Crop tops ඇන්දම ලස්සනද?

 

 

 ඇන්දම ලස්සනට පේන්න සිරුරේ හැඩයට තෝරාගන්න  

 

මේ දිනවල දකින්නට ලැබෙන විලාසිතා අතර ක්‍රොප් ටොප්ස්වලට හිමිවෙන්නේ විශේෂ තැනක්. ඒ වගේම මේ ඇඳුම ඕනෑම ශරීර හැඩයක් සහිත කෙනෙක්ට ලස්සනට ගළපාගත හැකි වුවත් බොහෝ වෙලාවට සමහර සිරුරුවල හැඩයට මේ විලාසිතාව එතරම් ගැළපීමක් නැතිබව දකින්නට පු`ඵවන්. එසේ වන්නේ බොහෝවිට මෙම විලාසිතාවේ ඇඳුම් මිලදී ගැනීමේදී තමන්ගේ සිරුරට ගැළපෙන ලෙස තෝරා නොගැනීම නිසයි. ක්‍රොප්ටොප් විලාසිතාවකින් ඔබ බලාපොරොත්තු වෙන හැඩය සහ ලස්සන හිමිකරගන්න නම් තමන්ගේ ශරීරයට වඩාත් ගැළපෙන විලාසිතා ගැන දැනගෙන සිටීම වැදගත්.

 

Hourglass හැඩයට ඉණෙන් තදවෙන ක්‍රොප් ටොප්ස්
Hourglass හැඩය ලෙස හඳුන්වන්නේ උරහිස් සහ උකුළ සමාන ප්‍රමාණයකින් පළල් වූ සිහින් ඉඟක් සහිත ශරීර හැඩයයි. මෙවැනි ශරීරයක් තිබෙන අයට වඩාත්ම සුදුසු ඉණ ප්‍රදේශයෙන් තද වෙන ආකාරයේ ක්‍රොප් ටොප්ස් විලාසිතායි. මේ මඟින් සිරුරේ හැඩය වඩාත් හොඳින් පෙන්වන්න පුළුවන්. ගැඹුරට කැපූ කර, සිහින් පටි හෝ චයිනීස් කොලරය තිබෙන ක්‍රොප් ටොප්ස් මේ හැඩයේ සිරුරට වඩාත්ම හොඳින් ගළපාගන්න පු`ඵවනි.

 

 

Apple හැඩයට බොක්ස් හැඩයේ ක්‍රොප් ටොප්ස්
ඔබේ ශරීරයේ පහළ කොටසට සාපේක්ෂව ඉහළ කොටස විශාල නම් ඔබට තිබෙන්නේ ඇපල් හැඩයේ ශරීරයක්. මෙවැනි ශරීරයක් තිබෙන අයට තරමක් සැහැල්ලු හා මෝස්තර අඩු කර සහිත බොක්ස් හැඩයේ ක්‍රොප් ටොප්ස් වඩාත්ම ගැළපෙයි. විශේෂයෙන් හෝල්ටර් ටොප්ස් මේ අයට ඉතාම සුදුසුයි. හෝල්ටර් නෙක් සහිත ක්‍රොප් ටොප් මගින් මේ අයගේ ගෙල ප්‍රදේශය කෙට්ටුබව පෙන්වන්න පුළුවන්. මෙවැනි විලාසිතාවක් හොඳ පෙනුමක් සහිත සාය විලාසිතාවක් සමගද ගළපාගත හැකියි. 

 

Pears හැඩයට ගැළපෙන ක්‍රොප් ටොප්ස්
Pears හැඩය ලෙස හඳුන්වන්නේ ශරීරයේ උඩ කොටසට වඩා පහළ කොටස විශාල, එනම් උකුළ ශරීරයේ උඩ කොටසට වඩා තරමක් වැඩිපුර පුළුල් ශරීර හැඩයයි. මෙවැනි සිරුරක් තිබෙන අය ඉස්මතු කර පෙන්විය යුත්තේ ඉණ සහ උරහිසයි. ඒ සඳහා ඕෆ් ශෝල්ඩර් ක්‍රොප් ටොප්ස්, ටියුබ් හැඩයේ ක්‍රොප් ටොප්ස් හෝ කර ප්‍රදේශය නිරාවරණය කරන ඕනෑම වර්ගයක ක්‍රොප් ටොප්ස් මේ අයට ගළපා ගැනීම පහසුයි. ඉණ ප්‍රදේශයෙන් තද වෙන ක්‍රොප් ටොප්ස්වලට වඩා තද නොවූ ක්‍රොප් ටොප්ස්වලින් සිරුරේ හැඩය වඩාත් ඉස්මතු කරන්න පුළුවන්. 

 

 

 

Rectangle හැඩයට කර වැසෙන ක්‍රොප් ටොප්ස් විලාසිතා 
Rectangle හැඩය ලෙස සලකන්නේ උරහිස්, ඉණ සහ උකුළ සමාන ප්‍රමාණයෙන් යුතු ශරීර හැඩයයි. මේ හැඩයේ ශරීරයක් තිබෙන අයට වඩාත්ම සුදුසු කර වැසෙන ක්‍රොප් ටොප්ස් විලාසිතායි. මේ මඟින් ශරීරයේ හැඩය වඩාත් ඉස්මතු වෙයි. පෙප්ලම් ක්‍රොප් ටොප්ස් මේ අයට හොඳින්ම ගැළපෙනවා. තරමක් දිග සහ ලූස් ක්‍රොප් ටොප්ස් නම් වඩාත් සුදුසුයි. තද ජීන්ස් ඇඳීමෙන් ලස්සන සමබර පෙනුමක් ලබාගන්න පුළුවන්.

 

Inverted Triangle හැඩයට ගැළපෙන ක්‍රොප් ටොප්ස්
Inverted Triangle හැඩය කියන්නේ ක්‍රීඩාශීලී පෙනුමක් තිබෙන හැඩයටයි. මේ ශරීර හැඩය තිබෙන අයට හිර ක්‍රොප් ටොප්ස්වලට වඩා ගැළපෙන්නේ ටිකක් ලූස් ලස්සනට විහිදෙන ක්‍රොප් ටොප්ස් විලාසිතායි. ඒ වගේම වැසුණු කර ඇති විලාසිතාද මේ අයට ගැළපෙනවා. හොඳින් ඇඟට ෆිට් වූ සහ හෝල්ටර් නෙක් ක්‍රොප් ටොප්ස් විලාසිතාත් මෙවැනි සිරුරකට මනා ආකර්ෂණයක් ගෙන එනවා.

 


මීට අමතරව තමන්ගේ සිරුරේ විවිධ හැඩ අනුව ක්‍රොප් ටොප් තෝරා ගැනීමේදී සිරුරට ප්‍රියමනාප පෙනුමක් එකතු කරගන්න මේ දේවල් ගැනත් අවධානය යොමුකරන්න පු`ඵවනි.
■ උස ශරීරයක් තිබෙන අයට මෝස්තර සහිත, වර්ණවත් ක්‍රොප් ටොප්ස් වඩාත් සුදුසුයි. තනි වර්ණයේ සායක් වගේ විලාසිතාවක් සමග වුවත් මේවා ගළපන්න පුළුවන්.
■ “තරමක් ශරීරය මහත අයට ක්‍රොප් ටොප්ස් ගැළපෙන්නෙ නෑ” යන මතය නම් නිවැරදි නැහැ. මහත සිරුරක් ඇති අයෙකුට high-waisted skirt සමග හෝ high-waisted pant එකක් සමග ලස්සනට මේ විලාසිතාව ගළපාගෙන අඳින්න පුළුවන්. 
■ ශරීරයෙන් හුඟක් කුඩා පෙනුමක් තිබෙන කෙනකුට තරමක් දිග ක්‍රොප් ටොප්ස් සමග බඩ ප්‍රදේශය පෙනෙන නොපෙනෙන තරමට දිග සායක් වැනි ඇඳුමක් ඇඳීමෙන් සුන්දර පෙනුමක් එක්කරගන්න පුළුවන්. ඒ වගේම මෙමඟින් මේ අය තරමක් උසටත් පෙන්වනවා.
■ තරමක් විශාල පපු ප්‍රදේශයක් තිබෙන අයට තනි වර්ණ ක්‍රොප් ටොප්ස් වඩාත් සුදුසුයි. උස් වූ කරක් සහ ඇදෙන සුළු රෙදි වර්ගයකින් නිම කළ ක්‍රොප් ටොප්ස් මඟින් පපු ප්‍රදේශය කුඩා කර පෙන්වන්න පුළුවන්. mid-waist ඩෙනිම් විලාසිතාවක් සමග මෙය හොඳින් ගළපාගන්න පුළුවන්.
කෙසේ නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ කැමති ඇඳුම ඔබට පහසු ලෙස හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඇඳීමයි. එමඟින් ඕනෑම විලාසිතාවක් ඔබට වඩාත් ආකර්ෂණීය ලෙස ගළපාගන්න පුළුවන්.

නයනා උදයංගනී 


 

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Previous

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment