අපනයන ක්ෂේත්රයට පිවිසීමට පෙර ඒ පිළිබඳව දැනුමක් ඇති, පළපුරුදු ව්‍යවසායකයන්ගේ අත්දැකීම් නිරීක්ෂණය තුළින් මනා අවබෝධයක් ලබාගත හැකිය. මන්ද ගනුදෙනු සිදුවන්නේ තවත් රටකට බැවිනි. දේශීය නිෂ්පාදන අපනයනයට පෙර තම ව්‍යාපාරය නිවැරදි මාවතකට සකස් කර ගැනීම අනිවාර්ය අංගයකි.
Foreconns Canneries ආයතනය දේශීය සහ විදේශීය වෙළෙඳපොළ සඳහා සකස් කළ ආහාර නිෂ්පාදන හැටකට ආසන්න ප්‍රමාණයක් රටවල් පහළොවකට පමණ අපනයනය කරන ආයතනයකි. මෙම ආයතනයේ නිෂ්පාදන සඳහා ISO 22000 ආහාර සුරක්ෂිතතා පද්ධති සහතිකය, ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ (USFDA), ටින්වල සහ බෝතල්වල සහ වායු රික්තක ඇසුරුම් නිෂ්පාදිත මත්ස්‍ය ආහාර සඳහා අනුමත කළ (euapproved)තත්ත්ව සහතික ලබාගෙන ඇත. තවද ටින් කළ මාළු ඇඹුල් තියල් සහ ටින් කළ මැකරල් මාළු නිෂ්පාදනය සඳහාද wjTah slsi සහතිකයද හිමි කරගෙන ඇත.
මෙහි කළමනාකාර අධ්යක්ෂ නිමල් ජයසූරිය මහතාගේ ප්‍රථම රැකියාව ගුරු වෘත්තියයි, රජයේ විද්‍යා ගුරුවරයකු වශයෙන් සේවය කළ ඔහු පසුව හෝටල් ක්ෂේත්රයට යොමු වී ඉන් අනතුරුව ආහාර තාක්ෂණවේදී පුහුණුවක් ලැබ පසුව මෙම ව්‍යාපාරය අරඹා ඇත. 1989 වැනි රටේ අයහපත් කාලයක ව්‍යාපාරය ඇරඹුවත් එය ඇරඹීමට හේතු වූයේ ද රටේ පැවැති කලබලකාරී වාතාවරණයම ය. රටේ යුදමය වාතාවරණයක් පැවතුණු කාලසීමාවේ හමුදා සෙබළුන්ට සකස් කළ ආහාර ටින් ලබාදීම ද ඔහු සිදු කළේය.
මාළු ඇඹුල් තියල්වලින් ආරම්භ කළ Foreconns Canneries ආයතනය දැනට ආහාර නිෂ්පාදන වර්ග හැටක් පමණ සිදු කරයි. පොලොස් ඇඹුල, පොලොස් මැල්ලුම, ඇඹරැල්ලා චට්නි, බටු මෝජු, කජු කරිය, පොල් සම්බෝලය, බැදපු මාළු, මාළු කරිය, මාළු ෆ්‍රයිඩ් රයිස්, කට්ට සම්බෝල, දෙහි අච්චාරු, චිකන් ෆ්‍රයිඩ් රයිස් ඇතුළු නිෂ්පාදන රැසක් ඒ අතර වේ.
“මේ සඳහා තම ව්‍යාපාරය අපනයනය සඳහා අදාළ වන අයුරින් ලියාපදිංචි විය යුතුයි. ඉන් අනතුරුව නවක ව්‍යවසායකයකුට අපනයන සංවර්ධන මණ්ඩලය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. 1989 වසරෙදි තමයි මුලින්ම අපනයන සංවර්ධන මණ්ඩලය සමග මම සම්බන්ධ වුණේ. අපට වෙළෙඳපොළවල් සොයාගන්න විශාල ශක්තියක් ඒ තුළින් ලැබුණා. මම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන 16කට පමණ ගිහින් තියෙනවා එයින් තුනක් සඳහා පූර්ණ ප්‍රතිපාදන ලැබුණේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන්, ඒ සහයෝගය අපට විශාල ශක්තියක් වුණා.
අපේ ආයතනයේ රසායනාගාරය අපට ලැබුණේ අපනයන සංවර්ධන මණ්ඩලයේ පූර්ණ සහයෝගයෙන් ඒ වගේම නොයෙක් අවස්ථාවලදී විවිධ ප්‍රතිපාදන අපට ලැබිල තිබෙනවා. මෑතකදී අපේ නිෂ්පාදන පරිමාව වැඩි කිරීම සඳහා නව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට වෙළෙඳපොළ ප්‍රවේශ වැඩසටහන යටතේ මිලියන 5ක් ලැබුණා. ඇත්තටම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග අපේක්ෂා කළ පරිදි අපේ නිෂ්පාදන ධාරිතාව වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමටත් එමගින් ජාතික ආර්ථිකයට දායක වීමටත් අපට හැකි වුණා. ඒ වගේම ඇසුරුම් ක්‍රම, නිෂ්පාදනය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය පුහුණුව, දැනුම මේ සියල්ලක්ම අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ලබාගන්න පුළුවන්. ඒ සඳහා විවිධ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය කාර්යාල හරහා අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්” හරිම දේ තෝරාගන්න ආනයනය කිරීමට සුදුසුම ද්‍රව්‍ය තෝරාගන්න. රටින් රටට අවශ්‍යතා විවිධය. උදාහරණයක් ලෙස මාළු ඇඹුල් තියල් අපනයනය කරනවා නම් එයට බොහෝවිට ඉල්ලුම ඇත්තේ පිටරටවල පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණි. එසේ නම් මාළු සැකසිය යුත්තේ අදාළ රටේ වඩාත් පරිභෝජනය වන ආකාරය පිළිබඳව දැනුම්වත් වීමෙනි. බොහෝවිට ඇණවුමක් ලැබෙන විට එය එවිය යුතු ඇසුරුම්, ක්‍රමවේද පිළිබඳව උපදෙස් ලැබේ. එය අනිවාර්යයෙන් ම ඉටුකළ යුතුය.
අධ්‍යයනය කරන්න
ප්‍රථමයෙන්ම අපේ නිෂ්පාදන අපනයනය කළේ කෑන්වල වුවත් බොහෝ රටවල ආහාර ඇසුරුම් කරන්නේ බෝතල්වලය. බොහෝ රටවල ගෘහිණියන් නිෂ්පාදන වර්ග මිලදී ගැනීමට පෙර එහි අඩංගු දෑ විනිවිදව දැකීමට කැමැත්තක් දක්වයි. ඒ සඳහා බෝතල්වල ඇසිරීම වඩා යෝග්‍ය වේ. මෙවැනි නව්‍ය ඇසුරුම් නිරන්තරයෙන් භාවිතා කළ යුතුය.
හොඳම දේ දෙන්න
අපනයනය කරන්නේ කුමන ද්‍රව්‍යය වුවද එය ව්‍යාපාරය ඇරඹූ දා සිටම එකම තත්ත්වයෙන් ලබාදෙන්න. බොහෝදෙනකු පළමු ඇණවුම් දෙක තුන උසස් තත්ත්වයෙන් ලබාදී පසුව නිෂ්පාදන පිරිවැය, වෙනත් දෑ හේතු කොට අලෙවි කරන ද්‍රව්‍යයේ ගුණාත්මක බව අඩු කරයි. එය ඇණවුම් අත්හිටුවීමට මඟකි.
අභියෝග රැසක්
අපනයන ව්‍යාපාරයක් අරඹනවා නම් උපරිමය කැපවිය යුතුය. ඒ සඳහා නිවැරදිම උපදෙස් ලබාගෙන සුදුසුම ද්‍රව්‍ය තෝරාගත යුතුය. කුඩා කර්මාන්තයක් ලෙස ඒ සඳහා පැමිණෙන අභියෝග විවිධය. ඒ සියලු අභියෝගවලට මුහුණ දිය යුතුය. ඉතා සුළුවෙන් ඇරඹිය යුතු අතර උසස් තත්ත්වය අනිවාර්යයෙන් ම රැකිය යුතුය.
අපනයන ව්‍යාපාරයක් අරඹනවා නම් උපරිමය කැපවිය යුතුය. ඒ සඳහා නිවැරදිම උපදෙස් ලබාගෙන සුදුසුම ද්‍රව්‍ය තෝරාගත යුතුය. ඒ සඳහා සුදුසුම ආයතනය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යි.
සුජිත් ප්‍රසංග