හරියට හිතුවොත් විදුලි බිල පාලනය කරගන්න පුළුවන්

 

අපේ රටේ විදුලි පරිභෝජනය කරන නිවාස අතුරින් නිවාස ලක්ෂ 2ක් පමණ විදුලි ඒකක 30 සීමාව තුළ විදුලිය පරිභෝජනය කරයි. එවැනි නිවාසවල ඇත්තේ විදුලි බුබුළු 5ක්, ගුවන් විදුලි යන්ත්‍රයක්, විදුලි ස්ත්‍රික්කයක් වැනි උපකරණ කීපයක් පමණි.


ඔබේ නිවෙසත් මෙවැනි නිවෙසක් නම් පසුගිය කාලය පුරාම ඔබ වැය කර ඇති ඒකක 30 සඳහා විදුලි බිල වශයෙන් ගෙවීමට සිදුවූයේ රු. 105ක් හෝ ඊට අඩු මුදලකි. එහෙත් මේ වසරේ අගෝස්තු මස කළ සංශෝධනය අනුව ඔබට ඒකක 30ක් සඳහා රු. 360ක විදුලි බිලක් ලැබෙනු ඇත.


ඉදිරියටත් ඔබේ විදුලි බිල ඒකක 30 සීමාවේ රඳවා ගැනීම සඳහා ඔබගේ නිවසේ ඇති විදුලි උපකරණ සහ එහි ඇති වොට් අගය මෙන්ම දිනකට ඔබ භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණයත් දැනගත යුතුය.

 

 

මෙම වගුව අනුව ඔබේ නිවෙසේ දැනට වොට් 40 ක් වන සූත්‍රිකා විදුලි 5ක් පැය 4 බැගින් භාවිතා කරනවා නම් ඒ සඳහා මසකට විදුලි ඒකක 24ක් වැයවන අතර ඒකක 30 සීමාවේ තබා ගැනීමට අනෙක් විදුලි උපකරණ පාවිච්චිය සීමා කළ යුතුය.
 
එහෙත් මෙම සූත්‍රිකා විදුලි පහන් වෙනුවට CFL හෝ LED විදුලි පහන් භාවිතයට ගතහොත් ඒ සඳහා වැයවන්නේ මාසයකට ඒකක 3.6 ක් පමණි.දිනකට පැය 4ක් පමණ ,
 
 
LED රූපවාහිනිය   ‐ ඒකක 6‐7
ගුවන් විදුලි යන්ත්‍රය ‐ ඒකක 4.8
මේස විදුලි පංකාව  ‐ ඒකක 4.8
දුරකථන චාජරය    ‐ ඒකක 0.6
 
වශයෙන් භාවිතා කළ හැකි අතර දිනපතා විනාඩි 15 බැගින් විදුලි ස්ත්‍රික්කය භාවිත කරන්නේ නම් එයට වැයවන විදුලි ඒකක 6.5 ඇතු`ඵව මාසයකට වැය වන්නේ විදුලි ඒකක 25‐27 අතරය.
ඒකක 60 සීමාවේ පවත්වාගෙන ගිය නිවෙසක විදුලි බිල පසුගිය කාලයේ රු. 280.50ක්ව පැවතියද සැප්තැම්බර් මාසයේ සිට ඔබට ඒකක 60ක් සඳහා රු. 780ක් ගෙවීමට සිදු වේ.
ඔබේ විදුලි බිල ඒකක 60 නොඉක්මවා පවත්වා තබා ගැනීමටත් හැකි උපරිමයෙන් අඩුකර ගැනීමටත් විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කළ හැකිය.
 
● නිතර දැල්වෙන විදුලි පහන් සුත්‍රිකා විදුලි පහන් නම් ක්‍ත්‍ඛල ඛෑෘ විදුලි පහන්වලට මාරුවන්න.
● රයිස් කුකරයක් පාවිච්චි කරනවා නම් ඒ වෙනුවට ඛඡ ගෑස් හෝ නර්ඞ් ආයතනය මගින් හඳුන්වා දී ඇති ජීව ඉන්ධන පොල්කටු අඟුරු බත් පිසිනයට හෝ දර උඳුනකට මාරුවන්න.
 
 
(දිනකට දෙවරක් කිලෝ එකක ප්‍රමාණයක බත් පිසින්නේ නම් ඒ සඳහා එම රයිස් කුකරය සඳහා විනාඩි 20 බැගින් විනාඩි 40ක් විදුලිය වැය වේ. ඒ අනුව මාසයකට ඔබේ විදුලි බිලට ඒකක 9ත් 12ත් අතර එකතු වේ)
වතුර උණුකිරීම සඳහා විදුලි කේතලය හෝ හීටරය දිනකට පැය භාගය බැගින් භාවිතා කරන්නේ නම් ඒ සඳහා මාසයකට විදුලි ඒකක 15 - 23 අතර ප්‍රමාණයක් විදුලි බිලට එකතු වේ.
 
හැකි සෑම විටකම බත් පිසීම, වතුර උණුකිරීමට විකල්ප ඉන්ධන භාවිතා කිරීමෙන් විදුලි බිල තරමක් හෝ අඩු කරගත හැකිය. එමෙන්ම නව අයකිරීම් අනුව සෑමවිටම නිවසේ විදුලි පරිභෝජනය ඒකක 60ට සීමා කරගන්න. එය ඒකක 61ක් වුවහොත් විදුලි බිල රු. 1336ක් වේ. එම එක් ඒකකයක් වැඩිවීමෙන් ඔබට රු. 556ක අමතර මුදලක් ගෙවීමට සිදු වේ. එසේ වන්නේ ස්ථාවර ගාස්තුව ඉහළ යන බැවිනි.
 
ඔබේ නිවසේ විදුලි පරිභෝජනය ඒකක 90 සීමාවේ ඇත්නම් එය අඩුකර ගැනීම හෝ එම සීමාව ඉක්මවා නොයන ලෙස පවත්වා ගැනීම ඔබට සහනයකි.
 
ඒකක 90ක් සඳහා පෙර විදුලි බිල රු. 861ක් වුවද නව සංශෝධනයට අනුව එය රු. 1800 ක් වේ. ඒකක 90 හෝ එය ඉක්මවන නිවෙසක තනි දොර හෝ ශීතකරණයක් ඇත. එමෙන්ම ඔබේ නිවෙසේ වැය කරන විදුලි ඒකක ගණන 91 වුවහොත් එක ඒකකයක් වැඩිවීම හේතුවෙන් රු. 650ක් වැඩිපුර ගෙවීමට සිදු වේ.
 
ඒකක 100ක් වැයවන නිවෙසක එය ඒකක 90ක් දක්වා අඩුකර ගැනීමට ශීතකරණයේ කාර්යක්ෂමතාව සහ භාවිතය වැදගත් වේ.
 
ලබන සතියේ ‐ විදුලි බිල අඩුකර ගන්න නිවැරදිව ශීතකරණයක් පාවිච්චි කරමු.
 

‐ සුජිත් ප්‍රසංග -
 
අදහස් දැක්වීම - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති  අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චමින්ද ලියනගේ
 

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment