සිතට එන සිතිවිලි පාලනය කරන ඕනෑම ප්‍රශ්නෙකට හොඳම විසඳුම දෙන මානසික යෝග්‍යතාව
සතිමත්බව පුරුදු කරගන්න. මේ මොහොතේ ජීවත්වීම මගින් අතීතය හෝ අනාගතය ගැන කරදර වීමෙන් ඈත් විය හැකියි.
ශාරීරික යෝග්‍යතාව (පැබඒක සෙඑබැි) වැඩි දියුණු කර ගැනීමට ව්‍යායාම කිරීම, ඇවිදීම, දිවීම වැනි නොයෙකුත් ක්‍රම ඇත. ශරීරය නිරෝගීව පවත්වා ගැනීිමට බොහෝ දෙනා තමන්ට ගැළපෙන විවිධ දේ කිරීමට පෙලඹෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ ශරීරයේ මස්පිඬු හොඳින් වැඩී අපේ එදිනෙදා කටයුතු හොඳින් සිදුකර ගැනීමට හැකිවෙයි. ඒවාගේම මානසික යෝග්‍යතාව (පැබඒක සෙඑබැි) වැඩි කර ගැනීමෙන්ද ඒ ආකාරයටම ජීවිතයේ විවිධ අවස්ථාවලට හොඳින් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබේ.
මොකක්ද මේ මානසික යෝග්‍යතාව
අදහස් දැක්වීම:- සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික |
මානසික යෝග්‍යතාව යනු අප සිතන, හැසිරෙන හා අපට දැනෙන ආකාරය ගැන මනා වැටහීමකින් යුතුව එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට ඇති හැකියාවයි. කුමන ආකාරයේ අවස්ථාවකට අප මුහුණ දුන්නත් එයට යහපත් ලෙස ප්‍රතිචාර දැක්වීමට ඉඩක් ලබා ගැනීමට මෙයින් අපට පුළුවන්කම ලැබෙයි.
ඔබට මානසික යෝග්‍යතාවක් තිබේ නම් ඕනෑම ගැටලුකාරී මොහොතකදී ගැටුම්වලට නොයා එම ගැටලුව විසඳා ගැනීමට තවත් ක්‍රම ඇති බව වටහා ගැනීමට හැකි වෙයි. මානසික යෝග්‍යතාවකින් යුතු පුද්ගලයින් අවට ලෝකය සමග ගනුදෙනු කරන්නේ වෙනස් ආකාරයටය. දිනපතා මුහුණදීමට සිදුවන නොයෙකුත් සිදුවීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර නොදැක්වීමට හැකියාවක් ඔවුන් තුළ ඇත.
අප දිනපතා රැකියාව සඳහා යන්නේ එකම මාර්ගයකින් නම් කලක් යන විට අපේ දැනීමෙන් තොරව ඉබේම අපේ දෙපා අපව ඒ මඟ රැගෙන යයි. ඒ ආකාරයෙන්ම අප සෑමවිටම එකම සිතුවිලි රටාවකට හුරුව ප්‍රතිචාර දක්වන විට අපේ මොළය එම සිතුවිලි රටාව බලගන්වන අතර අපේ ප්‍රතිචාරයද ඉබේම සිදුවෙයි.
මානසික යෝග්‍යතාව ඇති කර ගැනීමෙන් හැමවිටම එකම ආකාරයට ප්‍රතිචාර දැක්වීමට වඩා තව තවත් ක්‍රම ඇති බව අපට අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙයි. ඒවාගේම අහිතකර ප්‍රතිචාර දැක්වීම වළක්වා ගැනීමට ඉඩ ලබා දෙයි.
මානසික යෝග්‍යතාව ඇති කර ගැනීමෙන් ලැබෙන වාසි
■ කිසියම් දෙයක් සඳහා ප්‍රතික්‍රියා දැක්වීමට නොව ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබේ. ඉබේ ඇතිවෙන සිතුවිලි පාලනය කිරීමට හැකි නිසා යහපත් ලෙස ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමට පුළුවන.
■ මේ මොහොතේ ජීවත්වීමට හැකියාව ලැබේ. වටපිටාවෙන් සිදුවෙන බාධා කිරීම්වලට හිත ඇදී යාමට ඇති ඉඩකඩ අඩු කරන නිසා හොඳින් අවධානය රඳවා තබා ගෙන තමන් කරන කාර්ය ඵලදායී ලෙස කිරීමට හැකියාව ලැබේ.
■ මතකයේ රඳවා තබා ගැනීම වැඩි දියුණු වෙයි. කාලය හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වේ. මේ නිසා යහපත් අන්තර් පුද්ගල සබඳතා ඇති කර ගැනීමට මඟ පෑදෙයි.
■ ධනාත්මක නැත්නම් යහපත් හැඟීම් වැඩිපුර දැනේ. සුබවාදීව සිතීමට හැකියාව ලැබේ. ඒවාගේම ආත්ම විශ්වාසය හා ආත්මාභිමානය වැඩි දියුණු වෙයි.
මානසික යෝග්‍යතාව ඇති කරගන්නේ මෙහෙමයි
■ සිතුවිලිවලට අවධානය දෙන්න. ඒ තුළින් ඒවා ක්‍රියාවට නැංවීමේදී මනා පාලනයක් ඇති කර ගත හැකි වෙයි.
■ සතිමත්බව පුරුදු කරගන්න. මේ මොහොතේ ජීවත්වීම මගින් අතීතය හෝ අනාගතය ගැන කරදර වීමෙන් ඈත් විය හැකියි.
■ ශාරීරික සුවතාව පවත්වාගත හැකි වෙයි. මානසික හා ශාරීරික යෝග්‍යතාව එකිනෙක හා බැඳී පවතින නිසා ඔබ ශාරීරික සුවතාව පවත්වා ගැනීිම ඉතා වැදගත් වෙයි.
■ කෘතවේදීිබව/ස්තූතිපූර්වකබව පුහුණු කරගන්න. ඒ තුළින් ධනාත්මක සිතුවිලි නිතර සිතට ඇති වෙයි.
■ මනසට ව්‍යායාම දෙන චෙස්, ප්‍රහේළිකා වැනි දේවල්වල නිරත වන්න.
ඔබ මානසික යෝග්‍යතාවයෙන් බව දැනගන්නේ කොහොමද?
■ ජීවිතයේ විවිධ පැතිකඩ යහපත් ලෙස සිතා සකස් කරගෙන තිබෙනවාද? සමහර විට මෙය ඔබගේ සබඳතා සඳහා වුවද විය හැකියි. ඒ නිසා ඔබව මානසික ආතතියට, විඩාවට පත්වීමට ඉඩ සැලසෙන්නේ නැත.
■ ඔබගේ හැඟීම්, දැනීම්, හා ඔබගේ අගයන් පිළිබඳව නිරතුරුව විමසිලිමත්ව, අවධානයෙන් සිටිනවාද?
■ අලුත් අදහස් හා කැමැත්ත සොයා යනවාද? අලුත් දෙයක් කරන්නට බියක් නැතිවීම, අභියෝග භාර ගැනීමට සූදානමින් සිටීම, අභියෝගවලට නොසැලී මුහුණදීම වැනි ගුණාංග ඔබ තුළ තිබෙනවාද?
■ ඔබව බලගන්වන, ඔබට සහයෝගය දෙන සබඳතා ගොඩනගාගෙන සිටිනවාද?
එසේ නම් ඔබ මානසික යෝග්‍යතාවකින් සිටින අයෙකු වෙයි.
සුබෝධිනී පෙරේරා
Leave a comment