මවක ගේ පිවිතුරු ආදරය
මගේ ආදරණීය මව, දශක 6 කටත් වඩා වැඩි කාලයක් ගත කලේ ගුරුවරියක ලෙසයි. මීට තුන් මසකට ඉහත දී, ඇගේ අවසන් කටයුතු කළ දිනයේදී, වසර ගණනාවකට පෙර, ඇගෙන් සිප් සතර උගත් එක් සිසුවෙක් පැවසූ දෙයක්, මගේ සිතේ තදින්ම කා වැදුණි. මෙම සිසුවා, මගේ මව ගේ ඇසුර වඩාත් ප‍්‍රිය කළ කෙනෙකු විය. පාඩම අවසන් වී, පන්තියෙන් පිටව ගුරු විවේක කාමරයට මව ඇවිද යන විට, මෙම සිසුවා ද, ඇය සමඟ යෑම පුරුද්දක් කර ගෙන තිබුණි. මෙසේ ඇවිද ගෙන යන අතරවාරයේ, ගුරුතුමියත් සිසුවාත් අතර අරුත්බර සංවාද සිදු වූ අතර, සිසුවා සිතා ඇත්තේ, ගුරුතුමිය ඔහුට විශේෂ අවධානයක් යොමු කරනා බවකි. නමුත්, පාසැල් දිවිය අවසානයේ දී, ඔහුට පසක් වූයේ, මගේ මව, සියලු පංති වල, සියලූම සිසුන්ට, එක සේ, ඇගේ විශේෂ අවධානය යොමු කර ඇති
බවයි.
දස මසක් මා කුස දරා සිටි ඇය, මගේ මව වූවත්, සිසුන් සිය දහස් ගණනකට, දෙවැනි මවක් වූ බව මට වැටහුණේ, ඇයගේ අවමඟුල් දින හා ඉන් පසුවත්, අප නිවසට පැමිණි විවිධ තරාතිරමේ, ආදී සිසුන්, මා හා පැවසූ බොහෝ කතා වලිනි. මගේ මව, අනිකුත් සිසු සිසුවියන් සමඟත්, මවක් ලෙසට, එක සේ බෙදා ගැනීමට හැකි වීම ගැන, මම දැන් ආඩම්බර වෙමි.
ලෝක ප‍්‍රසිද්ධ විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලැබීමට මට අවස්ථාව ලැබුණි. නායකත්වය පිළිබඳ ලියැවුනු බොහෝ පොත් හා ග‍්‍රන්ථ මා කොතෙක් කියවා ඇත්ද ? මමදැනට ඉතා ප‍්‍රසිද්ධ, ජාත්‍යන්තර සමාගමක, ඉහල තලයේ රැකියාවක් කරමි. එහි, විවිධ සංස්කෘතීන්ට අයත්, දක්ෂ, උගත් කාගය මණ්ඩලයකට මම නායකත්වය දෙමි. ශක්තිමත්, කාගයශූර මඟ පෙන්වන්නෙකු ලෙස මෙතුවක් කල්, මම, මා ගැනම සිතා සිටියෙමි. නමුත්, පෙර කී සිසුවා, මගේ මව පිළිබඳව පැවසූ දෙයින්, කිසිම දිනෙක සිදුනොවූ ආකාරයකින්, මගේ සිත අවදි විය. ජීවිතයේ, වරින් වර, මා අත්පත් කරගත් ජයග‍්‍රහණ, කෙතරම් නම් සුළු දේවල් ද කියා, එක්වරම මට සිතුණි. මගේ මව ක‍්‍රියා කල අයුරු කෙතරම් ශ්‍රේෂ්ඨ ද !! එදිනෙදා ඇයට මුණගැහුණු කවුරුන් හෝ කෙනෙකුට, යහපතක් කොට, අවංකවම ඔවුන් සතුටු කිරීමේ නිරායාස හැකියාව, මගේ මව සතු විය. මා ලත් උසස් අධ්‍යාපනය, මා කියවූ උසස් ගණයේ පොත්පත්, මා ලද නායකත්ව පුහුණුවීම්, රැකියාව තුලින් ලත් විවිධ අත්දැකීම් යනාදි කුසලතාවයන්ගෙන් සන්නද්ධ වූවත්, හැම පුද්ගලයෙකුටම තමන් විශේෂ බව හැඟෙන පරිදි කටයුතු කිරීමට, මම ඉගෙන ගෙන නැති බව අවබෝධ කරගතිමි.
නිවසේදී ලබන ගුරුහරුකම් තරම් උසස් අධ්‍යාපනයක්, ලොව අන් කිසිම ඉගෙනීමකින් නොලැබෙන බව මට දැන් වැටහී හමාරය. වියෝ වීමට පෙර, මවගෙන් මේ ගැන කලින් අසා දැනගන්නට තරම්, මා ප‍්‍රඥාවන්ත නොවූයේ මන්ද කියා අදටත් මම කල්පනා කරමි. ඇය හමුවට පැමිණි විවිධ තරාතිරමේ සියලූ දෙනා හට, එක හාසමානව සැලකීමට ඇයට තිබූ පුදුම හැකියාව ගැන, ඇගෙන් අසන්නට තිබූ අවස්ථාව මට මග හැරුණි. මා එය ඇගෙන් ඇසුවත්, ”අනේ මම දන්නේ නැහැ. මම එහෙම කෙනෙක් ද ?” කියා පෙරලා ඇය අපෙන් අසා, සිනාසෙනු ඇතැයි මට සිතේ. ඕනෑම කෙනෙකු සමග සාමයෙන් සහයෝගයෙන් වැඩ කිරීම, ඇයට නිරායාසයෙන්ම ලැබූ හැකියාවකි. ඇයව මුණ ගැසුණු විටෙක දී , පාසැලේ ආදී සිසුන්, ඇය පිළිබඳ අතීතයේ සිදු වූ විශේෂ සිද්ධීන්, කෘතවේදීව ආවගජනය කල ද, ඇයට ඒ සියල්ල ඉතාම සාමාන්‍ය, සරල, සුළු සිද්ධීන් ම විය.
ඇය ඇසුරු කල සියලූ දෙනා හට, පිවිතුරුව, උතුරා යන සෙනෙහසින්, දයාව කරුණාව පෑවාය. ඇගේ ජනප‍්‍රියත්වයේ රහස එයම බව මට දැන් වැටහේ. එම ආදරය, සිතින්, කයෙන්, වචනයෙන් අඩුවක් නැතුව සැමට එක සේ බෙදා දුන්නේ නිගලෝභීවමය. ඇයට පංගු පේරු නැත. කාටත් එක සේ සැලකුවාය.
වසර ගණනකට පෙර, ඇගේ සිසුවියක් කී කතාවක්,මට යලිත් සිහිපත් වේ. එම සිසුවියට පාසැල් උත්සවයකට ඇඳීමට සාරියක් නොමැති බව දැනගත් මගේ මව, ඇයව ගෙදරට ම කැඳවාගෙන විත්, ඇගේ ඇඳුම් අල්මාරිය විවෘත කොට, කැමති සාරියක් තෝරා ගන්න කියා පවසා ඇත. සාරියට ගැලපෙන හැට්ටයක් මසා ගැනීමටද ඇය සිසුවියට මුදලින් ද උදව් කර ඇත. කුඩා කලදීම තම මව අහිමි වූ මේ සිසුවියට, මගේ මව දෙවැනි අම්මා ම විය.
තමන් ලද ගුරු වැටුප විශාල මුදලක් නොවූවද, මගේ මවගෙන් උදව් උපකාර ඉල්ලා පැමිණි කිසිම කෙනෙක්, ඇය කිසිම දිනෙක හිස් අතින් යැව්වේ නැත. හැකි උපරිමයෙන්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීමට ඇය පසුබට නොවීය. ඒ ඇගේ හැටිය. තමන් සතු දේ වෙනත් කෙනෙකුට දී, ඇය ලැබූවේ අප‍්‍රමාණ වූ පිවිතුරු සතුටකි. එතරම්ම ඇය නිගලෝභී විය.
ඇය වියෝ වූවාට පසුව, අපි ඇයගේ ඇඳුම් අල්මාරිය ඇර පිරික්සුවෙමු. එහි ඉතිරි වී තිබුණේ සාරි 3 ක් පමණමය !!! එකක් සුදු සාරියකි. අනික, ඇගේ මෘත දේහයට ඇන්දවීමට වෙන් කළ සාරියයි. ඉතිරි එක, උත්සව අවස්ථාවකට ඇඳීමට වෙන් කළ සාරියකි. අන් සියලූ ඇඳුම්, රන් ආභරණ ආදිය ඇය නොමසුරුව, කල්තියාම පරිත්‍යාග කර තිබුණි. තවත් අපූරු සිද්ධියක් මගේ මතකයට නැගේ. අසනීපව සිටි මගේ මව බලා ගැනීමට,සේවිකාවක් සිටියාය. දිනක්, මඟුල් ගෙදරකට ඇඳගෙන යෑමට, සුදුසු සාරියක් ඇයට නොමැති බව මවට පවසා තිබුණි. උත්සවයකට යෑමට අරන් තැබූ මවගේ එකම වටිනා සාරිය, ඇය සේවිකාවට දී, පාවිච්චි කිරීමෙන් පසු, එම සාරිය නැවත රැගෙන එන්න යැයි පවසා ඇත. වර්තමාන සමාජයේ, කීයෙන් කී දෙනෙකුට හැකි වේද, තම සේවිකාවක් ඇඳි සාරියක්, නැවත අඳින්න ?තවත් අවස්ථාවක දී, තම ඇඳට, කලින් දමා තිබූ ඇඳ ඇතිරිල්ල ඉවත් කොට, අළුත් ඇඳ ඇතිරිල්ලක් දමා දෙන ලෙස, මව විසින් සේවිකාවට පවසා ඇත. අලුත් ඇතිරිල්ල ඇඳට දමද්දී, එය කෙතරම් නම් ලස්සන ඇතිරිල්ලක් දැයි කියා නිකමට මෙන් සේවිකාවට කියවී ඇත. වහා එම අලූත් ඇඳ ඇතිරිල්ල ගලවා, නවා දෙන්නැයි මව සේවිකාවට කියා ඇත. මොහොතක් වික්ෂිප්ත වූ සේවිකාව, මව කී ලෙස කලාය. එම නව ඇතිරිල්ල අතට ගත් මගේ මව, ”මේ ඇතිරිල්ල ලස්සනයි කියා ඔබ සිතනව නේ. එහෙනම් මෙය ඔබ ම තියා ගන්න” කියා, සිනාසෙමින්, එය සේවිකාවට තෑගි කලාය.
මෙලෙස, මව අපට දුන්, මිල කල නොහැකි වටිනා පූර්වාදර්ශ එමටය. ඇය එතරම්ම නිහතමානීය. වචනයට සීමා නොවී, ක‍්‍රියාවෙන්ම බොහෝ දේ නිහඬවම කර, අපට පෙන්වා දුන්නේ, නිහතමානීත්වයේ අපූරු නිදසුනකි. ඇගේ මේ පරිත්‍යාගශීලි බව පිලිබඳව මා විමසු සෑමවිටම, ඇයට ඒ ගැන කීමට විශේෂ යමක් නොමැති වූයේ, එම නිහතමානීකම, ඇයට නිරායාසයෙන්ම පිහිටි නිසාමය. ලද දෙයින් සතුටු වෙමින්, චාම්, නිහඬ දිවි පෙවෙතක් ඇය ගත කලාය.
ඇගේ ජීවිතයේ අවසන් කාලයේ, රෝගී වු බැවින්, උපස්ථාන කිරීමට සේවිකාවන් තිදෙනෙක් අප විසින් යොදවන ලදි. ඇය, ඔවුන් තිදෙනාටම, එකසේ කාරුණික වූවාය. රෝගීව සිටියදීත්, ඔවුන්ගේ සුවදුක් ගැන අසමින් වචනයකින් හෝ ඔවුන්ට උදව් කිරීමට උත්සුක වූවාය. ඔවුන් ඇයට කළ ඉතාම කුඩා උදව්වකට පවා, අනේක වාරයක් ස්තූති කරන්නට ඇය අමතක නොකලාය. සේවිකාවන් මගේ මවට දැක්වූයේ පුදුමාකාර ගෞරවයකි. ආදරයකි. මව අවදිව සිටියත්, නිදා සිටියත්, ඇගේ දෙපා අල්ලා, භක්තියෙන් නැමදීමට ඔවුන් කිසි දා අමතක කලේ නැත. මට හැඟුණේ, ඔවුන්ට ඇයව දැනුණේ, අම්මා කෙනෙකුටත් එහා ගිය, ජීවමානව වැඩ සිටි දේවතාවියක්
ලෙසට කියායි.
මගේ මවගෙන් උදව් ලැබූ බොහෝ දෙනෙක් ඇයට කෘතෝපකාර කරන්නට ඉදිරිපත් වුණේ, එය ඔවුන්ට ලැබුණු මහා ගෞරවයක්, වරප‍්‍රසාදයක් සේ සලකමිනි. මවගේ අවසාන ඉල්ලීම වුයේද, ඇය සතු වු මුදල්, ඇයට ඇප උපස්ථාන කල සේවිකාවන් තිදෙනාටත්, ඊට පෙර ඇයට උදව් කල අය වෙනුවෙනුත් බෙදා දෙන ලෙසය. සුළු දෙයකින් හෝ අපට උපකාර කල අයෙක් වේ නම්, නැවත පෙරලා කළගුණ සැලකීම, මව මට පෙන්වා දුන් ඇගේ තවත් පූගවාදගශී උතුම් ගුණයක් විය.
මේ වන විට, අන්තර්ජාලය, තාක්ෂණය, කෘතිම බුද්ධිය යනාදිය විසින් දෙමව්පියන්ගේ හා ගුරුවරුන් ගේ භූමිකාව රඟපාන්නට පටන් ගෙන තිබීම මහා අභාග්‍යයකි.විද්‍යාව විසින් මිනිසා ගේ නූගත්කම හා නොදැනුම පෝෂණය කරන මෙවන් යුගයක, මගේ මව, සිසු සිසුවියන්ට ඉගැන්වු, යහපත්, අරුත්බර සාරධගම කරුණු, කිසිදා පතපොතින් හෝ අන්තගජාලයෙන් ලබා ගත නොහැක්කේම ය. ලෝකයේ යතාගථය දැකීමට, ඇය අප සියලූ දෙනාටම, අපූරුවට කියා දුන්නීය. ජීවිතයට එන අභියෝග, ඒවාට මුහුණ දිය යුතු ආකාරය, යහපත් ගති සිරිත්, සදාචාරාත්මක වටිනාකම්, ජීවිතාවබෝධය පිළිබඳ ඇය දුන් ඔවදන් අපමණය. තමන්ට තමන් ගැන ඇති විශ්වාසය ගොඩනගමින්, ශක්තිමත්ව, තම අරමුණු, අභිමතාගථයන් හා බලාපොරොත්තු ජය ගැනීමට කල යුතු දේ පිළිබඳව,ඇය තම සිසු දරුවන්ට නිතර ගුරුහරුකම් දුන්නාය.
වසර ගණනාවකට පෙර ඇගෙන් උගත් දරුවෝ, ඊට වසර 20 කට 30 කට පසුවත්, ඔවුන්ගේ දරුවන් ද ඇය වෙත රැගෙන ආවේ ඇගේ දැනුමෙන් ඔවුන් ද හොඳින්ම පෝෂණය වන බව මනාව දන්නා නිසාවෙනි. ඉතාම සුළු මුදලක් අය කරමින්, තම දැනුම ඇය බෙදා දුන්නේ අවංකවමය. ඉතා නිගලෝභීවමය. සමහර දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම වූයේ, මීට වඩා වැඩිපුර මුදලක් අය කර, ඇගේ
වටිනා සේවය තම දරුවන්ට ලබා දිය යුතු බවයි. නමුත්, ‘‘දැනුමට කිසිදා මිලක් නියම කල නොහැකි” නිසාදෝ, ඇය දෙමාපියන්ගේ ඉල්ලීම බැහැර කළාය. බොහෝ දරු දැරියන්ට ඇය නොමිලේ ඉගැන්වූ බව අපට නොරහසකි. අන් අයගේ යහපත ඉතසිතින් පැතූ ඇය, දිනපතා හිමිදිරි පාන්දර අවදි වූ සැනින්, තමන් දන්නා බොහෝ නෑ හිත මිතුරන්ට, සිසු සිසුවියන්ට, උදා වු දවස ට සුබ පැතීමට අමතක නොකළාය. වැරැද්ද දුටු තැන ඇය එය පෙන්වා දෙන්නටත් කිසි දින පසුබට නොවූවාය. කරුණාවෙන්, ඉවසීමෙන්, දයානුකම්පාවෙන්, ඇය බොහෝ දෙනාට ඔවදන් දුන්නාය. ආශිර්වාද කලාය. වරක්, මවගේ එක් සිසුවියක්, ඇගේ පේ‍්‍රම සම්බන්ධය පිළිබඳ ප‍්‍රශ්ණයක් නිසා බොහෝ දුකින් සිට ඇත. සිසුවියගේ දෙමව්පියන් මෙම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වී ඇත. සිසුවිය විසින් මගේ මවට මේ පිළිබඳව කියා සිටියේ, ඇගේ පිළිසරණය පතමිනි. සිසුවියගේ පෙම්වතා ගෙදරට ගෙන්වා ගත් මගේ මව, ඔහු සමඟ බොහෝ දේ කතා බස් කොට, ඔහු ඉතා හොඳ පුද්ගලයෙකු බවට සැක හැර තහවුරු කර ගත්තාය. ඉන්පසු, සිසුවියගේ දෙමව්පියන් පුද්ගලිකවම හමු වී, ඔවුන්ට සියල්ල පහදා දී ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීමට මව මැදිහත් වූවාය. එම සිසුවිය, ඇගේ පෙම්වතා සමඟින් විවාහ වී, අද ඉතා සතුටින් කල් ගෙවයි. මෙම සිද්ධියේදී, ඇය ගුරුවරියකගේ සීමාවෙන් ඔබ්බට ගොස්, සමාජයේ සම්මත නීති රාමු වලට කිසිවිටෙකත් කොටු
නොවී, තම හෘද සාක්ෂියට පමණක් එකඟව ක‍්‍රියා කලේ, මවකට උරුම වූ උත්තරීතර මාතෘත්වය මනාව ඉස්මතු කරමිනි. ඇගේ සිසු සිසුවියන්ට, ඇය සුවිශේෂි ගුරුවරියක් ලෙස හැඟුණේ, හුදෙක් ඇගේ මේ මානුෂීය ක‍්‍රියාවන් නිසාමය.
මෙවන් බොහෝ සිසු - ගුරු කතා, ඇගේ ගුරු ජීවිතය පුරාවට තිබුණි. තවත් වරෙක, ඉගෙනීමට දුර්වල වූ සිසුවෙක්, මුළු පාසැල් නිවාඩු කාලය පුරාම, මවගේ නිවසේ නවත්වාගෙන, පූගණ කාලීනව ඉගැන්වූවාය. ආහාර පාන, ඉඳුම් හිටුම් සියල්ල නොමිලේ සපයා දෙමින් ඇය ඔහුට මවක් ම වූවාය. මෑතකදී මා කියවූ නවකතා ප‍්‍රබන්ධයක ද මෙවැනිම වූ ගුරු චරිතයක් පිලිබඳව කියවන්නට ලැබුණි. සැබෑ ලෝකයේද, එවන් වූ ජීවමාන ගුරු චරිතයක්, මගේ මව තුලින් මම දුටිමි. මගේ මව ගැන, මෙවන් දෙයක් ලියන්නට මට සිත් පහල වූයේ ඇයි දැයි, ඔබට කිව යුතුමය. ගග. පලමු කරුණ ලොව පුරා සිටින සියළුම ගුරු මහත්ම මහත්මීන්ට , වරක් දෙවරක් නොව දස දහස් වරක් හිස නමා මම ආචාර කරමි. මගේ හද පතුලෙන්ම නැගෙන, කෘතවේදී ප‍්‍රණාමයෙන්, මා ඔවුන් පුදමි.
තෘප්තිමත් විය හැකි උතුම් වෘත්තියක් ලොව ඇත්නම්, එය ගුරු වෘත්තිය යි. එය, සේවයට සරිලන වැටුපක් නොලබන රැකියාවක් වූව ද, මුළු මහත් සමාජයටම සුබ සිද්ධිය සලසන උතුම් රැකියාවක් බව නොකියාම බැරිය. ගුරුවරයෙක් තම ජීවිත කාලය පුරාවටම හරි හම්බ කරන මුදල, වසරක් වැනි ඉතා අඩු කාලයක් තුලදී මම උපයමි. එනමුත්, ගුරුවරයෙකු හරහා සමස්ත සමාජයටම සලසන දැනුම හා යහපත, අංශු මාත‍්‍රයකින් වත්, මගේ ඉහල වැටුප් සහිත රැකියාවෙන් සමාජයට ලැබේදැයි, මම දැන් කල්පනා කරමි. කවුරුන් හෝ ගුරු මහත්මයෙක්/මහත්මියක්, මාගේ මෙම ලිපිය කියවයි නම්, මට, ඔබට පැවසීමට ඇත්තේ එකම එක කරුණකි. එනම්, ඔබ, රටට දැයට කළ හෝ කරමින් සිටින්නා වූ මෙම විශිෂ්ඨ සේවය, කිසිම දිනක මිල කළනොහැකි, වටිනාම සේවයකි.
දෙවැනි කරුණ ඔබේ නිවසේ, ඔබ අසලින්ම සිටින ආදගශමත් චරිත ගැන සැලකිලිමත් වන්න. මගේ ජීවිතයේ සාගථකත්වය ගොඩනැඟීම අරභයා, ලොව පුරා සිටි ශ්‍රේෂ්ඨ නායකයින්ගේ චරිතාපදාන මා කොතෙකුත් කියවා ඇත. මගේ මව හා මා අතර තිබූ බැඳීම බොහෝ ශක්තිමත් එකක් වූවත්, මවගේ චරිතාපදානය ගැන විමසා බැලීමට, මා මීට පෙර උනන්දු වූවා නම්, මා හට එය වඩාත් වැඩදායී හා ඵලදායි වනු නිසැකය. එසේ වූවා නම්, වෙනත් පිටස්තර චරිත වලින් උකහාගත් කරුණු වලට වඩා, බොහෝ සෙයින් එය මට උපකාරි වනු ඇත. මගේ මව, මගේ සාගථකත්වය පිටුපස සිටි දැවැන්ත සෙවණැල්ලක් බව ඉඳුරාම මම දනිමි. නමුත්, ඇයව මීට වඩා කිට්ටුවෙන් අධ්‍යයන කරමින්, ඇය කල කී දේවල් පිළිබඳව මනා අවබෝධයක් ලබමින්, මගේ ජීවිතයට ද ඒ සාරවත් වූත් හරබර වූත් බොහෝ දේ තවත් එකතු කරගන්නට තිබුනා නොවේද ? මවට සාපේක්ෂව, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකමින් අඩියෙන් අඩිය ඉහළට යද්දී, මා සිතා සිටියේ, ජීවිතයේ ලැබිය හැකි උසස් සාගථකත්වයන් මට ලැබුණා කියලයි. නමුත්, මවගේ සිසු සිසුවියන් ඇය ගැන ප‍්‍රශංසා මුඛයෙන් කී බොහෝ හැඟීම්බර කතා ඇසූ මට, මගේ මව, මට වඩා කෙතරම් ඉහලින් සිටියා ද කියා කෙමෙන් වැටහෙන්න පටන් ගත්තා. ඇය, මට වඩා, බොහෝ දුර ගියාය. මහා මානුෂීය මෙහෙවරක, නිහඬවම යෙදුනාය.
ඇගේ ජීවිත මං සලකුණු ඔස්සේ පිය මනින්නට, මට තව දිගු කලක් තිබේ. ඔබේ දෙමාපියන් ද, ඔබගේ හා සමාජයේ සුබ සාධනය උදෙසා බොහෝ සුවිශේෂි කාගයයන්, ඔවුන්ට හැකි පමණින් ඉටු කරන්නට ඇති. ඒ කිසිවක්, කිසිම දිනක අවතක්සේරු කරන්න එපා. ඔවුන් ඔබට දෙන ඔවදන්, අදහස්, කිසි විටෙකත් බැහැර කරන්න එපා. ඔවුන්ට සවන් දීමට කුඩා කාලයක් හෝ ඔබ වෙන් කරන්න උනන්දු වන්න. ඔවුන් දෙන සමහරක් උපදෙස් වලට, ඔබට එකඟ විය නොහැකි වන්නට පුළුවන. නමුත් ඒ උපදෙස්, අවවාද, අනුශාසනා, ඔවුන් ඔබට දෙන්නේ උතුරා යන දරු සෙනෙහසින් බවත් අමතක කරන්න එපා.
අවසන් කරුණ - සියළු දරුවන්, තම දෙමව්පියන්ව, කොන්දේසි විරහිතව, රැක බලා, පෝෂණය කරමින්, උදව් උපකාර කල යුතුමය. සමහරක් දරුවන්, තම දෙමාපියන්ට නොසලකන අයුරු ගැන කියවීමෙන්, ඇසීමෙන් හා දැකීමෙන් මට ඇතිවන්නේ ඉමහත් සංවේගයකි. මව හා පියා යනු, දරුවෙකුට මෙලොව සිටිනා විශිෂ්ඨතම පුද්ගලයන් දෙපළයි. වියපත් වූ දෙමාපියන්, අවලංගු කාසි මෙන් පැත්තකට දාන්න එපා ! ඔබවත් නොදන්නා, විශාල අත්දැකීම් හා දැනුම් සම්භාරයක් ඔවුන් සතුව ඇත. ඔවුන් දෙන යහ වදන්, දරුවෙකුට කවදත් වලංගුය. මා හා මගේ මව අතර වූ බැඳීම, වටිනා, ශක්තිමත් හා සුවිශේෂි වූ එකක් ම විය. මගේ මුවින්, කිසිම දිනෙක, උස් රළු හඬින්, ඇයට එක වචන අංශු මාත‍්‍රයක් වත් පිට කර නැත. මා දැනුවත්ව, කිසි දා ඇගේ සිත රිදවා ද නැත. ඇගේ බලාපොරොත්තු කඩ කලේ ද නැත. අපි දෙදෙනාම අනෝන්‍ය සහයෝගයෙන්, සතුටින්, එකිනෙකාට උදව් කරගනිමින්, සෙනෙහසින් ජීවත් වූ අතර, අධ්‍යාත්මික වශයෙන් ද හරවත් දේ සාකච්ඡුා කරමින් හා යහපත් දේ කිරීමට යොමුවීමෙන්, ඒ තුලින් බොහෝ සේ පෝෂණය වුනෙමු. ඇය ගේ වියෝවීමේ දී, මා එකඳු හෝ දුක් කඳුලක් ඇය වෙනුවෙන් හෙලූවේ නැත. ඒ, මට දුකක් නොමැති වූ බැවිනි.
ගෞරවාන්විතව හා පරිත්‍යාගශීලි ව දිවි ගෙවූ මගේ මව වෙනුවෙන්, මට හෙලිය හැක්කේ, ආඩම්බරයෙන් පිරුණු සතුටු කඳුළු පමණි. ඇගේ ජීවිතය, සැම දා, මට සතුටින් සැමරිය හැකි එකක් ම වනු ඇත. දරුවෙකුට තම මව හෝ පියා ගේ වියෝ වීමේ දී, කඳුළු නොසලා සිටිය හැක්කේ, එයට අවැසි පසුබිම, පෙර සිටම පුරුදු පුහුණු කර ගත් විට දී පමණි. ඔබේ ජීවිත කාලය පුරාවටම යහපත් වචන, සිතුවිලි හා ක‍්‍රියාවන් ගෙන් පෝෂණය වන්න. ජීවිතයේ ඇත්ත, ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න. අපට අයත් සියළු භෞතික දේ අතහැර, දිවි සැරිය නිම කරන දවසක් එන බවත් මෙනෙහි කරන්න. ඔබ සතු යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන්න.
ජීවිතයේ ඇති අස්ථිර බව, මනා අවබෝධයෙන් දකින්න. මවගේ දේහය ඉදිරිපිට සිට ගෙන, ඇය දෙස බලා සිටි මා හට, බොහෝ දේ පසක් වෙන්නට පටන් ගත්තේය. ජීවිතය පිළිබඳ නිවැරදි දැක්ම, යථාවබෝධය, අනියත, අස්ථිර බව, ආදී බොහෝ දේ පිලිබඳව, නැවත ගැඹුරින් සිතා බලන්නට මට අවස්ථාව ලැබී ඇත. මෙම ලිපිය කියවීමෙන් පසු, ඔබට ද, ජීවිතයේ යථා අවබෝධය පිළිබඳව යම් හෝ වැටහීමක් ඇති වේ යැයි මම සිතමි. ඔබ තුල, කරුණාව, දයාව මුසු වූ පිවිතුරු ආදරය ඇත්නම් පමණයි, ඔබට එය, නැවත තවත් කෙනෙකුට, නිගලෝභීව හා කිසිම ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු නොමැතිව, දිය හැකි වන්නේ.
ලොව සෑම කෙනෙකුට වාගේ පොදු වූත් උරුම වූත් කරුණු වන, දුක - සැප, නින්දා - ප‍්‍රශංසා, ලාභ - අලාභ, යස - අයස හමුවේ නොසැලී, අකම්පිතව, ඉවසීමෙන් හා සන්සුන් මනසකින් යුතුව, ”ලෝකේ හැටි එහෙම තමයි” කියන වග, තම තමන් විසින්ම, මනා සිහි නුවණින් අවබෝධ කර ගත යුතුම වේ. නුවණැත්තෝ, හොඳ -නරක යන දෙකම, එකසේ බාර ගන්නත්, නින්දා -ප‍්‍රශංසා යන දෙකම, එකසේ විඳගන්නත්, ලාභ -අලාභ යන දෙකම, එකසේ දරා ගන්නත් දක්ෂ වේ. සාමාන්‍ය සම්ප‍්‍රදායික සිදුවීම නම්, දෙයක්හිමි වෙද්දී සතුටු වෙලා, අහිමි වෙද්දී දුක් වීමයි. එම ක‍්‍රියාවන් ප‍්‍රතිවිරුද්ධ ලෙස දකින ප‍්‍රඥාවන්තයා, තමන් ට ඇති වටිනාම දෙයක් අහිමි වෙද්දී පවා, දුක් නොවෙයි. එයම තමයි, කෙනෙකු අත් විඳින, නිරාමිස වූත් පිවිතුරු වූත් සතුට. එම සතුට වෙනත් අයට දීමට නම්, එම ගුණාංගය, තමා තුල ද වැඞී තිබිය යුතුයි.
එක් පහනකින්, තව පහන් දස දහසක් දැල්විය හැක්කේ යම් සේද, උතුරා යන මානව දයාවේ ආලෝකයෙන්, මුළු ලොවක් බැබලවීමට, එදාට ඔබට හැකි වනු ඇත. ආදර කරුණාවේ ප‍්‍රභාමත් ආලෝකය, සැමට පතුරවමින්, සරලව ජීවත් වෙන්න. එවිට ඔබ සොයන පිවිතුරු සතුට හා සැනසීම, ඔබ කරා නිසැකවම එනු ඇත. ප‍්‍රඥාවේ පහන් සිළෙන්, ලොවක් ආලෝකමත් කළ මගේ මව, ඇයට හැකි උපරිම ආලෝකය සමාජයට ලබා දී, නිහඬව, නමුත් ඉතා සතුටින් හා තෘප්තියෙන් යූතුව, සෙමින් නිවී ගියාය. ශ්‍රේෂ්ඨ වූත්, උතුම් වූත්, මනුසත් බවින් පිරිපුන් වූත් දයාබර මවකගේ, උත්තරීතර මාතෘත්වයට හා අපිරිමිත කරුණා ගුණයට උපහාර පිණිස, සදා කෘතවේදී පුතෙකු විසින්, සෙනෙහසින් මෙය ලියන ලදි.
Leave a comment