ආපදා හදුනාගනිමු

 

ස්වාභාවදහමේ කොටසක් වූ මානවයා තම පැවැත්ම උදෙසා නිරන්තරයෙන් සොබාදහම සමග අන්තර්ක්‍රියාවේ යෙදෙයි. මෙම අන්තර්ක්‍රියාවේ සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂණ සමග සමාජානුයෝජනය වන මානවයා විවිධාකාර වූ ගතිකයන්ගෙන් (Dynamic) යුක්ත වේ. ජීවීන් අතර බුද්ධිමත්ම ජීවියා වන මානවයාගේ පැවැත්ම තහවුරු වන්නේ පරිසරය තුළිනි. මෙකී පරිසරයේ ජීවත්වන මානවයා තම අන්තර්ක්‍රියා සිදු කිරීමේදී පැවැත්ම උදෙසා ස්වාභාවදහමේ සමතුලනය යම් ආකාරයකට විභේදනය කරමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවදහමේ අසමමිතික (Asymetrical) අසමානතාවක් (Inequality) නිර්මාණය වේ. මෙහි දී මානවයා විවිධාකාර වූ පාරිසරික ගැටලුවලට මුහුණ දෙයි. නූතන තාක්ෂණික දියුණුවත් සමග මානවයා හෝමෝටෙක් (Homotec) බවට පරිවර්තනයවීමේ ඉඩප්‍රස්තාවක් වර්තමානය වන විට නිර්මාණය වෙමින් පවතී. මෙහිදී ස්වාභාවදහම පසෙකලා කෘතිම තාක්ෂණික ලොව වෙත පියමැනීම හේතුවෙන් විවිධ වූ පාරිසරික ගැටලු හා උපද්‍රව රැසකට මුහුණ දීමට මානවයාට සිදු වී ඇත.


 “ආපදාවක් යනු, ක්ෂණිකව ඇති වී ශීඝ්‍රයෙන් පැතිර ගොස් සමාජමය වශයෙන් විශාල හානි  සිදු කරන තත්ත්වයකි. ආපදාවක් යන්න ගත් කළ එය ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙනුයේ, Disaster යනුවෙනි. මෙය ලතින් භාෂාවේ Dis + astro + star යන වචන ත්‍රිත්වයෙන් බිදී ආවකි. එය ග්‍රීක භාෂාවෙත් ව්‍යුත්පන්න වූවක් බවට මතයක් පවතී” 

 


 

නීතිඥ කළණි ඉරෝෂා ධර්මසිරි  
 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඡනමාධ්‍ය අධ්‍යයන අංශය, ශ්‍රි පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය

 පසුකාලීනව විවිධ ආපදාවන්ට මුහුණ දුන් මානවයා මේ සඳහා විවිධ වූ අර්ථකතනයන් ලබා දෙන ලදී. ආපදාවක් අනාරාධිත අමුත්තෙක් වැනි ය. ඔවුන් පැමිණ සදාකාලිකව ලැඟුම් ගන්නා බව පවසයි. මෙසේ පවසන්නේ ආපදා හේතුවෙන් දේපළ විශාල වශයෙන් හානියට පත්වන අතර මිනිසාට විශාල ශාරීරික හා මානසික විපතක් ගෙන දෙන බැවිනි. ආපදා ප්‍රතිසන්ධාන සඟරාවට (Disaster Reconciliation magezing) අනුව ආපදාවක් යනු, පූර්වේක්ෂණය නොවුව ද බොහෝ විට නිරපේක්ෂ සිදුවීමක් වන එය බලවත් ව්‍යසනයක්, සංහරණයක් (Destruction) සහ මර්ත්‍ය (Human) පෙළීමක් වේ. අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයේ (International Red Cross Association) ජගත් ආපදා වාර්තාවට අනුව (Universal Disaster Report) ආපදාවක් යනු, දේශීය ධාරිතාව ඉක්මවා යමින් ජාතික හෝ අන්තර්ජාතික මට්ටමේ බාහිර උදව් අවශ්‍යවන හෝ ඉල්ලීමට සිදුවන සිදුවීමක් හෝ අවස්ථාවක් වශයෙනි. 


කෙසේ වෙතත් ස්වාභාවික පරිසරයේ දී මෙන්ම තාක්ෂණික පරිසරයේ දී මිනිසා විවිධ ආපදාවලට මුහුණ දෙයි.  “ආපදාවක් ඇති වන්නේ කිසියම් උවදුරක් (Hazard) පැවතීම නිසාම පමණක් නොවේ. එම උවදුරට අදාළ ප්‍රජාව ගොදුරු වීමේ ඉඩකඩ මත ආපදාවක් ඇති වේ. එය සමීකරණයක් ඇසුරෙන් දැක්වුවහොත්, 
ආපදාව - උවදුර ඞ ආපදාවට ගොදුරු වීමේ ඉඩකඩ වශයෙන් වේ”

 


මානව ඉතිහාසය ආරම්භ වූ දා පටන් ම විවිධ ආපදාවන්ට මානවයා මුහුණ පා තිබේ. මානව ජීවිතය තුළ විවිධාංගීකරණය වූ උපද්‍රව පවතී. එකී උපද්‍රව ප්‍රධාන කාණ්ඩ ත්‍රිත්වයක් යටතේ දැක්විය හැකි ය. එනම්,

  • ස්වාභාවික ආපදා (Natural Hazard)
  • තාක්ෂණික උපද්‍රව (Technical Hazard) සහ
  • සිතා මතා සිදු කරන සිවිල් හා දේශපාලනික උපද්‍රව (International"Civil and Politicas Hazard) වශයෙනි 


කෙසේ වෙතත් ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. එනම්, ස්වාභාවික ආපදා සහ මිනිසා විසින් සිදු කරනු ලබන ආපදා ලෙසට ය. මෙකී කුමන ආපදාවක් වුව ද සිදුවීම උදෙසා මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙයි.


මිනිසාගේ මූලික මැදිහත්වීමෙන් සහ ඔහු විසින් කරනු ලබන නොසැළකිලිමත් ක්‍රියාකාරකම් නිසා හටගන්නා ආපදාවන් මිනිස් ක්‍රියා නිසා සිදුවන ආපදා (Man Made Disaster) ලෙස හැඳින්වේ. එසේම මිනිසාගේ මැදිහත් වීම හා ඔහු විසින් සිදු කරනු ලබන ක්‍රියා නිසා ස්වාභාවික ආපදාමය අවස්ථා ද ඇති විය හැකි ය. මිනිසා විසින් සිදු කරනු ලබන ආපදා අතර ගිනි තැබීම්, සිවිල් කලකෝලාහල, අපරාධ, තොරතුරු වංචාව, මාර්ග අනතුරු, ත්‍රස්තවාදී ක්‍රියා, අන්තර්ජාල දූෂණ, රසායනික හා න්‍යාෂ්ටික බලශක්ති අර්බුද, බෝම්බ පිපිරීම්, අවි ගැටුම් ආදිය වේ.

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment