අද විදේශිකයන් සංචාරයට වඩා ආයුර්වේද ප්‍රතිකාර පතනවා

  අභ්‍යංග (ඖෂධීය තෛල) චිකිත්සා වාඩාත් ජනප්‍රියයි   

 

දේශීය  හා ආයුර්වේද ප්‍රතිකාර අපට නුහුරු නුපුරුදු නොවේ. අතීතයේ අප සමාජයේ මිනිසුන් සියලු වෛද්‍ය අවශ්‍යතා සඳහා පිහිට පැතුවේ ගමේ වෙද මහතාගෙනි. කුඩා දරුවාගේ සිට මහලු වයසේ පුද්ගලයා දක්වා සෑම රෝගාබාධයකටම වෙද මහතා ළඟ ප්‍රතිකාර තිබිණි. දේශීය ප්‍රතිකාර ක්‍රමවලදී ශල්‍යකර්ම පවා සිදු කළ බවට සාක්ෂි ද අතීතයෙන් හමු වේ. 

 

අදහස් දැක්වීම -: ඇක්වාෆර්ල් හී ආයුර්වේද වෛද්‍ය 
අනුරුද්ධිකා රත්නසේකර

මෙවන්  විස්මිත වූ දේශීය හා ආයුර්වේදයක් අප රට සතුවීම අභිමානයකි. මේ නිසාම ලොව නන්දෙසින් සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ අප සතු මහඟු වෙදකම පිළිබඳ විශ්වාසය හා බලාපොරොත්තුවද සහිතවය. ඇතැම් විදේශිකයෝ විශාල ධනයක් කැපකරමින් ආයුර්වේද ප්‍රතිකාර සඳහාම මෙරටට පැමිණෙති. මෙරටට පැමිණෙන විදේශිකයින් මෙන්ම දේශීය ජනතාවද ප්‍රතිකාර ලබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් දැක බලා ගැනීමට අපට පසුගිය දිනෙක අවස්ථාව උදා විය.


වෛද්‍ය අනුරුද්ධිකා රත්නසේකර මෙහි ප්‍රතිකාර පිළිබඳ පැහැදිලි කර සිටියේ මෙලෙසිනි. 


මෙරටට පැමිණෙන විදේශිකයින් බොහොමයක් ආයුර්වේද ප්‍රතිකාර සඳහා මෙහි පැමිණෙනවා. ඔවුන් එන්නේ විනෝද සංචාරයකට වඩා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම මූලික කරගෙනමයි. අප මෙහිදී බාහිර මෙන්ම ඇතැම් අභ්‍යන්තර ප්‍රතිකාර වගේම පංචකර්ම ප්‍රතිකාර සිදු කරනවා. විදේශිකයන් සති කීපයක් පුරාම නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නවා. ඒ සඳහා ඔවුන්ට දැඩි කැපවීමක්, උනන්දුවක් තිබෙනවා. ලොකු විශ්වාසයකින් තමයි ප්‍රතිකාර ගන්නේ.


විදේශිකයින් වගේම අපේ අය බොහෝ දෙනා විවිධ ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. සමස්ථයක් ලෙස බොහෝ අය පැමිණෙන්නේ රූපලාවන්‍ය, ශරීරයේ බර අඩු කරගන්න, මේදය අඩු කරගන්න වැනි අවශ්‍යතා සඳහායි.  ඊට අමතරව මානසික සුවය සඳහා. මෙයට අමතරව ඔවුන්ගේ කොන්ද කැක්කුම, දණහිස් අමාරු හා තවත් අතුරු ආබාධ තිබෙනවා. 


අපේ ප්‍රතිකාරවල මූලිකවම තිබෙන දෙයක් තමයි ආහාර පාලනය. මෙයට අමතරව සෝදන, සමන, තර්පන සිදු කරනවා. රක්ත මෝක්ෂණ හා වමන කර්ම අප විදේශිකයින්ට සිදු කරන්නේ නෑ. ඔවුන් ඒ සඳහා බියක් දක්වනවා. ඒ නිසා විදේශිකයන්ට විරේචන නස්න වස්ති සිදු කරනවා. 


දේශීය බොහෝ අය ආයුර්වේද ප්‍රතිකාරවලට මැළිකමක් දක්වනවා. අපේ හුඟක් අයට  අවබෝධයක් උනන්දුවක් නෑ. ප්‍රතිකාරවලින් සිදුවන්නේ මොකක්ද කියලා අදහසක් නැහැ. නමුත් විදේශිකයින් ප්‍රතිකාර ගැනීමෙන් පසුව කියන්නේ ඔවුන්ට අලුත් ජීවිතයක් ලැබුණා වගෙයි කියලා. එයට හේතුවකුත් තිබෙනවා. විදේශිකයින් පැමිණෙන්නේ ප්‍රතිකාර සදහාමයි. නේවාසිකව කැපවෙලා ප්‍රතිකාර ගන්නවා. මෙහිදී ආහාරපාලනය වගේම අනෙකුත් ප්‍රතිකාර නිවැරැදිව පිළිපදිනවා. අපේ අය සම්පූර්ණ කැපවීමක් සිදු කරන්නේ නෑ. ගෙදර දොරට වැඩකටයුතු කාර්යාල වැඩ නිසා ප්‍රතිකාර අතපසු කර ගන්නවා. එයින් සිදුවන්නේ ප්‍රතිඵල නිවැරැදිව ගැනීමට නොහැකිවීමයි.
බොහෝ අය මධුසමය ගත කිරීමට තෝරා ගන්නා ස්ථානයක මෙය විවෘත කරලා තිබෙන්නේ. ඒ පැමිණෙන අයට මානසික සුවයක් ලබා ගැනීමට අවශ්‍ය අබිබයන්ග ප්‍රතිකාර අප කරනවා. 

 

කළමනාකාර අධ්‍යක්‍ෂ  අනිල් නානයක්කාර 

 


මුලින් සඳහන් කළ පරිදිි අප වෙත පැමිණෙන සෑම දෙනාම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. කුමන ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවාද දන්නේ නැති නිසා සමහරු ශල්‍යකර්මවලට භාජනය වූ අය, විවිධ අසාත්මිකතා ඇති අය. මේ නිසා පරීක්ෂණයකින් පසුව තමයි ප්‍රතිකාර ආරම්භ කරන්නේ. 


මහත්වෙන්න විවිධ හේතු තිබෙන්න පුළුවන්. කෙට්ටු වෙන්න කොපමණ බෙහෙත් පානය කළත් ඵලක් නෑ නිවැරැදිි පරීක්ෂණයක් සිදු කරගෙන නිසි ප්‍රතිකාර ගත යුතුයි.  අප වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන ඔබට නිවැරැදි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය හැකියි.  මෙහි කළනාකාර අධ්‍යක්‍ෂ  අනිල් නානයක්කාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ප්‍රතිකාර වගේම ඔබගේ මානසික නිදහස, විනෝදය සඳහාත් අවශ්‍ය පහසුකම් මෙහි තිබෙනවා. වෙනත් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක නොතිබෙන නිදහස් පරිසරයක් වගේම නාන තටාක, බෝට්ටු සවාරි පහසුකම් සහිතයි. අක්කර 21 ක් පුරා භූමිය තුළ සොබාදහම් සිසිල් සුවඳ, කුරුළු නාද විඳිමින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ඔබට හැකියාව පවතින බවය.

ශාන් බන්දු වීරසිංහ


 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment