නත්තල් මාසයේ තමන්ගේ නිවස ඉදිරිපිට හෝ පාසල ඉදිරිපිට පුංචි පොළක් පවත්වන්න සූදානම් කරගන්නවා. ඉතින් ඔවුන් මේ විදියට තමන් පරිහරණය කරන සියලු බඩු තවත් දුප්පත්, නොහඳුනන මිනිසුන් වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්නේ තවත් උතුම් ක්‍රියාවක් කරන්නයි.
ලෝකයේ දරුවන් වෙනුවෙන් පොළක්
ජර්මනියේ දරුවන් මෙලෙස තමන් ප්‍රවේසම් කරගත් ඇඳුම් පැලඳුම්, කතන්දර පොත්, පාසල් උපකරණවලට අමතරව ටොෆි චොකලට් එහෙමත් මේ පොළට එකතු කරගන්නවා. ඉන්පසු ඔවුන් කණ්ඩායම් ලෙස එකතුවෙලා ගමේ වැඩිහිටියන්ටත් පොළට එන ලෙස ආරාධනා කරනවා. මවුපියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ පොළ පවත්වන්න විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔවුන් අවසානයට මේ පොළෙන් ලැබෙන ආදායම් සියල්ල පරිත්‍යාග කරන්න තෝරා ගන්නේ ලෝකයේ දුක් විඳින දරුවන් සිටිනා රටවල්.
පුංචි කාලේ ඉඳලම ඔවුන් දරුවන්ට හුරු කරන්නේ නැති බැරි අය වෙනුවෙන් උදවු කරන්න. ඔවුන් වෙනුවෙන් මේ භාණ්ඩ මිලට ගෙන ආපසු ඔවුන්ගේ මෙම පරිත්‍යාග සඳහා ගම්මුන් උදවු උපකාර කරනවා වගේම ඔවුන් නිරන්තරයෙන් දරුවන් අගය කරනවා. එමෙන්ම දරුවන් පාවිච්චි කරන සියල්ල ඉතාම හොඳින් පරිහරණය කිරීමට මවුපියන් ඔවුන්ව පුහුණු කරනවා. ඒ සඳහා ඔවුන් දරුවන් පුහුණු කරන්නේ වයස අවුරුදු තුනේ සිටයි. මේ පොළ සඳහා වයස අවුරුදු තුනේ සිට දොළහ දක්වා වයස් කාණ්ඩවල දරුවන් එකතු වෙනවා. පොළ තිබෙන කාලයට ඔවුන්ගේ අත්තම්මලා ඔවුන්ට පොළේ විකුණන්න පැණි රස කෑම වර්ග හදලා දෙනවා. සීයලා ගෙවත්තේ හදන එළව`ඵ පලතුරු ලබාදෙනවා. ඒ විතරක් නොවෙයි චිත්‍ර අදින්න දක්ෂ දරුවෝ චිත්‍ර ඇඳලා ඒවත් ප්‍රදර්ශනය කරනවා. අත්කම් නිර්මාණත් පොළට එකතු කරගන්නවා. නත්තල් දිනයට ගෙයින් ගෙට ගොස් ගීත ගායනා කර මුදල් එකතු කරනවා. මේ දරුවන් වසරක් අවසානයේ මේ විදියට තමන් සතුටින් එකතු කරන සියලුම මුදල් ඇසට නොදැක්ක ලෝකයේ කොහේ හෝ සිටින මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා.
අපේ දරුවන්ටත් පුංචි කාලේ ඉඳලම මේ දේවල් පුරුදු පුහුණු කරන්න පු`ඵවන්. අපේ දරුවන්ටත් අඩුපාඩු හුඟක් තියෙද්දි වෙන රටවලට උදවු කරන්නේ කොහොමද කියලත් මේ වෙලාවේ කෙනෙක්ට හිතෙන්න පු`ඵවනි. එහෙත් මේ කතාව ඔබට කියන්නේ අනෙක් රටවලට උදවු කිරීම ගැන කියන්න නොවෙයි මේ වගේ පුහුණුවකින් අඩුම තරමේ දරුවන් තමන්ගේ අසල්වැසි, යහ`ඵ යෙහෙළියන් සමග හෝ බෙදා හදාගෙන ජීවත්වීමට පුහුණු වෙනවා. එහෙම දරුවෝ කවදහරි තණ්හාව, කුහකකම නැති සුන්දර මිනිසුන් වෙනවා. කවද හරි දවසක රටක් ලෙස දියුණු වෙන්න ඒ ආකල්ප සිතුවිලි බලපානවා.
සටහන - නයනා උදයංගනී