සයිබර් අවකාශයේ ගොඳුරක් වුණොත් ?
සන්නිවේදන කාර්යය ඉටු නොවීම තුළ සහ අන්තර් පුද්ගල සන්නිවේදනයේ Intercultural Communication ඇති දුර්වලතා හේතු පාදක කරගනිමින් කර ගනිමින් සමාජ සන්දර්භය තුළ ඇතිවිය හැකි නිශේධනාත්මක (Nagative) හෙවත් සමාජ පසුගාමී (Backward) කාරණාවක් ලෙස “අපරාධ” (Crimes) යන්න පිළිබඳව හඳුනාගත හැකිය. අන්තර් පුද්ගල වශයෙන් හෝ සමාජයීය වශයෙන් පුද්ගල යන් අතර මනා ලෙස සිදු නොවන තොරතුරු හුවමාරුව හේතුවෙන් සහ විකෘති වූ මානසික සංකූලතාවයන්ගෙන් ((Mental Confusion) හෙබි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් රටාවන් සහ ඒ තුළින් බිහි වන ක්‍රියාකාරකම් අපරාධ ලෙස හඳුනාගත හැකිය.
මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා පෙළඹෙන්නන් සේම ගොදුරු වන්නන් ද සිටී. මෙහිදී අපරාධයක් යනු කුමක්ද? යන්න පිළිබඳව හඳුනා ගැනීම සඳහා අවධානය යොමු කිරීමේ දී අපරාධ සම්බන්ධව කෙරෙන ශාස්ත්‍රීය විමසුමක දී එය නීතිමය සහ සමාජමය වශයෙන් සැලකිය හැකි සංසිද්ධියක් ලෙස හඳුනාගත හැකිය. ප්‍රාථමික සමාජය තුළ අපරාධ ලෙස සැලකූයේ පෞද්ගලික වැරැද්දක් හෝ පළිගැනීමක්, මිනීමැරුමක් හෝ සොරකමක් සිදු කරනු ලැබූ පුද්ගලයෙකු හෝ පවුල් ඒකකයකට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවේ. මෙවැනි ක්‍රියාවන් සමාජයේ ගණාචාර (Mores) කඩකිරීමක් ලෙස සලකා දඬුවමට ලක් කරනු ලබයි. ප්‍රාථමික සමාජවල අපරාධ හා සම්බන්ධව දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වර්තමාන සමාජයේ මෙන් නීති පද්ධතියක් නොමැති වීමයි. මෙම යුගයේදී අපරාධ සඳහා දඬුවම් තීරණය කරනු ලබන ්නේ ආගමික තහංචි (Religion Toboos) සිරිත් (Customs) ධර්මතා (Norms) හෙවත් ගණාචාර මගිනි. මෙවැනි ස්වභාවයක් වර්තමානයේ දක්නට ලැබෙන්නේ යම් යම් සංස්කෘතික හා ගෝත්‍ර මුලික කරගත් කුඩා සමාජ කොටස් අතර ය. (නිදසුන් -ඃ උඩරට ප්‍රදේශය, උතුරු ප්‍රදේශය, අප්‍රිකානු ගෝත්‍රික කණ්ඩායම් වැනි විවිධ සංස්කෘතික කාරණා මුල් ම ුල් කරගත් කණ්ඩායම්) මෙලෙස කාලය විකාශයත් සමග අපරාධවලට ලබාදෙන දඬුවම් සහ නීති වෙනස් වෙමින් පැමිණ ඇත.
“හමුරාබි නීති සංග්‍රහය” (Code of Hammurabi) නමින් 1990 දී පමණ පළිගැනීමේ ම ූලධර්මය පදනම් කර ගනිමින් නීති ක්‍රමයක් බිහි වී ඇත. එහි ලක්ෂණය වන්නේ ඇසට ඇසක් - දතට දතක් ලෙසයි. විශේෂයෙන ්ම අතීත හීබෲ සමාජය (Hebrew Society) තුළ මොසැයික් නීතිය (Mosaic Law) න්‍යායාත්මක ස්වභාවයකින් වර්ධනය වූ අතර දඬුවම් ලෙස මරණීය දණ්ඩනය (Death Penalty) බහුලව ක්‍රියාත්මක කිරීමත්, පුද්ගලයා විසින ් සිදුකරන අපරාධ සදාචාර විරෝධී සහ දෙවියන්ට විරුද්ධව නැගී සිටීමක් ලෙස එවකට සලකා ඇත.
මේ හා සමාන නෛතික ලක්ෂණ පෙන ්නුම් කරමින් ක්‍රිස්තු පූර්ව 6 වන සියවස පමණ වන විට ප්‍රාථමික ග්‍රීක නීතිය ද ආරම්භ විය. මධ්‍ය කාලීන සමාජ වල ලිංගික අපරාධ (Sexual Crimes) අනෙක ුත් අපරාධ හා සමගාමීව වර්ධනයක් දැක්වූ අතර එ ් වෙනුවෙන් නව නීති මාලාවක් ද සම්පාදනය විය. විශේෂයෙන්ම මෙම කාල පරිච්ඡේදය තුළදී කතෝලික ආගමේ බලපෑම්වලින ් ගොඩනැගුණු පැවිද්දන් පිළිබඳ නීතිය (Ecolestical Law) සුප ්‍රසිද්ධ නීති ඛණ්ඩයක් වශයෙන් ද දක්වා ඇත. මෙලෙසින ් විවිධ කාල වකවානුවලදී වෙනස්වීම්වලට ලක් වෙමින් පැමිණ ඇති මෙම නෛතික කාරණාවන ් සඳහා එම අපරාධයන්හි ස්වභාවය වෙනස් වීමත්, ඒ සඳහා තුඩු දුන් අනිකුත් සංකීර්ණ හේතු කාරණා ද බලපා ඇති බවත් ඉහත කරුණු මගින් හඳුනාගත හැකිය. අපරාධ පිළිබඳ සමාජ විද්‍යා විශ්වකෝෂය විසින් “නීතියෙන් තහනම් හා දඬුවමට යටත් කළ ඕනෑම ක්‍රියාවක ් අපරාධයකි” ලෙස නිර්වචනය කර ඇත. මෙම නිර්වචනයට අනුව අපරාධ පිළිබඳ සමාජයේ ඇති නෛතික සීමාවන් හඳුනා ගත හැකිය.
නීතිඥ කලණි ඉරෝෂා ධර්මසිරි
Leave a comment