ළතෙත් ගුණැති අම්මා

රජෙකු රකින්නට සේනාධි  බලකායක් අවැසි සේම රජෙකුගේ චිත්ත ශක්තිය සුරක්ෂිත කිරීමට සොදුරු සිත් ඇති මවු ගුණයෙන් පිරි බිසවකගේ ආදරය තිබිය  යුතුමය. සෞන්දර්ය ශක්තියෙන්  පිරී ඇති බලකායක් වූ රන්වල බලකාය යන නාමය ඇසුණු සැණින් අපට දැනෙන්නේ සමස්ත හෙළ ජන ගී කලාවම සුරක්ෂිත කිරීමට
තැනුණු සේනාවක් සේය. 

පියෙකුගෙන් උරුම වූ කලා ගුණයෙන් හා ළතෙත් වූ හෙද ගුණැති මවකගේ සෙනෙහසින්  පිරුණු ගති ගුණයෙන් රන්වල බලකායේ වත්මන් නියමුවා වශයෙන් ඔහු සුන්දර ගුරුවරයෙකු ලෙස අනාගතය ට කලාවෙන් පිරි පරපුරක් තනන වෑයමේ  සිටී. ඔහු සහන් රන්වල යි.
ජන ගී හා ජන නැටුම් යන අංශයන්ට ආදරණීය ලයනල් රන්වලයන්ගෙන් හිස්වූ අඩුව පිරි ඉතිරී පුරවාලන්න ට සමත්වෙ මින් සහන් සිදුකරන සේවාව මෙන්ම
සන්නිවේදකයකු වශයෙන් වැඩිමහල් පුතු චිරන්ත රන්වල කරන සේවාව අපරිමිතය .එවන් වූ සේවයක් වෙනුවෙ න් දයාබරිත ගුණාංගයන්ගෙ න් පිරිපුන්ව පුතණුවන් දෙ පළක්ගේ මවක් වූ ඇය.... ඩිංගිරි මැණිකේ සමරසිංහයි. 

අපේ අම්මා කියන්නේ හරිම හරි ආදරණීය චරිතයක්. අම්මා අද අගනුවර ජීවත් වුණාට අම්මගේ ගම වුණේ කොත්මලේ මඩකුඹුර කියන බොහෝම සුන්ද ර ප්‍රදේශයක්. මේ ගම් පිහිටලා තියෙන්නේ ලස්සන කඳු වළල්ල ක් මැද. මට මතකයි පුංචි කාලේ අපි ගමේ යන කොට  පඩි හත් සියය ක් තියෙන පාරකින් ගිහිං තමයි ගමට ඇතුළුවෙන්නේ. හරියටම කියනවා නම් ගමට ඉර එළිය වැටෙන්නේ උදේ අටට විතර. මෙන්න මේ වගේ බොහෝම සුන්දර පරිසරයක හැදී වැඩී පහේ පන්තියේදී ශිෂ්‍යත්වය පාස්‍ වෙලා ඒ ගමෙන් එළියට ඇවිත් අගනුවර හෙද සොහොයුරියන් අතර නියමුවරියක් වශයෙන් සෙවාවක් සිදු කරලා අදවන විට 82 වෙ නි වියේ පසුවෙමින් දරුමුනුපුරන් ගේ ආදරය විඳිමින් සතුටින් ඉන්න මවු රැජිනක්.


අම්මාවාත් තාත්තා වත් කිසිම දවසක මටවත් අයියටවත් දඬුවම් කරලා නැහැ. මම ඉස්කෝලේදිවත් එහෙ ම දඬවම් විඳලා නැහැ. මම හිතන්නේ මම ගෙදර ආදරය ඇති පරිසරයක හැදුණු නිසා එහෙ ම දඟකම් මුකුත් කරලා නැහැ.
අම්මා රාජකාරි කරන කාලෙ දී කොයිතරම් රාත්‍රි සේවා මුර කරලා ආවත් ගෙදර හැමදේම අම්මා  නො අඩුව සිද්ධ කළා. අම්මා තාත්තගේ කටයුතුත් අපේ වැඩත් පුදුම සැලසුම් සහගත ව සිදු කළා කියලා අපි දැක්කා . අපි වෙලාවකට අම්මාග නෙුයි තාත්තාග නෙුයි අහන ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි.. ඔයාලා දෙන්න ට අපි දෙන්නා හමුවෙන්න කලින් ළමයි හිටියද? කියල අපි අහනවා.
මොකද එහෙම නැත්නම් කොහොමද මේ ප්‍රශ්නවලට මේතරම් ඉක්මන ට උත්තර හොයා ගන්නේ ..හරියට ලාච්චුවක තියලා අර ගන්නවා වගේ ප්‍රශ්නවලට මාර ඉක්මනින් උත්තර ඔය දෙන්නා ළඟ තියෙනවා නේ කියලා..පස්සේ අපි දැනගත්තා අම්මා තුළ තිබුණු අෂ්ඨලෝක ධර්මය  තමයි මේ සෑම ප්‍රශ්නයකටම අම්මයි තාත්තයි අතර ඇති ප්‍රශ්නවලටත් අපි දෙන්නා පිළිබඳ ප්‍රශ්නවලටත් උත්තරේ කියලා. දෙන්නටම අම්මා දුක සැප දෙ කම එක සේ ම දරාගත් කෙන කේ. මට මතකයි මම ලොකු ජයක් අරගෙන උඩ පැනලා  කෑගහන කොට අම්මා සතුටින් ඒ දිහා බලාගෙන හිටියා ඒ වගේම මම ප්‍රශ්නයක් ගැන එයා එක්ක කියදදිත් එයා නිහඩව ප්‍රශ්නය දිහා සැහැල්ලු‍ සිතින් බලලා ඒක නිෂ්ප්‍රභා කළා. ඒ වගේම තාත්තා අම්මා එක්ක යම්  අමනාපයක් ඇති වුණා නම් අම්මා තාත්තා දෙන්නා ම දිහා බලලා අපට තේ රුම් ගන්න හැකි වෙන දෙය ක් තිබුණා. ඒ තමයි අයියාටත් මටත් දෙන්නාගේ තෝල්කමුදලි වැඩේ කරන්න වෙන එක. ඒක අපි දෙන්න ට සථීර රැකියාවක් නොවෙයි වැඩිම වුණොත් වරුවයි.
නුවන් කුමාර කටුගම් පොළ කියන ගීත  රචකයා අපේ සංගීත් විජේසුරිය අයියට ලස්සන සින්දුවක් ලියලා දීලා තියෙනවා. ගායෙන් මා මුදවලා කියලා...මම දවසක් නුවන්ට කතා කරලා කිව්වා නුවන් ඔයා ලියලා තියෙන්නේ මමයි අම්ම යි ගැනනේ කියලා.. ඒ තරම් ඒ ගීතයේ වචනයක් ගානේ ඒ ගීතය මටත් අම්මටත් සමීපයි. අදටත් අම්මා ඉදිරියේ කෝලම් වැඩ කරන්න ම තමයි හිත..අපේ අම්මා කියන්නේ ඒ තරම් සුන්දර චරිතය ක් ඒ වාගේම අම්මා සහ තාත්තා කියන්නේ ජිවිතයේ අපි අද විඳින ජීවිතය හොයලා දීපු අය. මොකද අපි පොඩි කාලේ නාට්‍ය, චිත්‍රපටි සහ කලා සංගීත වැඩසටහන් මඟ නො හැර අපිවත් එක්ක ගිහිං බලපු අය. ඒක තමයි මටත් අයියාටත් මේ වර්තමානය ට උපකාරි වුණේ කියලා මට හිතෙනවා.
අද කලාවෙ න් මොන සෙල්ලම් දැම්ම ත් අම්මා කැමති වෙලා හිටියේ මාව ජීව විද්‍යා අංශයෙන්  ඉහළට යවලා චරිතය ක් කරන්න . නමුත් මම තාත්තාගේ ආභාසය ට යොමු වෙච්ච එක ගැනත් අම්මා හරි සතුටින් හිටියා. ඒත් අම්මා අගය කළේ මා තුළ තිබුණු කවි ලිවීමේ හැකියාවට. මම පහුගිය කාලේ විශිෂ්ට සම්මාන අර ගත්ත ත් අම්මා ට ඒවා ගාණක් නෑ
අම්මා අහන්නේ ඔයා ළඟදී කවියක් ලිව්වේ නැහැ නේ ද කියලා. මේ මම ඉස්කෝලේ නවයේ පන්තියේදී ලියපු කවියක් අම්මා මේක පුදුම ආශාවෙන් වින්දා ..
මම ගඟකි.. අම්මා නම්
උ(ල්)පතින් පටන් ගත්..
ඇත්නම් මගේ සිසිලසක් හෝ පුංචි සුවයක්..
ළදිමි එය උල්ප තින්ම
එහෙ ත් ඇතිනම් කුමන හෝ විෂක්..
ගඟ දෙ පස අය එකතු කළ කුණුය ඒ..
අම්මා තුළ තවත් අපුරු දෙය ක් තියෙනවා
අපි දකින.. සාමාන්‍යයෙන් අපිට යම් කිසි බියක් වේදනාවක් සතුටක් ඇති වෙච්ච ගමන් අපේ මුවින් පිටවන වචනයක්නේ අම්මේ කියන එක..
ඒත් අපේ අම්මා ට ඒ වැනි අවස්ථාවක ටින් පිට වෙන්නේ “ලයනල්..” කියලයි. ඒ වගේ පුදුම ගතිගුණ කිහිපයක් අපේ අම්මා තුළින් මම දකිනවා. අම්මා කියනවා අපිත් එක්ක ආත්ම නවයක් එනවාලු‍, මම අම්ම ව අවුස්සන්න අහනවා අම්මේ අපේ ගමනට අයියත් අවශ්‍යයිද කියලා ඉතින් එයා කියන වා ඔව් ඔව් අයියත් එනවා කියලා.. මමත් අයියත් හිටපු ගමන් අම්මා ව දාගෙන අපි තුන්දෙනා විතරක් වාහනේ ටි්‍රප් යනවා. එහෙම යන්නේ ඒ ගමන අම්මා වෙනුවෙන්ම වෙන් කරන්න අවශ්‍ය නිසා. අම්මා කැමති තැනකින් නවත්ත ලා අම්මා කැමති කෑමක් කාලා කියන හැමතැනම අපි යන වා. අපි එහෙ ම කරන්නේ ඒ ගමන එයා වෙ නුවෙන්ම වෙන් කරන්න පුළුවන් නිසා.
අදටත් අම්මගේ හුරතල් දරුවෝ විදියට මාවත් අයියාවත් එයා දකිනවා කියලා අපිට දැනෙනවා. ඒ වගේම කොහොම හරි තැනක  ඉඳන් තාත්තගේ ආශිර්වා දයත් අපට ලැබෙන වා කියලා ජිවිතයේ සමහර සිදුවීම් ගැන සිහි කරද්දී හිතෙනවා.

කඳුකරයෙන් පළමුවරට එන අම්බිකා Read Previous

කඳුකරයෙන් පළමුවරට එන අම්බිකා

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment