සෙනසුරු මාරුව රටට ඔබට කොහොමද?

දුරුතු මහ ආරම්භයේදීම සිදු වූ සෙනසුරු මාරුව වර්ෂයේ ඉදිරි කාලය පුරා රටටත් ඔබටත් බලපාන්නේ කෙසේද?

 

සෙනසුරු වසර 1964 න් පසුව 1993 මාර්තු මස 05 වැනිදා මකර රාශියේ සිට ප්‍රථමයෙන් කුම්භ රාශියට පැමිණි අතර නැවත වක්‍රව ගොස් 1993 නොවැම්බර් මස 09 වැනි දින සෙනසුරුගේ නිවහන ලෙස සලකන කුම්භ රාශිගතවීම සිදුවිය. එසේ නම් සාමාන්‍යයෙන් සෙනසුරු තමන් තැන්පත් ව සිටියේ යම් රාශියක ද එතැනින් නික්ම ගොස් නැවත එම රාශියට පැමිණීමට වර්ෂ 30කට ආසන්න කාලසීමාවක් ගන්නා අතර 1993 සිට 2023 දී ඒ ආකාරයෙන් නැවත කුම්භ රාශියට පැමිණ තිබීම විශේෂ අවස්ථාවකි.

 

රටට කොහොමද? 

තොරතුරු - පාරම්පරික ගුප්ත විද්‍යාශාත්‍ර, භාවකේන්ද්‍ර ශූරි ජ්‍යෙතීර්වේදී කෝසල මාරසිංහ 

 


ලංකා කේන්දරයේත් ලග්නය කුම්භය වන නිසා කුම්භ රාශියට පැමිණීමට පටන්ගත් සෑම අවස්ථාවකම ලංකාව තුළ දේශපාලන වෙනස්කම්, ප්‍රතිසංස්කරණවලට භාජනය විය. විවිධ දේශපාලන ක්‍රියාකාරී කණ්ඩායම් බිහිවීමට පටන්ගත්තා වගේම ඒ සෑම අවස්ථාවකම සාමාන්‍ය ප්‍රගතිශීලි ජනතාවගේ නැගිටීමත් සමග වාමාංශික පක්ෂවල නැගිටීමක් සිදුවිය. ඒ ආකාරයේම තත්ත්වයක් නැවත වරක් සිදුවනබව පැවසිය හැකිය. කුම්භ රාශියට සෙනසුරුගේ පැමිණීම ඉතාම යහපත් තත්ත්වයකි. කෘෂිකාර්මික දියුණුව, රටට ගලා එන දිගුකාලීන ආයෝජන, රටට හිතකර ප්‍රතිපත්ති සම්පාදනය ආදිය සිදු වේ. මේ විසඳුම් හුදෙක් දිගුකාලීන ප්‍රතිලාභ සහ ස්ථීරසාරවීමට සෙනසුරුගේ සාමාන්‍ය ස්වභාවය දැඩි ලෙස බලපෑම් කරයි. සිකුරුගේ පැමිණීමෙන් නව්‍ය නිෂ්පාදන, නිර්මාණශීලි සහ කාන්තා මැදිහත්වීම, කලාකරුවන් ගේ පිබිදීම සහ කැපවීම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොමුවීම ඇති වේ. මේ ආකාරයෙන්ම රවි 2023 පෙබරවාරී මස 04 වැනිදා කුම්භ රාශියට පැමිණීමත් සමග දෙවන සතිය වන විට දේශපාලන වශයෙන් සහ සමාන්‍ය ජනතාවගේ ඉදිරිපත්වීම සමග ඉතා උණුසුම් ක්‍රියාකාරකම් හේතුවෙන් පෙබරවාරි මාසය දේශපාලන භූමිය් උණුසුම් ස්වභාවයක් ගනු ඇත. 

 

ඔබට කොහොමද? 
සෙනසුරු කුම්භයට පැමිණීම කුම්භ ලග්න හිමියාට යහපත් වුවත් කුම්භ ලග්නයෙන් ඉපිද මකර, කුම්භ, මීන, තුලා සහ වෘශ්චික යන නවාංශකයකින් ඉපදී ඇත්නම් ඔබගේ 22 වන දේර්කාණාධිපති හෝ 64 වන නවාංශකයේ අයිතිය සෙනසුරුට අයත්ව සිටීම නිසා අහිතකර ප්‍රතිවිපාක ඇතිකරන බව මතක තබා ගත යුතුයි. එසේම කුම්භ ලග්න හිමි ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ලග්නයේ චන්ද්‍රයා සිටී නම් එම සඳු සියාවස නැකතේ නොමැතිව දෙනට හෝ පුවපුටුප නැකතේ සිටී නම් හෝ ජන්ම කේන්ද්‍රයේ සඳු හෙවත් චන්ද්‍රයා කටකයේ හෙවත් 06 වැන්නේ නම් ඔබ ලග්න ජන්ම හෝ වන්ද්‍ර ඒරාෂ්ඨක යන අවස්ථාවලින් දෙකකට මුහුණපානු ඇත. එබැවින් ඉතා අහිතකර විපාක සඳහා මුහුණ දීමට සිදුවන බව තරයේ මතක තබාගෙන කටයුතු කළ යුතුයි. එසේම ඒ ආකාරයෙන් සෙනසුරුගේ මහාදශා අන්තර්දශා ගතකරයි නම් තත්ත්වය වඩාත් අයහපත් වන බැවින් පළපුරුදු ජ්‍යොතීර්වේදියකු ලවා ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමද ඉතා වැදගත් ය.


එසේම කටකයේ 8 වැන්නේ අෂ්ටම ඒරාෂ්ටකයත් මීනයට ලග්න ඒරාෂ්ටකයත් ආරම්භවන අතර ඒ අයගේ ද පෙර කී පරිදි සඳු කුම්භයේ නම් ජන්ම ඒරාෂ්ටක තත්ත්වයකට මුහුණ පා ඇත. කටකයෙන් 07 වැන්නෙන් මිදුණු සෙනසුරු කටක ලග්න හිමි ඔබට මෙතෙක් පමා කළ විවාහ දෝෂ තත්ත්වයෙන් ඉවත්ව විවාහය සඳහා අවස්ථාව ලබාදෙන නමුත් නිවරැදි ගැළපීම් සහිතව සිදුකර ගැනීමට වගබලා ගත යුතුයි.


ඒරාෂ්ටකයක් යන අර්ථය ගත් කල සාමාන්‍යයෙන් අට වැන්න ගැන කියැවෙන බැවින් ශනි කේන්ද්‍රයේ 8 වැන්නේ ගමන් කිරීම ලෙස දැක්විය හැකි ය. 


මුත්‍රාශය, දත් සහ අස්ථි, අග්න්‍යාශය, පිට කොන්ද යන ශාරීරික අංග ශනිට අයත්වේ. ශනිගේ දශා අපල ආදියේදී වම් පස බිඳීයෑමට ඉඩ කඩ පවතී. අඩස්සි රෝග දත් දිරා යෑම වාත රෝග, බිහිරි වීම උගුර ආශ්‍රිත වූ රෝග බඩ කොරවීම පිළිකා ගෙඩි ඔක්කාරය පක්ෂගාත රෝග ආදියට නැඹුරු වේ. බැලසන්නි රෝගය, ආමාශගත රෝග, ගලපටලය (ඩිප්තීරියා) ශනිගේම බලපෑම නිසා ඇති කරයි. වෘක, බලු, වවුලා, බකමූණා වලසා යන සතුන්ට ශනිගේ බලපෑම ඇත. යම් අයකුගේ ශනි උපතේ දී දුර්වල නම් ඉහත කී රෝග මතුකිරීම සුලභ වේ. 


මකරයේ ලග්නයෙන් ද ධනුවේ දෙවැනි භාවයෙන් ද මිථුනයේ අටවැන්නෙන් ද ඉවත් වූ සෙනසුරු කුම්භයේ සඳු හෝ රවි නොමැති නම් යහපත් පල උදාකරනුයේ මෙතෙක් ගත කළ ඒරාෂ්ටක නිමාවීම හේතුවෙනි. ඒ අනුව ඉහත දක්වන ලද තත්ත්වයන්ට යටත්ව මේෂ, වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, ධනු සහ මකර රාශි හිමි ඔබට  දුරුතුවේ සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය යහපත් වේ.


සිකුරුගේ  කුම්භ රාශිය තුළ මාසයකට ආසන්න කාලසීමාවක් ගත කරන අතර ඉහත කී තත්ත්වයන් නොමැති නම් කුම්භ ලග්න හිමි ඔබටද සිංහ ලග්න හිමි ඔබටද මංගල යෝග උදාකරයි. වෘශ්චික රාශියට නිශ්චල චංචල දේපළ පිළිබඳව වාසනාව උදාකරයි. මේෂ ලග්න හිමියාගේ බිඳවැටුණු ව්‍යාපාර නගා සිටුවීමටත් වෘෂභයට නව රැකියා අවස්ථා, මිථුනට පූර්ව ජන්ම වාසනාවද, තුලාවට අධ්‍යාපන වරම්  ශිෂ්‍යත්ව අවස්ථා ඇති කරයි. මකර රාශියට ද තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ද අවස්ථාව ලැබේ. අන් ලග්නවලට මිශ්‍රඵල සහිත වේ.

සටහන - නයනා උදයංගනී                  

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Previous

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment