රට යන්න කොවිඩ් එන්නත් සහතිකය ගන්නෙ කොහොමද?
www.health.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න
රැකියා සඳහා මෙන්ම අධ්‍යාපනය සඳහා හෝ විවිධ අවශ්‍යතා වෙනුවෙන් විදේශගත වීමේදී අප දැනගෙන සිටිය යුතු බොහෝ කරුණු ඇත. ඒ අනුව එන්නත්කරණයට හිමිවන්නේත් විශේෂ තැනකි. විශේෂයෙන් පසුගිය කාලයේ පැවති වසංගත රෝග සමග විදෙස්ගතවීම්වලදී කොවීඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය විය. කොවිඩ් එන්නත පමණක් නොව වෙනත් රටකට යාමේදී ඔබ යන රට අනුව ලබාගත යුතු විවිධ එන්නත් වර්ග තිබෙන නිසාම ඒ ගැන දැනුවත්වීම ඔබට වැදගත් වේවි.
විදේශගතවීම්වලදී විවිධ එන්නත් වර්ග ලබාගෙන තිබෙන බවට තහවුරු කරන සහතික ඉදිරිපත් කිරීමට සිදු වේ. එය විදෙස්ගත වන කාලය, අවශ්‍යතාව සහ රට අනුව වෙනස් වේ. කෙසේ නමුත් අපේ රටෙන් තවත් රටකට යාමේදී යම් රටක හෝ තැනැත්තකුට තිබෙන බෝවෙන රෝගයක් තවත් රටකට ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෙම සහතික පරීක්ෂා කරනු ලබයි. ඒ වගේම විදේශගතවීමේදී එන්නත් කළ යුත්තේ අදාළ රට වෙනුවෙන් පමණක්ම නොවේ. වැඩි දෙනෙක් දැනුවත්ව සිටින්නේ ඒ පිළිබඳ පමණයි. එහෙත් ඔබ යන රට අනුව එම රටේ පවතින රෝග ලංකාවට පැමිණීම වළක්වා ගැනීමට මෙරටින්ද විවිධ එන්නත් වර්ග ලබා ගැනීමට සිදුවන අවස්ථා ඇත.
උදාහරණයක් ලෙස කියනවා නම් ඔබ අප්‍රිකානු රටකට යනවා නම්, එවැනි ඇතැම් රටවල කහ උණ රෝගය පවතින අවස්ථා තිබේ. එම නිසා ඔබ එම රටට යාමට කලින් මෙරටදී ඒ සඳහා ලබාගත යුතු yellow fever එසේත් නැතිනම් කහ උණ සඳහා දෙන එන්නත ලබාගත යුතුව ඇත. එය ලබා දෙන්නේ එරටින් ලංකාවට එම රෝගය රැගෙන ඒම වළක්වා ගැනීම සඳහාය.
මේ එන්නත් අනිවාර්යයි
විදේශගත වන අය අනිවාර්යයෙන් ගත යුතු එන්නත් වර්ග කිහිපයක් තිබේ. එයින් මේ දිනවල කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය යි. එයට හේතුව බෙහෝ රටවල්වලින් මෙම එන්නත ලබාගෙන තිබෙන බවට තහවුරු කරගැනීමට එහි සහතිකය පරීක්ෂා කරනු ලැබීමයි. ලබාගෙන තිබෙන එන්නත් ප්‍රමාණය ආදී සියලු තොරතුරු ගුවන් තොටුපළට ඇතුළුවීමේදී පරීක්ෂාවට ලක් කරයි. ඒ නිසාම තමන් යම් එන්නතක් ලබාගත් පසුව එහි කාඩ්පත සුරක්ෂිතව ළඟ තබා ගැනීමටද අමතක නොකළ යුතුය. එසේ ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් විවිධ ගුවන් සමාගම් සහ රටවල් අනුව ගුවන් තොටුපළින් ඇතු`ඵවීමේදී ඒ අයට පැය ගණන ඇතුළතව පී.සී.ආර් වාර්තාවක් (PCR report) ලබාදීමට සිදුවනු ඇත. තමන් ළඟ එන්නත් ලබාගත් සහතික තිබෙනවා නම් රටින් රටට පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකර පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව පවතී.
කොවිච් සහතිකය ගන්නේ කොහොමද?
උපදෙස් - : වෛද්‍ය |
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් පිටුවට පිවිස එහි ඇති අදාළ ලින්ක් එකට ඇතු`ඵ වී එයට තොරතුරු ලබාදීමෙන් පසු කොඩිච් එන්නත් ලබාගත් බවට සහතිකය ඔන්ලයින් ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. (http://www.health.gov.lk) එසේ නැතිනම් ළඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් ජාතික හැඳුනුම්පත, විදේශගමන් බලපත්‍රය, එන්නත් ලබාගත් කාඩ්පත්, විදේශගතවීම සඳහා ලබාගත් ටිකට්පත යන ලේඛනවල ඡායාපිටපත් ඉදිරිපත් කිරීමෙන් අදාළ සහතිකය ලබාගත හැකි වේ.
අතපසුවීමකින් හෝ එන්නත් කළ කාඩ්පත් අස්ථාන ගතවී ඇත්නම් එන්නත් ලබාගත් අදාළ කාර්යාලයට තමන්ගේ විස්තර ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ දත්ත ලබාගැනීමට හැකියාව පවතී.
වෙනත් එන්නත් වර්ග තිබෙනවාද?
සාමාන්‍යයෙන් විදේශ රටක පදිංචිවීමට හෝ දිගුකාලීනව ජීවත්වීමට යනවා නම් එවැනි අවස්ථාවලත් විශේෂ වන එන්නතක් ලෙස HBV එන්නත හැඳින්විය හැකිය. දීර්ඝකාලීනව පදිංචියට යනවා නම් වැඩිහිටියන්ට පමණක් නොව ඇතැම් රටවල් දරුවන්ටද අදාළ එන්නත්වල සහතික පත් ඉල්ලා සිටියි. ඒවා අදාළ රටවල් අනුව වෙනස් වේ. දරුවන් සඳහා එන්නත් සහතික පත් ලබා ගැනීමේදී ළදරු කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් සහතිකය ලබාගත හැකි අතර බැරිවීමකින් හෝ දරුවාගේ එන්නත් ලබාදීම් ගැන තොරතුරු නැතිනම් අදාළ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් අදාළ තොරතුරු ලබාගත හැකි ය.
පෞද්ගලික අංශයෙන් දරුවන් එන්නත් කළ අයට යම් ගැටලු පැන නැඟීමට ඉඩ තිබේ. එනම් ඇතැම් පෞද්ගලික අංශවල අදාළ තොරතුරු තිබුණත් ඇතැම් ස්ථානවල එම තොරතුරු ලබාගැනීමට නොහැකි අවස්ථාද තිබිය හැකියි. එවැනි අවස්ථාවල සහතික සකස් කර ගැනීමේදී යම් යම් ගැටලුවලට මුහුණ පෑමට සිදුවිය හැකිය. එම නිසා පෞද්ගලික ස්ථානවලින් දරුවන්ට එන්නත් ලබාගත්තත් ඒ පිළිබඳ අදාළ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් කිරීමටද අමතක නොකළ යුතුය.
කෙසේ නමුත් විදේශගතවීමට බලා පොරොත්තුවක් තිබේ නම් අදාළ රටට අනුව එන්නත් ලබාගත යුතුද සහ ඒ සඳහා අවශ්‍ය සහතික ආදිය ලබා ගැනීමට අවසන් මොහොත දක්වා නොසිට ඉක්මනින් කරගැනීමට ඒ ගැන දැනුවත්වීම වැදගත් වේ.
නයනා උදයංගනී
Leave a comment