සයිබර්හි ඔබ අනාරක්ෂිත වුණොත් මේ දේවල් කරන්න

 

සයිබර් ආරක්‍ෂණය යන්න එක් වරක් ස්ථාපනය කොට සර්වකාලීන ආරක්‍ෂාවක් ලැබිය හැක්කක් නොව, ගතික සමාජ සන්දර්භය තුළ තාක්‍ෂණිත දියුණුව හා අනුලෝමීය වශයෙන් සයිබර් අවකාශය සඳහා එල්ල වන තර්ජන ද වෙනස් වන අතර ඒ හා සමගාමීව ආරක්‍ෂණය ද ප්‍රගමනය වෙයි. පරිගණක ජාලයන්ගේ සුරක්‍ෂිතභාවය හෙවත් සයිබර් ආරක්‍ෂණය උදෙසා පරිගණක යාන්ත්‍රණ කිහිපයක් භාවිතා කරනු  ලබයි. ඒ අතර

 

1. ක්‍රිප්ටොග්‍රැෆි ක්‍රමය (Cryptography)

නීතීඥ කළණී ඉරෝෂා ධර්මසිරි

ක්‍රිප්ටොග්‍රැෆි ක්‍රමය තුළ දී පරිශීලකයා හට තම දත්ත සඟවා (Encryption) පරිවහනය කිරීමට අවස්ථාව ලැබේ. එමෙන්ම ඉංග්‍රීිසි හෝ වෙනත් භාෂාවකින්ලි යන ලද තොරතුරු සම්ප්‍රේෂණයේ දී වෙස් වලාගත් ස්වරූපයකට (Cipher text) පත්වෙයි. මේ හේතුවෙන් සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර දත්ත සන්නිවේදනය හඳුනා ගැනීම දුෂ්කර වෙයි. මෙලෙස ආකේතකරණය වන දත්ත විකේතීයකරණය කොට ගෙන මුල්  දත්තයන් ලබා ගැනීමේ හැකියාවක් ග්‍රාහකයාට පවතියි. පැකට් ස්නිෆිං මෘදුකාංගයන් භාවිතයෙන්  අදාළ පරිශිලක නාම හා රහස් පද පිළිබඳ තොරතුරු දන ගත්ත ද හැකර්වරයෙකුට මෙහි දී දත්තය සඳහා කිසිවක් කළ නොහැකි අතර පොදු පරිගණක ජාල භාවිතා කරමින් තම පෞද්ගලිකත්වය හා රහස්‍ය භාවය රැකගැනීමට ද හැකියාව ලැබෙයි.

 

2. ෆයර්වෝල් යෙදීම. (Firewall)

සයිබර් අවකාශය ආරක්‍ෂණය සඳහා වන උපක්‍රමයක් ලෙස ෆයර්වෝල් යෙදීමපෙන්වා  දිය හැකිය. හැකර්වරුන්ගේ ආගමනය වැළැක්වීමේ අරමුණින් පරිගණක ජාලයේ පරිගණකයකට මෙය යොදනු ලබයි. මෙහි කාර්යභාරය වනුයේ පෙර නිශ්චය කරන ලද නීතිරීති සමුදායක්ම ත පදනම් ව පරිගණක ජාලය තුළට පැමිණෙන දත්ත විශ්ලේෂණය කොට එ ්වාට ජාලය තුළට පිවිසීමට අවසර ලබා දීම ය.

 

3. Intrusions Detection System

බලහත්කාරයෙන් පරිගණක ජාලයට ඇතුලු වීමට තැත් දැරීම සොයා බලන පද්ධතිය මගින් දැනට පවතින ආරක්‍ෂණ පද්ධතියේ දුර්වලතා හඳුනාගැනීම මේ හරහා සිදු වන අතර යම් පුද්ගලයෙකු ජාලයට ඇතුලු වීමට උත්සහ කිරීමේ දී ඒ  පිළිබඳ ව ජාල පරිපාලක හට දක්වනු ලැබීම මෙහි කාර්යභාරයයි”. ඉහත ක්‍රමයන්ට අමතරව සයිබර් ආරක්‍ෂණය සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේදයන් කිහිපයක් හඳුනා ගත හැක.

යම් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ලෙස ප්‍රවේශ වීමට වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්‍ෂයකට නොවැඩි දඩයකට හෝ වසර 05ක්  දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඩුවම් දෙකට ම යටත් වීමට සිදු වනු ඇත. යම්කිසි වරදක් කිරීමේ පැහැදිලි අරම ුණ සහිතව යම් පරිගණකයකට ඇතුලු වීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් රුපියල් ලක්‍ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර 05 ක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකට ම යටත් වීමට සිදු වනු ඇත. අධිකාරී බලය නොමැතිව පරිගණකයක යම් කටයුත්තක නිරත වීමේ වරදක් සඳහා වරදකරු වුවහොත් රුපියල් තුන්  ලක්‍ෂයකට නොවැඩි දඩයකට හෝ වසර 05 ක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකට ම යටත් වීමට සිදු වනු ඇත. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් සිදුවන ආකාරයේ පරිගණක අපරාධයක නිරත වීමකට වැරදිකරු වීමෙන ් වසර 05 කට නොවැඩි සිර දඬුවමකට යටත් වීමට සිදු වනු ඇති (www.sosira.lk) ඒ  අනුව පෙනී  යන්නේ සයිබර් අපරාධ වැළැක්වීම සඳහා යම් තරමක නීතිමය රාමුවක් මේ වන විට අප රට සතු වන බව යි.

“සයිබර් අපරාධකරුවන්  නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙරට තාක්‍ෂණය ප්‍රමාණවත් ද? යන්න පිළ ිබඳව විමසීමේ දී මෙවැනි අපරාධ මැඩපැවැත්වීමට අනෙක්  රටවල්වලට සාපේක්‍ෂව තරමක් අඩු පහසුකම් සහිත තත්ත්වයක පසු වුව ද සයිබර් අපරාධකරුවන් නීතියේ රැහැනට නතු කර ගැනීම වෙනුවෙන්  ජාත්‍යන්තර සහය ලබා ගැනීමට මේ වන විට අපට හැකි වී තිබීම සතුටට කාරණයකි. සයිබර් අපරාධ පිළිබඳ හංගේරියාවේ බූඩා පෙස්ට් සම්ම ුතියේ සාමාජිකත්වය ද යුරෝපා කවුන ්සලය හරහා ශ්‍රී ලංකාව වෙත හිමි වී තිබීමෙන් සයිබර් අපරාධ මැඩලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීත්වය සහිතව කටයුතු ක ිරීමට ශ්‍රී ලංකාවට වරම් ලැබී ඇත” (Csisrts.lk).

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment