රිලැක්ස් එකේ ඉන්න ගෙදර ලෙඩක් නැතුව ඉන්න විදිහ

ගෘහස්ථ වායු දුෂණය ඇතිවන අයුරු හා එහි දී ඇතිවන ලෙඩ රෝග හා එය වළක්වා ගන්නේ කෙසේද යන්න සිරිකත Online මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්න හිතුවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත අනුව මිලියන 08 ක් මිය යනවා මේ වායු දුෂණය නිසාවෙන්. ඇන් අදි Covid  වලින් මිලියන 06 ක් මියයන ප්‍රමාණය නමුත් වායු දුෂණය නිසා මිලියන 08 ක ප්‍රමාණයක් මිය යාමට ලක් වෙනවා. අකාලයේ තරුණ ජීවිත වෙන්න පුළුවන්. ඒකෙන් ඇත්තටම 04.02‍්% බාහිර පරිසරයෙන් සිදුවන වායු දුෂණය. මිලියන 08 ක් මිය යනවා ගාහස්ථ වායු දුෂණය හේතුවෙන්. 

ගෘහස්ථ වායු දුෂණය කියන්නේ මොකක් ද? 

විෂ වායුන් හා දුවිලි අංශු වායු ගෝලයට එකතු විම තමයි වායු දුෂණය කියලා කියන්නේ. වායු දුෂණය කොටස් 02 කට බෙදනවා. ගාහස්ථ වායු දුෂණය සහ බාහිර පරිසර වායු දුෂණය කියලා. ප්‍රධාන වශයෙන් අද අපි කතා කරන්නේ ගාහස්ථ වායු දුෂණය ගැනයි. අපි හිතමු මෙහෙම. අපි ලබා ගන්නා ආහාර විෂ වුණොත් රෝගී වන බව දන්නවා. 

නමුත් අපි මේ හුස්ම ගන්න වායු ගෝලය විෂ වුණොත් වෙන ප්‍රතිවිපාක ඇත්තටම ගොඩාක් අය දන්නේ නැහැ. ලොකු මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්. විශේෂයෙන් ම දුප්පත් රටවල මෙය ඉතාම විශාල ගැටලුවක්. ගාහස්ථ වායු දුෂණය සිදුවන්නේ නිවස තුළ වායු ගෝලයේ විෂ වායු හා දුවිලි අංශු නිසා තමයි ගාහස්ථ වායු දුෂණය සිද්ධ වෙන්නේ. 

ගෘහස්ථ වායු දුෂණයට හේතු

ප්‍රධානම හේතුව ගත්තොත් අද අපේ රටේ පවතින ඉන්ධන ගැටලුවත් සමඟ මිනිස්සු දර ලිපට නැවත හුරුවුණා. එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු වල දි ඉන්ධයක් විදිහට ශාඛ කොටස් දැව/පොල් කටු/ පොල් පිති වැනි දෑ යොදා ගන්න. ප්‍රධානම හේතුව වන්නේ මේ තත්ත්වය. අනික් රටවල ගත්තාම ඉන්දියාව වැනි රටවල දර වලට අමතරව ජෛව ඉන්ධන කව්ඩන් කියලා කියන්නේ ගොම වේලලා භාවිතා කරනවා. 
ඒක ප්‍රධාන හේතුවක් ගාහස්ථ වායු දුෂණයට. ඊළඟට මදුරු දඟර භාවිතයත් හේතු වෙනවා. දුම්පානය නිසාත් ගෘහස්ථ වායු දුෂණය සිද්ධ වෙනවා. ඒ වගේම හඳුන්කූරු/සුවඳ දුම් භාවිතය, ගාහස්ථය තුළ ඇල්ලීම. සමහර දරුවන්ගේ නිදන කාමරය, Reading room එක තුළ සුවඳ දුම් හදුන්කූරු අල්ලනවා, තියනවා. හැබැයි මෙවැනි රෝගීන් අපි ළඟට වෛද්‍ය ප්‍රතිකාර වලට ආපු ගමන් ලබා දෙන උපදේශය තමයි මෙවැනි පුරුදු වලින් ඈත් වෙන්න කියලා. 

ගාහස්ථ වායු දුෂණය නිසා ඇති වන රෝගයන්

මානව සෞඛ්‍ය බලපෑම ගැන කතා කළොත් කොටස් 02 කට බෙදනවා. ක්ෂණිකව ඇති වන රෝග තත්ව සහ දිර්ඝකාලීනව ඇති වන රෝග තත්ව ලෙසයි. විෂ වායු ආශ්වාස ප්‍රාශ්වාස තුළින් ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම විශාලයි. 
පළමුවෙන්ම කියන්න ඕනි විෂ දුම පෙනහැල්ලට තමයි ඇතුලු වෙන්නේ. නමුත් පෙනහැල්ල විතරක් රෝගී කරලා නිකං ඉන්නැහැ. ඒ තත්ත්වය මුළු සිරුරට ම බලපාන්න පුළුවන්. 
මේ පිළිබඳ වෙන රටවල කරන ලද පරික්ෂණ විද්‍යාත්මක දත්ත තුළින් සොයා ගෙන තියනවා 60% ක් මරණයට පත්වන්නේ හදවත් රෝග/අංශභාග  වැනි රෝග නිසාත් ඉතුරු 40% මරණය දක්වා යන්නේ වායු දුෂණය නිසා බවයි. 
දුවිලි/ විෂ වායු පෙනහැල්ලට ඇතුලු වෙලා පෙනහැල්ලේ ලේ නහර හරහා මුලු ශරීරයේම රුධිර වාහිණි වලට බලපෑම් ඇති කරලා හදවත් රෝග/ අංශභාග ඇති කරන්නේ. ඉතුරු 40% පෙහැල්ලට බලපාන්නේ විෂ වායු / දුවිලි අංශු .
ඊළඟට ස්වසන රෝග ශ්වාසනාල ආශ්‍රීත රෝග ඇති කරනවා. ශ්වාසනාල අවහිරතා රෝග/ පෙනහලු පිළිකා/ නිව්මෝනියාව ඊට අමතරව ඇදුම රෝගය. ඇදුම රෝගය එන්නේ ඇලජී එකක් විදිහට තමයි. අපි සලකන්නේ ඇදුම රෝගය තියන අයට මේ තත්ත්වය නිසා වැඩිවීමක් වෙන්න පුළුවන්. 

මේ තත්ත්වය වළක්වා ගත හැකි ක්‍රම

ප්‍රජාව දැනුවත් කිරීම තමයි වැදගත්ම කාරණය. ගෘහස්ථ වායු දුෂණය නිසා ඇති වන අහිතකර තත්ත්වය පිළිබඳව.
ඊළඟට දර භාවිත කරනවා නම් විෂ වායු / දුවිලි අංශු කුස්සිය තුළ එකතු වීම වැළැක්වීම. ඒ සඳහා ඉවුම් පිහුම්

 කටයුතු වලට පෙර හොඳට වාතාශ්‍රය ලැබෙන ලෙස ජනෙල්/ දොරවල් විවෘත කර තැබීම. එතකොට විෂ වායු . දුවිලි එක්වීම සිද්ධ වෙන්නැහැ. 
ඊළඟට දුම යන්නේ උඩට හෝ ඉස්සරහට. දුම් කවුලුව තිබුණා කුස්සියේ. මේ දුම් කවුළු තියන එක හරි වටිනවා. වායු දුෂණය කුස්සිය/ නිවස තුළ රැඳීම අවම වෙනවා. ඒ වගේම දැන් දර ලිප වෙනුවට වෙනත් විකල්ප ක්‍රම ඇවිත් තියනවා. ඒවා භාවිතයට හුරුවීම තුළ  වායු දුෂණය නිසා ඇති වන හානි අවම වෙනවා. සම්ප්‍රදායික ඉස්සර ගෙවල් වල කුස්සිය තිබුණේ නිවසින් බාහිරව. ඒ ක්‍රමයත් අදට ගැළපෙනවා. 
ඒ වගේම මදුරු දඟර/දුම් ඇල්ලීම/සුවඳ දුම් හඳුන්කූරු භාවිතය අවම කිරීම කළ යුතුයි. 
යම්කිසි රෝගී ලක්ෂණ පෙන්වනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනිම කළ යුතුයි.

සටහන - මහේෂානී මීගහපොල
උපදෙස් - මාතර රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්දන කුලතුංග මහතා.

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි Read Next

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

Realted Post

Leave a comment