සුසුම් හෙළන sex

 

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘හංස විලක්’ චිත්‍රපටය විදෙස් චිත්‍රපට උලෙළක පෙන්වා අවසානයේ චිත්‍රපටය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී තිබුණි. එහිදී එක් විදෙස් ජාතිකයකු නැගිට විමසා ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය මේ තරම් පටුද යන්නයි.


එය විමසීමට හේතුව වී තිබුණේ එහි තේමාවයි. විවාහක කාන්තාවක හා පිරිමියකු හෝටල් කාමරයක සිටියදී පොලීසිය එයට කඩා වැදී අත් අඩංගුවට ගැනීමයි.

 


අතීත විවාහය රැඩිකල්ද?

අදහස් දැක්වීම - නීතීඥ
ලක්ෂිකා රත්නායක

 


අතීත ශ්‍රී ලංකාවේ විවාහය පිළිබඳව තිබුණේ අදට වඩා වෙනස්ම ආකල්පයකි. එකගෙයි කෑම, බහු භාර්යා සේවනය එම ජන සමාජය තුළ බහුලව දක්නට තිබූ අතර ලිංගිකත්වය මිනිසුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වී තිබුණි. එය ජාතිය බෝ කිරීම සඳහා මිනිසුන්ගේ ජීවිතවලට බද්ධ වූ අනිවාර්ය අංගයකි. විවාහ ලියාපදිංචි කිරීමේ සංකල්පය ඉංග්‍රීසි ජාතිකයන් විසින් හඳුන්වා දුන් අතර එය පසුකාලීනව වඩාත් වැදගත් වූයේ දරුවකු පාසලකට ඇතුළත් කිරීම සඳහා විවාහ සහතිකය අනිවාර්යවීම හේතුවෙනි. ඉංග්‍රීසි ජාතිකයන් විසින් අපට විවාහ ලියාපදිංචිය හඳුන්වා දී ඔවුහු අද living together සංකල්පය පිළිබඳව බොහෝ කතාබහ කරති.

 


දෙදෙනාම තෘප්තිමත් ද?
අපේ රටේ විවාහක අඹු සැමියන් ලිංගිකත්වය තුළ තෘප්තිමත්බව පිළිබඳව දක්වන්නේ ඉතාමත් අඩු තක්සේරුවකි. සැමියා විසින් බිරිඳගේ ලිංගික තෘප්තිමත් බව, බිරිඳ විසින් සැමියාගේ තෘප්තිමත් බව විවෘතව කතා නොකරන අතර ලිංගිකත්වය පිළිබඳව කතාබහ කිරීම පවා සම්මතයෙන් පිට පැනීමක් ලෙස සිතයි. මෙය ආසියාතික සමාජයේ ගෘහ ජීවිතය තුළ පැන නැගී ඇති ප්‍රබල ගැටලුවකි. විශේෂයෙන් කාන්තාව ලිංගික අවශ්‍යතා ප්‍රකාශ කිරීම මහා වරදක් ලෙස අප සමාජය තුළ සැමියාද දකී.

 


දික්කසාදයටත් හේතුවක්
අද වනවිට අපේ ජන සමාජය තුළ දික්කසාදවීම් බහුල වී ඇති අතර එහිදී දෙපාර්ශ්වය විවිධ කරුණු කාරණා ඉදිරිපත් කළද එම නඩුවලදී වඩාත් පැහැදිලිවන කාරණාව වන්නේ දෙදෙනා අතර පැන නගින ලිංගිකත්වය පිළිබඳව ගැටලුය. ඒ පිළිබඳව නිසි අවබෝධයක්, එකිනෙකාගේ අවශ්‍යතා නිසි පරිදි අවබෝධ කර ගැනීමට නොහැකිවීම මත අවසානයේ පතන්නේ දික්කසාදයයි.

 


හැඟීම් කාටත් පොදුයි
දික්කසාදවන, සැමියා මිය යන කාන්තාවන්, විවාහ නොවී සිටින කාන්තාවන් ඕනෑම සමාජයක දැකිය හැකි අතර ඒ කවර පාර්ශ්වයකට වුවද ලිංගිකත්වය අත්‍යවශ්‍ය අංගයකි. එසේ වුවද අදටද අපේ සමාජය තුළ පවතින්නේ මෙවන් ගැහැනුන් දරු මල්ලන් හදාගෙන, සුදු ඇඳගෙන ජීවත්විය යුතුය යන්නයි. ඔවුන්ට සමාජයෙන් බොහෝ බලපෑම් එල්ලවන අතර අන් පිරිමියකු හා යහන්ගතවීම සාපරාධී අපරාධයක් ලෙස සමාජය සලකයි.
ලිංගිකත්වය  මෙලොව බිහිවන ඕනෑම අයෙකුට අත්‍යවශ්‍ය අංගයකි. කාන්තාවෝද එයට ප්‍රිය කිරීම සාමාන්‍ය ය. එහිදී ඔවුන් තෝරාගනු ලබන්නේ බොහෝවිට හෝටල් කාමරයකි.

 


කාමරයකට යාම තහනම් ද?
හෝටල් කාමරවල ලිංගික සුව විඳීමට ගොස් අත්අඩංගුවට පත්වන ගැහැනු,පිරිමි පිළිබඳව බොහෝ පුවත් මාධ්‍ය ඔස්සේ වාර්තාවන අතර එසේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් තිබේද යන්න බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. කාමරයේ සිටින්නේ වයස අවුරුදු 16ට වැඩි යුවළක් නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් නොමැත. හෝටල් කාමරය සඳහා බිල ගෙවා ඇත්නම් එය පරීක්ෂා කිරීමටද අයිතියක් නොමැත. මන්ද බොහෝවිට නිසි වයස සම්පූර්ණ වූ කාන්තාවන් පිරිමින් හෝටල් කාමරයකට ගොඩවන්නේ එකිනෙකා පිළිබඳ අවබෝධයෙනි. කැමැත්තෙනි. එහිදී පොලිසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගැනීම මඟින් සිදුවන්නේ ඔවුන්ගේ නිදහස සීමා කිරීමකි.


මෙහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ යම් ඔත්තුවක් මත බාල වයස්කරුවන් කාමරවල ඇත යන්න සිතා සෝදිසි කිරීමට පැමිණීමයි.


මෙවැනි අවස්ථාවකදී මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව අදාළ යුවළට නීතිමය පියවර ගත හැකි අතර ඒ සඳහා බොහෝදෙනකු පියවර නොගන්නේ නිසි වයස් සම්පූර්ණ වුවද ලිංගික සුව විඳීම සඳහා කාමරයකට පැමිණෙන්නේ සාමාජයට හොරෙන් බැවිනි.


යල් පැන ගිය සමාජ නීතිරීති ගොන්නකට අපේ සමාජය තුළ විවාහය තවමත් හිරවී ඇති අතර ඒ තුළින් වඩාත් පීඩනයට ලක් වී ඇත්තේ කාන්තාවයි. විශේෂයෙන් ලිංගික කාරණාවලදී ඉතා දැඩි පීඩනයකට ඇය පත්වන අතර දික්කසාද, වැන්දඹු කතුන් තම ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේදී මෙයට වඩාත් අපහසුතාවලට ලක් වේ. එය ඇයට හිමි අවශ්‍යතාවක් බව කිසිදු පාර්ශ්වයක් නොතැකීම බලවත් අසාධාරණයකි.

සුජිත් ප්‍රසංග


 

 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post

Leave a comment