හැක් කළොත් මොකද වෙන්නේ ?
“සයිබර් අපරාධයක් යනු පරිගණක, පරිගණක උපාංග හෝ ජාල යොදා ගනිමින් කරනු ලබන අපරාධයයි. යම් පරිගණකයක් හෝ පරිගණක පද්ධතියක් අපරාධයක් කිරීම සඳහා යොදා ගැනීම හෝ එම පරිගණකය පෞද්ගලික හෝ රහසිගත තොරතුරු වෙත ඉලෙක්ට්‍රොනික උපකරණයක් හරහා පිවිසී හානිකර යමක් සිදු විය හැකි ඕනෑම කටයුත්තක් සයිබර් අපරාධයක් ලෙස හැඳින්විය හැක” මෙකී සයිබර් අපරාධ E – අපරාධ නැතහොත් ඉලෙක්ට්‍රොනික් අපරාධ වශයෙන් ද හඳුන්වනු ලබයි. අපරාධය නම් සංසිද්ධිය නව ප්‍රවණතාවක් නොවන අතර එය සයිබර් අවකාශය හරහා නව ක්‍රමවේද ඔස්සේ සිදුවන බැවින් එක් අපරාධය සාමාන්‍ය අපරාධයකට සාපේක්‍ෂව සංකීර්ණ ය. එහි ඉලක්ක හා මුහුණුවර සාමාන්‍ය අපරාධවලට සාපේක්‍ෂව වෙනස් ස්වරුපයක් ගනු ලබන්නේ එහි දී සම්ප්‍රදාය නවීකරණයත් තාක්‍ෂණ හරහා සිදු වන බැවිනි. පරිගණකය, අන්තර්ජාලය, ජංගම සේවා හෝ වෙනත් ඩිජිටල් ක්‍රමවේද භාවිතා කරමින් ලෝකය නවමු ස්වරූපයක් කරා ගමන් කරයි. එහි අදුරු පැතිකඩ සයිබර් අපරාධයක් ලෙස හැඳින්විය හැක. මෙහි අපරාධ තාක්‍ෂණයේ ස්වභාවය වෙනස් කරමින් සිටියි.
සයිබර් අපරාධ මූලික වශයෙන් ආකාර 03 කට වර්ග කර දැක්විය හැක.
01. මිනිසුන්ට විරුද්ධව සිදු කරන සයිබර් අපරාධ
02. දේපළවලට විරුද්ධව සිදු කරන සයිබර් අපරාධ
03. රජයට විරුද්ධව සිදු කරන සයිබර් අපරාධ වශයෙනි.
නීතීඥ කළණී ඉරෝෂා ධර්මසිරි
|
රජයට විරුද්ධව සිදු කරනු ලබන අපරාධ යනු සයිබර් ත්‍රස්තවාදය යි. අන්තර්ජාලය ත්‍රස්තවාදීන්ගේ මූලික ම මාධ්‍ය බවට පත් වී ඇත. එමගින් ඔවුන් තම තමන්ගේ සංවිධාන සඳහා අවශ්‍ය අරමුදල් රැස්කර ගනිමින් සිටියි. ජූලියන් අසාන් විකිලික්ස් වෙබ් අඩවිය හරහා ඇමරිකාවට එරෙහිව කරන චෝදනා ඇමරිකාව විසින් සයිබර් අපරාධයක් ලෙස හඳුන්වන්නට විය. එහි දී සයිබර් ත්‍රස්තවාදය යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරීමක් සිදු කර ඇත. ශ්‍රී ලංකාව www.Tamilnet.com වෙබ් අඩවිය ද ත්‍රස්තවාදී වෙබ් අඩවියක් යටතේ ලංකාව තුළ තහනමට ලක් වූ වෙබ් අඩවියකි.
සයිබර් ත්‍රස්තවාදය තුළ යුධ ආයුධ වශයෙන් හඳුන්වනු ලබන්නේ මෘදුකාංග ඵදනම වන ආයුධ හා දෘඩාංග යි. 2000 වසරේ සැප්තැම්බර් 28 ඊශ්‍රාලයේ අනවසර දත්ත පැහැර ගත්තෙකු වූ නව යොවුන් තරුණයෙක් ලේබනනයේ ගෙෂ්බොලග් සහ සමාජ වෙබ් අඩවීන්ට පහර දෙන්නට වූයේ මේ ක්‍රමවේදය ඔස්සේ ය.
“අලුත් සොරුන්ට පරිගණකය තුවක්කුවක් බවට පත් කරමින් සොරකම් කිරීමේ හැකියාව පවතී. හෙට වන විට ත්‍රස්තවාදීන්ට පරිගණකයේ යතුරු පුවරුව භාවිතා කරමින් බෝම්බ පිපිරවීමේ හැකියාව ඇති වනු ඇත” සයිබර් අපරාධ අතරින් වඩාත් ජනප්‍රිය ම සයිබර් අපරාධ වනුයේ අනන්‍යතාවය සොරා ගැනීම, තර්ජනය කිරීම, හැක් කිරීම සහ කර්තෘ අයිතිය උල්ලංඝනය කිරීම වැනි දෑය. සයිබර් අපරාධ තුළ අන්තර්ජාල වෙළඳෙපොළ සයිබර් අපරාධයන්හි ඉලක්ක බවට පත් වීමේ දැඩි ප්‍රවණතාවයක් පවතී. “සමාජජාල වෙබ් අඩවි තුළ සයිබර් අපරාධ වඩාත් සුළභ වේ. ඔයැ The Economist වෙබ් අඩවියට අනුව ලොව වටිනාකමින් හයවන ස්ථානයේ පසුවන සමාගම ලෙස ෆේස්බුක් නම් කරමින් එහි වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 325ක් පමණයැයි සඳහන් කොට ඇත. මෙහි දී Face Book සමාජජාලා වෙබ් අඩවිය තුළ සිදුවන සයිබර් අපරාධ ඉහළ මට්ටමක පවතින බව එම වෙබ් අඩවිය වාර්තා කරනු ලබයි”
“ලෝක මට්ටමින් පරිගණක ආශ්‍රිත අපරාධ පිළිබඳ අවධානය යොමු වන්නේ 1990 වසරින් පසුව ය. ඒ අනුව අන්තර්ජාතික පරිගණක ආශ්‍රිත අපරාධ හැඳින්වීම සඳහා Yber Twerrorism නැතිනම් සයිබර් ත්‍රස්තවාදය යන යෙදුම භාවිතා විය. එහි දී 1996 වර්ෂයේ දී මූලික වශයෙන් මෙම පදය හඳුන්වා දුන් අතර Cyber Space හා Terrorism යන පද දෙකේ සංකලනයෙන් එය බිහි විය”
ලොව පුරා ප්‍රකට හා ප්‍රබල සයිබර් අපරාධ ක්‍රමවේද හඳුනා ගත හැක.
1. බෙට්නෙට් (Betnet)-
පරිගණක රාශියක් එකිනෙකට සම්බන්ධ කරමින් තනි ජාලයක් සේ ක්‍රියාත්මක වීම බෙට්නෙට් යනුවෙන් හඳුන්වනු ලබයි. මෙමගින් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී පරිගණක කෝටි ගණනක් එකම නරක අරමුණක් වෙත මෙහෙය වීමේ හැකියාව පවතියි. වර්තමාන අවකාශය තුළ පවතින දැවැන්තම සයිබර් අපරාධය වශයෙන් හැඳින්වෙන්නේ මෙම බෙට්නොට් හි ක්‍රියාකාරීත්වය යි.
“බෙට්නෙට් තනන්නා බෙට්කරු වශයෙන් හඳුන්වනු ලබයි. මොහු විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් සැබැවින් ම හානි දායක (Malicious) වැඩසටහන් ය. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පරිදි නිර්මාණය කර ඇති Betnet අන්තර්ජාලය හරහා මූලධර්ම පරිගණක ආරක්‍ෂාව දුර්වල පරිගණක වෙත පැමිණ එහි හිමිකරුවාට ද නොදැනෙන සේ ක්‍රියාත්මක වෙයි. මෙය ට්‍රෝජන් (Trojan) මාදිලියේ හානිකර මෘදුකාංගයක් ලෙස ක්‍රියාත්මක වෙයි”
2. හැක් කිරීම (Hacking)
හැක් කිරීම යනු හිතාමතා බලය නොලත් ආකාරයෙන් විද්‍යුත් දත්ත වෙත පිවිසීම, ලබා ගැනීම හෝ හෙළිදරව් කිරීම ය. පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් මෙන් ම දැනුවත්භාවයක් සහිතව අනවසරයෙන් පරිගණකයට හෝ පරිගණක ජාලයට පිවිසීම, පිවිසීමට උත්සහ කිරීම, සන්නිවේදනය කිරීම, පරීක්‍ෂා කිරීම හෝ දත්ත සංශෝධනය කිරීම, වැඩසටහන ප්‍රලේඛනය කිරීම හැක් කිරීමක් ලෙස හැඳින්විය හැක.
“සයිබර් අපරාධ පිළිබඳ ලොව පවතින එකම සම්මුතිය ලෙස “බුඩාපේස්ට්” සම්මුතිය හැඳින්විය හැක. මෙය ජීවසම්පදන සම්මුතියක් වන අතර හංගේරියාවේ මෙම බුධාපේස්ට් සම්මුතියෙහි සාමාජිකත්වය ශ්‍රී ලංකාව වෙත යුරෝපා කවුන්සිලය විසින් 2015 වර්ෂයේ පෙබරවාරි මස දී ලබා දෙන ලදී. පරිගණක අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ පවතින අපරාධ නීතිය අන්තර්ජාතික මට්ටමේ පැවතීම හේතුවෙන් ලංකාව වෙත මෙම අවස්ථාව උදා වූ අතර දකුණු ආසියාවේ බුධාපේස්ට් සාමාජිකත්වය ලද ප්‍රථම රට බවට ලංකාව පත් විය” (lankVOIC. COM, 2015).
Leave a comment