ගණන් උස්සපු අලුත් ජල බිල හැදෙන හැටි

 

ජල ගාස්තු සංශෝධනයෙන් පරිහරණ ගාස්තුව 70%කින් වැඩි වූ අතර එය රු. 12ක්ව තිබූ ඒකකය රු. 20ක් විය. රු 16ට තිබූ ඒකකය රු 27 ක් ආදී ලෙස වැඩි වී ඇත.

විදුලි බිල වගේම ජල බිලත් වැඩි කිරීම නිසා මේ දිනවල ජල පාරිභෝගිකයො බිල පිළිබඳව සිටින්නේ විමසිල්ලෙන්. මේ නිසා ජල බිල හැදෙන හැටි වගේම බිල අඩු කරගන්න ගත හැකි උපක්‍රම පිළිබඳ මේ සටහනින් අපි කතා කරනවා. 


මෙරට මිලියන 2.8 ක  පමණ ජල සම්බන්ධන සංඛ්‍යාවක් තිබෙන අතර ඒ එක් සම්බන්ධනයකින් අඩුම තරමේ පස් දෙනෙක්වත් ජලය පරිහරණය කරනවා. එනම් අපේ රටේ මිලියන 14ක් පමණ ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය පාවිච්චි කරන අතර එතැනින් 92%ක්ම ගෘහස්ත පාරිභෝගිකයෝ. එතැනින් 60%ක්ම මාසයකට පාචිච්චි කරන්නේ ලීටර් 15000ක් හෝ ඊට අඩුවෙන්.


ජල බිල සකස් කරන්නේ කොටස් දෙකකින්.
01. පරිහරණ ගාස්තුව 
02. සේවා ගාස්තුව 

ගෘහස්ත පාරිභෝගිකයන්ගේ ජල බිල හැදෙන්නේ කාණ්ඩ 10 ක් පදනම් කරගෙනයි.


ඒ 0 - 5, 6 - 10, 11 - 15, 16 - 20, 21 - 25, 26 - 30, 31 - 40, 41- 45, 51 - 75 සහ 75 ට වැඩි වශයෙනි.


මේ සෑම ඒකකයකටම පරිහරණ ගාස්තුවක් ඇති අතර ඒ පරිහරණ ගාස්තුව හා එක් එක් පරිභෝජන කාණ්ඩය අනුව සකස් කරන සේවා ගාස්තුවක් ද ඇත.


සැප්තැම්බර් මාසයේ ජල බිල වැඩිවීමට පෙර ආරම්භක සේවා ගාස්තුව රු.50 කි. එය පිළිවෙළින් 60,70,80 ආදී ලෙස ඉහළට වැඩි වී උපරිම සේවා ගාස්තුව 1600 කි.


ආරම්භක පරිහරණ ගාස්තුව පළමු ඒකක පහ පළමු කාණ්ඩයට ලීටර් 5000 දක්වා ඒකකයට අය කළ මුදල රු.12 ක් වන අතර ඊළඟ කාණ්ඩයට රු.16 කි. එය 20,40,58 යනාදී ලෙස වැඩි වී උපරිමය රු.140 කි.
ජල ගාස්තු සංශෝධනයෙන් පසු පරිහරණ ගාස්තුව 70%කින් වැඩි වූ අතර එය රු. 12ක්ව තිබූ ඒකකය රු. 20ක් විය. රු 16ට තිබූ ඒකකය රු 27 ක් ආදී ලෙස වැඩි වී ඇත.


රු. 50ක් ව තිබූ ආරම්භක සේවා ගාස්තුව රු 300ක් ලෙස වැඩි වී ඇති අතර ආරම්භක කාණ්ඩ පහ සඳහාම එනම් ඒකක 25ක් (ලීටර් 25000) සඳහාම සේවා ගාස්තුව රු. 300කි.
උදාහරණය:


පාරිභෝගිකයකු ඒකක 25 ක් දක්වා වැය කරන 0 - 5, 6 - 10, 11 - 15, 16 - 20, 21 - 25 දක්වා ගාස්තුව ද, එයට එක් සේවා ගාස්තුවක්ද එකතු කර රජය විසින් පනවන ලද වැට් 15% බද්ද එකතු කර ජල බිල සෑදෙයි.

ගෘහස්ත කාණ්ඩ යටතේ ඇති සමෘද්ධි පාරිභෝගිකයන්ගේද කාණ්ඩ 10 යටතේ ජල බිල සෑදෙන අතර පරිහරණ ගාස්තුව වැඩිකර නැත. වතු ජනාවාසවලටද ගෘහස්ත අය ක්‍රමයට ගාස්තු අය කළත් (අඩු අනුපාතයක් යටතේ) පරිහරණ ගාස්තුව වැඩි කර නැතත් ආරම්භක සේවා ගාස්තුව රු.100 දක්වා වැඩි කර ඇත.

 

සේවා ගාස්තුව වැඩි කරන්නේ ඇයි? 

අදහස් දැක්වීම
ජාතික ජලසම්පාන හා ජලාපවාහන මණ්ඩලයේ  නි. සාමාන්‍යාධිකාරි  (වාණිජ)
ජී.ඒ. පියල් පත්මනාථ


කඩදාසි මිල ඉහළ ගොස් ඇති බැවින් බිල් මුද්‍රණයට අධික පිරිවැයක් දැරීමට සිදුවීම.
බිල සැකසීම සඳහා නිවෙස්වලට යන ආදායම් සහකාරවරුන්ගේ ගමනාගමනය වෙනුවෙන් අමතර මුදලක් දැරීමට සිදුවීම
නිවෙසේ ඇති මීටරය අක්‍රිය වුවහොත් (පාරිභෝගිකයාගේ වැරැද්දකින් තොරව නොමිලයේ මීටරයක් ලබාදීමට සිදුවීම.
  ජල සම්බන්ධතා ලබාගත් මිලියන 2.8 ක ප්‍රමාණයෙන් ලක්ෂ 3ක පමණ ඉතා අඩු ජල පාරිභෝගිකයන් බැවින් ඒ වියදම ද ආවරණය කිරීමට සිදුවීම.

ගෘහස්ත නොවන ජල පාරිභෝගිකයන්ගෙන් 40% - 50% ක ප්‍රමාණයකින් ගාස්තු අයකරන අතර ඒවා අයකරන්නේ පාරිභෝගික කාණ්ඩ යටතේ නෙවේ.ඔවුන්ගෙන් සේවා ගාස්තුවක් අය කෙරේ.රජයේ අනුමත පාසල්,පුණ්‍යායතන සඳහා ජල ගාස්තු සංශෝධනය වී නැත.

 

බිල අඩුකර ගන්න ක්‍රම 
ජල විසන්ධි අවස්ථාවලදී නිවෙසේ ඇති සියලු‍ භාජනවලට වතුර පුරවාගෙන අරපරෙස්සමින් පාවිච්චි කරන ආකාරයට වතුර ඇති අවස්ථාවලදීත් පාවිච්චි කරන්න. 
මල්, එළවළු වගාවලට වතුර දැමීමට හෝස් භාවිතා නොකර මල් බාල්දිය පාචිච්චි කරන්න.
වාහන සේදීමට සර්විස් සෙන්ටර් එකකට යන්න. (ක්ලෝරීන් යොදා පිරිසුදු කර ලබාදෙන ජලය එම කාර්යයට භාවිතා කරනවාට වඩා යම් මුදලක් වැය කිරීම ලාබදායී ය.)

නාගරික පරිසරයක ජීවත්වන ජනතාවට මේ සියල්ලටම නළ ජලය පාවිච්චි කිරීමට සිදුවන බැවින් අරපරෙස්සම වැදගත්ය.
 

ජල මණ්ඩලයෙන් ලැබෙන වාසි
දුරකථන අංක 1939 ඇමතීමෙන් පැය 24 පුරාම තොරතුරු දැන ගැනීමට හැකිවීම.
දුරකථන අංක 0112044800 වට්ස්ඇප් අංකයට කෙටි පණිවිඩයක් යැවීමෙන් තොරතුරු දැනගනීමට හැකිවීම.
දුරකථන අංක 071 93 99 999 අංකයට විදුලි බිල්පතේ ගිණුම් අංකය, පාරිභෝගිකයාගේ දුරකථන අංකය කෙටි පණිවිඩයක් මගින් යැවීමෙන් එම දුරකථන අංකය ජල මණ්ඩලයේ ලියා පදිංචිවීම සිදු වේ. E බිලටද ලියාපදිංචි විය හැකිය.


ආදායම් සහකාරවරයා බිල සැදූ සැනින් ගෙවීමට ඇති ගණන දක්වා දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීම 
නිවෙසේ සිටම බිල ගෙවීමට, බිල දැන ගැනීමට හැකිවන පරිදි ඇප් එකක් හඳුන්වාදීම.
On line පහසුකම් හඳුන්වාදීම (කාඩ් මගින් බිල් ගෙවීම, ජල පහසුම් ලබාගැනීමට අයැදුම්පත් යොමුකිරීම, පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවීම)
බිල් ගෙවීමේ පහසුව සඳහා ළඟම ස්ථානවල නියෝජිත ආයතන පත් කිරීම
බිල ලැබී දින 14ක් ඇතුළත ගෙවන්නේ නම් 1.5 %ක වට්ටමක් හිමිවීම

 


සුජිත් ප්‍රසංග 



 

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Previous

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post

Leave a comment