වැසිකිළිය, කුණු කානුව තියෙන්නේ මුළුතැන්ගෙය ළඟමයි.
කෑමවල බළල් අසූචි, මී අසූචි, තියෙනවා
කැරපොත්තො පිරිලා
හුඟක් සේවකයෝ අපිරිසුදුයි.
නිදහසක් නැති කාර්ය බහුල ජීවිතෙත් එක්ක සමහරෙකුට කෑමක් බීමක් ගෙදර දී හදාගෙන කන්න කාලය නිදහස තියෙන්නේ හරිම අඩුවෙන්. එක වේලක් හරි කඩෙන් කන්න පුරුදුවෙලා ඉන්න පිරිස් ඕනෑ තරම් සමාජයේ දකින්න පු`ඵවන්. ආහාර මිලදී ගැනීමට තමන්ගේ ආපනශාලාවට එන පාර්භෝගිකයාට උපරිම විශ්වාසයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව කෑම පිළියෙල කරදීමේ වගකීමක් ආපනශලා හිමිකරුවන්ට තිබෙනවා. එහෙත් අපේ රටේ
අදහස් දැක්වීම
|
ඇතැම් සුපිරි හෝටල්වල වගේම අනෙකුත් හෝටල්වල උසස් ප්‍රමිතියෙන් පිරිසුදුව කෑම බීම අලෙවි කරනබවට සම්පූර්ණ විශ්වාසයක් ඇතිකරගැනීම අපහසු යි. විශේෂයෙන් මේ වන විට පැන නැගී ඇති ආර්ථික දුෂ්කරතා නිසා ඒ තත්ත්වය තවත් නරක අතට හැරී තිබෙනවා. කෙසේ නමුත් මේ පිළිබඳ අවධානයෙන් පසුවන මහජන පරීක්ෂකවරුන් හා එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතා පසුගියදා සිදු කළ පරීක්ෂණයක හෙළිදරව්වක් සිරිකත අප හා සාකච්ඡා කළේ මෙලෙසය.
අපි කොළඹ අවට සුපිරි හෝටල් සහ ආපනශාලා විශාල සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කළා. එහිදී කෑම හදන මු`ඵතැන්ගෙයි අපිරිසුදුබව සහ ආහාරවල සෞඛ්‍ය සම්පන්න බවේ විශාල ගැටලුවක් ඇති බවට තොරතුරු හෙළිකරගන්න හැකිවුණා. මේ එක් ප්‍රදේශයක පමණයි. නමුත් අපේ රටේ හුඟක් තැන්වල මේ විදියේ අපිරිසුදු ස්ථාන ඕනෑ තරම් තියෙන්න පු`ඵවන්. ඒ සියලු ස්ථාන වෙනුවෙන් අපි නීති ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා. එහිදී ඇතැම් පිරිසකට තරයේ අවවාද කළ අවස්ථාද තිබුණා.
සත්තුන්ට වුනත් නරක් වෙලා තිබෙන අපිරිසුදු කෑමක් කන්න දෙන්න හොඳ නෑ. නමුත් අපේ රටේ කෑමට ගන්න තිබෙන සමහර කෑම බීම සත්තුන්ට දෙන කෑම බීමවලටත් වඩා අපිරිසුදුයි කිව්වොත් විශ්වාස කරන්න පු`ඵවන්ද? ඒ නිසාම කඩෙන් කෑම බීම මිලදී ගන්නා ගෘහිණියන්ට වගේම පුරුද්දක් විදියට කඩ කෑමවලට හුරුවෙලා සිටින ඔබට තමන් ආහාරයට ගන්න කෑමවේලේ ඇති ගුණාත්මක භාවය ගැන පෙරටත් වඩා හිතන්න වෙනවා. මේ කියන්නේ පිටතින් කෑම බීම මිලදී ගන්න එපා කියා නොවෙයි. නමුත් ආහාර අලෙවි කරන උදවියට වගේම ඒවා මිලදී ගන්නා උදවියටත් විශාල වගකීමක් තිබෙනවා කියලයි මේ මතක් කරන්නේ.
මුළුතැන්ගෙය හංගපු ආපන ශාලා
ආහාරයක් මිලදී ගැනීමට ආපනශාලාවකට ගියාම බොහෝ විට අපට මු`ථතැන්ගෙය දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා එහි පිරිසුදුබව, ගුණාත්මකබව ගැන පාරිභෝගිකයාට දැනුමක් නැහැ. ඔවුන් එය මිලදී ගන්නේ විශ්වාසය මත පමණයි. අපි පරීක්ෂාවට ලක් කළ ඇතැම් ආපනශාලාවල මු`ඵතැන්ගෙවල් ඉතා අපිරිසුදු මට්ටමක තිබුණා. සමහර ස්ථානවල කෑම පිසින ස්ථානය ළඟම වැසිකිළිය තිබුණා. අපද්‍රව්‍ය බැහැර කරන කුණු කානු ඒ සමීපයෙන්ම ගලා බසිනවා. කෑම පිසීමට ගන්න භාජන නිසි පිරිසුදු කිරීමක් නැහැ.
විශේෂයෙන් ඇතැම් ස්ථානවල බඩු බාහිරාදිය පිරිලා නිසා කැරපොත්තන් විශාල ප්‍රමාණයක් බෝ වී සිටිනවා. ඒ වගේම මී අසූචි බොහෝමයක් දකින්න පු`ඵවන් වුණා. ඒ අතර පරීක්ෂා කළ එක් ආපන ශාලාවක ආහාරවලට බළල් අසූචි මිශ්‍ර වී ඇති බවට හෙළිකර ගන්න හැකිවුණා. සමහර කෑම පිසින කෝකිවරුන් ඉඳුල් අත්වලින්ම ඒවාට යොදන කුළුබඩු බෝතල් අල්ලන නිසා අපිරිසුදුබව තවත් වැඩිවෙනවා.
කෝකි වරුන්ගේ පිරිසුදුකම අන්තිමයි
මේ කියන්නේ සෑම ආපනශාලාවකම සිදුවන දෙයක් නොවෙයි. ඉතාමත් පිරිසුදුව පවත්වාගෙන යන ස්ථාන ඕනෑ තරම් මේ රටේ තිබෙනවා. නමුත් වැඩි ප්‍රමාණයක මේ ගැටලුව තිබෙනවා. කුඩා ආපනශාලා තුළ වුවත් ඇතැම් ස්ථානවල කෑම හදන පුද්ගලයින් ඉතා ම අපිරිසුදුයි. ඒ අතර සමේ රෝග, කැසීම් තිබෙන පුද්ගලයින් ද සිටිනවා, කෑම පිසින ස්ථානවල ඇතිවන උණුසුම සහ මහන්සිය නිසා ඔවුන්ට නිතර දහදිය දමනවා. ඒ අතර ඇතැම් අයට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග තත්ත්වද තියෙන්න පු`ඵවන්. මේ වගේ අවස්ථාවල හැකි උපරිමයෙන් පිරිසුදුබව ආරක්ෂා කරගැනීමේ වගකීම ඔවුන්ට තිබෙනවා. නිතර අත් ආවරණ, මුඛ ආවරණ සහ ඒ වෙනුවෙන් යොදාගත හැකි උපරිම සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම පාවිච්චි කිරීම අනිවාර්යයෙන් වැදගත් දෙයක්. ඒ වගේම නිතරම කෑම පිසින සෑම භාජනයක්ම ඉතාම පිරිසුදුව තබාගැනීම කළ යුතුම දෙයක්
අපිරිසුදු බව ඉහළ යන්න හේතු
පවතින ආර්ථික අපහසුතා සමග මේ තත්ත්වය තවත් වැඩි වී තිබෙනවා මේ ගැන ප්‍රශ්න කරන විට හුඟදෙනෙක් කියන්නේ බඩු මිල ඉහළ නිසා නාස්තිය අවම කරගන්න මිල දී ගන්න හැම දෙයක්ම අපතේ හරින්නේ නැතිව පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලයි. භාජන සෝදන දියරයේ පටන් සෑම අවශ්‍යතාවකම මිළ ඉහළ නැගීම නිසා ඇතැම් පිරිස් මේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් එය නිදහසට කාරණයක් නොවෙයි. අපි මේ විදියට අපිරිසුදු කෑම කන්න දෙන්නේ අපේම මිනිසුන්ට. එයින් විවිධ ලෙඩ රෝගවලට මිනිසුන් ගොදුරු වෙන්න පු`ඵවන්. දරුවන්ගේ නිරෝගී මානසිකත්වයට එය කෙලින්ම බලපානවා. එය නැවතත් වක්‍රාකාරයෙන් බලපෑම් කරන්නේ ආර්ථිකයටමයි. ඒ නිසා ස්වයං රැකියාවක් විදියට හෝ තමන් නිෂ්පාදය කරලා තවත් කෙනකුගේ කුසගින්න නිවන්න ලබාදෙන කෑම ටික ඉතාමත් පිරිසුදුව පිළියෙල කරන්න ඕනෑ කියන මානසික මට්ටම සෑම පුද්ගලයෙකු තුළම ඇතිවෙන්න ඕනෑ හැඟීමක්. එක අතකින් මෙය ආයාසයෙන් බලෙන් අවවාද කරලා කරන්න ඕනෑ දෙයක් නොවෙයි. අපි රටක් විදියට ඉස්සරහට යන්න නම් අඩුම තරමේ තමන්ගෙන් ඒ මනුස්සකමේ අවංක හැඟීමවත් එළියට එන්න ඕනෑ. තමන්ගෙම මනුස්ස වර්ගයාට ජරාව කන්න දෙනවා නම් අපි කොහොමද දියුණු වෙන්නේ?
උදාහරණයක් විදියට කියනවා නම් තමන්ගේ ගෙදරට අරන් එන මස් මා`ඵ ටික දවසක් දෙකක් යද්දි නරක්වෙලා නම් අපි ඒවා දරුවන්ට හෝ පවුලේ අයට කන්න දෙන්නේ නැහැ. නමුත් සමහර ආපනශාලාවල එකවර මිලදී ගෙනෙන අමුද්‍රව්‍ය ඇතැම්විට නරක්වෙන්න පු`ඵවන්. විශේෂයෙන් මිල ගණන් අධිකවීම නිසා ඇතැම් ආපනශාලා හිමියන් ඔවුන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය ඉවත දැමීමට එතරම් කැමති නැහැ. මේ දිනවල පවතින ආර්ථික අපහසුතා නිසා වෙනදාට අලෙවි වූ බොහෝ ආහාර ද්‍රව්‍ය අලෙවි වීම අඩුවෙලා. ඒ නිසාත් සමහර වෙලාවට ඔවුන් රැගෙන එන අමුද්‍රව්‍ය අපතේ යන ප්‍රමාණය වැඩිවෙනවා. නමුත් නරක් වූ ගුණාත්මක භාවය විනාශ වූ ආහාර මිනිසුන්ගේ පරිභෝජනයට ලබා දීම එක අතකින් වරදක් වගේම විශාල පාපයක් කියන්න පු`ඵවන්. ඒ නිසාම සෑම වෙලාවකම වෙළෙන්දා සහ පාර්භෝගිකයා අතර හොඳ විශ්වාසයක් ඇතිවෙන්න ඕනෑ.
දරුවන්ගේ පෝෂණයට මුල් තැන දෙන්න
සමාජය බොහොම කාර්යබහුල වෙලා. ඒ නිසා සමහර මවුවරු හදිසියට දරුවන්ට මොනවාහරි දෙයක් කඩෙන් අරන් කන්න දෙන්න හුරුවෙලා සිටිනවා. නමුත් කෑමවල දරුවට අවශ්‍ය පෝෂණය ගුණාත්මක භාවය තියෙවද කියලා හරියටම කියන්න බැහැ. එහෙම බැලුවොත් ගෙදර හදන එක එළව`ඵවක් එක්ක හරි දරුවෙකුට කෑම ටිකක් දෙන්න පු`ඵවන් නම් එය පිරිසුදුයි. කොහොම වුනත් මිනිස්සුන්ගේ ප්‍රධාන අවහ්‍යතාවක් වුණු ආහාර උපරිම විශ්වාසයෙන් මිලදී ගැනීමේ පරිසරය මේ රටේ ඇතිවෙන්න ඕනෑ.
නයනා උදයංගනී